https://telegra.ph/

https://telegra.ph/

Tharu Lokupothagama


🌼 රාධාවි - පලමු කොටස 🌼


 රුද්... ඔන්න බලාගෙන කෙල්ලෙක්... 


රුද්ගෙ හොඳම මිතුරා වන දේවාශ්ගෙ කෑ ගැසීමට ඉබේම වාහනේ තිරිංග තද උනේ කොල්ලගෙ කේන්තිය උපරිම වෙද්දි...


කවුද බන් ඒ... බැහපන් බලන්න...


රුද් කලබල කරන්න නම් එපා... 


රුද්ගෙ කේන්තියේ තරම දන්න නිසාම දේව් කියද්දි රුද් බැස්සෙ ඔහුගේ වදන් ගනනකටවත් නොගෙන... 


පිස්සුද ඕයි වාහනවලට පනින්න... 


ඒ ඔහොම ඉඳපන් රුද්...


වාහනෙන් බැහපු ගමන්ම කෙල්ලට බනින්න ගත්ත රුද්ව දේව් නැවතුවේ... 


හිතල පැන්නෙ නෑනෙ මාත්තියා...


සීතල නුවරඑළියෙ උදේ පාන්දරම කෝවිලට ආ රාධා දෙවියන් වැඳ පුදාගෙන කෝවිලෙන් එලියට ආවෙ හැමදාම පුරුද්දක් වශයෙන් කෝවිලට ආවම කන පානි පූරි කන්න... පානි පූරි කරත්තය ලඟට යන්න පාර පනින්න හදනකොටම පැමිණි වාහනයේ වැදී රාධා වැටුනත් බරපතල තුවාල සිදු නොවුනේ වාහනය කෙල්ලව දැක්ක ගමන්ම නැවතූ නිසා... 


ලස්සන...


අනතුරට ලක් වුනත් කටකාර මේ සුන්දර දමිළ යුවතියගෙ මුහුණ දුටු විගස ඇය දෙස රුද් වගේම දේව් බලාගෙන සිටියෙ වශීකෘත වෙලා... ඔවුන්ටත් නොදැනිම ඔවුන්ගෙ මුවින් පිට වුන වදනට රාධා ඔවුන් දෙස බැලුවේ... 


අයියො රාධා... 


ඒත් එක්කම රාධාගෙ හොඳම මිතුරිය වන සෙල්වි පැමිණියේ රුද්ගෙත් දේව්ගෙත් දැහැන බිඳිමින්...

 

එන්ගේ එනෘ එලුන්ඩු පාර්... උනක්කු කායම් එර්පට්ටදු...

( කෝ බලන්න නැගිටින්න... තුවාලත් කරගත්තා නේද... )


නාන් නලමාහ ඉරුකිරේන් සෙල්වි...

( මන් හොඳින් ඉන්නව සෙල්වි... )


ඉප්පෝදු එලුන්තිරු

( කෝ කෝ නැගිටින්න... )


එහෙම කියන ගමන් සෙල්වි අත දුන්නෙ රාධාට නැගිටින්න උදව් වෙන්න...


කොන්ජම් පෙත්තොඩ පෝහලාම් රාධා...

( අපි මේමම බේත් ටිකකුත් දාගෙනම යමු රාධා... )


දේවයිල්ලයි සෙල්වි... වීටුක්කු පෝන පිරහු යේදාවදු සෙයියලාම්...

( ඕන නෑ සෙල්වි... ගෙදර ගිහින්ම මොනාහරි කරමු... )


සෙල්විගෙ උදව්වෙන් රාධා නැගිට්ටෙ කොල්ලො දෙන්න උඩ බිම බලන්න ගනිද්දි...


මුන් මොනාද බන් මේ කියවන්නෙ... උබට මොනාහරි තේරෙනවද... අපේ වාහනේට හැප්පුන හින්ද මරන්නවත් ප්ලෑන් කරනවද දන්නෑ... 


කෙල්ලො දෙන්නගෙ කතාව අහගෙන ඉඳපු රුද් දේව්ට පැවසුවත් දේව්ගෙන් එතරම් සෑහීමකට පත් විය හැකි පිලිතුරක් නොලැබුනේ ඔහුත් මේ වන විට රුද්ගෙ තත්වයේම සිටි නිසා... 


නෑ බන්... මගෙ නම් මොලෙත් කචල් උනා වගේ... 


නැතුව තියෙයිද... ඇක්සිඩන්ට් උනා කියල නෑ ගිරව් වගේ කියවන කියවිල්ල බලපන්කො... 


කෙල්ල හැප්පුන වෙලේ ඉහ වහා ගිය රුද්ගෙ කේන්තිය නිවුනෙ මේ කෙල්ලො දෙන්නගෙ කතාව අහන් ඉඳල...


අඩෝ ඒත් පව් බන්... ඉඳපන්කො ඔහොම මන් කතා කරන්න... 


