First love 😍 (20 කොටස)

First love 😍 (20 කොටස)

Thakshi

මට ඇහෙන්නේ නැති තැනකට ගියා.

……………………………………………………

°°°°°°°°°°°මහී°°°°°°°°°°°

නතාෂා line එකේ ඉන්නගමන් බැලුවේ අර හෙරී මොකද කරන්නේ කියලා.car එකේ මොනාහරි අස්සේ ගහාගත්තොත් ඒකත් මට නේ පාඩුව.🤭🤭 ( විහිලුවට කිව්වට ඒකී එහෙම නෑ බන්.😜 )

අම්බෝ... පේනවා නේද ඕපදූප හොයන විදිය.කන තියාගෙන ඉන්නේ මන් කතා කරන ඒවා අහාගන්න.

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ෂේපෙට අහන් ඉන්න ඕන මොනාද කියන්නේ කියලා.

ෂික් ලැජ්ජ නැද්ද යකෝ.☹️

කමක් නෑ මොකෝ වෙන්නේ.ලැජ්ජ වෙන්න තරම් දෙයක් කරන්නේ නෑනේ.😊 හිටපිය කරන්නම් වැඩක්.අරුන් ඔලුව උඩ තියාගෙන නේ ඉන්නේ.කියලා දෙන්නම් කෝ අයියගේ කෙරුවාව.😎😎

හිතත් එක්ක තරඟ කරලා එකඟතාවයකට ආවත් වැඩක් නෑ බන් 😒😒.ඌ ඉන්නවා දුර වැඩී.මෙලෝ දානයක් ඇහෙන්නේ නෑ ☹.පැය භාගකෙටත් වැඩී බන් තාම නෑ මඟුල.🤬🤬

" මේ ඕක ඉවරයක් වෙන්නේ නැද්ද.අද මන් ගෙදර යන්න ඕන "

" එනවා එනවා."

" මන් හිතුවේ අද මෙතන ඉන්න වෙයි කියලා 😒. "

" තමුසේ මොකටද මන් කතා කරන එක අහගෙන හිටියේ.මැනස් කියලා දෙයක් දන්නේ නැද්ද "

අප්පටසිරි 😯 මූ කොහොමද ඒක දැක්කේ.දිවැස්වත් තියෙනවා ද.🤐 නෑ නෑ ඔය බොරු කටින් අල්ලගන්න යන්නේ.ඒවා කොහෙද මාත් එක්ක.😏 ඒව්වා හඳේ මල්ලී.

" ඇයි මට වෙන වැඩ නෑ කියලා හිතුවද.මන් තමුසෙට වඩා මැනස් ගැන හොඳට දන්නවා."

" ඒක තමා කන තියාගෙන අහන් හිටියේ.සයිඩ් කන්නාඩියෙන් පේනවා නංගි 😏 "

හපොයි.යකෝ මගේ සායම 😥😥 එතනින් එහාට ගෙදරට යනකල් ම වචනයක්වත් මන් කතා කරේ නෑ.🤐

බැහැලා යද්දී මහී කතා කරා.කතා කරන්නත් ලැජ්ජයි බන්.😕

" සනූ..."

" කියන්න."

" thanks "

" ඒ මොකටද 😲 "

" එනකල් ඔය වක්කඩේ වහාගෙන ආවට.🤣🤣 කටවහාගන්නවා මැස්සෝ යයි."

හෑ..හරි හිනා.😒 බූරුවා.😒😒 හිනා වෙයන් කෝ මාව හරි බයිට් එකට අරගෙන.☹

" මේ සනූ..."

මහී ආපහු මොනාහරි කියන්න ගියත් අම්මා ඇවිල්ලා කතා කරා.

" සනූ ආවද."

" ඔව් අම්මේ."

" කව්ද අර...🤔 ආ මේ අර ළමයා නේ."

" අම්මේ මහී අයියා."

' මහී අයියා ' කොහෙන්ද ඒක ආවේ.😯 ලොකු නංගි.නල්ල මලේ අයියා.😒

" නංගි යනවා මේක ඇතුලෙන් තියෙන්න."

ඕකි මෙතන හිටියොත් මොනා කියයිද දන්නේ නෑ ☹️.යන්නෙත් නෑනේ බන් බෑග් එක අතේ එල්ලගෙන ඉන්නවා.😡😡

"මහී පුතා එක්කද ආවේ."

