https://telegra.ph/

https://telegra.ph/

🌹👩‍🎓අමා👩‍🎓🌹

💞 හුස්ම 💞


💖 1 වෙනි කොටස 💖


අධිමාත්‍රාවක් ලෙස ගතහොත් ආදරය කියන්නෙත් ඇබ්බැහියක් ❤️‍🔥


නවෝද්‍යා ගුණවර්ධන ✍️


❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


සූර්‍ය රශ්මිය ගම්පහ අහස සිපගත් පළවෙනි මිනිත්තුවේදී මා අවදිවුනේ පාසල් යෑමටයි....


අද මගේ උසස් පෙළ දොළහ ශ්‍රේණියට යන පළවෙනි දිනයයි....ඉතින් බලාපොරොත්තු රාශියක් හිත ඇතුළේ පොදි බැදගෙන මා කුස්සියට ගියේ පාසල් ගෙන යෑමට ආහාර පිසීමට යි....


සහල් දමා ඇති ප්ලාස්ටික් බදුනෙන් හාල් කැටයක් ගෙන සෝදා ලිප තබා පොල් සම්බෝලයකට පරිප්පු බැදුමක් පිස ගත්තේ ඉක්මනින් ය....

කුස්සියේ වැඩ අවසන් කර මා ඉක්මනින් ළිද අසලට ගියේ ගත දියෙන් සෝදාගැනීමටයි...


" කෙල්ලේ අද උබත් ස්කෝලේ යනවා නේද ? අපේ කෙල්ල එක්ක මන් යනවා...උබත් එක්ක කවුද යන්නේ..?.."


මගේ අම්මාගේ නන්ගී ... මගේ පුංචි අම්මා..

මා බේසමකට වතුර පුරවමින් සිටිද්දී ළිද අසලට පැමිණ ඇය ඇසුවේ මා වරක් ඇය දෙස සිනාසී බලා නැවත ළිදෙන් වතුර අදිද්දී ය....

අපේ නිවස අසලින්ම පුංචි අම්මා සිටියද කිසි දිනක මටවත් අම්මටවත් ලැබෙනවා අකමැති අපට සිටින එකම ඥාතියා...


මා සිනාසුනා ඇර වෙන මුකුත් කියන්නට නොගියේ පුංචි අම්මාද මට මේ උදෑසන බලාසිටින්නේ සිනහවීමට බව දන්නා නිසාය...


" උබටත් අප්පෙක් නැති වුණත් හරි උඩගුකම තියනවා... කතා කලාම උත්තර දෙන්න බෑ...කාගේ හයිකාරකමද උබ අරගෙන ඉන්නේ උබලගේ මහ ලොකු පිස්සු අම්මාගෙද ?..."


සත්තයි ඒ වචන ටික උල්පිහියක් මෙන් මගේ ළය පසාරු කරගෙන ගියේ ළිදෙන් වතුර අදිමින් සිටි මගේ අතින් කඹය ගිලිහී පනිට්ටුව ළිද ඇතුළට වැටෙද්දී ය....

සිදුවූ කිසිම දෙයක් ගැන වගක් නොවූ මම දෑස් වල කදුළු පුරවන් බිම බලාගත්තේ ළයෙහි ඇති වූ වේදනාවටයි....


" කාළකන්නී කෙල්ල වැට්ටුවා නේද පනිට්ටුව ළිදට ...කීයට හරි උබ ස්කෝලේ යන්නේ පනිට්ටුවයි කඹෙයි එළියට අරන් දීලා..."


මගේ හිසට හයියෙන් පහරක් ගසමින් පුංචි අම්මා ගියේ මාව තවත් වේදනා සයුරේ ගිල්වමින් ය....


ඔව් මම නමින් සහන්‍යා හේෂාවී....වයස අවුරුදු දාහතක් වුණු මගේ තාත්තා කවුද කියලා මම හරියට දන්නේ නැහැ.... මොකද මට අම්මා ඒ ගැන මුකුත් කියලා නෑ ....

මම හම්බෙලා හරියට අවුරුදු දෙකකට පස්සේ මගේ අම්මා ගොඩාක් මානසිකව වැටුණා..

