HARRY POTTER...

HARRY POTTER...

BLANK ❄

***********************************


03 Episode


***********************************


අහෝ! ඇගේ මුළු සිරුර ම රත් පැහැති ලෙයින් නැහැවී ඇත. පෙර තිබූ දෑස් නොව දැන් ඇත්තේ රත් පැහැති කුරිරු දෑසක් යැ'යි හැරීට සිතේ.


"එයාට තුවාල වෙලා. හැරී ඔයාලා යන්න." මේ මොහොතේ හැග්‍රිඩ් සිටියේ හොඳටම කලබල වීලා ය. නමුත් සිටි තැනින් නොසෙල්වුණු තිදෙනා බලා සිටියේ මේ අරුම පුදුම දර්ශනය දෙසයි.


"ඒ කියන්නෙ මෙයාලා මගෙ ලේ පූජා......" එපමණකි කීමට හැකි වූයේ. විගස පැනූ හැග්‍රිඩ් ඇගේ මුව යෝධ අතින් වසා අනෙත් අතෙන් හැරීිව ඇද පිටතට තල්ලු කෙරී ය.


හර්මියොන් සහ රොන් ද නිවසෙන් පිටතට බටහ. එවිගස දොර මහා ශබ්දයකින් වසා හැග්‍රඩ් ඇතුළට වුණේ ය.


"ඒ මොකද වුණේ?" හර්මියොන් දෑස් ද විසල් කරමින් විමසූයේ ඒ දසුන ගැන නැවතත් සිහි කරමිනි.


තම උරහිස් හකුළුවමින් අසල තිබූ පුටුවට බරවූ හැරී හර්මියොන් දෙස බැලූයේ ප්‍රශ්නාර්ථ සහගත බැල්මකිනි.


"අම්මෝ! මං හිතුවා ඒකි අපිව ගිලියි කියලා" රොන් තම අදහස් ඉදිරිපත් කරන්නට විය.


"ඒකනෙ මං කිව්වෙ. කොහෙද ඉතින් උඹලා දෙන්නටත් කෙල්ලෙක් දැක්කොත් සිහි නෑනේ"


"මේ හර්මියොන් මං දන්නවනෙ වික්ටර් හිටපු කාලෙ තමුසෙ නැටුව නාඩගම්." නුරුස්සනා ගතියකින් රොන් පැවසුවේ ය.


"වික්ටර් කියන්නෙ ක්විඩිච් ක්‍රීඩකයෙක්. ඒත් ඉසබෙලා ලේ උරා බොන්නියක්." 


"ලේ උරාබොන්නියක්?" හැරී සහ රොන්ට නොදැනීම කියවුනෝ ය.


"ඔව්. මං හිතන්නෙ, මොකද ඔයාලා දැක්ක ද හැග්‍රිඩ් ටිකක් ඇදිලා පැදිලා ගිහින් තිබුණා. අනික අපි හැග්‍රිඩ් හොඳින්දැ'යි අහන විට එයා කලබල වුණා. හැග්‍රිඩ් බලාපොරොත්තු නොවන්න ඇති කිසිම විටක බෙලා ඒ විදිහට අප අතරට එයි කියලා. එතකොට මැල්ෆෝයි........." ඇය එසේ පවසත්ම හැරීගේ සිතට නැඟුණේ භයානක හැඟීමකි. හර්මියොන්ට ද පවසමින් සිටි දෙය ගිලුනාක් මෙනි.


"තමුසෙ කියන්නෙ මැල්ෆෝයිගේ ලේ බෙලා අරන් කියල ද? ෂෝක් විහිළුව." හැරීගේ සිත තුළ නැඟුණු ගැටලුවම රොන් හර්මියොන්ගෙන් විමසුව ද එම හඬෙහි මුසුව තිබුණේ සමච්චල් සහගත ස්වරයකි.


"ඔව්!" දැඬි කල්පනාවක නිමග්න වන අතරතුරුම ඈ ඒ වදන් තෙපලුවා ය.


"හැරී! අපි මේ ගැන හෙට කතා කරමු. අපි යමු දැන්..." හර්මියොන්ගේ වදන් නොතකා රොන් එසේ පවසත් ම "ඔව් අපි යමු දැන් පුස්තකාලෙට" නැඟී හිදිමින් පෙරමුණ ගත් හර්මියොන් පැවසුවා ය.


"ඇයි පුස්තකාලෙ තියනව ද 'බෙලා මැල්ෆෝයිගේ ලේ උරා බොන ලදී' කියල එකක්." කෝප සහගත කටහඬකින් විමසූ රොන් තම දෑත් හරහට බැද ගත්තේ ය.


