EMY

EMY

Suha 😉

එමී (73 -කොටස) 2021/09/29


×

එමී (73 -කොටස) 2021/09/29

"තමුසේ මාව අවුලනවා එමී. කොහොමද මං නිවෙන්නේ තමුසේ ළඟ. ම්ම්..." හැඟීම්බර හඬකින් කියපු එයා ෂර්ට් එකට උඩ මගේ අත උඩින් ඒ අත තියලා තද කළේ.




"නිදාගන්ඩ. තමුසේ නිදි කරලා මං යන්ඩ ඕන" එයා කොණ්ඩේ අතරින් හරි සනීපෙට ඇගිලිතුඩු එහෙ මෙහේ අරන් යන ගමන් කිව්වේ. මං පපුවට මූණ ඔබාගෙන ඇස් පියාගත්තේ. නින්ඳ නාවත් මං ඇස් පියාගෙන ඒ උන්නා ඒ පපුතුරට වෙලා. සරින් සැරේ ඒ පපුව අල්ලන් හුරතල් වෙන මං ඇස් ඇරියේ හොර පූසි වගේ.




"මට යන්ඩ දෙන්නේ නැද්ද. ම්ම්...?" එයා අමාරුවෙන් වගේ රහසින් ඇහුවේ. ඒ වචනවලට පපුව හිරි වැටෙන මේ හැගීමට මං හරි ආසයි. මං කට උල් කරන් බෑ කියන්න වගේ බලාගෙන උන්නේ.




"දාලා යන්නෑ අරගෙන යන්නේ. සතියම මං ළඟ" එයා ලාවට හිනාවෙලා කිව්වේ.




"ආච්චි අම්මා කිව්වා දවස් දෙකෙන් එන්න කියලා" මං දුකින් වගේ කිව්වේ.




"මං ආච්චි අම්මා එක්ක කතා කරන්නම්" එයා කම්මුලක් මිරිකන ගමන් කිව්වේ. මොකුත් කිව්වේ නැති මං එයාගේ බෙල්ල වටේ අනෙක් අත දාලා ඇස් පියාගත්තේ.




නින්ද යාගෙන එන මට දැනෙනවා එයා මගේ ඔළුව අත ගගා හුස්ම දාන හඬ එයාට ලෝබ ඇති මාව දාලා යන්න. ටී ෂර්ට් එක ඇතුලෙන් එයාගේ පපුවට තියාගෙන උන්න අත හෙමිහිට ඈතට කරපු මං ළඟින් ඈතට වෙනවා මට දැනුණා. එයා යන්න හදනවද කොහෙද. ඊටත් පස්සේ බෙඩ්ෂීට් එක එහෙ මෙහේ වෙලා බිම වැදුණ කකුලට එයාගේ ඇගිලිතුඩු වල පහස දැනුණා. එයා කකුල දිහා බලනවද කොහෙද. ඇස් ඇරලා බලන්නමයි හිත. බෙඩ්ෂීට් එක ඇඟට දාපු එයා එළියට යනවා දැනෙද්දී මං හෙමිහිට ඇස් ඇරියේ. එයා කාමරේ දොරත් වහන් එළියට ගියේ. එයා එනකල් නිදාගන්න හිතාගෙන මං ගුලිවෙලා ඇස් පියාගත්තේ.




❤️




"එමී කෝ මගේ කෙල්ල" නින්දේ උන්න මට අහුණේ එයාගේ කටහඬ. ඇස් ඇරපු මගේ ඇස් ගැස්සිලා ගියේ ලයිට් එළියට. ඇස් පුංචි කරන් බලද්දී එයා ඇඳ ගාව. කළුපාට ෂර්ට් එකක් ඇදපු එයා ෂර්ට් එකේ අත වැලමිට ළඟට එනකල් උඩට ඇදලා, නිල්පාට ඩෙනිම් කලිසමක් ඇදලා, එක අතක කළුපාට ඔරලෝසුවක් බැදලා, එයා නාලා. ඒ රෝසපාට වෙච්ච කන්පෙති, වතුර තැවරිච්ච කොණ්ඩේ මට කිව්වා ඒක.




