Fake

Fake

Charu


ලස්සන දවසක්.එදා මං නැගිට්ටෙ අම්මගේ කන්කරච්චලේ ඉවසන්නම බැරි තැන. නිදිමතේ ඇස්පොඩි කර කර නැගිටලා බිත්ති වල හැප්පි හැප්පි කුස්සියට ගියේ තව ටිකක් පරක්කු උනානම් අම්මගේ ජල ප්‍රහාරයකට ලක් වෙන්න ඉඩ තිබ්බ නිසා. මූණ අත පය හෝදන් කෙලින්ම ඇදට ආවේ මගේ සත්තලන් හොයාගෙන ඔව් ඔව් මගේ ආදරේ මගේ 4n එක.

ආ ...... කතාවෙන් කතාවෙන් මං ගැන කියන්නත් බැරි උනා මං දිනූ. ගෙදර බඩ පිස්සා.වසම වස අය්යෙක්ගෙ නංගි උන මමත් කොල්ලෙක් වගේ තමා ඉතින්. ඔන්න data on කරා විතරයි mg පෝලිමක්.මොකෙක්ද මන්දා පොල් කාවයියෙක් මං හදපු ෆේක් fb account එකකට පණ දාගෙන mg කරලා. අපෝ...... ඒ mg ඈ..ක්කා.

හායි

dp වගේම හැඩ ඇති 

අනේ පිස්සු කෝලම

හනා හුනා ගාලා විකාර mg ගොඩක් තිබ්බෙ මගේ මුලු දවසම මොන්ගල් කරලා.

මොකා උනත් කුකුලා කියලා හිතුන නිසා මගේ අති පජාත බෙස්ටි මාෂිටත් කියලා ඈඹලයාට mg එකක් දැම්මෙ මේ දවස් වල මටත් වෙන වැඩක් නොතිබ්බ නිසා. ඔහොම ඔහොම ටික දවසක් ගියේ පොරට කියලා මං data card දෙක තුනකුත් දාගෙන..අපේ මාෂි උට තිබ්බ නම තමයි කුකුල් පෙන්දා.මොකද පොරගේ dp එකේ hair cut එක ඒ වගේ එකක් නිසා. 

සදුදා මමයි මාෂියි ළමා නිවාසෙට යන දවස. මොකද ඒකෙ හිටියා අපි ආදරේ කරන පුංචි පැටව් ටිකක්. හැමදාම සදුදට අපි යනවා එයාලා බලන්න. ඔන්න එදත් උදෙන්ම යන්න හදද්දි කුකුල් පෙන්දාගෙන් mg එකක්

"මැණික මං අද town එනවා ඔයාවත් බලන්න ඕනි" හපොයි දැන් මොකද කරන්නේ. මේ සෙල්ලම ඇති කියලා හිතුන නිසා එන්නම් කියලා reply එකක් යවලා ලෑස්ති උනේ මේ යකාගේ කතාවත් close කරලා අපේ පුංචි පැටව් ටික බලන්න යන්න. 

ඔන්න මමයි මාෂියි තැම්බිලා පොල් පටවලා වගේ ආව බස් එකෙන් බැස්සෙ බාගෙට මැරිලා. ඔන්න එතකෙටම ආයෙත් mg එකක්.

" මැණික මං clock tower එක ගාව.සුදු t එකක් ඇදන්".හරි මම රතු t එකක් කියලා reply කලා. ජීවිතේට 4to එකකින්වත් දැකලා නැති fb කුමාරයා හම්බෙලා කල වරදට සමාව ගන්න යන්න මාෂිවත් ඇදගෙන ගියේ ගැහි ගැහි. ලගට ලගට යද්දි සුදු t එකක් ඇදන් කොල්ලෙක් bike එකකට හේත්තු වෙලා ඉන්නවා දැක්ක නිසා මාෂිට එතන ඉන්න කියලා මං ඉස්සරහට ගියේ මාව ඌ අල්ල ගත්තොත් නෑ ගහපන් කියලා උපදෙස් මාලාවක් දීලා. ලගට යද්දි පොර හේත්තු වෙලා හිටිය වන්ඩිය හුරු ගතියක් දැනුනත් එක ගනන් නොගත්තෙ හද ගැස්ම වැඩි නිසා.


දිනූ උඹ බය වෙන්න එපා යකෝ කියලා මම මටම කියාගෙන excuse me කියලා කීවේ අකුරු ඇහිද ඇහිද

කීව තත්පරේට හැරුන කෙනා දැක්කාම තරු පෙනුනෙ අදනම් දිනූ පුතේ උඹ ඉවරයි කියන්න වගේ

ලාවට ඇහුනා මාෂි හත්තිලව්වයි කියනවා

 අ...යි.....යා 

තමුසෙ.....ශිට්


ඌ තව මොන මොනවද කියනවා ඇහුනත් ඊට කලින් මාරු උනේ ගෙදර ගිහින් සුප් බොනවද ගෙදර නොයා ඉන්නවද කියලා හිත හිතා...... 

               ~charu~

Report Page