GOOGLE

GOOGLE

🇱🇰 💞 ѕнαуαмιкα 💞 🇱🇰🌹 Nαƚυɾҽ Lσʋҽɾ ᴾʳᵒᵗᵉᶜᵗ ᵒᵘʳ ᵖˡᵃⁿᵉᵗ 🌹

Google සමාගමේ Google යන නාමය ලියාපදිංචි කිරීමට පෙර ඔවුන් භාවිතා කලේ BackRub යන නාමය බව ඔබ දැන සිටියාද? ලෝක ප්‍රසිද්ධ නිෂ්පාදන සමාගමක් වන Netflix (1997) සමාගමටත් වඩා වයසින් අඩු Google (1998) සමාගමේ ඔබ නොදත් කරුණු කිහිපයක් ගැන කතා කරමු මේ ලිපියෙන්.


වර්ෂ 1998 සැප්තැම්බර් මස 4 වන දින ආරම්භ කරන ලද google සමාගමේ නිර්මාතෘවරුන් වන්නේ Larry Page සහ Sergey Brin යන මහත්මයින් දෙදෙනායි. මොවුන් දෙදෙනාගේ හමුවීම ඉතා අහම්බයෙන් සිදු වූවකී. නව සිසුවෙකු ලෙස Stanford විශ්වවිද්යාල වෙත පැමිණි Larry Page හට විශ්වවිද්යාලයේ වටපිටාව පෙන්වීමට පැවරෙන්නේ ඒ වන විටත් විශ්වවිද්යාලයේ සිසුවෙකු ලෙස අධ්‍යන කටයුතු සිදු කරමින් සිටි Sergey Brin හටයි. මෙසේ අහම්බයෙන් හමු වූ මොවුන් ඔවුන්ගේ පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස google හි මුල් අනුවාදය BackRub යන නමින් දියත් කරනු ලබනවා.


Apple, HP, Amazon වැනි සමාගම් මෙන්ම Google සමාගමද ආරම්භ වුනේ ගරාජයක යන්න නොරහසක්. කෙසේ නමුත් මෙම ගරාජය Larry Page සහ Sergey Brin විසින් කුලියට ගනු ලබන්නේ Susan Wojcicki යන ඔවුන්ගේ මිතුරියකගෙනී. වර්තමානයේ YouTube සමාගමේ CEO එහෙමත් නැතිනම් ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කරන්නේ Susan Wojcicki මහත්මියයි.


1998 වසරේදී Larry Page සහ Sergey Brin විසින් ඔවුන් ගොඩනැගූ Google සමාගම ඩොලර් මිලියනයකට Yahoo සමාගමට අලෙවි කිරීමට උත්සහ කරනු ලබනවා. නමුත් Yahoo සමාගම මෙම ගණුදෙනුව ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඔවුන් සිදු කල මෙම අනුවන ක්‍රියාව ගැන වැටහී Yahoo සමාගම නැවත වරක් 2002 වසරේදී Google සමාගම ඩොලර් බිලියන තුනකට මිලදී ගැනීමට උත්සහ කරනු ලබනවා. එම අවස්ථාවේදී Google සමාගම විසින් ඩොලර් බිලියන පහක් ඉල්ලා සිටිනවා. Yahoo සමාගම නැවත වරක් එම ගණුදෙනුව ප්‍රතික්ෂේප කරනු ලබනවා. (2008 වසරේදී Yahoo සමාගම ඩොලර් බිලියන 44.6කට Microsoft සමාගමට අලෙවි වීමට අකමැති වෙනවා. පසුව 2016 වසරේදී ඩොලර් බිලියන 4.6කට Verizon සමාගම විසින් Yahoo සමාගම මිලදී ගනු ලබනවා.)


ප්‍රතික්ෂේපවීම් මැද ගොඩනැගුනු Google සමාගම වර්තමානයේදී ගතවන සෑම මිනිත්තුවකටම ආසන්න වශයෙන් $200,000ක පමණ ආදායමක් උපයනු ලබනවා. (Apple සමාගම ගතවන සෑම මිනිත්තුවකටම ආසන්න වශයෙන් $300,000ක පමණ ආදායමක් උපයනු ලබනවා.)


2013 වසරේ අගෝස්තු 16 වන දින Google වෙබ් අඩවිය විනාඩි පහකට බිද වැටුනා. එම අවස්ථාවේදී ගෝලීය අන්තර්ජාල තදබදය (global Internet traffic) 40%කින් පහත ගොස් තිබෙනවා.