"යමු. ම්ම්.." එයා හෙමිහිට කියන ගමන් මං ළඟින් වාඩිවුණේ. මං අත්දෙක එහෙට මෙහෙට කර කර ඇඹරුණේ බෑ කියන්න වගේ.




"ගොඩාක් හවස් වෙලාද?" ඈනුමක් යවපු මං එහෙම අහන ගමන් කාමරේ පුරාම ඇස් යැව්වේ. ඔරලෝසුවක් නෑ පේන මානෙක. එයා අත ළං කලේ මට වෙලාව බලන්න වගේ. හය හමාරයි වෙලාව.




"අහ්.. මේ තරම් වෙලා ගිහින්ද?" මං ඇස් ලොකු කරන් ඇහුවේ.




"ම්ම්.." එයා මගේ කම්මුලක් මිරිකන ගමන් කිව්වේ.




"නෙට්බෝල් මැච් එක ඉවරද?ඔයාලා දින්නද?" මං ඇස් ලොකු කරන් ඇහුවේ.




"අපේ කෙල්ලෝ ටික සෙකන්ඩ් ප්ලේස්" එයා ලාවට හිනාවෙලා කිව්වේ.




"අපේ ස්කෝලේ අය?" මං කලබලෙන් ඇහුවේ.




"ටීම් දෙකක් එක්ක සෙල්ලන් කලා ඉවරයි" එයා නහය අකුලන් කිව්වේ. මමනම් ඉතින් කල්තියාම දැනන් හිටියේ කන වග.




"ඔයාට දුකයිද එක ගන්න බැරි වුණාට?" මං හෙමිහිට ඇහුවේ.




"නෑ බබා. අපේ කොල්ලෝ ටික දක්ෂයි. නෙක්ස්ට් ටයිම් එකේ ට්‍රයි කරනවා. කොහොමත් පලාත් තරඟ වලට සිලෙක්ට් වුණානේ" එයාගෙ වචනවල පිරිලා තිබුණ සතුට හොදටම තේරුණා මට.




"බස් එකේද යන්නේ අපි?" මං ආයේමත් අහන ගමන් එයාගේ ෂර්ට් එකට අත තිව්වේ.




"ම්ම්.. හත හමාරට සිරිපුරට බස් එකක් තියෙනවා. මං කෙල්ලෝ ටිකට බස් ස්ටෑන්ඩ් එකට යන්ඩ කියලා ආවේ. ටීම් එකේ ළමයගෙක්ගේ අම්මා කෙනෙක් ආවා. ඒ නිසා බය නැතුව තමුසේ ගන්ඩ ආවා" එයා හෙමිහිට කිව්වේ.




"මං ආසයි රෑට බස් එකේ යන්න. වීදුරුවෙන් එළිය බලාගෙන යන්න. මූණට එන හුළග විදින්න" මං ඇස් එහෙට මෙහෙට කර කර කියද්දී එයා ආසාවෙන් වගේ බලාගෙන ඉන්නවා.




"යමු. පරක්කු වේවි" එයා මගේ නලලට වැටිලා තිබුණ කොණ්ඩේ අතින් උඩට කරන ගමන් කිව්වේ.




"මට බස් එකේ පිටිපස්සෙම සීට් එකේ කොන ඕන. හැබැයි මායි ඔයයි විතරයි" මං කට උල් කර කර කියද්දී එයා ඇයි කියලා අහන්න වගේ මං දිහා බැලුවේ.




"මං ආසයි දඹුල්ලේ ඉදලා සිරිපුරට යනකල්..."මං ලැජ්ජ හිතිලා වගේ කතාව නතර කළේ.




"මොනවද. ම්ම්..?" එයා නලල රැලි කරන් ඇහුවේ.




"මේවට දිගම දිග හාදු දෙන්න. චුට්ටක්වත් නතර කරන්නේ නැතුව එක දිගටම" මං හුරතලෙන් වගේ කියද්දී එයා කටින් හුස්මක් අරන් මගේ ඇස්වලට එබුණේ.




