KEY

KEY


First 🗝️ episode,


If you are a dangerous key lock, I am the key. 🗝️

Register code :- 001069




එය සැප්තැම්බරයේ එක් සීතල රාත්‍රියක් සමඟින් මොස්කව් නුවරට අයත් එක් කුඩා නගරයක,අඳුරු වීථි මධ්‍යයෙන් හමාගිය සීතල සුළඟට මුළු ශරීරයම කිලිපොලා ගන්නට විය. සීත සෘතුවට තවමත් කාලය තිබූ නමුත් මෙහි පැවති තද සීත ගතිය හේතු කොටගෙන රාත්‍රී හත කණිසම වැදීමටත් පෙර නගර වැසියෝ ඔවුන්ගේ නිවෙස් තුළට වැදුනා. දැනටමත් රාත්‍රී නවයාහමාරයි. තදින් ම නොවුනත් ළාවට හමාගිය සුළඟ නිසා, මුළු පරිසරයම ගෙන තිබුණේ භූත ගතියක්. මේ වැනි අද්භූත මොහොතක නගරයෙහි කවුරුවත් වැදගත් අවශ්‍යතාවකටවත් ගෙයින් එළි බැස්සේ නැත. නමුත් එක් තරුණ යුවළක් පමණක් වැරහැලි වී ගිය පඬුවන් පැහැති සීත කබා ඇඟ ලා ගෙන ගැහෙන පාද වලින් යුතුව නගර වීථියේ එක් කොනකට ගමන් කරා.


" ඩාන් , තව පොඩි දුරයි. ඉක්මන් කරොත් ගෙදරට ඉක්මනට යාගන්න පුළුවන් වෙයි. "


තරුණිය තමන්ගේ අනෙක් පසින් සිටි ඇයට වඩා බාළ පෙනුමක් ඇති තරුණයාට කියද්දී, ඔහු වෙහෙස වූ සිය මුහුණ ඈ වෙතට හැරෙව්වා.


" තවදුරටත් යන්න බැහැ, මගේ කකුල් සීතලට ගල් වෙලා වගේ, ඒ නිසා ඇවිදගන්න අමාරුයි. ඔයා නං ඔයාගේ බූට් දෙක මහගත්තා. ඒත් මං, මං මහ මෝඩයි. මට ඒකට කාලය වැය කරන්න බැරි වුණා. "


" මං ඔයාට කිව්වා ඩාන් , ඒක ඔයාගේ තීරණය හින්දයි . ඉතින් ඔයා දැන් මෙතන ඉඳන් මුළු ශරීරයම ගල් කරගන්නවද ? නැත්නම් ගෙදරට කොහොම හරි යාගන්නවද කියලා තීරණය කරන්න. "


ඇගෙන් යලිත් ලැබුණු ප්‍රශ්නයට පිළිතුරක් සිතමින් තවත් අඩි කිහිපයක් ඔවුන් ඉදිරියට ගමන් කරා.


" හරි, මං කොහොම හරි ගෙදරට යාගන්නම්. හැබැයි රේයා මේ අවසාන අවස්ථාව, මං ඊළඟ අස්වැන්නෙන් අලුත් බූට් දෙකක් ගන්නම්. තාත්තා මට දුන්න ඉඩමේ මං හිටෙව්ව බෙරි මේ සීතල එක්ක මට හොඳ අස්වැන්නක් ලබා දේවි. "


" හරි එහෙමනම්, එන්න යමු. ඒ වගේම මං ඔයා සහ ඔයාගේ බෙරි වගාව වෙනුවෙන් යාඥා කරන්නම්. "


එලෙස රේයා නම් වූ එම තරුණිය, ඩාන් නම් තරුණයා සමඟින් වහ වහා සුළඟ කපාගෙන වේගයෙන් තමන්ගේ ගමනාන්තය වෙත ලඟාවෙන්නට පටන් ගත්තා.



____________🗝️



කුඩා ගිනි උඳුන අසලට වී කළු පැහැති විශාල රැවුලත්, කොණ්ඩයත් එකවිට පීරමින්, හුන් විශාල මිනිසෙක් හයියෙන් උගුර පෑදීය.


" ඕයි, තවමත් ඔවුන් නැහැ. මේ රාත්‍රියේ ඇති සුළඟ ඔවුන්ගේ ගමනට බාධාවක් වුනොත් ඔවුන් කොහේ ඉදීවිද.. "


ගුබ්බෑයමක් බඳු වූ නිවසේ කොහේ හෝ තැනක සිට ගෝරෝසු නැති, ලාලිත්‍ය හඬකින් ගැහැණියක් කතා කරා.


" ඔවුන් එයි කේප්, බයවෙන්ඩ එපා. මං දන්නවා ඔයා එයාලා ගැන වදවෙන වග, මාත් ඔවුන් ගැන වදවෙනවා. ඒත් ඉවසීම බොහොමයක් වැදගත්, ඔවුනුත් මේ ලෝකයේ ජීවත් වන හැටි ටිකෙන් ටික හිමීට ඉගෙන ගත යුතු යි. 



____________🗝️



ඉදිරියට.....






Report Page