HEAD HUNTER 🧤

HEAD HUNTER 🧤

කඳුකර සෙවණැල්ල 💙



Episode 10



" භි... මා... ශා..."



එතැන් සිට...



කොහේදෝ සිට පැමිණි එම රෞද්‍ර හඬ, මෙතෙක් වෙලා පාලු මූසල බවක් රජයපු ඒ ගව ඝාතකාගාරය පුරා දෝංකාර දුන්නේ. බැමි වලින් පුටුවට හිර වී හුන් ඈව තැති ගන්වමිනි.



" ක කවුද ඔතන...

ඕ ඔයාට මගෙන් මොනාද ඕනි... 

ම මාව රේප් කරන්න ද හදන්න්නෙ..."



" No... 🩸



it's not rape...🩸



This is your facial time...🩸



Count 



1...





2...





3... "





අවසාන අංකයද දෝංකාර දී අවසන් වූ පසු , ඝාතකා ගාරය තුළ වූ මළානික කහ පැහැති බල්බයක් දැල්වෙන්නට වූයේ භිමාශා හට ඈ ඉදිරියෙන් වූ සුවිසල් කැඩපත දිස් වන පරිදිය.



එම කැඩපත මත "SALON BIMASHA" ලෙස සටහන්ව තිබුනෙන් , මෙය ඇගේ ම SALOON එකකින් ගත් MIRROR එකක් බව හඳුනා ගැනීමට භිමාශා ට වැඩි වේලා ගත නොවීය.



කැඩපත දෙස නෙත් යොමා උන් භිමාශා අසලට පැමිණි Smile in pain මුහුණක් පැළඳි පුද්ගලයා facial එකක් සඳහා අවශ්‍ය කරන සියලුම උපකරණ භිමාශාගේ වම්පසින් වූ කුඩා මේසය මත තැබීය.



" මො මොකද්ද කරන්න හදන්නෙ . තමුසෙට පිස්සුද මිනිහෝ...



මොකද්ද මේ...



මොකද්ද මේකෙ තේරුම. මේ විකාර විහිලුවදැම්ම නතර කර ගන්නව..."



" shhhhhhhhhh....

Beauty queen...."



භිමාශා අසලටම මුහුණ ළං කල එම පුද්ගලයා භිමාශාගෙ රූමත් මුහුණ මත ෆේස් ක්‍රීම් එකක් සෙමින් ආලේප කරන්නට වූයේ භිමාශා තරහින් කෑ ගසද්දීමය...



" Oh...Don't you like it ?

OK, let's try another cream... 😂🩸"



ඒත් සමගම ඔහු විවෘත කලේ වීදුරු කටු කුඩු කර මිශ්‍ර කර තිබූ Face cream සහිත කුප්පියකි.



 දෑත් වලට වැලි කඩදාසි සවිකල ග්ලවුස් දමා ගත් ඔහු, ක්‍රීම් සියල්ල භිමාශා ගේ මුහුණ මත හලා, තදින් අතුල්ලන්නට වූයේ භිමශා මර විලාප තියා කෑ ගසද්දීය.



මතුවට...🩸





~ කඳුකර සෙවණැල්ල 💙

Report Page