https://telegra.ph/

https://telegra.ph/

🌹👩‍🎓අමා👩‍🎓🌹

ආදරියේ....🌼🌼


Episoide - 02

පෙර කොටසට 👇


https://t.me/c/1681999272/151

___________________________❣️❣️☘️________


නෙයලි දොර අරිනවත් එක්කම කෙල්ලට නොසිතූ විදියට අතුල් පහරක් ලැබුනේ කුසුම් ගෙන්.....

කෙල්ල කම්බුලත් අල්ලගෙන අම්මා දිහා බලද්දි අම්මගේ ඇස්වලින් ගිනි පිටවෙනවා....


අක්කා හිනාවෙනවා....

මල්ලි අම්මා ළඟට වෙලා බොරුවට අඬ අඬ කෙල්ලට හිනාවෙනවා....


ඇයි ගැහුවේ මට....


ඇයි ගැහුවේ මේ පොඩි එකාට මොකක්ද කරේ....

අක්කේ තව බත් ටිකක් බෙදාගන්න කියන එකේ වරද මොකක්ද....

උඹට මොන යකෙක් වැහිලද නෙයලි....

මේ පොඩි එකාව මරන් කන්න හදන්නේ....


ආහ්හ් මූ දැන් එහෙමද කිව්වේ....

අම්මේ මේ මම කොහොමත් ඔයාලා දෙන්නගේ ළමයෙක් නෙවෙයි නේ...

මේ දෙන්නා විතරයි නේ ඔයාලගේ....

උදේ තේ එක බොන්න යද්දි අක්කා මගේ තේ එක හැලුවා....

දවල් බත් කද්දි මෙන්න මේ බූරුවා මගේ බත් එකට කුරුමිණියෙක් දාලා හිනාවෙන්න ගත්තා....


ඉතින් මම කරපු දේ වැරදිද....

ඊයේ රෑ ඉඳලා කාලා නැතුව මම කන්න ගත්තේ....

මට නම් මැරෙන්න හිතිලා තියෙන්නේ....


කෙල්ල අඬ අඬ රූම් එකේ දොර ලොක් කරගත්තේ....

එදා රෑ වෙනකන් කෙල්ල කාමරෙන් එළියට ආවේ නෑ.....

රෑ අප්පච්චි ඇවිත් කෑ ගහද්දි තමයි නෙයලි එළියට ආවේ.....


නෙයලි ආව ගමන් කෙල්ලගේ කකුල් දෙකට වැදුණු බෙල්ට් පාරවල් නිසා කෙල්ල එහෙම්ම බිම ඇදගෙන වැටුනේ කලන්තේ දාලා....

ඊයේ රෑ ඉඳලා හරි හමන් කෑමක් නැති නිසා කෙල්ලට දරාගන්නවත් ශක්තියක් නෑ.....


කෙල්ල කලන්තේ දැම්මම නම් ගෙදර හැමෝම බය වුනා....

කෙල්ලගේ අප්පච්චි කෙල්ලව උස්සලා අරන් ඇඳෙන් ගිහින් තිව්වේ බයෙන්....


කුසුම් ඉක්මනට වතුර ටිකක් ගේනවා...

මේ කෙල්ල කන්නෙ නැද්ද කෝටුවක් වගේ බරත් නෑ....


කුසුම් කුස්සියට දුවලා ගිහින් වතුර ටිකක් ගෙනත් කෙල්ලගේ මූණට ඉස්සට පස්සේ කෙල්ල හිමි හිමින් ඇස් ඇරියා....


දුවේ....


කවදාවත් නැතුව අම්මගේ , අප්පච්චිගේ කටහඬ ආදරණීය වෙද්දි කෙල්ල කල්පනා කරේ ඇයි කියලා....

අම්මා , අප්පච්චි විතරක් නෙවෙයි අක්කයි , මල්ලියිත් බයෙන් කෙල්ල දිහා බලන් ඉඳියේ....

සිහිනැතිවෙන්න කලින් අප්පච්චි ගහපු පාරවල් වල වේදනාව කෙල්ලට දැනෙන්නේ දැන්.....


නෙයලි කාගෙවත් දිහා නොබලා ඇඳේ බිත්තිය පැත්ත හැරිලා අඬන්න ගත්තා...

කවුරු කතා කරත් කෙල්ල නිකමටවත් හැරුනේ නම් නෑ....