"එහෙම එකක් නෑ කියන්න ඔයා දන්නවනෙ රොන්! නිකන් මෝඩකම ප්‍රදර්ශනය නොකර ඉන්නවා" 


"ආ! එතකොට දැන් ඔයා හෙන බුද්ධිමතී නෙ?"


"ඔව් මං හිතන්නෙ. අනික ඔයා......" 


"නවත්තනවා. නවත්තනවා දෙන්නම" වහා එම රණ්ඩුවට බාධා කරමින් හැරී පැවසුවේ ය.


"ඔව් කියනවා හර්මියොන්. තමුසෙ මොකද්ද කියන්න ගියේ." 


"රොන්! කටපියාගන්න" හැරී කෝපයෙන් ගුගුළීය.


සත්‍යටම මොවුන් දෙදෙන නිතරම පාහේ රණ්ඩු වීම හැරී කිසිසේත් ම රිස්සුවේ නැත. එනමුදු එම රණ්ඩුවල කිසිදු අඩුවක් ද නැත.


"ඒකනෙ හැරී. අනික හිතන්න හැග්‍රිඩ් අපිව කවදාවත් එයාගෙ ගෙදර දොරින් තල්ලු කරලා නෑ." හර්මියොන් පැවසූයේ කල්පනාකාරී වෙමිනි.


අවිවාදයෙන් ම එය නිවැරදි බව හැරී හා රොන් දත්හ.


"කෙරුවෙ නැත්තම් තමා පුදුමෙ" මීට මොහොතකට කලින් හැරී තමාට බැන වැදීම ගැන අමනාපයෙන් පසු වූ රොන් එසේ පැවසීය.


"රොන් කරුණාකරලා දැන් රණ්ඩු වෙන්න කාලයක් නෙවේ." හර්මියොන් පහදන්නට වුණි.


"තමුසෙ කටපියාගන්නවා මුලින්ම" රොන් පැවසුවේ ය.


"රොන්! හර්මියොන්! දෙන්නම නවත්තනවා. ඇතුළට යමු." පුස්තකාලයේ දොරටුව අසලටම ඒ වන විට ඔවුහු පැමිණ සිටියෝ ය. එතුළින් ඇතුළට පිය නැඟූ ඔවුහු හර්මියොන් පසුපස යන්නට විය.


"හැරී මේක බලමු ද?" 


එම පොතෙහි නම 'ලේ පිපාසිතයෝ' යන්නයි. හැරීගේ දෑස් මඳක් ගැස්සී ගියේ එම මුල් ඡායාරූපය නිසයි. 


"හර්මියොන් ඔයා හිතනව ද........" හැරී කියන්නට සරසන දේ ම හර්මියොන්ට ද දැනුණු බැව් පෙණින. ඇගේ කටේ කෙළ ද සිදුනාක් මෙනි.


"දුවමූ..." ඇගේ අතෙන් පොත අත හැරෙත්ම ඈ කෑ ගසාගෙන දිව යන්නට විය.


මැඩම් ප්‍රින්ස්ව නොතකා හැරී ද බිය වී දිව යද්දී කිසිවක් නොතේරී තුෂ්නිම්භූතව සිටි රොන් ද ඔවුන් පසුපස දිව ගියේ ය.


"ඇයි මොකද? මොකද මේ?" රොන් විමසූයේ ගැටලුකාරී අයුරිනි.


හති අරිමින් තම පපුව අල්ලාගත් හර්මියොන් හැරී දෙස බැලුවා ය.


"හැරී මට බයයි! අනේ!" ඇගේ හඬෙහි රැඳී තිබූයේ තැතිගැන්මකි.


තම හිස දෙපසට වනමින් අසල තිබූ ජනේලය ළඟට ගිය ඔහු ඊට හේත්තු වුණි.


"මොකද්ද වුණේ කියල මට කියනව ද?" මඳක් කෝපයට පත් රොන් එසේ කීව ද හර්මියොන් ඔහු දෙසට බැල්මක්වත් හෙලුවේ නැත. හැරීගේ දෙනෙත් යොමු වී තිබුණේ ඈත අහසේ කුඩාවට දිස් වෙන යමක් දෙසයි.


මඳින් මඳ එය විශාල වන බව පෙනුණි. ඒ අන් කිසිවක් නොව; හැරීගේ බස්සා ය.


