GF

GF

ᄽ₦𐌆𐌋Ѧ࿐

ළඟ ළඟම එන ලෝක සංදර්ග දිනය සැමරීම සඳහා මාගේ මිතුරන් පිලිවෙතින් පෙලගැසෙති. ඔවුන් පිලිවෙතින් පෙළගැසී නිරුවතින් සමරන මේ පුණ්‍යවන්ත දිනය මුනිවතින් සිටීමට සිදුවීම නිසා මම හැම අතින්ම කනස්සල්ලට පත්ව සිටිමි.


යනෙන මගතොටදි පවා බල්ලන් මට බුරාගෙන පනින්නේ උන්ද මා කොන්කරන්නාක් මෙනි. වළාපෙළ අතර සැඟව සිටිමින් වරින් වර එබී බලන හිරුද මට කිණ්ඩියට සිනාසෙයි. "මාගේ මිතුරන් පිං ඇත්තෝය. මම පිං ඇත්තෙක් නෙවෙමි."මා සිත සනසා ගතිමි


මෙවන් සිතිවිලි සමුදායක් මැද සිරවී හුස්ම සිරවී මියයාමට ආසන්නව සිටින මට දිනක් හමුවූ ඇය ඔක්සිජන් බටයක් දිගුකලාය. මමද උත්සුකව එය කටේ දමා ගතිමි.


ඊයේ පෙරේදා දිනක ටවුමේ ළමා උයන හා සම්බන්ද උයන් සංකීර්ණ⁣යට වැද සුපුරුදු බැල්මට් රාජකාරියේ යෙදී සිටින මට වෙනදා මෙහි නෙත නොගැටුන ශරීරයක් නෙත ගැටින. එය දුටු මොහොතේදී කපල් වලට ගැසීමට අහුලාගත් කුඩා ගල් කැබලි අහුර මගේ අතින් ගිලිහී ගියේ ගුත්තිලගේ වෙණ නද අසා සිටි පුරඟනන් තම දරුවන් පොලවට අතහැ⁣රිය ලෙසටය. මොහොතකින් මගේ සිත තුල වොට් හැටේ තාප දීප්ත විදුලි බුබුලක් දැල්වින. "අඩේ! ව්‍යාපාරික අවස්ථාවක්." මගේ හිත තුල වූ බඩු මුදලාලියා මා අමතන්නට විය


ශරීරය දෙස බලා සිට අවසන මගේ විරාගික දෙනෙත ඇගේ සුසුදු උවන මත නතර විය. ඇය සුරූපිණියක් විය. ඇයගේ මුහුණ යොදය සහිත මුදවපු කිරි හට්ටියක් සේ විය. කම්මුල් වේවැල් පාර කෑ තට්ටමක් සේ රතු වී ඇත . ඇගේ දෙතොල අලුත පොලිෂ් කල රතු සිමෙන්ති පොලවක් සේ සුරත්ය. මක්කම වදින්නට ගොස් තෙරපෙන මිනිස් සමූහයක් සේ මගේ සිතිවිලි මා ප්‍රාණවත් කර තෙරපෙමින් සිටියි. ඇයගේ දෙපියයුරු අලිගැට පේර ගෙඩි දෙකක් සේ දිස්විය. නමුත් ඒවා ප්‍රමාණයෙන් ගොං තැඹිලි ගෙඩිවලට අසමාන වූයේ මිලිමීටර් කිහිපයකිනි. ඒවා ඒ හිර හැට්ටය තුලට කෙසේ හොවාගත්තාදැයි තීරණය කිරීමට මාගේ භෞතික විද්‍යා දැනුම ප්‍රමාණවත් නැති බව මට වැටහින. තවත් කියනවානමි ඇයගේ පශ්චාත් පෙදෙස හොඳින් පැසුන යෝධ වට්ටක්කාවක් සේ මට දිස්විය. වට්ටක්කා එළවළුවක් ලෙස මා එතරම් ප්‍රිය නොකලත් මේ වට්ටක්කාව මගේ ඛේට ග්‍රන්ථි උත්තේජනය කරනවා මට දැනීගියේ මගේ කට දෙකොනින් හීන් දියපාරක් ගලා යන විටයි. ඇගේ දෙකලවා ප්‍රදර්ශන භාණ්ඩ ලෙස ඈ පවත්වාගෙන යන බව මට වැටහින. ඒවා අලුත සුද මැදි බිත්තියක් සේ දිස්විය. එපමනක් නොව ඒවා ඇය ඇඳසිටි ඩෙනිම් ෂෝට තව තවත් උඩට රෝල් කරන බව මට පෙනී ගියේය. " කවුරුත් කැමති නෑ තමන්ව හිර කරනවට. මේ පිංවත් දෙකලවාත් එසේමය" මගේ හිතේ සිටි දාර්ශනිකයා අදහස් පල කරන්නට විය. 