හොඳ පුතා 😒 ආවා නෙමෙයි එව්වා.😶😶

" ඔව් නැන්දේ මන් මේ මිතූ අක්කලගේ ගෙදර ගිය වෙලාවේ තමා සනූ යන්න ලෑස්ති වෙලා හිටියේ.මාත් මේ පැත්තට එන නිසා එක්කන් ආවා."

අම්බෝ..බොරුව..ගල් පැලෙන බොරු අම්මේ විෂ්වාස කරන්න එපා.😕 කියපිය කෝ අක්කා call කරලා ගෙන්නුවේ කියලා.😶😶

" ආ...නේ... පුතේ.ලොකු දෙයක්.මේකී කොහොමත් ආවත් තනියම නේ එන්නේ."

ඉතින් මට තනිකම් දෝෂේ නෑනෙ.

" ඒකනේ නැන්දේ "

ඔය හිනාව තමා මට අල්ලන්නේ නැත්තේ.😐 නැන්දා ගාගත්ත ගමන්.අනේ ඉතින් මෙහෙමත් පුත්තු.😶 අපේ මල්ලිවත් ඔච්චර ආදරේ නැතුව ඇති.මුගේ මායම.😒😒

" නැන්දේ මන් ගිහිල්ලා එන්නම් එහෙනම්."

අම්බෝ .... ලොකු දෙයක් 😌

" අනේ පුතා ආපු ගමන් යන්නේ.ඉන්න ☕ බීලා යමු."

☕ 😲 අනේ අම්මේ ඔන්න ඕකට යන්න දෙන්න.මන් කියන්න හැදුවේ අක්කලාගේ ගෙදරින් ☕ බීලා ආවේ කියලා.ඒත් ,

" නැන්දා කියන නිසා බීලම යන්නම් කෝ.එදා තේක රහා වැටුනා.😋 "

අනේ අම්මේ ඕකගේ ගැටවලට අහු වෙන්න එපා.🥺 පෙරේතයා 😡

" යමු යමු අයියේ."

යකෝ මේකී මගේ නංගි ද උගේ නංගි ද මන් ආවා කියලත් අමතකයි. මන් තාම එලියේ කොහෙවත් යන ඌ ගේ ඇතුලේ 😐😐

මොනා කරන්නද ගිය ආත්මේ උගේ නංගි මේ ආත්මේ මගේ වෙලාද කොහෙද.කරුම යකෝ ඕවා.😕

යනකොට අම්මා ☕ හදනවා. මගේ නංගි වුන අරූගේ නංගි බිස්කට් දෙනවා. යකෝ බිස්කට් 😯 මන් කටින් ඉල්ලුවත් ගෙනල්ලා දෙන්නේ නෑ මේකී.අරූ එපා කියද්දී බලෙන් බිස්කට් කවන්න හදනවා.🤬🤬

හොරේ අහුවුන නිසා ෂේපෙට යන්න හැදුවේ අරූ කට ඇරියොත් ඉවරයි නේ.😥😥

" සනූ..."

ඉවරයි අහු වුනා.😩😩

" මේක් අර ළමයට දෙන්න."

ආ..අම්ම නේ.😌

" මොකද්ද අම්මේ."

" කන් ඇහෙන්නේ නැද්ද දරුවෝ.මේ ☕ අර මහී පුතාට දෙන්න."

" මන්."

" නැත්නම් වෙන කව්රුත් මෙමෙතන නෑනේ."

" අනේ අම්මේ නංගිට කියන්න කෝ.අර ඉන්නේ එතන බිස්කට් කව කව 😒."

" හරි හරි ළමයෝ.පොඩ්ඩක් මේක ගිහිල්ලා දෙන්න.ඔයාව නේ එක්කන් ආවේ නංගිව නෙමෙයි නේ "

" හා හා. 😕 "

දැන් අල්ලපන් කෝ තේ.😟 ඇයි අනේ මටම මෙහේම වෙන්නේ.

" ආ..."

☕ ගන්නේ නැතුව මූණ දිහා බලන් ඉන්නවා ඒ පාර.😶😶

" සනූ...ගහගන්න වගේද ☕ දෙන්නේ."

