Emy

Emy


එමී (151 -කොටස) 2021/11/04

හෙමිහිට පපුවට ආපු ඇගිලි තුඩු පපුවේ කොණක නතර වෙලා අකීකරුකම් කරද්දී

මං එයාගේ අතට තට්ටුවක් දාලා ඇඳෙන් නැගිටලා ගවුමේ කර පිළිවෙල කරන් පොත් මේසේ ළඟට ආවේ.


"තමුසේ පස්සේ අල්ලා ගන්නම්" එහෙම කියපු එයා ෂර්ට් එක ඇදන් මං ළඟට ආවේ.


"අම්මගේ, අප්පච්චිගේ සොහොන ළඟට යන්න ඕන" කාමරේ බිත්තියේ ගහලා තියෙන ගිය උපන්දිනේ දවසේ අප්පච්චි එල්ලපු ෆොටෝ එක දිහා බලලා කියපු මං එයාගේ පපුවට බර වුණේ.


"යමු" එහෙම කියපු එයා මගෙ මගේ අතින් අල්ලන් පහලට ආවේ.


"අම්මට, අප්පච්චිට රෝස මල් අරන් යමු" සද්දෙට කියපු මං කුස්සියට ආවේ මල් ටිකක් කපාගන්න පිහියක් ගන්න. ආච්චි අම්මා දවල්ට උයනවා.


"පිහිය මොකටද පුතේ?" ආච්චි අම්මා එළවළු කපන ගමන් ඇහුවේ.


"අම්මා, අප්පච්චියි බලන්න යන්න" එහෙම කියපු මං එළියට ආවේ. සුදු රෝස මල් ගහක් ළඟට ආපු මං රෝස මල් එක්කම ඉති කපන්න හදද්දී මාව නතර කරපු එයා පිහිය අරන් රෝස මල් ඉති කපලා කටු සුද්ද කරලා මං අතට දුන්නේ.


"ඇති නේද?" රෝස මල් ඉති හයක් විතර කපලා මං අතට දීපු එයා සද්දෙට ඇහුවේ. මං ඔව් කියන්න වගේ ඔලුව වැනුවේ.


පිහිය ගාර්ඩ්න් චෙයාර් එකක් උඩින් තියපු එයා මං එක්ක වත්ත පහළ තියෙන අම්මගෙයි, අප්පච්චිගෙයි සොහොන ළඟට ආවේ. වෙසක් පෝයට ආච්චි අම්මයි, මමයි මේ සොහොන වටේ සුද්ද කරලා බකට් ලාම්පු එල්ලුවා. ඒ නිසා ලොකුවට බැද්ද වැවිලා තිබුණේ නෑ.


අම්මගෙයි, අප්පච්චිගෙයි සොහොන උඩින් සුදු රෝස මල් ඉති ටික තියපු මං අඬ අඬාමයි බිමින් වාඩි වුණේ. එයා අත් දෙක බැදගෙන මගේ ළඟ හිටගෙන බලාගෙන ඉන්නවා. අම්මයි, අප්පච්චියි හිනා වෙලා අපි දෙන්නා දිහා බලාගෙන ඉන්නවා මට මැවිලා පේනවා.


"අනේ අම්මා, අප්පච්චි ආයේ අපි හමු වෙන එකක් නැද්ද?" තොල් පෙතිවලින් මුමුණපු මං ඉකි ගහපු තරමක්.


"එයාලා ආයෙමත් උඹට හමුවේවී මේ සංසාරයේ කොහේදි හරි" කාලෙකට පස්සේ හිත ඇවිත් මට තනි රකින්න.


පැය භාගයකටත් වඩා මං සොහොන ළඟට වෙලා අඬ අඬා උන්නා. හයියෙන් හුස්ම ද දා මං ළඟ උන්න එයා උරහිසට අත තිව්වේ අපි යමු එමී කියන්න වගේ. කොහොමද මං දාලා යන්නේ මගේ අම්මයි, අප්පච්චි. පපුව පැලෙන්න වගේ.


"ගෙදර යමු එමී" එයා හෙමිහිට කියලා මගේ උරහිස්වලින් අල්ලලා මාව නැගිට්ටෙව්වේ.


"අයියා, මගේ අම්මයි, අප්පච්චියි" ඉකි ගහ ගහා කියපු මං ඒ පපුවට තුරුල් වුණේ.


"හැමදේම හරි. අපි ගෙදර යමු. ආච්චි අම්මත් බලාගෙන ඇති" හිස් මුදුණට තොල් පෙති තියලා කියපු එයා මං එක්ක ගෙදර ආවේ.