ඉඟිල ආ උෟ හැරීගේ උරහිසෙහි වාඩි විය. උගේ පිට තිබූ ලියුම තම දෑතට ගත් හැරී එය දිග හරින්නට වුණි.


හැරීගේ බස්සා හෙඩ්විග් නම් ලද්දේ ය. ඔහු පිරිමි සතෙකි. තම එකොළොස්වන උපන්දිනය හැග්‍රිඩ් විසින් තෑගි දෙන ලැබූ මෙම සත්ත්වයා හැරීගේ සන්නිවේදන කටයුතු සඳහා බෙහෙවින් උපකාරී කළේ ය.


"කාගෙන් ද හැරී?" හර්මියොන් විමසුවේ හැරීගේ මුවෙහි ඇඳුණු සිනාව දෙස විමසිලිමත් බැල්මක් හෙලමිනි.


"සිරියස්ගෙන්" ඉමහත් සතුටට පත් වූ ඔහු පැවසූයේ සතුටින් ඉඟිල යමිනි. 


"සිරියස්? මොකද කියලා තියෙන්නෙ" 


"අපි හොඳින්දැ'යි අහලා. ඒක නෙවේ හර්මියොන් අපි සිරියස්ට මේ ගැන දන්වලා යවමු ද? සමහර විට එයා අපිට උත්තරයක් දේවි." හැරී විමසූයේ රොන් දෙසට ද බැල්මක් පා කරමිනි.


"එකඟයි! අපි ඒක කරමු." හර්මියොන් පැවසුවා ය. "ඒත් හැරී, මට දැන් මතක් වුණේ මහාචාර්ය ඩම්බල්ඩෝර් තමයි බෙලාට නවාතැන් ගන්න හැග්‍රිඩ්ගෙ ගෙදර තේරුවෙ? නේද? එයා කෙල්ලෙක් වෙලත්? ඇයි ඒ හැරී? මේක.........." හර්මියොන් පවසාගෙන ආ දෙය වැටහුණු හැරී "එපා! අපි මුකුත් නොහිතා ඉමු." යි පැවසීය.


"මොකද්ද ඔයාල ඔය ඒක මේක අරක ගාන්නෙ?" රොන්ගේ ඉවසීමේ සීමාවෙහි රතු කට්ට උපරිමයට ම තල්ලු වී තිබුණි.


හැරී සහ හර්මියොන් මුහුණෙන් මුහුණ බලා ගත්හ.


"අපි කියන්නම්. ටිකක් කල් දෙන්න." හර්මියොන් පහදන්නට තැත් කළ ද "මට මුකුත් නොකියා ඔයාලා තනියම මොනව ද කරන්න යන්නෙ? ඔව්. මං මෝඩයි තමයි. ඒත් ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් වගේ නෙවේ." එලෙස පවසමින් හැරීගේ යැඳීම් නොතකා රොන් වේගෙන් අඩි තබමින් පිටව ගියේ ය.


ෆ්‍රෙඩ් වීස්ලි සහ ජෝර්ජ් වීස්ලි නමින් රොන්ට නිවුන් සොහොයුරන් දෙදෙනෙකි. ඔවුහු නිතරම පාහේ ගුරුවරු කෝප ගැන්වීමට මෝඩ වැඩ සිදු කරන බව හොග්වාර්ට්ස්හි ප්‍රසිද්ධ රහසකි. 


දුක් සුසුමක් හෙලූ හැරී,සිරියස් වෙතට නැවත ලියුමක් ලියා 'ලේ බොන්නන්' පිළිබඳව ද විමසා එය හෙඩ්විග් අතේ නැවත යැවීය.


"රොන් ආයෙ එයි. ගනන් ගන්න එපා" මඳක් අනුකම්පා සහගත සිතකින් යුතු ව හර්මියොන් දැන්වීය.


සෙමින් හිස සෙලවූ හැරීගෙන් සමුගෙන හර්මියොන් ගැහැණු ළමුන්ගේ කාමර දෙසට පිටව ගියා ය.



නැවතුමක්...


මොකද්ද හැරී & හර්මියොන් මේ රොන්ට නොකියන දේ?💫💫

අඳුරු මායාකරුට එරෙහිව ග්‍රිෆින්ඩෝ!



මම,

Sinaa✨


🚫❌කතෘ අවසරයකින් තොරව කතාව කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් උපුටා ගැනීම සපුරා තහනම්🚫❌


#Hogwarts_with_Fire 🔥🔥🔥

#Gryffindor ❤️💛

#Gryff_story ❤️💛

#Angelina_Appleby ❤️💛

Report Page