Film

Film

Dumiru Jayasekara

පළවෙනි කතාව - දුමිරු

අර්ධ නාගරික ප්‍රදේශයක සිට ශිෂ්‍යත්තේ පාස් වෙන සමීර කොළඹ එනවා. සමීර මියුසික් කරන්න ආසයි. කොළඹදී සමීරට හෂේන් (ව්‍යාපාරික පවුලක්) සහ රුවී (මධ්‍යම පාන්තික) කියලා යාලුවෝ දෙන්නෙක් හම්බවෙනවා. කතාව ගලාගෙන යනවා.

ඉස්කෝලේ තියන ලොකු ෂෝ එකක මේන් වයලිනිස්ට් වෙන්න සමීර අවුරුදු ගාණක් හීන දකිනවා. (හිතාගනින් සාගා වගේ එකක් කියලා) හැබැයි හෂේන්ගේ පියා අසාධාරණ ක්‍රමයකින් හෂේන්ව බෑන්ඩ් එකට දාන නිසා සමීරට ඒ චාන්ස් එක නැති වෙනවා.

කොළඹ ජීවිතය පිළිබඳව ඇතිවෙන කලකිරීමක් නිසා සමීරට එහේ ජීවිතේ එපා වෙනවා. ඒ නිසා සමීර ගුරු පත්වීමක් අරන් සංගීත ගුරුවරයෙක් විදිහට දුෂ්කර ගමක තියන පාසලකට යනවා. 

ඒ ගමේ ඉන්නවා පවුලක්. ජයරත්න (පියා) සහ සාගරිකා (මව) දෙන්නම ගමේ මන්ත්‍රීගේ දාර බයියෝ. පවුලේ ළමයි දෙන්නයි. සවිඳු (අයියා) ඉගෙනීම අත ඇරලා දේශපාලනෙන් අසාධාරණව රැකියාවක් ගන්න බලන් ඉන්නවා. ඒ වුණාට සමීරගේ උපදෙස් නිසා එයා වෙනස් වෙලා විභාගයට ලියන්න තීරණය කරනවා.

ඒ පවුලේ පොඩි ළමයා කවිඳු. සංගීතයට ලොකු හැඛියාවක් තියනවා. ඒක දකින සමීර ඔහුට සංගීතය උගන්වනවා. ඊට පස්සේ ඔහු ගැන කොළඹ ඉන්න රුවී ට කියලා, ළමයව කොළඹ එක්කන් ගිහින් එයාගෙම සිංදුවක් රෙකෝඩ් කරනවා.

මේ අතර හෂේන්ගේ පියාට යම් ව්‍යාපෘතියකට ඒ ගමේ පාසල තියන ඉඩම ඕනේ වෙනවා. ඒකට ඔහු ගමේ මන්ත්‍රී එක්ක එකතුවෙලා කූඨ ලේඛන හදනවා. ඒක දැනගන්න සමීර ඉස්කෝලේ බේරගන්න ඕනේ නිසා නඩු දාලා මන්ත්‍රීව හිරේ යවනවා.

හෂේන්ගේ පියා මන්ත්‍රීව ඇප දීලා එළියට ගන්නවා. ඒ ගොල්ලන්ගේ වැඩේට බාධාවක් කියල හිතුණ සමීරව මරන්න උන් වෙඩික්කාරයෙක් යවනවා. ඒත් උගේ වෙඩිල්ලෙන් මැරෙන්නේ අර ළමයා (කවිඳු). මල්ලිගේ මරණෙට පලිගන්න සවිඳු (අයියා) මන්ත්‍රීව මරනවා. සවිඳු පරිවාසේ.

ඒ පවුලේ ළමයි දෙන්නා නැතිවුනේ සමීරගේ වරදින් කියලා ගමේ මිනිස්සු කියනවා. චෝදනා නිසා සමීර ගමෙන් ඇවිත් ආයෙත් කොළඹ යනවා. ඒ ගිහින් රුවී ව හම්බවෙලා මැරුණු කවිඳු රෙකෝඩ් කරපු ඇල්බම් එක රිලීස් කරනවා.