එක්ස්කියුස් මී නංගි... 


ඒත් එක්කම කෙල්ලො දෙන්නම දේව් දිහා බැලුවෙ කන්න වගේ... 


නංගි ඔයාට තුවාලයිනෙ අපිත් එක්ක යමු හොස්පිට්ල් එකට... 


නෝ තෑන්ක්ස්... 


එහෙම කියපු සෙල්වි කෙල්ලවත් එක්කන් යන්න හැදුවෙ දේව් නැවතත් ඔවුන්ව නවතද්දි... 


නෑ නංගි... අපේ වාහනේටනෙ හැප්පුනේ... ඒ හින්ද යමු අපිත් එක්ක... 


අනේ මේ මාත්තිය... මාත්තියලම රාධාව වාහනේට හප්පල දැන් බේත් දාන්න එන්න ඕන නෑ... අපි මේ ගැන බලාගන්නම්... 


දේව්ටත් බැනල සෙල්වි කෙල්ලව එක්කන් ගියෙ...


ඇත්ද උබට... අහගත්ත නේද දෙමලිච්චිගෙන්...


සෙල්විගෙන් බැනුම් අහල වාහනය ලඟට පැමිණි දේව්ට රුද් පැවසුවේ සමච්චලයට මෙන් සිනාසෙමින්... 


අනේ පලයන්... හප්පල දාල යන්න බැරි නිසා ගිහින් කතා කලේ... 


උබ එතනත් පැනිය දාන්න ගිහින් අහගත්තනෙ... 


කටවහන් නැඟපන් වාහනේට... 


දේව් කියද්දි රුද් සිනහ වෙවීම වාහනයට නැගල පිටත් උනේ...


ඓශු... අක්කට නැගිට්ටවන්න...


හරි අම්මා...


තම සහෝදරිය අවදි කිරීමට ගියත් ඇය එහි නොසිටි නිසාවෙන් ඓශු ගියෙ මුළුතැන්ගෙට... 


ආ... කෝ අක්කා... දෙන්නත් එක්ක එන්න... වලව්වට යන්නත් ඕනෙ අද උදෙන්ම... 


අයියෝ අම්මා... ඔයාගෙ ලොකු දූ අදත් කෝවිල් ගිහින් උදෙන්ම...


ඓශුගෙ කතාවට සීතා ඓශු දිහා බැලුවෙ පුදුමෙන්... 


ඕම බලන්න එපා අයියෝ... හැමදාම වගේ අදත් කොලයක ලියල ගීන් තියෙන්නෙ... 


අයියෝ සාමි... මේ කෙල්ලනම් කවද හැදෙයිද මන්ද... හැමදාම කියනව ඔය පාන්දර යන්න එපා කියල... අහන්නෑනෙ... 


සීතා කිව්වෙ රාධා ගැන උපන් කෝපයෙන්...


සීතල නුවරඑළිය උදේ පාන්දර මීදුමත් එක්ක අදහගත නොහැකි තරම් සුන්දරයි... මීදුමට වැසී ගිය පාරවල් පවා සොයා ගැනීමට අපහසුයි... කඳු ගැටයක උඩට වෙන්න තිබුනු පුංචි පැලෙහි සීතාත් ඓශුත් කතා වෙන්නෙ රාධා ගැන... 


රාධා සිරු කුලන්ටෛ ඉල්ලෙයි... කවනමාහ වීට්ටුක්කු වරුවාල්...

( රාධා පොඩි දරුවෙක් නෙවේනෙ... පරිස්සමට ගෙදරට ඒවි... )


මේ කතාබහට සවන් දීගෙනම ගෙට ගොඩ උනේ සෙල්වම්... රාධාගෙත් ඓශුගෙත් පියා... 


ශරි ශරි... නාන් එඩුවුම් සොල්ලල

( හරි හරි... මන් මුකුත් කියන්නෙ නෑ... )


කවදත් සෙල්වාට විරුද්ධව වචනයක් නොකියන සීතා නිහඬ උනේ රාධාගෙ වරදක් කවදත් සෙල්වම් නොදකින් බව අත්දැකීමෙන් දන්නා නිසයි... 


අප්පට කවදත් අක්කගෙ වැරැද්දක් පේන්නෙ නෑනෙ... 


ශරි ශරි... ඓශු යන්නකෝ... ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න ඕනනේ... 


ශරි අප්පා...


ඓශු පිටත් උනේ නෝක්කාඩු බැල්මකුත් මූනෙ පුරවන්... 


මේක ගන්න...


සීතා සෙල්වම් අතට දුම් දමන කෝපි කෝප්පයක් දුන්නෙ සීතාම හදපු උණුම උණු වඩේ එක්ක...


මන් වලව්වට යනව... අද ලොකු බේබි එනවනෙ... සීතා රාධාත් එක්කන් එන්න... 


ශරි... 


