h

h


😶👇👀

කොන්ත්‍රාත් අත්සන් කළ 39 ක් පුහුණුවීම් අරඹති


ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එතෙරදී මෙන්ම මව්බිමේදී සහභාගිවීමට නියමිත ක්‍රිකට් තරගාවලි සඳහා සූදානම් වීමේ කොටසක් ලෙසින් ක්‍රීඩකයින් 39 දෙනෙකු ජෛව ආරක්ෂිත පරිසර 2 ක රැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. එම ජෛව බුබුලුවලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 39 දෙනොම 2021/22 වසර සඳහා වූ නව වාර්ෂික කොන්ත්‍රාත්තු අත්සන් කළ ක්‍රීඩකයින් වීම කැපී පෙනෙයි.

අදාළ ස්ථානගත කිරීමේදී ක්‍රීඩකයින් 13 දෙනෙකු කොළඹද, ඉතිරි ක්‍රීඩකයින් 26 දෙනා දඹුල්ලේද ස්ථානගත කර තිබේ. කොළඹ ජෛව බුබුලට ඇතුළත් කර සිටින ක්‍රීඩකයින් ‘ජ්‍යෙෂ්ඨ’ කාණ්ඩය යටතේ ඇතුළත් කර තිබෙන අතර ඔවුන් සියල්ලෝම ජාත්‍යන්තර තරගවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩකයෝ වෙති.

සෙසු ක්‍රීඩකයින් 26 දෙනා ඉකුත් ජුනි මස 26 වැනිදා සිට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුණු නේවාසික පුහුණු කඳවුරට ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ වන අතර ඔවුන් අතර ‘ඒ’ සහ ‘නැගී එන’ කොන්ත්‍රාත් කාණ්ඩ යටතේ ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයෝ වෙති.

කොළඹ රැඳී සිටින ක්‍රීඩකයින් 13 දෙනා හෙට (ජූලි 02) දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කරන අතර එම කඳවුර ලබන 10 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. එම ක්‍රීඩකයින් 13 දෙනා අතර ඩිල්ෂාන් මුණවීර, සඳුන් වීරක්කොඩි, ඇන්ජලෝ පෙරේරා, අශාන් ප්‍රියන්ජන්, රොෂේන් සිල්වා, අසේල ගුණරත්න, චතුරංග ද සිල්වා, ළහිරු මදුශංක, මිලින්ද සිරිවර්ධන, ළහිරු ගමගේ, ජෙෆ්රි වැන්ඩර්සි, ප්‍රභාත් ජයසූරිය සහ මාලින්ද පුෂ්පකුමාර ඇතුළත්ව සිටිති.

මසකට ආසන්න කාලයක් දඹුල්ලේ ක්‍රියාත්මක වන නේවාසික පුහුණු කඳවුර ලබන 22 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. එයට ශ්‍රී ලංකා ‘ඒ’ සහ ‘නැගී එන’ කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.

ජ්‍යෙෂ්ඨ කාණ්ඩය යටතේ කොළඹ ජෛව බුබුලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් –

ඩිල්ෂාන් මුණවීර,
සඳුන් වීරක්කොඩි,
ඇන්ජලෝ පෙරේරා,
අශාන් ප්‍රියන්ජන්,
රොෂේන් සිල්වා,
අසේල ගුණරත්න,
චතුරංග ද සිල්වා,
ළහිරු මදුශංක,
මිලින්ද සිරිවර්ධන,
ළහිරු ගමගේ,
ජෙෆ්රි වැන්ඩර්සි,
ප්‍රභාත් ජයසූරිය
මාලින්ද පුෂ්පකුමාර.

දඹුල්ල ජෛව බුබුලට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් –

ළහිරු උදාර
නිශාන් මදුශ්ක
සංගීත් කුරේ
සදීර සමරවික්‍රම
කමිල් මිශාර
මිනෝද් භානුක
කමිඳු මෙන්ඩිස්
සුමින්ද ලක්ෂාන්
ඩිල්ෂාන් මධුශංක
මොහොමඩ් ශිරාස්
නුවනිඳු ප්‍රනාන්දු
නිපුන් ධනංජය
ශමින්ද ප්‍රනාන්දු
ශම්මු අශාන්
සහන් ආරච්චිගේ
උදිත මදුශාන්
කලන පෙරේරා
නිමේෂ් විමුක්ති
මහේෂ් තීක්ෂණ
චාමික ගුණසේකර
නුවන් තුෂාර
අෂේන් ඩැනියෙල්
හිමේෂ් රාමනායක
ළහිරු සමරකෝන්
ලසිත් අබේරත්න
පුලින තරංග

@cricketpisso
#NEWS update

Source - SL cricket

Report Page