Hacker

Hacker

රුෂී
නවීන කතා පෙළ

Hacker 03

ඔන්න එහෙනම් hacker 03 ගෙනාවා 😍 by රුෂී.....😃 

_______________________________


ක්ෂණිකව ඔරලෝසු හඬ ඇහෙන්න ගත්තා. ලියෝ එකපාරටම නැගිට්ට. ලියෝ වෙලාව කීයද කියලා බැලුවා. 


" තාම දොළහයි! අයියෝ මාශා ඔයා නම්.....! මාශා.....? ඔයාට මාව ඇහෙනවා ද?" 


ඔහු ඇඳෙන් බිමට පැනලා කතා කරලා බැලුවා. ඒත් කිසිම පිළිතුරක් නැත. ඔහු ඇඳට පැන තම පරිගණකය අතට ගත්ත. පරිගනකය විවෘත කරද්දීම ලියෝ දැක්ක රතු පාට රේඛාවක් එකේ තියෙනව. 


ඒක ටික වෙලාවක් පරිගනකයේ තිබිලා නැතිවෙලා ගියා. ඊට පස්සේ පරිගනකයේ වෙනම පසුබිම ක් දිස් වුණා.. ඒකේ වචන කිහිපයක් ලියමින් තිබුණා. 


"කොහොමද මම ඔයාව බිය කරන්න හදන්නේ නැහැ!" 


ලියෝ ටිකක් ඒ ගැන හිතුවා. එයා එයාගෙ නම කියන්න කැමති වුණේ නැහැ. ලියෝ මුකුත් කරේ නැහැ. ආයෙත් පරිගනකයේ වචන ලියවෙන්න ගත්තා. 


"අපි ඔයාගෙ නම දැනගන්න කැමතියි" 


ලියෝ ටිකක් මුරණ්ඩු කෙනෙක්. ඒ නිසා එයා වෙනම විදිහකට හිතුවා. ලියෝ ඒ ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින්ම උත්තර දුන්නා. 


" මගෙ කොම් එක හැක් කරා නම් මගේ නම නොදන්නවා වෙන්න බැහැ නේ?" 


ලියෝ යතුරු කොටන එක නතර වුණ ගමන් පරිගණකයෙන් ආයෙත් පිළිතුරක් ලැබුණා. 


" දක්ෂයි.! ඔයාට මොලේ නම් තියෙනව! ලියෝ අපිට ඔයාගෙන් උදවුවක් ඕනේ!" 


"මට කියන්න," 


"ඔයා හෙට මම දාන ලිපිනය තියෙන තැනට එන්න! "


" ඒත්... "


" කව්රුත් නැතුව.... ඔයා විතරක් තනියම!" 


"මම විතරක්.....? හා හරි!" 


"අනිවාර්යයෙන් එන්න!" 


එක්වරම පරිගනකයේ ලිපිනය ක් දිස් වුණා. ලියෝ ඒක ඉක්මණට කොපි කර ගත්තා. 


ඔන්න ආයෙත් පරිගණකය තිබ්බ විදිහට ම හැදුනා. මාශා එක්වරම ක්‍රියාත්මක වුණා. 


" ලියෝ මොකක් හරි වුණා ද? "


" නැහැ! "


" මට එකපාරටම ඕන් වෙන්න බැරි වුණා "


"ඒක සිග්නල් වල ප්‍රශ්නයක්!" 


"එහෙම වෙන්න බැහැ!" 


"පුළුවන්"


"ඒත් සංඥා කුළුණු වල සිග්නල් අවුල් වුණේ නැහැ"


"මොකක් හරි වෙන්න ඇති මාශා! දැන් නිදාගන්න ඕනේ!"


"හරි ලියෝ සුබ රාත්‍රියක්! "


ලියෝ තමන්ගේ පරිගණකය පැත්තකින් තියලා ඇඳට පැන්න. මාශා ආයෙත් සින්දුව ඇහෙන්න දැම්මා. ලියෝ ඉක්මනින් නින්දට ගියා. එයා උදේම නැගිට්ට.