මගේ සිතිවිලි මට දරා ගැනීමට නොහැකි තරම් තෙරපෙන්නට ගත් නිසා සිිවිලි අතින් සකසාගත් මම ඇය වෙත පිය නැගීමි. "හාය්! කවුරු එනකන්ද ඉන්නෙ??" අහා! මා ප්‍රථම පියවර තබා අවසන්ය. මම එවැනි කතා කාරයෙක් බව මාද නොදැන සිටියෙමි."ඔව් අනේ මම මේ යාලුවෙක් එනකන්" ඇය මා දෙස බලා මද සිනාවක් සමගින් කීවාය. ඇය ළගින් හමන සුවඳ මික්ස් ෆ්ලවර්ඩ්ය. මල්පාත්තියක් නැහැය තුල වගා කලා සේ හැඟිමක් මට දැනින. අයගේ කටහඬ බොම්බැයිමොටය් වෙලෙන්දෙක්ගේ සීනුව තරම් මිහිරිය.


"බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?? ඔයා එයා එනකන්ද ඉන්නෙ??" මම ඇසූ පැනයට ඇය සිනාසෙන්නට විය. "මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ අනේ" යැයි පවසමින් ඇය දෙපියයුරු මැද සඟවාගෙන සිටි අව්කණ්නාඩිය ගෙන දෑසෙහි රුවා ගත්තාය. කොණ්ඩය උඩට කර බැඳ සිටි ඇය මා දෙස බලමින් කොණ්ඩය ලිහා දැමීය. තද දුඹුරු පාට ඇගේ කෙස්කලඹ උඩහට වහින කාලයට දියලුම ඇල්ල සේ මට දිස්විය. ඇගේ ඒ ක්‍රියාව මම අනුමත නොකරමි. මක්නිසාද යත් තවදුරටත් මගේ සිතිවිලි තෙරපෙන්නට එව රුකුල් දුන් නිසාවෙනි. 


" එකපාර අහන්න හොඳ නෑ. ටිකක් වටෙන් අහන්නෝන" මගේ හිතේ වූ උප්පරවැට්ටි විශේෂඥයා ගේ හඬ අවදි විය. " ඔයාගෙ නම මොකක්ද?? මම රෝයි" යැයි පවසමින් මම ඇය අසලින් හිඳ ගතිමි. "මම ඩිනූ.. ඩිනූ පෙරේරා..." ඇය මා දෙස බලාගෙනම කියා සිටියාය. " ඔයා මොකද තනියම රෝය්?? ග්ර්ල්ෆ්‍රෙන්ඩ් එනකන්ද??"  " කිරි අප්පට බල්ලො අහවල් එක කරපි කිව්වලු... මෙන්න මේකි සීන් එකට එන්ටර් වෙනවා.. නව් ඕ නෙව රෝයි නව් ඕ නෙව.." ම⁣ගේ හිතතුල වූ හදිස්සිකාර ඉංග්‍රීසිකාරයා එවර කටහඬ අවදි කලේය. 


"මොන ග්ර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද ඩිනූ මට .. මං මේ හොය හොය ඉන්නෙ එක්කෙනෙක්... ඉතිං ඩිනූ ඔයා කැමතිද..." කියා මා කතාව පටන් ගන්නා විටම තවත් රූමතියක් අයිස් පලම් දෙකක්ද රැගෙන විත් අප අසල සිට ගත්තාය. 


" හායි කවුද මේ කෙල්ලට හම්බෙලා තියෙන අලුත් යාලුවා??" යැයි ඇය ඇසක් ඉඟිකරමින් ඇසීය. වැඩේ හරියාගෙන එන පාටක් දැනුන නිසා මගේ යටි සිත හුඟක් සතුටට පත් වූයේ තෙරපෙන සිතිවිලි නිදහස් කරගත හැකියය් දැනුන නිසා විය යුතුය. තව දුරටත් ඩිනූ දෙස බලා සිටින මට ලෝක සංසර්ග දිනය ඇය සමගින් ජයටම සමරන ආකාරය මැවිමැවී පෙනෙන්නට විය. " එහෙනම් රෝයි මං යනවා.. " කියා ඇය නැගිට්ටාය. ඈ සිටගත් විට ඇගේ රසවත් වට්ටක්කාව මගේ දෑස් මට්ටමේ ප්‍රාදූර්භූත විය. යලිත් සිතිවිලි තෙරපෙයි.


" ඇයි හදිස්සි. ඔයාගෙ කන්ටැක්ට් නම්බර් එකක්වත් දීලා යනවද??" මා ඇසීමි. එසේ අසමින් ඇගේ වට්ටක්කාවෙන් නෙත ඉවත් කර ඇයගේ මුහුණ දෙස බැලීමි.


දුටු දසුනෙන් මා අන්ද මන්ද වී ගියේය. ටෙලිෆෝන් කුලුනක මුදුනේ ඇති අකුණු සන්නායකයට අකුණු ගසනවා සේ මගේ ඉහමත හෙනගෙඩි පාත් විය. 


සත්‍යකි. ඈ මග බලා සිටියේ ඇයගේ බෝය්ෆ්‍රෙන්ඩ් එනතුරු නොවේ. මා ඇයගේ මුහුන දෙස බලන විට දුටුවේ අන් කිසිවක් නොව අය හා ඇගේ මිතුරිය මුවට මුව තබා ඛේට තරල හුවමාරු කරන අසභ්‍ය දර්ශනයය්.


ඇය මගබලා සිට ඇත්තේ ඇයගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එන තෙක්ය.


රැස්කල්✍️

Report Page