අද වන විට පරිශීලකයින් මිලියන ගණනකට සේවය සපයන Gmail නැමති Google සමාගම අයත් විද්‍යුත් තැපැල් සේවාව 2004 වසරේ අප්‍රියෙල් 1 වන දින හදුන්වාදෙනු ලැබුවා. මෙය අප්‍රියෙල් 1 වන දා එහෙමත් නැතිනම් මෝඩයාගේ දිනයේ හදුන්වාදුන් නිසා සියලු දෙනා සිතුවේ මෙය Google සමාගම විසින් කරනු ලබන විහිළුක් බවයි.


Googleplex යනු Google සහ එහි මව් සමාගම වන Alphabet සමාගමේ මූලස්ථාන සංකීර්ණයයි. මෙය එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ Mountain View නැමති නගරයේ පිහිටා ඇත. 2016 වසරේදී Google සමාගම විසින් ඔවුන්ගේ මෙම මූලස්ථාන සංකීර්ණය පිහිටා ඇති Mountain View නැමති සම්පූර්ණ නගරයටම free Wi-Fi ලබා දීමට කටයුතු කරනවා.


අද වන විට තොරතුරු තාක්ෂණය සම්බන්දව තම අධ්‍යනකටයුතු සිදු කරන බොහෝමයක් සිසුන්ගේ සිහිනය වන්නේ කෙසේ හෝ Google සමාගමේ රැකියාවක් දිනා ගැනීමයි. Google සමාගමට අලුතින් පැමිණෙන සේවකයන්ව ඔවුන් “Nooglers” ලෙස හදුන්වන අතර එහි අර්ථය වන්නේ “New Googlers” යන්නයි. Google සමාගමේ රැකියාව කරන පුද්ගලයෙකු මියගියහොත් ඔහු යටතේ යැපෙන්නන්ට (බිරිද හා දරුවන්) Google සමාගම විසින් වසර 10ක් ගත වන තුරු මියගිය පුද්ගලයාගේ පඩියෙන් බාගයක් ලබා දෙනු ලබනවා.


Google සමාගම විසින් නිතරම තම සේවකයින්ව ඔවුන්ගේ side projects වල නියැලීමට උනන්දු කරවන අතර AdSense, Google News, Gmail වැනි Google සමාගමට අයත් බොහෝමයක් සේවාවන් මෙම උනන්දු කිරීමේ ප්‍රතිපල ලෙස බිහිවූ ඒවායි.


ගරාජයකින් ආරම්භ වී ලෝකයේ වටිනාම වෙළඳ නාම අතුරුන් මේ වන විට (ලිපිය ලියන අවස්ථාවේ) තුන් වන ස්ථානයේ රැදී සිටින Google නාමය, ඔබට, මට අපට එදිනෙදා ජීවිතයේ නැතුවම බැරි නාමයක් වී හාමාරය.



❂❂ ගූගල් එල්එල්සී යනු මාර්‍ගගත වෙළඳ දැන්වීම් තාක්‍ෂණයන්, සෙවුම් යන්ත්‍රයක්, වලාකුළු පරිගණක, මෘදුකාංග සහ දෘඨාංග ඇතුළත් අන්තර්ජාල ආශ්‍රිත සේවා සහ නිෂ්පාදන පිළිබඳ විශේෂඥ ඇමරිකානු බහුජාතික තාක්‍ෂණ සමාගමකි.

ආරම්භකයින්: ලැරී පේජ් , සර්ජි බ්‍රින්ගේ නැඹුරුතාව

ආරම්භ කරන ලද්දේ: 1998 සැප්තැම්බර් 4, මෙන්ලෝ පාක්, කැලිෆෝනියාවේ, එක්සත් ජනපදය

ප්රධාන විධායක නිලධාරි: සුන්දර් පිචායි (ඔක්තෝබර් 2, 2015–)

මූලස්ථානය: මවුන්ටන් වීව්, කැලිෆෝනියාව, එක්සත් ජනපදය

අනුබද්ධිත සමාගම්: YouTube , Fitbit , Firebase , ගූගල් AdMob , ගූගල් කැදැල්ල , Kaggle , තව

මව් සංවිධානය: හෝඩිය Inc.❂




✍ Outher :- J.M.Sԋαყαɱιƙα Jαყαʂυɳԃαɾα ✍

🌹 Nαƚυɾҽ Lσʋҽɾ ᴾʳᵒᵗᵉᶜᵗ ᵒᵘʳ ᵖˡᵃⁿᵉᵗ 🌹

@natural_naturlover


Report Page