විනාඩි ගානක්ම කතා කරලා බැරිම තැන හැමෝම එතනින් යන්න ගියාම කෙල්ල ගිහින් දොර ලොක් කරගෙන ඇවිත් ඩයරිය ගත්තේ අතට.....


අඬ අඬාම දුක ලියලා කෙල්ල පුටුවෙන් නැගිට්ටේ තීරණයක් අරන්....

බෑග් එකක් අරන් කෙල්ල ඇඳුම් කෑලි ටික ඔබාගත්තා....

ඕන වෙනවා කියලා දන්න නිසා අයිඩී එක උප්පැන්න සහතිකය වගේම ඉස්කෝලේ ක්‍රීඩා සහතික ටිකත් අරගෙන බෑග් එකට දාගත්තා....


වෙලාව බලද්දි රෑ නවයයි....

කෙල්ල කොළයක් එක්ක පෑනක් අරන් වාඩිඋනේ හොඳ හුස්මක් අරගෙන....


දහය විතර වෙනකන් කෙල්ල ලියුම ලිව්වා...

ගෙදර කවුරුවත් තාම නිදි නෑ....

කෙල්ල රෙදි බෑග් එකත් ඇඳ යටින් තියලා ලියුමත් පොතක් අස්සේ හැංගුවා....


ඇඳුමක් අරන් කාමරෙන් එළියට ගියේ ඇඟ සෝදගන්න....

කෙල්ල යද්දි හැමෝම සාලෙට වෙලා ටීවී බලනවා....

කවුරුත් කෙල්ල දිහා බැලුවත් නෙයලි කිසි කෙනෙක් දිහා නොබලා බාතෲම් එකට ගිහින් සෝදගෙන ඇවිත් කාමරේට ගියේ කෙල්ලගේ අම්මා කතා කර කර කෙල්ලගේ පස්සෙන් එද්දි.....


නෙයලි අම්මා කාමරේට එන්න කලින් දඩාස් ගාලා දොර වැහුවා....

කෙල්ල එහෙම්ම කාමරේ ඇවිද ඇවිද ඉඳියේ හැමෝම නින්දට යනකන්....


ජීවිතේම එපා වෙලා කෙල්ල ඉඳියේ...

ගෙදරින් යන්නයි ඕන උනේ....

ඒ ගත්ත තීරණේ හරිද වැරදිද කියන්න නෙයලි ට කිසිම තේරුමක් නෑ....

මේ දුකෙන් ඈත් වෙන්නයි කෙල්ලට ඕන උනේ.....


රෑ දොළහ වෙද්දි මුළු ගෙදරම නිශ්ශබ්දයි....

නෙයලි කාමරෙන් එළියට ආවා....

මුළු ගේ පුරාම ඇවිදලා බැලුවේ හැමෝම නිදිද කියලා සැකහැර දැනගන්න....


කවුරුත් නිදි කියලා තේරුන නිසා නෙයලි ඉක්මනට කාමරේට ගිහින් ඇඳුමක් මාරු කරගෙන කෙල්ල එකතු කරලා තිබුන රුපියල් දෙදාහත් අරන් බෑග් එකට දාගත්තා...

හොඳ හුස්මක් අරන් කෙල්ල ලියුමත් අරගෙන කෙල්ලගේ ඇඳ උඩින් තියලා ඩයරි එක අරන් බෑග් එකට දාගත්තා....


කාමරේ දොරත් ඇරගෙන කෙල්ල හිමින් සැරේ අඩිය තියලා ඇවිත් ඉස්සරහ දොර ඇරගෙන ගෙයින් එළියට බැස්සා....

කට්‍ට කරුවළයි....

රෑ දොළහත් පහුයි....

කෙල්ලගේ හිතට බයක් නම් දැනුනේ නෑ ලොකු සැහැල්ලුවක් දැනුනේ අවුරුදු ගානක් හිර වෙලා ඉඳලා නිදහස ලැබුනා වගේ....


කෙල්ල පුරුදු පාරේ බෑග් එකත් අතින් අරගෙන වේගෙන් වේගෙන් ඇවිදගෙන ගියා....

කෙල්ලට යන්න ඕන කොහාටද කියලා හිතේ කිසි අදහසක් නෑ.....


පාරේ කවුරුවත්ම පේන්න නැති වෙද්දි නම් හිතට බයක් මෝදු වුනා....

කෙල්ල බයෙන් බයෙන් ඉස්සරහට දුවගෙන යද්දි එකපාරටම කාර් එකක් ඉස්සරහට ආවේ කෙල්ල බයවෙලා සිහසුන් ව බිම ඇදගෙන වැටෙද්දි.....


