Hi

Hi

Disney Mind

ඔයාලටත් එක පාරක් හරි මෙහෙම හිතිලා කියනවද?එහෙනම් ඔබ වාසනාවන්තයි !.කියවන් යන්නකෝ.. විසදුම හම්බවෙයි...

මට මේක එපා වෙලා තියෙන්නෙ😖මොන දේ කරන්නටත් ආසාවක් නෑ..

July 23, 2022 by Disney Mind

ඇත්තටම ඔයා ඉගෙනගන්න කෙනෙක් උනත් රැකියාවක් කරන කෙනෙක් උනත් තියන ලොකුම ප්‍රශ්නයක් තමයි " මට ඒකට දැන් කිසි ආසාවක් නෑ! මට පාඩම් කරන එක එපා වෙලා තියෙන්නෙ.පොතක් අල්ලන්නවත් හිතෙන්නෙ නෑ " කියන එක මනෝවිද්‍යාව තුල මෙන්න මේ එපා වීම කියන දේ මෙහෙම නිර්වචනය කරනවා. " මොළයේ එක් ස්නායු ජාලයක උදාසීනත්වය නිසා හටගන්නා 'අවශ්‍ය' නමුත් , තෘප්තිමත් නොවීමේ තත්වයක් " ලෙසයි.. බටහිර මනෝවිද්‍යාව තුල Boredom යනුවෙන් හදුන්වන මෙම එපාවීම කම්මැලි කම සමග එකට මුසුවූ, ප්‍රබෝධමත් බවකින් තොරවූ ඉතා අප්‍රිය ජනක හැගීමක් බව ඔබ අත්විද ඇත.


මෙවැනි තත්වයක් තුලදී ආහාර ගැනීම , නින්ද, වැනි ශාරීරික ක්‍රියාකාරකම් නිසි පරිදි සිදු වූවද මානසිකව ඇතිවන උදාසීනත්වය ඔබව, කල යුතුව පවතින සියලු වැඩ රාජකාරි වලින් ඉවත් කිරීමට පොළඹවයි. එහෙයින් මෙය මානසිකව හට ගන්නා තාවකාලික බිද වැටීමක් පමණක් වන අතර රෝගී තත්වයක් නොවන බව සිහි තබා ගැනීම ඉතා වැදගත්!.


මනුෂ්‍ය මොළය... ඔබ මනුෂ්‍ය මොළයේ යාන්ත්‍රණය හරිහැටි තේරැම් ගන්නේ නම් මෙම " එපාවීම" ඉතාම කෙටි කාලයකින් නැතිකර ගත හැකියි..පරිණාමය වෙමින් පැවති කාලයේ පටන් මිනසා ජීවත් වූයේ විවෘතගල් ලෙන් හෝ කිසිදු ආරක්ෂාවක් නොමැති ස්ථාන වලයි. විලෝපිකයන්, මැසි මදුරුවන්, විෂසහිත සතුන්, උෂ්ණ ශීත ආදී බොහෝ අනතුරු වලින් මනුෂ්‍යයාව ආරක්ෂා කිරීම සදහාම නිර්මාණය වූ මධ්‍ය ස්නායු පද්ධතියක් අපට තවමත් හිමියි.අපගේ මොළය නිරන්තරයෙන් අසීරු, අනතුරුදායක,වෙහෙසකර කටයුතු වලින් අපව ඉවත් කරවන්නට කටයුතු යොදනවා. ඒ නිසාමයි පැය කිහිපයක් එක් දිගට එකම කාර්යයේ නිරත වීමේදී නිදිමත, හිසේ වේදනාව , බඩගින්න වැනි ශාරීරික බාධා සහ මෙය කල්දැමිය යුතුයි! යන ප්‍රබල මානසික බාධක පැන නගින්නේ ....අප නිරත වන්නේ අසීරු කාර්යයක බව මොළය විසින් දැනගත් වහාම එයින් අපව වැලැක්වීමේ අරමුණින් නොයෙකුත් බාධා කිරීම් එකදිගට සිදුවනවා.ඒවා මැඩ පවත්වමින් අවධානය රදවා තබා ගැනීම යනු ඉතා සුලුතරයකට පමණක් කල හැකි තවත් අසීරු කාර්යයක් . ඔබ ඒවා මැඩපැවැත්වීමට යාමේදී තව දුරටත් ඔබගේ ශක්තිය අපතේ යාමක් නැ

Report Page