"මම ආසයි මේ උකුලට වෙලා සිරිපුරට යනකල් මේවාගේ එල්ලිලා ඉන්ඩ" එයා ඇස් යවපු තැන කියන්නත් බෑ මට ලැජ්ජයි.




"ම්ම්.. දෙනවද මට?" එයා හැගීම්බර හඬකින් අහද්දී මං බිම බලාගෙන ඇඳෙන් නැගිටින්න ගියේ.




"කකුල" බිමට වැදුණ විළුඹට දැණුන වේදනාවට මං කට ඇද කරන් එයාගේ උරහිසට අත තිව්වේ. එයා අහක බලාගෙන හිනාවෙනවා.




"චංඩිය වගේ යන්ඩද හැදුවේ?" එහෙම අහපු එයා නැගිටලා මගේ කරවටේ අතදාලා මාව ළඟට කර ගත්තේ. එයා ළඟින් ආවේ රෝස සුවඳ. මට හුරුයි දැන් ඒ සුවඳ.




"මූණ සෝදගෙන ඇවිත් ලෑස්ති වෙන්ඩ" එහෙම කියන ගමන් මේසේ ළඟට ආපු එයා බෑග් එකෙන් මගේ ටූත් ෆේස් එක අතට දුන්නේ.




"මේ ඇදුම හොදයිනේ" මං ඇදන් උන්න ස්කට් එකට බ්ලවුස් එකට ඇස් යවන ගමන් මං කිව්වේ. මොකුත් කිව්වේ නැති එයා පුටු ඇන්දේ තිබුණ ටවල් එක අරගෙන මං එක්කම එළියට ආවේ. සහේලි අක්කගෙයි, තව අයියා කෙනෙකුගෙයි කටහඬ ඇහෙනවා මට. කුස්සිය ළඟට ආවම දැක්කේ සහේලි අක්කා රෑට උයනවා.




"මතීෂ" කුස්සියේ වාඩිවෙලා උන්න අයියා එක්ක කතා කරන ගමන් එයා මාව බාත්රූම් එක ළඟට එක්කගෙන ආවේ.




"බස් එක කීයටද මචං" මතීෂ අයියා එයාගෙන් අහද්දී මං බාත්රූම් එකට ආවේ. දත්මැදලා මූණ සෝදගත්ත මං එළියට එනකොටත් එයා මතීෂ අයියා එක්ක කතා කර කර දොරකඩ ගාව. මගේ කරවටේ අතදාලා ළඟට කර ගත්ත එයා අතේ තිබුණ ටවල් එක මං අතට දීලා කාමරේට ආවේ මතීෂ අයියා දිහා බලන ගමන්. බෑග් එකේ සාක්කුවක තිබුණ පනාව අරන් කොණ්ඩේ පීරගත්ත මං හෙමිහිට ඇවිදලා ගිහින් ඇඳෙන් වාඩිවෙද්දී එයා බෑග් එක පිළිවෙළ කරලා, මං උදේ අරන් ආපු පොඩි බෑග් එකත් එක්ක තව බෑග් එකක් රෙදි බෑග් එකටම ඔබලා උරහිසක දාගෙන මං ළඟට ආවේ. අනෙක් බෑග් එකේ තිබුණේ එයාගේ රෙදිද කොහෙද.




"යමු කෙල්ල" මගේ අතින් අල්ලලා මාව පපුවට වත්තන් කරන් සාලෙට ආපු එයා මතීෂ අයියට යන්නම් කියලා මං එක්ක එළියට ආවේ.




"පරිස්සමට මචං" ස්තෝප්පුවට ආපු මතීෂ අයියා සද්දෙට කියද්දී සහේලි අක්කත් එළියට ආවේ.




"අපි යන්නම් අක්කේ" මං හෙමිහිට කිව්වේ.




"පරිස්සමට නංගි" සහේලි අක්කා එහෙම කියද්දී මං එයා එක්ක පාරට ආවේ. පාරේ යන ත්‍රීවිල් එකකට අතදාපු එයා මාව ගොඩ කරන් බස් ස්ටෑන්ඩ් එකට ආවේ.




