❤I Love You ❤

❤I Love You ❤

(තෙවන පෙම)

"සෑ වාව්..

කවුද බන් අර හැන්ඩි කොලු පැට්ට..😍😍

හදවත කීරි ගැහුනා ඕයි.."

සඳුවගෙ කටින් ඔය වචන කියවුණාට පුදුම නෑ..ඕකිගෙ ඇස් වලින් ලස්සන කොල්ලො බේරෙනවා බොරු😂😂😂තනිකර ඇවිදින සීසීටීවී එකක්...

"කෝ බන් උඹ කවුරු ගැනද කියවන්නේ?😞"

ශකියත් බඹරෙ වගෙ කැරකෙනව සඳූ මේ කියවන කොල්ල කවුද කියල බලන්න...😂😂

"ඇයි බන් අර බස් හෝල්ට් එක ගාව ෆෝන් එකත් කනේ ගහන් බයික් එකට හේත්තු වෙලා ඉන්නෙ..😍😍බෑ ඕයි දරාගන්න...ඇයි දෙයියො ඔයා කොල්ලන් ව මෙච්චර ලස්සනට මවල අපි වගේ අහිංසක කෙල්ලොන්ගෙ හිත් වල් මත් කරන්නෙ..😢😢"

සඳූ දාගෙන කියවනව..මාත් බැලුව මේ කියන ඩයල් එක කවුද කියල..බැලුව නෙමේ ඉතින් බැලුණා..😆😆

"වාව්😍😍😍"

ලා නිල් පාට අත්දිග ෂර්ට් එක වැලමිට ළඟට නවලා,තද නිල් පාට ඩෙනිමක් ඇදලා,කොණ්ඩෙ වැක්ස් ගාලා උඩට උස්සල..හැම එකකටම වඩා කැපිල පේන්නෙ ඇහිබැමේ හරහට ගහල තියන ඉර..😍😍😍

වෙන කවුරුත් නෙමේ ඒ ආකාෂ්...

ෆුල් සූට් එකට වඩා එයා කැෂුවල් ගොඩක් හැන්ඩ්සම්..😎හරි දඟ පාටයි..😋😋

"ඒ ශකිය සිරාවට කියහන් ඌ ලස්සනයි නේ..😘අමා උඹ කියහන් ඌ ලස්සනයි නේ..නේද නේද?😘😘"

සඳුවට පිස්සු වගේ...අතිනුත් හොල්ලලා කියවනවා...පව් අසරණී..😂😂😂මේකිට මතකවත් නෑනෙ මේ මහ පාර කියල..

සඳුවගෙ විකාර අස්සෙ දැක්ක දෙයින් මට අසූහාරදාහට නැග්ග..😡😡

අර ආකාෂ් කාරයා ෆෝන් එකත් කනේ ගහන් මට අත වනනවා..අනේ මුට ගහන්න මට පොඩි බෝම්බයක් නෑනෙ..😡😡සෙවලයා..

"ඒ ඒ ඌ අත වනන්නෙ අපිටද බන්😲😲"

"හොඳට බලහන් අපිටද නැත්නම් අමා ට ද කියල..😏😏"

ශකිය වෙඩිමක් කියවනවා..😡

"අනේ තොපි කතා හදන්නේ නැතිව ඉන්නවද?නාකි ආච්චිලා හොඳයි උබලට වඩා නම්..😡"

"අයියෝ කතා නම් පස්සෙ හදමුකො සුදූ...අර බලහන් සිරික්කිය දාන් එන ලස්සන..😉😉"

යකූ ආකාෂ් කාරයා මේ පැත්තට නේ එන්නෙ..😨😨කිරි අප්පට බම්බු ගහගන්න,දැන් මොකද කරන්නෙ..මුන් දෙන්නත් ඉන්නව මගුල..😡😡

බය වෙන්න එපා අමා..කාම් ඩවුන්..උට ඔයාව උස්සන් යන්න බෑනෙ..බය වෙලා වගේ ඉන්නෙ නැතිව කන් දෙකේ ඇගිලි ගහගන්න දෙක තුනක් කියල දාපන්..😒😒

"හේයි කොච්චි කරල..😉

ලෙක්චර්ස් ඉවරයිනෙ..අපි යන්ද??ම්ම්ම් 😊"

අරුන් දෙන්න පුල් හොල්මන් වෙයි කියල හිතුවට ශකිය නම් හිටියෙ හිනා වෙවී..😑😑මට අල්ලන්නෙම නෑ අද ඒකිගෙ හැසිරීම..

