HARRY POTTER...

HARRY POTTER...

BLANK ❄


***********************************


04 Episode


***********************************



"ඇත්තටම රොන් මම ඒක ඔයාට කියන්නයි යන්නෙ"


"මට ඒක අහන්න උවමනාවක් නෑ" මදක් අමනාපෙන් කියූ රොන් අනෙක් පසට හැරී නිදන්නට විය.


තම මිත්‍ර රොන් තමා සමඟ තරහා වීම හැරීගේ සිත මදක් පෑරුවේ ය.


"අපි කල්පනා කරේ ඉසබෙලා ලේ උරා බොන්නියක් කියලා."


"ඉතින් මට මොකෝ?"


"එහෙනං මම නිදියනවා"


"හා" තරහින් රොන් එසේ පැවසුව ද ඔහුතේ සිත මඳක් නොසන්සුන්ව තිබුනේ ය. ඒ මන්ද යත් හැරී තමාට සියල්ල පැවසීමට ගිය ද ඔහු එය මඟඇරීම නිසයි.


උදෑසන ශාලාවට ආහාර ගැනීම පිණිස රැස්වී සිටි සිසුන් අතරේ හැරී, රොන් සහ හර්මියොන් ද විය.


"රොන් මම කියලා තියෙනවා ඔයාට කනකොට පිළිවෙළට කන්න කියලා"


"ඇයි මොකද්ද අවුල?"


"හැන්ද අල්ලන් ඉන්න විදිහ වැරදියි"


"ඉතින් ඔයත් වැරදියි"


"නෑ මම ඒක ගානට අල්ලන් ඉන්නෙ. බලන්න ඔයාගෙ ඇඟිලි තියෙන හැටි"


"මට ඉපදෙනකොටම හම්බුනු ඇඟිලි තමා තියෙන්නෙ" රොන් කෝපයෙන් ගුගුළීය.


"ඔව් මම දන්නවා ඔයා ණයට අරන් නෑ කියලා"


"එහෙනං වද නොදී කන්න දෙනවා නිදහසෙන්"


හැරීට නම් මෙම රණ්ඩුව සිනා පහළ කළේ ය. සෑම දිනක ම මොවුන් අතර ගැටුම් ඇති වෙයි. ඒවා පාලනය කරන්නේ හැරී විසිනි.


"මම ඔයාව අල්ලන් හිටියෙ නෑ. ඔයා කන්න. හැබැයි හැන්ද හරියට අල්ලගන්න."


"කටපියන් කන්න හර්මියොන්" මෙය එන්න එන්න උග්‍ර වෙනු දුටු හැරී විගස පැවසුවේ ය.


"දැන් ඔයාටත් මාව වැරදියි වගේ ද පේන්නෙ?"


"කටපියන් කන්න ළමයිනේ" හැරී කියන්නට ගිය දේට බාධා කරමින් ඔවුනට ඇසුණේ නික්ගේ කටහඬයි.


නික් යනු, ග්‍රිෆින්ඩෝ නිවාසයේ හොල්මනකි. 'බෙල්ල නැති නික්' යනුවෙන් බොහෝ දෙනා ඔහුව හඳුන්වයි.


"නික්? මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියෙනවා" ඔහුගේ පැමිණීම පිළිබඳව මදක් පුදුමයට පත් වෙමින් හර්මියොන් පැවසීය.


"මොකක් ගැන ද?"


"ලේ පිපාසිතයෝ ගැන දන්නව ද?"


"ඔව් මම දන්නවා. අර හැග්‍රිඩ්ගෙ ගෙදරත් ඉන්නෙ."


"ඕහ් මන් හිතන්නෙ මට වැරදුනා" එවිගසම මහත් අවුලකින් මෙන් කියූ නික් එතනින් වේගෙන් ඇඳී ගියේ ය.


"ඒ කියන්නෙ ඉසබෙලා ලේ පිපාසිතයෙක් ද?"