එයාගේ පපුවේ එල්ලිලා අඬ අඬා ගෙට එන මං දිහා දුක හිතෙන විදියට බලපු ආච්චි අම්මා බිම බලාගෙන කුස්සියට ගියේ. ආච්චි අම්මගේ ඇසවලටත් කඳුළු එන්න ඇති. ඒකයි නිහඬවම මගෑරියේ.


සාලේ සෝෆාවෙන් මාව වාඩි කරවපු එයා කුස්සියට ගිහින් වතුර එකක් අරන් ඇවිත් මට ටිකක් පොවලා එයාත් වතුර ටිකක් බීලා මං ළඟින් වාඩි වෙන්න හදනකොට බලු පැටියා කූරු අතරින් එබිලා බල බලා බුරනවා. හරියටනම කියනවනම් කන බොන දෙයක් මටත් දීපයව් යකුනේ කියන්න වගේ. ඒකා පොඩි වුණාට කට සැරයි.


"චිකූට බඩගිනි වෙලා වගේ" ලාවට හිනා වෙලා කියපු එයා ගිහින් පෙට් පුට් කවරෙන් කෑම ටිකක් අරන් කූඩුවේ ඇතුලේ තිබුණ උගේ පිඟානට දාලා මං ළඟට ආවේ. එයා කිව්වත් වගේ ඌ හනි හනිකට කෑම කනවා. බඩගින්නෙද කොහෙද ඉදලා තියෙන්නේ.


"බලු පැටියා පුළුවන් තරම් එළියට හුරු කරවන්ඩ. නැත්නම් තමුසෙට හැමදාම ගේ ක්ලීන් කරන්ඩ වෙයි" එයා මගේ කොණ්ඩේ අවුල් කරන ගමන් කිව්වේ.


"පුතේ බත් බෙදන්නම් දොළහටත් කිට්ටුයිනේ" කුස්සියෙන් ඇහුණේ ආච්චි අම්මගේ කටහඬ. මං කුස්සියේ දොරකඩ දිහා බැලුවේ. වෙලාව යන ඉක්මනක්. කුස්සියට ආපු මං පොඩි කෝප්පෙකට බලු පැටියට වතුර එකක් අරන් කූඩුව ළඟට ආවේ. වතුර කෝප්පේ දැක්කා විතරයි බලු පැටියා කන එකත් නතර කරලා බෙල්ල ඇල කරලා මං දිහා බැලුවේ. ඕක තියන් ඉන්නේ මට බොන්න දීපන් යෝදියේ කියන්න වගේ.


කූඩුව ඇරපු මං වතුර කෝප්පේ බලු පැටියාට ළං කලේ.


"චිකූ වතුර ඉහිරනවනේ" එයා ටිකක් සැරෙන් වගේ කියද්දී බලු පැටියා නගුට වන වනා වතුර බොනවා.


"පුතේ එන්න කෑම කන්න" ආච්චි අම්මා සද්දෙට කතා කරද්දී මං එයා දිහා බැලුවේ බත් කන්න යමු කියන්න වගේ.


"බබා දොර වහන්ඩ. ගේට්ටුවත් ඇරලා. බලු පැටියා පාරට යාවි" එහෙම කියන ගමන් පුටුවෙන් නැගිටපු එයා කුස්සියට යද්දී මං ඉස්සරහ දොර වහලා එයා පස්සෙන් කුස්සියට ආවේ. ආච්චි අම්මා අපි දෙන්නට බත් බෙදලා.


"ආච්චි අම්මත් කන්න. බෙහෙත් බොන්නත් තියෙනවා නේද?" මං එහෙම කියන ගමන් බත් පිඟානක් අතට ගත්තේ.


"වෙලාවට බෙහෙත් බොන්ඩ" ආච්චි අම්මට හෙමිහිට කියපු එයා කෑම මේසේ පුටුවක් පස්සට කරගෙන වාඩි වෙලා බත් පිඟාන ළං කර ගත්තේ.


"බෙහෙත් බලෙන් ජීවත් වෙන්නේ පුතේ. බෙහෙත් බොනකොට ඔක්කොම අසනීප හොඳයි. බෙහෙත් නැති වෙනකොට ආයේ පපුව රිදෙනවා "එහෙම කියපු ආච්චි අම්මා බත් පිඟානක් බෙදා ගත්තේ.


"මං හොඳ ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්නම්. අපි ගිහින් බෙහෙත් ගමු ආච්චි අම්මේ" බත් කන එයා ආච්චි අම්මට කිව්වේ.


"පොඩි පුතා මාව එක්ක ගියා හොඳ ඉස්පිරිතාලෙකට. දැන් අපි වයසයි පුතේ කොච්චර බෙහෙත් බිව්වත් මෙච්චරයි" ආච්චි අම්මා එහෙම කියන ගමන් බත් කෑවේ.


