HEAD HUNTER 🧤

HEAD HUNTER 🧤

කඳුකර සෙවණැල්ල 💙



Episode 03



ඌ මනෝ ව්‍යාධිකයෙක් ....! 

මනෝ ව්‍යාධික දාම ඝාතකයෙක් ...!



එතැන් සිට...



ස්ථානීය මරණ පරීක්ෂණය අවසන් කළත් ඝාතකයා ගැන කිසිම ආකාරයක හොඩුවාවක් සොයා ගන්නට අජේ ඇතුලු පිරිසට නොහැකි විය.



හිස සුන් නිරුවත් මළසිරුර සහ මළසිරුරේ කපා වෙන් කර ගත් හිස වෙනුවට ඝාතකයා විසින් සුපුරුදු ලෙස තබා යන, මියගිය තැනැත්තියගේ ලේ වලින් ම ඇදි smile in pain ඉමෝජි කාඩ් එක හැරුණු විට වෙනත් කිසිම සාක්ශියක් ඒ අසලක නොවීය. 



මින් පෙරත් මෙවැනිම ආකාරයේ ඝාතන දෙකක් ම සිදුවී තිබුනත් , තවමත් අජේ ඇතුලු පිරිසට ඝාතකයා තියා ඝාතකයා ගැන හෝඩුවාවක් වත් සොයා ගැනීමට නොහැකි වීම ගැන මහජනයා දැක්වූයේ බලවත් අප්‍රසාදයකි.



නමුත් ඉන්ස්පෙක්ටර් අජේගේ කේන්තියේ තරම දන්නා ඔවුන්, මුනිවත රැක්කා මිස, ඝාතන රැල්ල ගැන තම තමාගේ අදහස් උදහස් ඉදිරිපත් කිරීමට තරම් නිර්භය නොවීය. 



🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸



" ස්වේතා... ස්වේතා..."



" සර් ..."



" මරණ පරික්ශන වා‍ර්තාව ආවද..."



" තාම නෑ සර්... මං ඩොක්ටර් ඉශානිට කෝල් කරල අහන්න ද..."



" ok පුලුවන් ඉක්මනින් මට ඒක ලැබෙන්න සලස්වන්න. 



ආ තව දෙයක් . මට කලින් ඩෙඩ් බොඩීස් දෙකෙත් මරණ පර්ක්ශණ වාර්තා ආයෙමත් බලන්න ඕන. ඒවත් රෙඩි කරලා තියන්න... 



මම දැං ටිකක් එලියට යනව..."



" Ok සර්..."



🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸



වෙලාව රාත්‍රී 11. 30 පසු උනා පමනි. නොනවත්වා නැගෙන බල්ලන්ගේ මූසල උඩු බිරුම් හඩ , ඇගේ සිතට

ඇති කලේ තැතිගැන්මකි. 



පය ඉක්මන් කර මේ අඳුරු මූසල වීදිය පහු කරන අදිටනින් ඈ ඉක්මනින් ඉක්මනින් ගමන් කරන්නට වූයේ , රෑ වන තුරුත් ඇයව සේවාස්ථානයේ රඳවා ගත් සිය ප්‍රධානියා ට නොසෑහෙන්න දොස් තබමිනි.



ඒත් එක්වරම...



මතුවට...🩸

~ කඳුකර සෙවණැල්ල 💙 




Report Page