මෝටර් රථයේ සිටියවුන් ටිකක් එහාට වෙන්න කාර් එක නවත්තලා කාර් එකෙන් බැහැලා ආවේ කලබලෙන්....


කොල්ලොම පස් දෙනෙක්....


ඒයි තිරු මොකක්ද කරන්නෙ බන් පොඩි කෙල්ලෙක්....


මෙහෙම පාරේ දාලා යන්න පුළුවන්ද බන්...

අපිට අහු උන නිසා හොඳයි වෙන මොකෙක්ට හරි අහු උනා නම්.....


උඹ කියන්නේ ගෙදර අරන් යමු කියලද....


ඔව් සිහිය ආවම යයිනේ....


හ්ම්ම්ම්.....


#තිරු කෙල්ලව උස්සලා ගද්දි තව කොල්ලෙක් බෑග් එකත් අරන් කාර් එකට නැග්ගා....

තිරු ගේ ගෙදරට ඇවිත් කාර් එක නැවැත්තුවට පස්සේ තිරු කෙල්ලව අරන් ඇවිත් කාමරේක ඇඳ උඩින් තිව්වා.....

ඊට පස්සේ කොල්ලා පහලට එද්දි දැක්කේ කොල්ලො හතර දෙනා එක්ක නෙයලි ගේ බෑග් එක අවුස්සනවා....


ඒයි උඹලා මොකක්ද කරන්නේ ඔය....


මෙහෙ වරෙන් මේකි කවුද කියලා දැනගන්න ඕන නැද්ද.....


තිරු පඩිපෙළ බැහැලා ඇවිත් කොල්ලො ටිකට එක් වුනා....


සාෂ්රු, දුනිත් , විදස් , මිහාර් , තිරු කොල්ලො පස් දෙනා....

තිරු පල්ලෙහාට ඇවිත් කොල්ලො ළඟින් වාඩිවෙලා ඩයරි එක දිග ඇරියා....

පස්දෙනාම එක හුස්මක මුල ඉඳලම කෙල්ලගේ ඩයරි එක කියෙව්වේ....

හැමෝගෙම ඇස්වල කඳුළු.....

තිරු හොඳ හුස්මක් අරන් සෝෆා එකට පිට දීලා වාඩිවෙලා ඇස් දෙක පියාගත්තා....


ඇයි බන් මේ මිනිස්සු....


සාෂ්රු වේදනාවෙන් අහද්දි තිරු ඇස් ඇරලා බැලුවා...


සාෂ්....


හ්ම්ම්....


මේ කෙල්ල මෙහේ ඉඳපු දෙන්...

උඹලගේ අකමැත්තක් නෑනේ....


ම්ම්හ්...


අපේ නංගි චූටි සුරංගනාවි අපි එක්ක ඉඳීවි...


විදස් කියද්දි හැමෝම ඊට එකඟ උනා...

තිරු කෙල්ලගේ රූපේ හිතින් ඇඳගත්තේ හිත මහා ලෝබකමකින් වෙලාගෙන යද්දි....


~~~~~~~~


පහුවදා උදේ කුසුම් නැගිටලා හැමෝටම තේ හදලා කෙල්ල ගේ කාමරේට ආවේ කෙල්ලව නැගිට්ටවන්න.....


දොරට අත තියද්දිම දොර ඇරුනා....

හිතට අමුත්තක් දැනුනේ කෙල්ල කවදාවත් දොර ඇරගෙන නිදාගන්නෙ නැති නිසා....


කාමරේට ආවාම හදවත ගැහෙන්න ගත්තා...

ඇඳ උඩ තියෙන ලියුම් කඩදාසිය දැකලා පණ නැතුව ගිහින් එහෙම්ම එතනින් වාඩිවෙලා ඒක දිගඇරගත්තේ මුළු ඇඟම වෙව්ලන්න ගද්දි....


විනාඩි දෙකක් ගියේ නෑ කුසුම් මහ හයියෙන් විජේට කෑ ගැහුවේ විජේ කෙල්ලගේ කාමරේට දුවගෙන එද්දි.....


🌸මතු සම්බන්ධයි🌸

කව පික් එක වෙනස් කරා ලමයි😶😑

කමෙන්ට් ඕනි 🥺 දෙන්නෙ නැත්තන් කමෙන්ට් එකක්වත් හෙට ඉඳන් කතාව දෙන එකත් නැති වෙයි හොදේ🥺😒😑

Report Page