Jeep Wrangler

Jeep Wrangler

Induma wit

Jeep කියපු ගමන්ම කට්ටියට පටස් ගලා ඔලුවට එන්නෙ ඉතිං police jeep තමයි නේද......? හැබැයි ඉතින් අද අපි කථාකරන්නෙ ඒ jeep ගැනනම් නෙවෙයි. jeep කියන නමේ සාඩම්බර මුල් හිමිකරුවා වන ඇමරිකානු jeep සාමගමෙන් අළුතෙන්ම නිපදවන jeep wrangler ගැන.


ඇමරිකානු මෝටර් රථ වලට ලංකාවේ ලොකු ඉල්ලුමක් නැති බව අපි හැමෝම දන්නවා. ඒකට ප්‍රධාන හේතුව හොඳ සේවාවක් ලබාදෙන නියෝජිතයන් ලංකාවේ නැතිකම. නමුත් jeep සාමගමේ ලංකාවේ බලයලත් නියෝජිතයා උපරිමයෙන්ම ඒ සෙවාව ලබාදෙන කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි, ලංකාවේ Mercedes Benz මොටර් රථ ගෙන්වන බලයලත් ආයතනය . ඒකට හේතුව jeep සාමගම දැනට පාලනය වන්නේත් Mercedes සාමගම යටතේ වීම. නම සඳහන් නොකලත් කියන්නම ඕනි එයාලගේ service එකනම් ඉතින් පට්ටම පට්ට . නමුත් Colombo විතරයි තියෙන්නෙ.

Jeep Wrangler.....

කලින් කීවා වගේම ඇමරිකානු නිශ්පාදනයක් වන jeep wrangler දැක්ක ගමන් අනික් වාහනත් එක්ක තියෙන වෙනස පැහැදිලිවම දකින්න පුලුවම්.

විශේෂයෙන්ම උස,පළල නිකම් යෝදයෙක්ට යන්න වගේ හදලා තියෙනවා. කොහොමටත් ඇමරිකන් වාහන ප්‍රමාණයෙන් විශාලයිනේ..... SUV මාදිලියේ Off-Road රථයක් වන jeep wrangler කියන්නෙ සුපිරිම වැඩ්ඩෙක්.


ලෝකයේ නිපදවන එක එක ජාතියේ මෝටර් රථ වලට ඒවාටම ආවේනික විවිධ සුවිශේෂී අංග ඇතුලත් වෙනවා. ඒ ඉදිහට jeep wrangler එකට තියෙන සුවිශේෂ ගුණාංගයනම් ටිකක් විතර අමුතු එකක්.Jeep සමාගම wrangler රථය නිපදවන්න Scrubbing(ස්කුරුප්පු ඇන) එකක්වත් යොදා ගන්නෙ නැහැ. ඒ කියන්නෙ වාහනේ කිසිම තැනක එක ස්කුරුප්පු ඇනයක්වත් දකින්න හම්බවෙන්නෙ නැහැ. කීවත් වගේ ඒක ටිකක් අමුතුයි නේද? ඒත් මාරයි....!


ඉදිරිපස එන්ජිම සහිත 4 Wheel Drive රථයක් වන jeep wrangler තුල මගීන් 4 හෝ 5 කට පහසුවෙන් ගමන් කරන්න පුලුවම්. ටර්බො චාජ් ,ඉන්ටර් කූලර් DOHC ලීටර 3.6ක V-6 එන්ජින් එකක් සවිකරලා එන jeep wrangler අශ්ව බල 270 නිපදවනවා. මෙයාව පාලනය වෙන්නෙ වේග 6ක මැනුවල් ගියර් පද්ධතියකින්.

jeep wrangler සස්පෙන්ශන් ගැනත් කියන්නම ඕනි. Off-Road හෙවි ඩියුටි වාහනයක් වෙනුවෙන්ම හදපු අමුතුම විදිහේ අති නවීන සස්පෙන්ශන් පද්ධතියක් මෙයාට තියෙනවා. Photos දාන්නම් බලන්නකෝ..





•වේගය :- තත්පර 7 තුල 100 kmph වේගයක් ගන්න මෙයාට පුලුවම්. ඒ වගේම jeep wrangler උපරිම වේගය 185 kmph වලට sසීමා එනවා. මොකද මේක හෙවි ඩියුටි Off-Road වාහනයක්.


•ඉන්ධන :- ලීටර 70ක ඉන්ධන ටැංකියක් තියෙන jeep wrangler එක ලීටරයකට කිලෝමීටර් 7 /8 අතර ප්‍රමානයක් ධාවනය කරන්න පුළුවම්.


•මිළ ගනන් :- අද අපි කථා කරන jeep wrangler රථයේ නිශ්පාදන සමාගමේ යෝජිත මිළ ඩොලර් $38,000 වෙනවා.කෑලි බෑලි එකතු වෙද්දි $40,000 උනොත් ලංකාවෙ මුදලින් රුපියල් ලක්ශ 62 (6,200,000) වෙනවා. අපරාදෙ කියන්න බෑ jeep wrangler ලංකාවෙ මිල රුපියල් කෝටි 4ක් වෙනවා. මිලියන 40ක්. ඒක පට්ට නේද.... ?😎

මොනව හරි යටින් කොටගෙන යන්ට😗❤️

Credit - slcarinfo

𝗔𝘂𝘁𝗼 𝗰𝗹𝘂𝗯 🇱🇰

1st sri lankan auto channel on telegram😉

































































































































































































































































































































































































































































































































































































































































Report Page