"මං කඩේකට ගිහින් මොනවා හරි අරන් එන්නම්. යද්දී බඩගිනී කියද්දී දෙන්ඩ දෙයක් ළඟ නෑනේ" ලාවට හිනාවක් දාලා කියපු එයා මාව එයාගේ ස්කෝලේ ළමයි ඉන්න තැනින් වාඩිකරවලා, බෑග් එක උකුලෙන් තියලා ඈතට ගියේ. ළමයි මං දිහා බලලා හිනාවෙලා ආයෙමත් පුරුදු විදියට කතා කරද්දී එයා පාර්සල් එකක් අරන් මං ළඟට ආවේ. උකුලේ තිබුණ බෑග් එකට පාර්සල් එක දාපු එයා බෑග් එක අරන් උරහිසක එල්ලගෙන අතේ බැදන් උන්න ඔරලෝසුව දිහා බැලුවේ. මං ළඟ හිටගෙන වටපිට බලන එයා දිහා බලපු මං හිනාවෙලා බිම බලාගත්තේ. එයා මගේනේ. විදින්න ආසම හැඟීමක් ඒක.




බස් එක එනකල් මං ළඟට වෙලා උන්න එයා ස්කෝලේ ළමයි ටික බස් එකට ගොඩවෙනකල් ඉදලා මට ළං වුණේ.




"ටොයිලට් එකට යන්ඩ ඕනද. ම්ම්..?" එයා හෙමිහිට ඇහුවේ. මං නෑ කියන්න වගේ ඔළුව වැනුවේ. ලාවට හිනාවුණ එයා මගේ අතින් අල්ලන් බස් එකට ගොඩවුණේ. බස් එකේ නෑ ඒ තරම් සෙනගක්. ළමයි හැමෝම බස් එකේ මැද සීට්වල වාඩිවෙලා උන්නේ. පිටිපස්සේ සීට් එක හිස්. මං එයා දිහා බැලුවේ මං දිනුවා කියන්න වගේ. බස් එකේ එයාගේ ස්කෝලේ ළමයි ටික හැරුණම හිටියේ තව හතර පස් දෙනෙක් විතරයි.




මාව පිටිපස්සේ සීට් එකේ කොනින් වාඩි කරවපු එයා බෑග් එක වුඩ්රැක් එකට දාලා මං ළඟින් වාඩිවුණේ. බස් එකේ වීදුරුව ළඟ දාලා තිබුණ රතුපාට කර්ට්න් එක ඈතට කරපු මං වීදුරුව අරින්න හදනකොට එයා බස් එකේ තිබුණ ඒ සී එක පෙන්නුවේ. මං දුක හිතිලා වගේ වීදුරුවට කම්මුලක් තිව්වේ.




"මෙහෙම පාර පේනවනේ. ම්ම්.." එයා කර්ට්න් එක තවත් ඈතට කරන ගමන් කිව්වේ.




"නිදාගන්නකොට ඒසී ඕන වුණාට බස් වල යනකොට කැමති නෑ. මට සීතල එනවා" මං දුක හිතිලා වගේ කිව්වේ. යටිතොල හපාගෙන මං දිහා බලාගෙන හිටපු එයා මගේ කරවටේ අතදාලා ළඟට ගන්නත් හදලා එයාගේ ස්කෝලේ ළමයි සැරින් සැරේ පස්ස හැරි හැරී බලපු නිසාද කොහෙද එහෙම කලේ නැතුව බස් එකේ ඉස්සරහා ඇන්දට අත්දෙක තියලා බෙල්ල ඇල කරලා මං දිහා බැලුවේ.




"මං ඉද්දී සීතල වේවිද?" එයා හෙමිහිට වුණත් දගකාර හඬකින් ඇහුවේ.




"දන්නෑ" මං හෙමිහිට කිව්වේ.




"දැනගනීවි ඉක්මනට" එහෙම කියපු එයා අහක බලාගෙන හිනාවෙනවා.