අනේ... එහෙන් අම්මා කෑගහනවා.😟😒

" ඒකනේ නැන්දේ "

මාව කන්නම ද කොහෙද පතාගෙන ඇවිල්ලා තියෙන්නේ 😥😥

" මොකෝ ඔරවන්නේ.ආපහු නැන්දාට කියලා බන්නන්නද.😉"

මූ ඕන කමින් මේවා කරන්නේ.😲 දැන් ඔයා ඉවරයි කියලා හිතා ගන්න.

" ආ...ව්.."

හැපුවේ නෑ.😌 ☕ දෙද්දී පොඩ්ඩක් ඇඟේ හැලුවා 😇.ආවා මෙතන මාව නැති කරන්න.😏

" මොකද පුතේ වුනේ "

" අනේ මහී අයියේ මොකද වුනේ.හා..නේ..අම්මේ මේ අත පිච්චිලා"

😎😎😎😎😎😎😎😎😎😎😎

" මේ අක්කගේ වැඩ තමා අම්මේ මෙයානේ ☕ දුන්නේ."

මේකිට තියෙන අමාරුවක්.දැන් ගාපන් බෙහෙත් මහා ලොකු අයියණ්ඩිට. 🤭🤫

" අනේ අම්මේ මන් නම් දන්නේ නෑ මුකුත්.මෙයාගේ අත පණ නෑ. 🤭"

" සනූ මේ ළමයගේ අත හොඳටම පිච්චිලා බෙහෙත් ටිකක් දාන්න"

එච්චර පිච්චෙන්නේ කොහෙද.තේ ටිකක් හැලුනම.මල සමයං බෝල සබන් .😒😒

" ආ... අම්මේ බෙහෙත් "

පව් වැඩේ හැබැයි.🤭🤭🤭

" මට දෙන්නේ දාන්න බෙහෙත් ටික.මන් හොද්ද බලලා එන්නම් "

හොද්ද.😯 හරි අදත් අහු වුනානේ.😥 මූට මොනාහරි කරාම ඒකට බෙහෙත් කරන්න ඕන ඒක කරපු මමමයි. 😪

" නංගි "

" මොකෝ"

" අර තමුසෙගේ අයියට...."

"මන් වැඩක්.මන් නෙමෙයි නේ තේ හැලුවේ."

කියලා ඉවර වෙන්නත් ඉස්සෙල්ලා ගිහිල්ලා ඉවරයි.😡

හැටි...හරි ලස්සනයි කියලා හිතන් ඉන්නේ ගස්සගෙන යද්දී.🤭🤭 දැන් ඉතින් මූට බෙහෙත් දාන්නත් එපැයි.

~~~~~~~~~~~~~~~~~~

" සනූ ඔය ළමයට බෙහෙත් දාලා ඉවරද "

" ඔව් අම්මා."

" පුතේ "

" ඇයි අම්මා."

" උඹට නෙමෙයි කතා කරේ අර මහී ළමයට "

" හාකෝ හාකෝ.😕😕 "

මරු ළමයා වෙන නැත්නම් 😒

" මහී අයියේ අම්මා කිව්වා කාලම යන්න කියලා."

අම්මටයි , නංගිටයි දෙන්නටම පිස්සුද කොහෙද.😣😣

" අනේ බෑ නංගි "

" ඇයි පුතේ මන් ඉක්මනට ඉව්වෙත් ඒකයි කාලම යන්න."

" බෑ නැන්දේ මට පරක්කු වෙනවා දැන් ☕ බිව්වෙත් බඩගිනි නෑ."

☕ දෙකක්ම බිව්වේ බඩගිනි නැති එක පුදුමයක් ද..😒😒

" නැන්දේ මන් එහෙනම් ගිහිල්ලා එන්නම් "

ආපහු මෙහේ නාවට කමක් නෑ.🤐🤐

" හරි පුතේ පරිස්සමින් යන්න එහෙනම්.කන්නත් බෑලුනේ ඉතින් "

" වෙන දවසක එන්නම් කෝ නැන්දේ කාලා යන්න. "

No,thanks නාවට කමක් නෑ.😌😌

" හා හා පුතේ අක්කවත් මතක් කරා කියන්න."

මූ අම්මට වඳින්න යනවා 😯 ඒවා කොහෙද මන් ඉන්නකල්.😏 හිමින් සීරුවේ අම්මට ඌටයි මැද්දෙන් හරස් වුනා.😇😇

" සනූ..මොකද ළමයෝ මේ.එහෙට වෙන්න කෝ.මේ ළමයා යන්න නේද."

ඉතින් ඕකනේ අම්මා එක්ක බැරි 😣 කොහෙද යන පුතෙක් ලොකු කරගෙන නේ.😩 හරි ඉවරයි වැන්ඳනේ.😤😤

" හරි පුතේ බුදුසරණයි.පරිස්සමින් යන්න."

"හා නැන්දේ.නංගි මන් යනවා bye.🖐️"

" හරි අයියේ පරිස්සමින් bye 😊🖐️ "

අම්බෝ...අයියගෙයි ,නංගිගෙයි සිරික්කිය.😒😒

" කෝ චූටි නංගි.🧐ආ..චූටි නංගි මන් යන්නම් bye 🖐️ "

" bye 🖐️ මහී අයියේ "

"සනූ..."

පේනවා නේද මූට මාව මතක් වෙන්නේ අන්තිමට 😕

" හරි යන්න එහෙනම් "

" ගිහිල්ලා එන්නම් සනූ 🤭 bye 🖐️ "

එන්නම්...නෑ ආපහු එන්න ඕන නෑ. මූ ඕන කමින් මාව අවුස්සන්නේ.😩😩

අම්බෝ...ඇති යන්තම් ගියා.😌😌