"ඔව්! නික්ට වැරදිලා නේද ඒක කියවුනේ?"


"ඔව් මමත් හිතන්නෙ"


"ඉසබෙලාගෙ රූපෙ අර පොතේ තිබුනු එක පුදුමයක් හැරී. මට හිතෙන්නෙ එයා මැරුණු කෙනෙක්"


"කවුද? අර ලස්සන කෙල්ල" ගිලින්නට ගිය දේ ද හිරවුණු රොන් කහිමින් විමසුවේ ය.


හැරී ඔහුගේ පිටට තට්ටු කරමින් වතුර දෙන විට හර්මියොන් විස්තර කරන්නට විය.


"ඔව් මම හිතන්නෙ ඉසබෙලා මැරුණු කෙනෙක්. අනිවාරෙන් ම එයා අඳුරු මායාකරුගෙ කෙනෙක් විය යුතුයි"


"කවුද වොල්ඩමෝර්ට්ගෙ?"


"හැරී නම කියන්න එපා!" රොන් සහ හර්මියොන් දෙදෙනම බිය බීතව කෑ ගැසූහ.


දිගු හුස්මක් පිටකළ හැරී ඉවත බලා ගත්තේ ය.


වොල්ඩර්මෝර්ට්ගේ නපුරු ක්‍රියා නිසාවෙන් ඔහුතේ නමවත් කීමට මායාකාර පුරවැසියන් මද බියක් චකිතයක් දක්වන්නට විය. දැනට එය භාවිත කරනු ලැබූයේ ඩම්බල්ඩොර් සහ හැරී විසින් පමණි.


ඩම්බල්ඩෝර් යනු, හොග්වාර්ට්ස්හි ප්‍රධාන ආචාර්යවරයාය. මනා තීක්ෂණ නුවණක් හිමි ඔහු හැරී බොහෝ සේ ප්‍රිය කරන මිත්‍රශීලී තැනැත්තෙකි.


"ඉතින් හර්මියොන් අපිට මොකක් හරි වෙනකන් බලන් ඉන්න වෙනවා" මාතෘකාව අන් අතකට හරවමින් රොන් පවසන්නට විය.


"මතක ද මැල්ෆෝයි? එයා කතා කරාම ඉසබෙලා දිව්වා. මම හිතන්නෙ මැල්ෆෝයිගෙ ලේ බීලා තමා ඉසබෙලා ආවෙ. මැල්ෆෝයි ඒක කරන්නෙ කැමැත්තෙන්"


"ඔයා කියන්නෙ හැග්‍රිඩ් පවා ඒක කැමැත්තෙන් කරනවා ඇති කියල ද?"


"ඒක හැග්‍රිඩ් දැනුවත්ව සිදු වෙන්නෑ මට හිතෙන විදිහට"


"අපි බලමු හර්මියොන්. දැන් අපිට අද්භූත බලයෙන් අනාවැකි කීමේ පාඩම" නූවුමනාවෙන් හැරී පැවසූයේ තිදෙනා ම නැඟී සිටියදී ය.


හර්මියොන් අකමැතිම පාඩම එය විය. එය ඇයට තනිකර විකාරයකි. මහාචාර්ය ට්‍රෙලෝනි විසින් අද්භූත බලයෙන් අනාවැකි කීමේ පාඩම උගන්වන අතර හර්මියොන් ඈව නොරිස්සුවා ය.


ට්‍රෙලෝනිගේ පාඩම අවසන් වීමෙන් පසුව හර්මියොන් හැරී ඇමතුවා ය.


"හැරී මම හිතන විදිහට අපි හැග්‍රිඩ්ගෙ ගෙදර පැත්තට ගිහින් එමු."


"ඒ මොකටද?" රොන් ඇසුවේ දැඩි තැතිගැන්මෙනි. ඉසබෙලා හුරුබුහුටි සුන්දර දැරියක වුව ද ඈ ලේ උරා බොන්නියක් වී නම් කිසිවෙකුට බියක් ඇති නොවේ ද?