එයයි, ආච්චි අම්මයි කතා කර කර බත් කද්දී මම නිහඬව බත්. කාලා ඉවර වුණ මං එයා එක්කම කාමරේට ආවේ.


බාත්රූම් එකට ගිහින් ආපු එයා මගේ පොත් මේසේ පුටුවෙන් වාඩි වෙලා මගේ පාස් පේපර් පොතක් ළඟට ගද්දී එයා ළඟට ආපු මං මේසෙට අත් දෙක තියලා නැමිලා එයා දිහා බලාගෙන උන්නේ.


"තමුසේ ඇදුම චේන්ජ් කරන්නේ නැද්ද?" එයා ලාවට හිනා වෙලා අහද්දී මතක් වුණේ තාමත් ඇදන් ඉන්නේ එයා අරන් ආපු ඇදුම නේද කියලා. එයා ළඟ ඉන්නකොට හැමදේම අමතක වෙන හැටියක්. ලැජ්ජා හිතුණ මං කටත් ඇද කරගෙන ගෙදරට අදින සැහැල්ලු ස්කර්ට් එකක් බ්ලවුස් එකක් ඇදන් එයා ළඟට ආවේ.


"අයියා මට පිසික්ස් ගානක් තියෙනවා. ඒක හදන්න අමාරුයි කියලා දෙන්නකෝ" එහෙම කියපු මං පාස් පේපර් පොත පෙරලලා එයාට ළං කලේ.


❤️



හවස් වෙනකල් මට අමාරු පාඩම් වැඩ කියලා දීපු එයා යන්න කියලා ලෑස්ති වුණේ.


"තමුසෙට චිකූ විතරක් නෙවෙයි තව තෑග්ගක් තියෙනවා" ලාවට හිනා වෙලා කියපු එයා මේසේ උඩ තිබුණු බ්‍රවුන් පේපර් කවරෙන් එළියට ගත්තේ රත්තරං බඩු දාන බොක්ස් දෙකක්. මං ඇස් ලොකු කරන් බලාගෙන උන්නේ මොනවද කියලා.


බොක්ස් එකක් ඇරපු එයා එළියට ගත්තේ හාර්ට් එකක් ඇතුළේ ඒ අකුරයි, එන් අකුරයි තියෙන පෙන්ඩන්ට් එකක්. අනේ එකේ ලස්සන. අපි දෙන්නම. මං හිනා වෙලා බලාගෙන ඉද්දී මගේ කරේ දාන් උන්න චේන් එක ගලවලා එයා පෙන්ඩන්ට් එක චේන් එකට දාලා මගේ බෙල්ලට දැම්මේ. මේ චේන් එක මං චණ්ඩියෙක් වුණ දවසේ අම්මා බෙල්ලට දාපු චේන් එක. පෙන්ඩන්ට් එකක් තිබුණේ නෑ ඒකට. චේන් එක දාපු එයා අනිත් බොක්ස් එකෙන් එළියට ගත්තේ හාර්ට් හැඩයේ බ්‍රේස්ලට් එකක්. මං මේක කලින් දැක්කා. එයා වැලන්ටයින් එකට මට දෙන්න ගත්ත බ්‍රේස්ලට් එක.


"මේක වැලන්ටයින් එකට දෙන්ඩ ගත්තේ. අසනීප වුණ නිසා අමතක වුණා" හෙමිහිට කියපු එයා මගේ වම් අතට බ්‍රේස්ලට් එක දාලා ඔලුව අතගාලා, නළලට තොල් පෙති තියලා මාව තුරුලට කරගත්තේ.


"පරිස්සමට ඉන්ඩ එමී. එක්සෑම් ඉවර වුණ ගමන් එනවා. මං ආච්චි අම්මා එක්ක කතා කරලා ටිකට් බුක් කරන්නම්" ඔලුව අතගාලා කියපු එයා කාමරෙන් එළියට යන්න හැරුණේ.


"මාව අරන් මෙහෙන් යන්නේ ඇයි අයියා? එතකොට ආච්චි අම්මා තනි වෙනවනේ?" මං දුකින් වගේ කිව්වේ. හුස්මක් දාපු එයා මං ළඟට ආවේ.


"අපිට මෙහේ ඉන්ඩ ඕන වුණත් ඉන්ඩ බෑ එමී. තමුසෙගේ එරික් අංකල් අපිට ඒකට ඉඩ දෙන එකක් නෑ" එයා බර හඬකින් කිව්වේ.....


💚



Comment එකක් දාන් යන්නෝ... 

105 Comments 

 Comment

Send a Message



Report Page