"ඔයා කවුද කියනවද? ඇයි අපේ යාලුවට කොච්චි කරල කියන්නෙ ආ??😕"

සඳුවටත් දැවෙන ප්‍රශ්නෙ කොච්චි කරල කියන එකද..😡

"මේ මිස්ට ආකාෂ්..තමුසෙට හොඳින් කිව්වම තේරෙන්නෙ නෑනේ..නම්බු පිටින් කරුණාකරල මෙතනින් යනවා..නැත්නම් අහිංසක ගෑණු ළමයිට කරදර කරන්න හැදුව කියල අල්ලලා දානවා තමුසෙව හිරේ..😏"

අහිංසක ගෑණු ළමයා කිව්වේ මට හොඳේ..😆😆

"අම්මටසිරි මේ ආකාෂ් අයියද?අර උඹ උදේ ඉඳන් කිව්වේ මෙයා ගැනද බන්?😉උඹට නම් මූ හොඳ වැඩියි ආ..😂දෙයියොත් හොඳ දේවල් ඔක්කොම දෙන්නෙ උඹලටනෙ..උඹ දේවාලෙට ගියාම පොල් ගෙඩි කීයක් ගහනවද බන්?ඊළඟ පාර මාත් ඒ ගානම ගහල කොල්ලෙක් ඉල්ල ගන්න..😂😂"

යකෝ මේ සඳූට මොන්ගල්ද?😠😠

සඳුව ට දැවී අලුවී යන බැල්මක් හෙලුවා ඉතින් මාත්..ඇයි යකූ කියවන එකේ සීමාවක් නෑනෙ..මොන්ගල් කම අඬ ගගහ පෙන්නනවනෙ..😡

"ආ ඒ කියන්නේ මං ගැන යාලුවන්ටත් කියල නේ..😂"

අම්මෝ කොච්චර ආකාෂ්ට බැන්නත් එයාගෙ හිනාව නම් පැය ගාණක් බලන් ඉන්න තරම් ලස්සනයි..😍😍හිත හෙල්ලුනාද මන්ද😂..ලස්සන පින් මාලු වළවල් දෙකක්ම කම්මුල් දෙකේ තියෙනවා..😍😍ආව්ස් අප්පා...

රැවටෙන්න එපා අමා..ඕවට තමා අනන්ත අප්‍රමාණ වූ පිරිමි මායම් කියන්නෙ..අහුවෙන්න එපා මැණික..😑😑

"මේ ආකාෂ් මෙතනින් වද නොදී යනවකො..ඔයා හිතන් ඉන්නවා නම් මං ඔයා එක්ක යන්න එයි කියලා..ඒ අදහස හිතින්.."

"සුදු බබා..මොකෝ තාම මෙතන ආ? අනික කවුද මේ කොල්ල..🙎"

දෙයියො දෙද්දි දෙනවා මදි නොකියන්න..😡

රාහු යන්න කලින් සෙනසුරු උදා වෙලා කියන්නෙ මේන් මේකට තමා..😡😡

අපේ කැම්පස් එකේ මට වද දෙන්න හිටිය එකම කොල්ල..#ගෙවින් අයිය..ෆස්ට් ඉයර් ඉඳන්ම මට වද දෙනවා..දැන් කැම්පස් එකෙන් අවුට් වෙලා ඉන්නෙ..ඒත් මට කරදර කරන එකෙන් නම් අඩුවක් නෑ... 😡😡මුන් දෙන්නා ප්ලෑන් කරල වද දෙනවද කොහෙද😒😒

"අනූ අපි යන්ද?☺"

අනූ..මොකක්..ආකාෂ් කාරයට පිස්සුද..ඇයි මට අනූ කියන්නෙ..😞😞

"කවුද සුදු බබා මේ..කොහෙන් පාත් වෙච්ච එකෙක්ද??😐"

ගෙවින් අයිය කොක්කක් දාගන්න හදනවා වගේ පේන්නෙ..😑රණ්ඩුවක් ගියොත් ආකාෂ කුමාරයා කන සීන් එකක් තියෙන්නෙ..ගෙවින් අයිය ඉතින් බයිසන් හරකෙක් ගෙ සයිස් නෙ..පව් අහස් කුමාරයා පොඩි එකෙක් වගේ ලුක් එකක් තියෙන්නෙ😋😋

එකෙක් අනූ ලු අනිකා සුදු බබාලු..කොයි එකටත් මේ වෙලාවේ අහස් කුමාරයා එක්ක යන එක හොඳා..😑මට අර සෙවල ගෙවිනය ව අල්ලන්නෙම නෑ..කෝමත් ඔය බබා පාට් මට සැට් වෙන්නෙ නෑ..අප්පිරියයි..😒😒😒

"ගෙවින් අයියෙ මං යන්නම් එහෙනම්..මෙයා ආවේ මාව ගන්න...මං දන්න අයිය කෙනෙක්..සඳූ ,ශකිය ඒනම් මං ගියා..උඹලත් පරිස්සමින් යන්න හොඳේ..😊😊"

ආකාෂ් ටත් ලාවට හිනාවක් ගියා ද කොහෙද ..ඔව් ඉතින් දැන් ඌ එක්ක මං යන්න එනවනෙ..😡බූරු පැටියා..

***************************************


~ඇසළි~

Report Page