https://telegra.ph/

https://telegra.ph/

🌹👩‍🎓අමා👩‍🎓🌹

💞 හුස්ම 💞

පපන්හිදට අරුතක් සමග ❤️ඔබ වෙතට...❤️❤️


අදිමාත්‍රාවක් ලෙස ගතහොත්

ආදරය කියන්නෙත් විසක් ❤️‍🔥


💖 11 වෙනි කොටස 💖


නවෝද්‍යා ගුණවර්ධන ✍️


කතෲ අයිතියකින් තොරව උපුටා ගැනීම තහනම් 🚫


පෙර කොටස

https://telegra.ph/


❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


ඒත් එක්කම වාගේ ජීප් එකක් අපේ ගෙදරට හැරෙව්වේ වංගුවේ ගසා තිබුණු ගොක්කොල පවා කඩාගෙනයි ....

හීයක වේගයෙන් ආපු ජීප් රථය මා හා චමීර අයියා අසල නැවැත්වූයේ තිරිංග තද කරමින් ය....


ඒ වෙන කවුරුත් නෙමේ විමල් මුදලාලි ....

අහස්ගේ තාත්තා ...


අද මට හා අම්මාට ගෙදරින් යන්න යැයි පැවසූ දිනය නේද කියා මතක් වෙද්දී මගේ සිරුර බියටම දහදියෙන් තෙත් වී ගියේ මා තනිවම කොහේ යන්නදැයි සිතමින් ය...


" ගෙදරින් බඩු ටික අරගෙන පලයව්....එකෙක්වත් ඉන්න එපා පේන්න මට..

විනාඩි පහක් දෙන්නම්.."


විමල් නම් පුද්ගලයා ජීප් රථයෙන් බැස් එසේ පවසනවාත් සමගම ඔහුගේ රියදුරු අසුනේ එහා පස සිටි අහස් බැස්සේ මගේ හදවත පැලී යන්නාක් මෙන් වේදනාවක් දැනෙද්දී ය...


" අනේ අහස් මට ටික දවසක් දෙන්න....මන් ඉක්මනට යන්නම් මගේ අම්මා නැතිවුණා..මට සතියක් දෙන්න මට යන්න තැනක් නෑ...මන් ඉක්මනට තැනක් හොයාගෙන යන්නම්...අනේ ප්ලීස් අහස් තාත්තාට තේරුම් කරලා දෙන්න.."


අහස්ව දකිද්දී මට මාවම පාලනය කරගැනීමට නොහැකිව අහස් ළගට දිව ගොස් ඒ දෙපාමුල වැද වැටුනේ මාව ගෙදරින් ඇද දායි කියලා බයටමයි...කාත් කවුරුවත් නැති මම කොහේ යන්නද කියලා මට නොතේරෙද්දී අහ්ස් මන් ගැන චුට්ටක්වත් හිතාවි කියලා ඒ දෙපා මුල මා හඩා වැටුණා..


ඒත් මම අහස්ගේ දෙපා අල්ලාගෙන එසේ කියමින් අඩද්දී හිතක් පපුවක් නැති මනුස්සයෙක් වගේ අහස් ඔහුගේ දෙපා ඈත් කරගෙන මගෙන් අයින් වුණේ මා වෙත එකදු බැල්මක් නොහෙලමින් ය....


ඒ දෙපා මගෙන් ඈත් වෙද්දී විශ්වාස කරන්න මගේ හදවත පැලී යන්නාක් මෙන් වේදනාවක් ගෙනාවා...බිම වැටී සිටි මා දෑස්වල කදුළු පිටින්ම බැලුවේ අහස් දිහා ඔවුන් සමග පැමිණි කළු පැහැති ඇදුමක් ඇදගත්ත කෙනෙක්ට මොන මොනවදෝ පැවසුවේ මා දෙස වරක්වත් නොබලමින් ය...


" මේ ගෙට කීයක් දීලද ණය අරගෙන තියෙන්නේ ?.."


චමීර අයියා විමල් මුදලාලිගෙන් ඇසුවේ උස් හඩින් ය....


" ලක්ශ පහළවක් ඉඩමයි ගේයි තියලා අරගෙන තියෙන්නේ පොළියත් එක්ක ලක්ශ දාහතක් ... ඇයි දෙන්න පුළුවන් ද ?.."


