HEAD HUNTER 🧤

HEAD HUNTER 🧤

කඳුකර සෙවණැල්ල 💙








Episode 08 



" congratulations Mr. Adithya .



 ඔයාගෙ වයිෆ් ප්‍රෙග්නන්ට් ..." 



එතැන් සිට...



ආදිත්‍යට වගේම ටීම් එකෙ හැමෝටමත් දැනුනේ කියාගත නොහැකි තරමේ සතුටකි. සියල්ලන්ම ආදිත්‍යව බදාගෙන උඩ පනින්න වූයේ කුඩා දරුවන් ලෙසිනි.



මේ යහලු යෙහෙලියන්ගේ මුහුණුවල තිබූ උතුරායන සතුට දුටු වෛද්‍ය වරිය සිනා මුසු මුහුනින්ම ඔවුනට සතුට සැමරීමට ඉඩ දී පසෙකට වූවාය.



🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸



"ම්ම්ම්ම්ම්හ්" "ම්ම්ම්ම්ම්හ්" "ම්ම්ම්ම්හ්..."



ආදිත්‍ය ඇතුලු පිරිස සේහා සිටි කාමරයට ගිය පසු ඩිටෙක්ටිව් ජේ මදක් එලියට පැමිනියේ ඔහුගේ දුරකතනය හදිසියේම වයිබ්‍රේට් වෙන්නට වූ නිසාවෙනි .



සිනාමුසු මුහුණින්ම ෆෝන් ස්ක්‍රීනය දෙස බැලූ ජේ ගේ මුහුණ අදුරු වීමට වැඩි වෙලා ගත නොවීය. 





🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸



☎ සාජන්ට් භල්හා .... ringing 



ලෙස සටහන් වූ එම ඇමතුමට ජේ සම්බන්ධ වූයේ හිතට දැනුනු නපුරක සේයාව අකා මකා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙමිනි...



" කියන්න භල්හා. මොකෝ හදිස්සියෙම අපිව මතක් වෙලා තියෙන්නෙ...😄"



හිතේ ඇති වූ තිගැස්ම මදකට පාලනය කරගත් ජේ ඇසුවේ එහා පසින් දුරකතනයට සම්බන්ධ වී හුන් භල්හාගෙනි.



" සර් ඒක මෙහෙම කියන්න බෑ සර් ... 



 ආදිත්‍ය සර්ට කියන්න ටීම් එක එක්කන් ඉක්මනින්ම ඉන්ඩියා එන්න කියලා... 



මේක ලොකු හදිස්සියක්..."





හල්හා කෙටියෙන් එසේ පණිවිඩිය දී ජේ යමක් කීමටත් පෙර දුරකතනය විසන්ධි කර දැමුවා.



" ඕ ශිට් මූ කට් කරානෙ ..."



🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸



මින් දෑ අවුරුද්දකට පෙරදී ඉන්දියාවම කැළඹු බිහිසුණු අසූර් දාම ඝාතකයා අල්ල ගැනීමට ආදිත්‍ය ඇතුලු පිරිස සමත් වූ නිසා, ජේ ඇතුලු පිරිසට ඩිටෙක්ටිව් ආදිත්‍යද සමඟ ලන්ඩනයේ ඉන්දියන් රහස්පරික්ශක මූලස්තානයක් පවත්වාගෙන යාමට එකල ලන්ඩනයේ රාජකීයන් හා ඉන්දීය අගමැති ගෙන් විශේෂ අවසරයක් හිමි විය.



නමුත් ඒ සියල්ල,



" උදව් අවශ්‍ය වන ඕනෑම අවස්තාවකදී ඉන්දීය සේවයට වාර්ථා කල යුතුයි. "



යන කොන්දේසියට යටත් විය.



🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸



බරැති හුස්මක් පිට කල ඩිටෙක්ටිව් ජේ , නැවත රෝහල් කාමරයට පිවිසියේ සාජන්ට් භල්හා හට කෙටි පනිවිඩයක්ද තබමිනි.



" අපි හෙට හවස් වෙද්දි එනවා..."



මතුවට...🩸





~ කඳුකර සෙවණැල්ල 💙



මට හොඳටම උණ ළමායි 😪💔

Report Page