~~~~~~~~~~~~~~~~~~~~

" අක්කේ මෙන්න call එකක්"

" නංගි ගේන්න කෝ."

" මට බෑ කකුල් තියෙනවා නේ ඇවිල්ලා ගන්න."

අර මහී කාරයා කිව්වා නම් අයියේ අයියේ කිය කිය ගිහිල්ලා කරයි.😤😤

" හලෝ.."

" උබ තාම ගෙදර ගියේ නැද්ද."

අම්බෝ....බන් කන.😥

" ඇයි මන් ගෙදර යන්නේ නැතුව ඌත් එක්ක වෙන කොහි යන්න ද

මගෙන් අහාගන්න එපා අක්කේ ඔයා 😡😡 "

" ගියා නම් call එකක් ගන්න බැරිද බන්."

" හරි හරි දැන් ඔයා ගත්තානේ.😌"

" ඒක තමා කියන්නේ මන් ගන්නකල්ම ඉන්නවා.තියෙන ලෝභකම.ඒක නෙමෙයි මොනාද යන ගමන් දෙන්නා කතා කරේ "

" තමුසේ තමා මන් යන්න හදද්දී ඌට call කරේ.😡😡"

" නෑ...පිස්සු ද යකෝ "

" නෑ... තමා කියන ලස්සන."

" නෑ කියනකොට ඇත්තටම ලස්සනද 😀 මේ සනූ මෙහෙමත් ලස්සන ද බලන්න.නෑ.....නෑ...........………"

ඇයි බන් මේකි මෙහෙම.😥 අර ඉෂාන් අයියා කොහොම ඉන්නව ද මන්දා.පව් අසරණ ජීවත 😪😪

" මගේ කන. ළඟදිම මන් එන්නම් බෙහෙත් ගන්න ඔයා ළඟට ම."

" ඒ මොකද බන්.🤔🤔"

" තව ටික දවසක් යද්දී කනක් ඉතුරු වෙන්නේ නෑ.ඒකයි."

" අනේ සනූ මන් පස්සේ ගන්නම් ඉෂී අඬනවා."

" හා හා.bye බුදුසරණයි "

" බුදුසරණයි "

………………………………………………………………………

Tow weeks later....

කව්ද බන් නිදාගන්න දෙන්නේ නැත්තේ.මොන මඟුලක්ද මන්දා උදේ පාන්දර call.😡😡

නිදිමරගාතෙම answer කරේ කව්ද කියලවත් බලන්නේ නැතුව.😴😴

" හලෝ.......


.………………………………………………………………………

කාගෙන් වෙන්න ඇතිද call එක.🤔🤔

කලින් කොටස් දෙකම පොඩි වගේ හිතුන නිසා අද දිග කොටසක් දුන්නා.🙄🙄

Report Page