විමල් මුදලාලි පවසද්දී මට හීල්ලුනි ...


ආච්චි අම්මාගේ මරණය වෙනුවෙන් ඒ තරම් මුදලක් මේ ඉඩම තමා පුංචි අම්මා ලබා ගත්තාද කියා සිතෙද්දී මගේ සිතට ඔවුන් ගැන දැනුනේ තරහකි....


" ඉක්මනට බඩු ටික ඇදලා දාන්න චානක...විනාඩි පහෙන් ගේ හිස් වෙන්න ඕනා.."


අහස් හිතක් පපුවක් නැති විදියට කිව්වේ මා කළකිරීමෙන් ඔහු දෙස බලද්දී ය...


මනුස්සයෙක්ට පුළුවන්ද මේ තරම් නපුරු වෙන්න...මන් ඉල්ලන්නේ සතියක් යන එනමන් නැති වෙද්දී මන් වෙනුවෙන් හිටපු එකම කෙනත් අදට මාව දාලා ගිහින් සතියක් වෙද්දී පිච්චි පිච්චි හිටපු හිත මීට සතියකට කලින් බොරු කියලා දාලා ගියපු ඔයාම ආයේ ඇවිත් මාව ගෙදරින් තව විනාඩි පහකින් එළියට ඇදලා දාද්දී ඉවසන්න පුළුවන් වේවිද මේ හිතට....


විශ්වාස කරන්න මගේ පපුවේ වැටෙන හුස්මපොද නැවතිලා මා බිමට කඩාගෙන වැටුනේ මගේ පිටුපස සිටි චමීර අයියා දිවවිත් මාව අල්ලාගද්දී ය...


" නංගී නැගිටින්න ..."


මන් ඒත් බලාගෙන හිටියේ අහස් දිහා මන් මෙතන අවසන් හුස්ම පොද හෙලුවත් ඒ ඇස් මොහොතකටවත් මන් දිහා බැලුවේ නෑ ....

කළු ඇදගෙන ගේ තුළට ඔවුන් එක්ක පැමිණි හැඩිදැඩි ආරක්ශකයින් මෙන් කිව හැකි පුද්ගලයින් දෙස අහස් බලාගෙන සිටියේ තියුණු දෑසින් ය...


චමීර අයියාගේ අතින් මිදී අප්‍රාණික වූ මගේ දෙපා ශක්තිමත් කරගෙන මා නැගිට්ටේ ආරක්ශකයින් මගේ නිවසේ ඇති මගේ බඩු විසි කරදමාවිදෝ සිතමින් ය...


❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


ඉක්මනින් ගේ තුළට දිව ගිය මම ආරක්ශකයින් ඉවත්කර මගේ පාසල් බෑගයට මගේ පොත් පාසල් ඇදුම් දමා ගත්තේ දෑසින් කදුළු බිදු වැටෙද්දී ය...


ඇද යට දමා තිබූ විශාල බෑගයකට මගේ හා අම්මාගේ ඇදුම් සියල්ල දමා ගත්තේ ඒ සුවද හැමදාම මන් ගාව තියෙන්න ඕනා නිසයි...

විදුලි උපකරණ නොමැති මගේ ගෙදර තිබුණේ මීට වසර එක හමාරකට පමණ ආච්චි අම්මා මට තෑගි කළ මා කේක් සෑදීමට කැමති නිසා අරන් දුන් විදුලි උදුන පමණයි ...


එය මා ගන්න යද්දීම චමීර අයියාගේ අම්මා එය ඔසවාගත්තේ මට ඉදිරියට යමු ලෙස දෑසින් සංඥා කළාය...


මට ඔට්ටු වෙන්න පුළුවන් ශක්තියක් තිබුණේ නැහැ...මේ මොහොතෙන් පස්සේ කොහෙද යන්නේ කියලාවත් මන් දන්නේ නෑ...පුංචි අම්මලා පවා මගේ ගේ උකස් කරලා ලක්ෂ ගාණක් අපිට බොරු කරලා අරගෙන තියෙද්දී තනි මන් මොනවා කරන්නද ?..එයාලගෙන් පිළිසරණක් හොයන්නද ?..