මිනිස්සුන්ගේ මේ සමාජෙන් කතා අහලම අපහාස විදලම ඒ ගැන හිතලම.... මාව චූටි කාලේ ඉදන් බලාගත්තේ ආච්චි අම්මා එයත් මීට අවුරුද්දකට කලින් හර්දයාබාදයකින් නැතිවෙන්නේ මගේ දුක කියන්න හිටපු එකම කෙනත් නැතුව මන් මේ ලෝකේ තනිවෙද්දී ...

අද වෙනකන් අම්මා මාත් එක්ක වචනයක් කතා කරලා නෑ ... එක වෙලාවකට මට හිතෙනවා අම්මට මෙහෙම අසනීපයක් හැදුනේ මන් නිසා කියලා ඒ වෙලාවට මට මන් ගැන දැනෙන්නෙම තරහක්....

මම නිසා අම්මා අද බලාගත්තු අත බලාගෙන ඉද්දී මාව පණ පිටින් පිච්චෙනවා වගේ...


දෑස් වලින් කදුළු කොපුල් දිගේ කඩා වැටෙද්දී සිතින් මියගිය අයකු මෙන් මා කෙක්කක් ආධාරයෙන් පනිට්ටුව කඹය සමග එළියට ගත්තේ තවත් පුංචි අම්මාගෙන් බැනුම් ඇසීමට නොහැකි තැන යි...


❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


මා ඇග සෝදාගෙන ... අම්මාවද මුහුණ සෝදා පිරිසිදු කර මා කාමරයට පැමිණියේ සුදු ගවුම ඇදගැනීම සදහායි....


පොල්තෙල් ටිකක් හිසකෙස්වල ගල්වා කොණ්ඩා කරල් දෙකක් ගොතාගත්තේ කැඩපතින් පෙනෙන මගේ රුව දෙස බලමින් ය....


අනිත් ගැහැණු ළමයින්ට මෙන් පැහැපත් සමක් මට තිබුණේ නැහැ .. අම්මා මට වඩා පැහැපත් වුණත් මගේ තාත්තා තලෙළු පැහැයක් ඇති ඒ නිසා මටත් තලෙළු සමක් හිමි වී තිබේ යැයි මට සිතුනි....


❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


" අම්මේ කෝ කට අරින්න...."


බත් පිගානකට බෙදාගෙන මන් අම්මා ගාවට ගියේ බත් කටවල් කීපයක් අම්මාට කැවීමටයි...ඔහේ නිසොල්මනේ බලාගත්තු අත බලාගෙන ඉන්න මගේ අම්මා දකිද්දී ළය පැලී යන්නාක් මෙන් වේදනා දැනුනේ අවුරුදු පහලවක් තිස්සේ අම්මා මේ ගෙවන නිහඩ ජීවිතය ගැන සිතෙද්දී ය...


අමාරුවෙන් බත් කටවල් පහක් පමණ කැවූ මා ඒ බත් පිගානෙන්ම බත් කටවල් දෙකක් ආහාරයට ගත්තේ උදෑසන එකොළහ වන තුරුම නිරාහාරව සිටීමට සිදුවන නිසාය...


" මන් යන්නම් අම්මේ...අම්මා පරිස්සමින් ඉන්න...මන් අම්මව බලන්න ඉක්මනට එන්නම්....අද ළමයි හැමෝම දෙමාපියෝ එක්ක ඒවී..මට වෙනදා ආච්චි අම්මා හිටියා අද එයත් නෑ ...අද මගෙන් ගුරුවරු අහන ප්‍රශ්නවලින් මන් අසරණ වෙයි... ඒත් මම අම්මා වෙනුවෙන් හැමවේදනාවක්ම ඉවසනවා....මොකද තාත්තත් නැතුව අම්මා මාව මේ ලෝකෙට බිහිකරපු හින්දා..."


මා කියන කිසිවක් නෑසුනා මෙන් වෙනතක් බලා සිටින අම්මාට වැද ඒ නලලත සිපගෙන මා පැවසුවේ අම්මා මාව තාත්තත් නොමැතිව ප්‍රශ්න රාශියක් හිස මත තබාගෙන මාව මෙලොවට බිහිකල නිසා ය....