බස් එක ඉස්සරහට ගන්නකල්ම බෙල්ල ඇල කරන් මං දිහා බලාගෙන උන්න එයා මගේ කරවටේ අතදාලා මාව ඒ පපුවට කර ගත්තේ මාව හිරිවැටිලා යද්දී. බස් එකේ ලයිට් ඕෆ් කරලා ලාවට පොඩි එලියක් විතරක් ඉතුරු වෙද්දී මං ඒ ඇස් දිහා බැලුවේ. ඒ ඇස් මාව ගිලීවි දවසක. ඒ බැල්ම මාව නිවාවි අඩු නැතුව හැමදාම.




බස් එක ලාවට සීතල වෙලා. කවුරුත් නෑ දැන් අපි දිහා බලන්නේ. මං එයාගේ පපුවේ පැත්තකට කම්මුලක් තියාගෙන එක අතකින් එයාගේ ෂර්ට් එකේ උඩ විවර වෙච්ච බොත්තන් අතරින් අත ඇතුලට අරගෙන ඇවිත් චේන් එක අල්ලා ගත්තේ.




"අයියා" මං හෙමිහිට කතා කරද්දී කොන්දොස්තර ටිකට් කඩන්න ආවේ. මාව ඈතට කරපු එයා පොඩ්ඩක් උඩට ඉස්සිලා කලිසමේ පිට සාක්කුවේ තිබුණ පර්ස් එක අරන් හැමෝටම බස් ටිකට් ගත්තේ.




"මෙන්න මල්ලි ඉතුරුව" එහෙම කියපු කොන්දොස්තර ඉතුරු සල්ලි එයා අතට දීලා ගියාම එයා ඉතුරු සල්ලි පර්ස් එකට ඔබාගෙන මගේ කරවටේ අතදාලා මාව ළඟට කර ගත්තේ.




"කකුල රිදෙනවද?" එයා ඔළුව අතගාලා ඇහුවේ.




"නෑ.."මං එයාගේ ෂර්ට් එකේ බොත්තන්වලින් ඇද ඇද කිව්වේ.




"උකුලට ගන්ඩද?" බස් එක මගක් දුර ආවම එයා හෙමිහිට ඇහුවේ. එතකොට වෙලාව එකොලහට කිට්ටුද කොහෙද. සමහර ළමයි සීට් එකටම බෙල්ල ඇල කරන් නිදි. මං හා කිව්වේ වෙවුලද්දී. මගේ බදවටේ අතදාලා මාව උකුලෙන් වාඩි කරව ගත්ත එයා මගේ ඔළුව ඒ පපුවට හාන්සි කර ගත්තේ. කකුල් දෙක එක පැත්තකට දාන් උන්න මං එයාගේ ෂර්ට් එකේ බොත්තන් එකින් එක ගලවද්දී එයා හයියෙන් හුස්ම අල්ලනවා.




"ඇයි ම්ම්..?" එයා හෙමිහිට අහද්දී මං එයාගේ රෝමපිරුනු පපුතුරට තොල්පෙති තියාගෙන ඇස් පියාගත්තේ. එයා අමාරුවෙන් හුස්ම අල්ලන හඬ එක්ක ඔළුව උස් කරපු මං එයාගේ බෙල්ල බදාගෙන ගෙලපාමුලට තොල්පෙති තියලා ඉරුවේ දරාගෙන ඉන්න බැරි හැඟීම් ගොඩාක් මට ඉඟි කරද්දී. කුළුඳුළේ හිතට එන හැගීම් හරි ලස්සනයි. එකම එක හිතක් ළඟම විතරක් සදහටම නැවතිලා ඒ හැගීම විදින්න ලැබෙනවනම් හැම කෙල්ලම හරි වාසනාවන්තයි.




"ප්ලීස් එමී නතර කරන්ඩ" එයා උගුරයටින් වගේ කිව්වේ. බෑ මට ඒ පහසෙන් මිදෙන්න.




"කොහොමද ඉවසන්නේ ආ.. මං තමුසෙට මොනවා කරාවිද දන්නෑ එමී" කෙදිරිගාල වගේ කියපු එයා...



Report Page