ළය තුළ තනිවීම අහිමිවීම වැනි වේදනාවල් කැටි කරගෙන මා චමීර අයියාගේ අම්මා සමග සාලයට ආවේ සාලය මැද අම්මාගේ තරමක් විශාල කර තිබූ ඡායාරූපය අතට ගෙනයි...


අම්මාගේ රුව දෙස බලා ඒ ඡායාරූපය ළයට තුරුළු කරගත්තේ හිතින් දහස් වාරයක් හඩා වැටෙමින් ...


" ඇයි අම්මේ යන තැනක මාවත් එක්කන් ගියේ නැත්තේ ?.."


හයියෙන් කෑ ගහලා ඇඩුවා මන් හිත ඇතුළේ ඇදුම් කන වේදනාව තුලින් මා දොර දෙස බැලුවේ මා දුටු ඡායාවකට..


ඒ වෙන කවුරුත් නෙමේ අහස් කරදරයක් මෙන් මා දෙස බලාගෙන දොරේ තිබුණු යතුර අතට ගෙන බලා සිටියේ ඉක්මනින් මාව එළියට ඇද දමා දොරවසන්නට වාගේ...


එක් අතකින් අම්මාගේ ඡායාරූපයද ,අනික් අතින් අම්මාගේ හා මගේ ඇදුම් දැමූ බෑගයද පිටෙහි මගේ පොත් හා පාසල් සුදු ඇදුම් දැමූ පාසල් බෑගයද ගෙන මා අහස් ඉදිරියට ගියේ දෑස් වලින් තවමත් කදුළු ගලද්දී ය...


" ඔයාට ගොඩාක් ස්තූතියි අහස් ....මේක මගේ වරදක්වත් මගේ නැතිවුණු අම්මාගේ වරදක්වත් නෙමේ..අපේ පුංචි අම්මලාගේ වරදක් මොකද එයාලයි අපේ ගෙදර බොරු කියලා උකස් කලේ..අනිත් දේ තමයි මට ආදරෙයි කියලා ඔයා මගේ යාළුවට ආදරේ කලා ....කමක් නෑ ...මන් ඇයි ඔයා එහෙම කළේ කියලා ආපහු ආපහු අහන්න එන්නේ නෑ..ඔයාට ඕනා වුනේ ඒක නම් ඔයාගෙන් කොච්චර ඇයි මට මෙහෙම කලේ කියලා ඇහුවත් වැඩක් නෑ ....හිත කියන තැනක නවතින්න..මගෙන් බාධාවක් නෑ ...හැබැයි මට ආදරේ කරන එක නවත්තන්න කියන්න එපා..

මොකද ආදරේ නොකලේ ඔයා මම නෙමෙයි...

ඒ නිසා මගේ ආදරේ නවත්තන්න ඔයාට අයිතියක් නෑ ...."


අවසාන වචන ටික කියද්දී අහස්ගේ දෑස් හරි තදේට ගැස්සුනා..ඒ වෙනස මට තේරුම් යාවිදෝ කියලා වෙන්න ඇති එයා බිම බලාගත්තේ...


මන් නිවසින් එළියට එන්න හදපු අඩිය එහෙමම බිම තියලා අම්මාගේ සුවද රැදිලා තියන මේ නිවස දිහා එකපාරක් හැරිලා බැලුවේ අහස් " දඩස් " යන ශබ්දයෙන් නිවසේ දොර වහලා දාද්දී ය...


මගේ මුලු හදවතමට අගුළු දැම්මා වගේ වේදනාවක් දැනුනේ මන් ආදරේ කරපු අම්මාගේ සුවද පිරුණු අම්මාගේ ආච්චිගේ මතක වලට මන් ආදරේ කරන කෙනාම ආපහු මට විවර කරන්න අවසරයක් නැති විදියටම ගේ වහලා දාද්දී....


❤❤💜️💜️❤❤💜️💜️❤❤💜️💜️❤❤💜️💜️

කතාව කියවන යාළුවෝ හැමෝම අදහස් කියන්න මතක් කරල.එතකොට හිතට සතුටුයි.කතාව හොදට ලියන්න පුලුවන් එතකොට🙂ඒ නිසා මතක් කරල ඉමොජි නැතුව ලස්සන ඔයාගෙ අදහස් වචන කරන්න🥺❤️


ආදරෙයි...


බුදුසරණයි

Report Page