T10 එයාට තේකක් හදල දුන්න. ලියෝ නම් කියන්නේ ඒකට T10 ගෙ තෙක කියලා. ලියෝ අවුල් වෙච්ච මූණක් හදාගෙන පුටුවේ වාඩි වුණා. එකපාරටම කාගෙද කටහඩක් ඇහුන.


"ලියෝ මම අද කලින්ම යනවා. දන්නව නේ මේ දවස් වල අම්මට ටිකක් වැඩ වැඩියි කියලා. ඔයා blury shop එකෙන් කන්න මොනා හරි ගන්න. ඔයාගෙ මාමා එකට එනවා. ඔයා ඉට කලින් කන්න. එයාගෙ අලුත් වාහනේ flufary එකෙන් එන්නේ......!"


[ඔහොම පොඩ්ඩක් ඉන්න flufary කියන්නේ ඔයාලට තේරෙන විදිහට කිව්වොත් පියඹන කාර් වලට... ආයෙත් කතාවට යමු]


"ඔයා T10 ට කියන්න කාමරේ අස් කරන්න කියලා. මාශා ට කියන්න ඔයාගෙ පාඩම් වැඩ බලන්න කියලා. ගෙදරින් එලියට යනකොට ට්‍රේස් ව අරන් යන්න........! "


[ආයෙත් ඉන්න. ට්‍රේස් කියන්නේ රොබෝ කෙනෙක්. ඔයාලා ස්කේටින් බොර්ඩ් දන්නවා නම් මේක ස්කේටින් බෝර්ඩ් රොබෝ කෙනෙක්... ඔයාල හිතන හිතන පැත්තට යන්න පුළුවන්.. ආයෙත් කතාවට]


" අම්මා රෑ වෙන්න කලින් එනවා ආදරෙයි පැටියෝ! "


" මමත් ආදරෙයි අම්මා!"


කටහඬ නැතිවෙන්න කලින් ලියෝ එක හුස්මට කිව්වා. ලියෝ පාන් කෑල්ල අතට අරන් හොඳට හැපුවා. ඒකේ තිබ්බේ දම් පාට මිශ්‍රණයක්... හරිම රසවත්...


ලියෝ T10 ට කියලා කාමරේ අස් කරගෙන ආයෙත් පරිගනකය අතට ගත්ත. පස්සේ තමයි ලියෝ ට මතක් වුණේ අර ලිපිනය ගැන.


ලියෝ ටක් ගාලා එ ලිපිනයේ දත්ත ට්‍රේස්ට ලබා දුන්නා ඒක උඩ ට නැග්ග ලියෝ ගෙදරින් එලියට ගියා. වාසනාවකට මාශා ගෙදර දොර වසා දැමුවා.


ටිකෙන් ටික ඉදිරියට ඇදී යද්දී ට්‍රේස් නියමිත තැන නතර වුණා. ලියෝ ට්‍රේස් ව හරවලා යැව්වා ආයෙත් එන්න කියලා.


ලියෝ ඇවිත් හිටියේ ටිකක් අදුරු තැනකට. හරියට කුහරය ක් වගේ ඇදුරු තැනක්.


ලියෝ වටපිට බැලුව. කව්රුත් හිටියේ නැහැ.. එකපාරටම එතැන තිබ්බ බල්බ දෙකක් දැල්වූණා. ලියෝ ඒ බල්බ දෙක ළඟට ගිහින් හිටිය.


එකපාරටම ඒවා නිවී නිවී පත්තු වුණා. ලියෝ ටිකක් ඈතට ගියා. ලියෝ දැක්ක කවුරුහරි ඉන්නවා වගේ... එක් කෙනෙක් නෙමෙයි දෙන්නෙක්... ලියෝ හයියෙන් කිව්වා.


"එන්න ඉස්සරහට මොකද්ද ඕනේ?"


එකපාරටම කවුරුහරි කෙනෙක් බල්බ ය නිවා දැම්මා. ලියෝ ට තමන් ව අල්ලාගෙන ඉන්නවා වගේ දැනුනා. ලියෝ දුර්වල වුණා වගේ දැනුනා.... ඊට පස්සේ මොකද්ද වුණේ කියලා එයා දන්නේ නැහැ...


💝💝💝

ඔන්න එහෙනම් 4 එනකන් ඉන්න


By රුෂී 💝

Report Page