කෝපි එක බීල ඉවර උන ගමන් සෙල්වා පිටත් උනේ වලව්වට... සෙල්වා වගේම සීතා කියන්නෙ ගජබාහු වලව්වෙ සේවකයින් දෙදෙනෙක්... සෙල්වා වතු පිටි වල වැඩ කරනව වගේම සීතාගෙ අත් ගුණේ නිසා සීතාට හිමි වුනේ සුවිසල් ගජබාහු වලව්වෙ මුළුතැන්ගෙය... වැඩ වැඩි දවසක් නම් රාධාත් වලව්වට යන්නෙ සීතාගෙ උදව්වට... අදත් සෙල්වම් මේ උදේ පාන්දරම පිටත් උනේ වලව්වට... 


අම්මා... මන් ආවෝ...


සෙල්වම් පිටත් වෙනවත් එක්කම ඇසුන රාධාගෙ හඬට සීතා ඉස්සරහට ආවෙ...


කඩවුලේ රාධා... මේ මොකද මේ... 


රාධාගෙ අතේ සහ කකුලේ තිබූ තුවාල නිසාවෙන් සීතා බය උනේ... 


අයියෝ අම්මා... චූටි තුවාලයක්නෙ... බය වෙන්න එපා... බේත් දැම්මනේ...


මන් කියනව හැමදාම... කියන කිසි දෙයක් අහන්නෙ නෑ... 


අයියෝ අම්මා... පෝදුම් අප්පා... 


සරි සරි... ඔයාට තුවාලනෙ ඒ නිසා එන්න එපා බංගලාවට... ගෙදර ඉන්න... මන් ගිහින් එන්නම්...


නෑ නෑ අම්මා... මන් එන්නම්...


එහෙනම් ටිකක් දවල් වෙලා එන්න... 


සරි අම්මා... 


එහෙම කියපු සීතා පිටත් උනේ බංගලාවට... 


සීතා පිටත් වුන ගමන් කෙල්ල උදේ කෑමත් අරන් ඇඳට වැටුනෙ ගතට දැනුන විඩාවට... එහෙමම නින්දට වැටුන කෙල්ල අවදි වුනේ දහවල් දොලහට පමන... 


අයියෝ... දොලහත් වෙලා... බංගලාවට යන්නත් ඕනෙ...


එහෙමම ඇඳෙන් නැගිටපු කෙල්ල මූන කට සෝදන් බංගලාවට ගියෙ... 


අම්මා... 


සීතාට කතා කරගෙනම මුළුතැන්ගෙය පැත්තෙන් ඇතුලට ගියත් සීතා එහි නොවූ නිසාවෙන් සින්ක් එක ලඟ තිබුනු වලං ටික හෝදන්න ගත්තෙ... 


රාධා... 


ඒත් එක්කම එතනට ආවෙ අනෝමා ගජබාහු...


ලොකු නෝනා... 


ඔයා එනකන් හිටියෙ රාධා මන්... අම්මව කඩේට යැව්ව හදිස්සියේ... ලොකු බේබිට කිරි එකක් හදල ගෙනිහින් දෙන්න පුළුවන්ද රාධාට... 


පුළුවන් ලොකු නෝනා... 


එහෙම කියපු අනෝමා එතනින් පිටවෙද්දි කෙල්ල ෆ්‍රිජ් එකෙන් කිරි ටික අරන් භාජනේකට දාල රත් වෙන්න තිබ්බෙ ලොකු බේබි ආසම විදිහට තේ එක හදන්න... කිරි ටික රත් උනාම ලිපෙන් අයින් කරල වතුර ටිකක් රත් වෙන්න තියල රත් වුන වතුර ටිකට කරාබු නැටි, කරදමුංගු, ගම්මිරිස් සහ කුරුඳු කොටල දැම්මෙත් තලපු ඉඟුරු කෑල්ලක් දැම්මෙත් රස වැඩිවෙන්න... ඒත් එක්කම තේ කොල දාපු කෙල්ල ඒකට කිරි ටිකත් දාල අන්තිමට සීනි චුට්ටක් දැම්මෙ... ඊටපස්සෙ කිරි ටික පෙරල මග් එකට දාගත්ත කෙල්ල ලොකු බේබිගෙ කාමරේට යන්න ගියෙ... 


ලොකු බේබි ඉස්සර වගේමද දන්නෑ තාමත්... 


කෙල්ල පොඩි කාලෙ බේබිගෙ හැසිරීම සිහි කරමින්ම කාමරයට ගිහින් දොරට තට්ටු කලේ...


කවුද... 


එහෙම අහගෙන දොර විවර කරපු කෙනාව දැකල කෙල්ල පුදුම උනේ සිහිනෙන්වත් නොසිතුව කෙනෙක් සිටි නිසා... 







ලමයි ඉතින් මේ මගෙ කතාව... කියවන්න ආස හැමෝම අනිවාරෙන් කමෙන්ට් එකක් දාන්න...


🌻රූ සි🌻

Report Page