සමීර හැදුවේ ගමේ ළමයින්ට හොඳක් කරන්න කියන එක ගමේ මිනිස්සු තේරුම් ගන්නවා. කළකිරීමෙන් කොළඹ ඉන්න සමීරට සැලෙන් නැතුව ආයෙ ගමට යන්න කියලා රුවී කියනවා. කෙල්ල කියපු නිසා සමීර ආයේ ගමට ඇවිත් ඉස්කෝලේ දියුණු කරන ගමන් ළමයින්ට උගන්නවා.

කතාවේ කිසිම තැනක සමීර දැනගන්නේ නෑ කවිඳුගේ මරණෙට හේතුව හෂේන්ගේ තාත්තා කියලා. ඒ හින්දා උඩ කියපු සිද්ධිවලින් අවුරුදු කීපෙකට පස්සේ සමීර හෂේන්ව හම්බවෙන්න ගමේ ඉඳන් එනවා. ඊට පස්සේ දෙන්නා කතා කර කර ඉන්නවා. 

එතකොට සිද්ධවෙන අතීතාවර්ජනයක් විදිහට තමයි සම්පූර්ණ කතාවම යන්නේ. අනික මියුසික් ගැන කතාවක් නිසා, මියුසික් වලින් මාර ගේමක් ගහන්න වෙනවා.

දෙවෙනි කතාව - පූජන

මනුස්සයෙක් හිරේ ඉඳන් එනවා. ඒ මනුස්සයා එනකොට එයාගේ නෝනයි ළමයයි ගමේ ඉන්නවා. ඒත් ඒ ළමයා දන්නේ නෑ මේ ඉන්නේ එයාගේ තාත්තා කියලා. හිරේ ගිය මනුස්සයෙක්ගේ ළමයා කියන ලේබල් එක වදින නිසා ළමයගේ අම්මා ඒක කියලා නෑ.

මනුස්සයා ගමට ආවට පස්සේ සිද්ධ වෙන සංවේදී දේවල් ගොඩක් තියනවා. ඒවා ඔක්කොම ඉමෝෂනල් විදිහට පෙන්නන්න ඕනි. 

ඒ අස්සේ ගමේ ඉන්නවා මුදලාලි කෙනෙක්, ගෝලයෝ දෙන්නෙක් වගේ තව චරිත. පොලිස් කාරයෝ දෙන්නෙකුත් ඉන්නවා. 

ඇත්තටම ඒ මනුස්සයා හිරේ ගියේ බොරු නඩුවක් නිසා. හැබැයි හැම කට උත්තරයක්ම, හැම සාක්ෂියක්ම මිනිහට විරුද්ධවයි හැදුණේ. 

එක පොලිස් කාරයෙක්ට මුල ඉඳලම සැකයක් තියනවා මේක බොරු නඩුවක් වෙන්න ඇති කියලා. ඒක ෆිල්ම් එකේ සංකේත සහ සියුම් දේවල් වලින් තමා අගවන්න ඕනේ. කෙලින්ම කියන්නේ නෑ.

මිනිහා ගමට ආවට පස්සේ වෙන සිද්ධි සහ මුහුණදෙන දේවල්, අතීතාවර්ජන එක්ක කතාව ගලාගෙන යනවා. 

අන්තිමට එක කට උත්තරයකින් ඔප්පු වෙනවා මේ මිනීමැරුම ඇත්තටම කරේ ඒ මනුස්සයා නෙවෙයි කියලා. ඒක කරේ මුදලාලි කියලා. ඒක තමයි කතාවේ ප්‍රබලම තැන. මුල ඉඳන්ම පෙන්නන කුතුහලයත් එක්ක තමා මේ අවසානය නිර්මාණය වෙන්නේ.

අන්තිමට ඒ මනුස්සයා මේ ඇතිවුණු කලකිරීමත් එක්ක මහණ වෙනවා.

මේ මනුස්සයා, මුදලාලි කියන චරිත මාර සියුම්ව පෙන්නන්න ඕනි. මුල ඉඳලා ඒ ඒ අයට ආවේණික ලක්ෂන සහ ඒ අය තමන් මූණ දෙන දේවල් එක්ක වෙනස් වෙන හැටි ගැණ.

(මේ හරියේ ඉඳන් @RcPoojana පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. වැරදි තියනවද දන්නෑ... මට තේරුණු විදිහ)

Report Page