හැරී තීරණයකින් තොරව හර්මියොන්ගේ මුහුණ දෙස ද රොන්ගේ මුහුණ දෙස ද මාරුවෙන් මාරුවට බැලීය.


"හැරී අපි එයා එක්ක කතා කරන්න ඕනෙ. සමහර විට එයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. මැල්ෆෝයි එයාව අඳුරු මායාකරුගෙ පැත්තට හරෝගන්න කරන උපක්‍රමයක් වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් අපට පුළුවන් එයාට උදව් කරන්න."


"උදව් කරන්න?" රොන් එයම උච්චාරණය කළේ ය.


"ඔව් ඇයි මොකද?"


"ඔයා වගේ කෙනෙක් ඉසබෙලාට උදව් කරනවට එයා කැමති වෙන එකක් නෑ"


"එයා කැමති වුනත් නැතත් මම උදව් කරනවා" හර්මියොන් කෝපයෙන් කෑ ගැසීය.


"ඔව් ඉතින් තමුසෙ කොහොමත් දන්නෙ කරදර ඇද ගන්න විතරනෙ" රොන් ඇයට ඇද කරමින් පැවසුවේ ය.


"තමුසෙ නූගතෙක්" කෝපයෙන් හර්මියොන් නැවතත් කෑ ගැසුවා ය. එය රොන්ගේ හදවතටම කා වැදුනි. කිසිදාක එවන් පදයක් තමාගේ මුවින් පිටවෙතැ'යි හර්මියොන් නොසිතුවා ය. ඇයට ඒ ගැන පසුතැවිල්ලක් ඇතිවුණි.


"තමුසෙත් නූගතෙක් තමා මහාචාර්ය ට්‍රෙලෝනිගෙ පංතියේ දි" කියන්නට යමක් නොමැතිව රොන් එසේ පැවසුවේ ය. වෙනත් වේලාවකනම් රොන් එසේ පැවසුවහොත් හර්මියොන් එයට විරුද්ධ වනු ඇත. නමුත් මේ මොහොතේ වැරැද්ද සිදු වූයේ තමා අතිනි.


කනගාටුවට පත් අයුරින් හර්මියොන් හැරී දෙස බැලුවාය.


හැරී මුනිවත රැක්කේ ය.


"හැරී මං ඔයාගෙන් අහන්නෙ" හර්මියොන් රොන්ගේ බස් නොඅසා මදක් අපහසුවෙන් හැරී ඇමතුවා ය. හැරී අකමැති ම දෙය තමා සහ රොන් රණ්ඩු වීමැ'යි ඇය දනී. එසේ වුව ද රොන් ද අසාධාරණය.


හැරී සිටි තැනම නතර වුණි.


"හැරී?" මදක් පුදුමයෙන් හර්මියොන් විමසන්නට විය.


"හැරී!" ඉදිරියට පිනූ රොන් වේගයෙන් ඔහුව සොලවන්නට වූයේ කුමක් සිදුවුණිදැ'යි සිතාගත නොහැකිවයි.


එක්වරම හැරී බිම පතිත විය. බියට පත් වූ රොන් අඩියක් ආපස්සට තබා හැරීගෙන් ඈතට ගියේ ය.


"හැරී.." ඔහුගේ නම මුමුණමින් හර්මියොන් දණිස් නමා ඔහුගේ අතක් ග්‍රහණය කරගත්තා ය.


තමාගේ මිතුරාට කුමක් වී ද? ඇගේ හදවත වේගයෙන් ගැසෙන්නට විය.




නැවතුමක්...


මොකද්ද හැරීට වුණේ?💫💫

අඳුරු මායාකරුට එරෙහිව ග්‍රිෆින්ඩෝ!



මම,

Sinaa✨


🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌


#Hogwarts_with_Fire 🔥🔥🔥

#Gryffindor ❤️💛

#Gryff_story ❤️💛

#Angelina_Appleby ❤️💛

Report Page