නූපන් කිරි කැටියන් නැති කරන සමාජයක...

උපන් බිළිදන් මහමග දමා යන කාලයක මගේ අම්මා ශ්‍රේෂ්ඨ කාන්තාවක් ....


මා සිතුවේ අම්මා දෙස බලාගෙන ඉදිරිපස දොර වසමින් එළියට එන ගමන් ය...


❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


පිටෙහි පොත් බෑගයද අත් දෙකෙන්ම මා කඩයට දමනා කප්කේක් දැමූ ප්ලාස්ටික් භාජනයද රැගෙන මා පාරට ආවේ උදෑසන හත වෙන්නට කලියෙන්මයි...


" මාමේ අද කප්කේක් ටික..."


මා කඩයෙහි මුදලාලිට ලබාදුන්නේ ඊයේ දින මා දැමූ කප්කේක් වල මිල ගණන් කතා කිරීමට යි..


" කෙල්ලේ ආ ඊයේ කප්කේක් විස්සට රුපියල් හතලිහ ගානේ රුපියල් අටසීයයි..."


මගේ අතට මුදලාලි මුදල් දුන් පසු මා එය පරිස්සමට නමා පොත් බෑගයට දමාගත්තේ අපට වෙන ජීවත් වීමට ආදායම් මාර්ගයක් නොමැති නිසයි...


" ආ මුදලාලි ..."


මා කඩයෙන් එළියට එද්දීම මැදිවියේ පිරිමි කෙනෙක් කඩයට තුළට ගියේය...


" කවුද මුදලාලි ඒ කෙල්ල...?.."


මාව දැකපු ඒ පුද්ගලයා ඇසූ බව මට ඇසුනේ එළියට එද්දීමයි...


" අර සේපාලිගේ අප්පෙක් නැති කෙල්ලනේ.."


සිහින් හඩින් මුදලාලි පැවසුවද මට එය හොදින්ම ඇසුනේ මා නැවත අසරණකමේ උපරිමයට යද්දී ය ....


අප්පෙක් නැති කෙල්ල... අවජාතක කෙල්ල ඔය වචන ටික මන් මේ අවුරුදු දාහතට දහස්වාරයකට වඩා අසා ඇති ....එය මට අරුමයක් නොවේ... එහෙත් ඒ වචන මගේ සවන් වැකෙද්දී මාව නොමරා මරනවා කියලා දන්නවා නම් ඒ වචනේ බරපතළකම ඒ කියන කෙනාගෙත් හිතට දැනෙනෙවා නම් ඒ වචනේ කියන්න ඒ මිනිස්සු දහස්වාරයක් හිතාවී...


උප්පැන්නයට ඉදිරියෙන් පියාගේ නමට ඉදිරියෙන් ඉරක් තියෙද්දී ඒකෙන් කියවෙන්නේ තාත්තෙක් නෑ කියන එක නෙමෙයි...තාත්තා උප්පැන්නෙට නම දුන්නේ නෑ කියන එක...


සමාජය මා දෙස බලන කෝණය වෙනස් කිරීමට නොහැකි නිසා මා හැමදේම මොහොතකට අමතක වෙන්න ළය සැහැල්ලු කරනා සුසුමක් හෙලා පාරට පැමිණියේ පාසලට යෑමට බසයක් අපේක්ශාවෙන් ය ...


❤💜️❤💜️❤💜️❤💜️❤💜️❤💜️❤💜️❤💜️


ඔන්න මගේ දෙවනි කතාව ආවා...

අද කතාව කියවන හැමෝම ලයික් කරන්න කමෙන්ට් කරන්න ශෙයාර් කරන්න...

අදහස නම් අනිවාර්යයෙන්ම කියාගෙන යන්න ළමයි....

මේ කතාවට ලයික් කමෙන්ට් වැඩිපුර ආවොත් හෙට ඉදන් කතාව හවසට දිගටම දෙනවා


බුදුසරණයි

ආදරෙයි හැමෝටම ❤

Report Page