EMOTION

EMOTION

Chathurinee Bhagya Attanayake

 

   'ඩැෆෝඩිල්' මලින් බර වෙමින් තිබූ වසන්තය නිමා වීමත් සමග පලා පෑ දළු, මෝරා පත්‍ර විලසින් තැම්බු කහට පිරි අරළු ගෙඩියක මෙන් කහ පැහැයට හැරෙමින් ගහෙන් වැටෙන්නට ඔන්න මෙන්නය.සමහරක් පාරේ දෙපස බිම ඔහේ වැටී තිබිණි.කහ පැහැ පත්‍ර මෙන්ම ගුරු පැහැ රත් පත්‍රද සමහරක් ගස් හැඩ කර තිබිණි.බිම වැටුණු පත්‍ර අතර 'මේපල්' විශේෂයෙහිලා විය.අවරට යන්න බලන් ඉන්න මලානික හිරුගේ එළියත් එක්ක ඒ හැන්දෑව එකක්ය. හිරු අවරට වුවත් අහසේ වූ පැහැදිලි සුදු පැහැ හීනි නිල නිසාවෙන්ම තද දුඹුරු කඳැති ඉහළ රැදුණු කහ, රතු පත්‍ර පිරුණු රූස්ස ගස් සහිත දුඹුරු පෑ සියලු දෘෂ්ටික වස්තූන් සහිත දුඹුරුම වුන හැන්දෑවට ගෙනාවේ හරි ලස්සන පසුතල දර්ශනයක්.වාහනයක සද්දයක් හෝ මිනිහෙක්ගෙ එකදු අඩි හඩක් හෝරා කීපයකට වතාවක්ම ඇහෙන්නා වු නිසාවෙන්ම මේ පාළු නිදහස් බේකර් වීදියත් , මහා පෝලන්ත වීදියත් අතර වුණු රෙජන්ට්ස් පාර්ක්හි කාපට්කරපු පාර තනි රැක්කෙ කළු පාටින් ගස් දෙපස යාර කිහිපයකට එකකට එකක් එහායින් හදල තිබ්බ බෙන්ච් වලින් විතරයි.


ඉතිං, තුන් හෝරාවක් ගෙවී ගියත් පාලු එක්තරා බෙන්ච් එකක කළු පොකට් කලිසමක් සහ අළු පෑ කොට්න් ෆ්ලීස් හූඩි වර්ගයෙ ජැකට් එකකින් සැරසී , කළු පැහැතිම වූ හෙඩ්පෝනයක් ගෙලෙහි රුවාගත්, තඹ පැහැ දුඹුරු කැරැළ් වූ කොණ්ඩයකින් හෙබි, සුළු අව්වටත් රතු වෙන සමක් හිමි සාමාන්‍ය මහතකින් යුත් හීන්දෑරි නමින්  ' මෙවෙන් ඇන්ඩ්‍රර්සන් ' සුදු ජාතික ආඩම්බරකාර තරුණයෙකු මුහුණ ඉළට හරවමින් පුටු ඇන්දෙ තබා ගනිමින් වැසුණු දෙඇසින් නිමක් නැති කලපනාවක යෙදෙමින් සිටී.දැවමය බෙන්ච් එකට පසින් ස්වාමියාගේ තනි රකින්නට මෙන් සුදු ලෝම කඩා හැලෙන ඇමරිකානු එස්කිමෝ වර්ගයෙ සුරතල් සුනඛයෙකු ද ඔහේ බලා ගෙන ඉන්නට විය.ග්‍රීස්මය කොච්චර වුව ද එංගලන්තිකයින්ට නොවරදින හූඩී ජකට් එක විනිවිද ගිහින් දාඩිය බිදු කොච්චර ගැලුවත් තෙරක් නොපෙනෙන කල්පනාවක වුණු මේ තරුණයා හදිසියෙ ගැස්සිලා ඇහැරුණෙ නටුවෙන් ගිලිහුණු අලුත්ම නාඹර රන් කහ පෑ මේපල් කොළයක් තමන්ගෙ දණහිසට වැටුණ බව ඇගවෙද්දිමයි.මේපල් කොළය සීරුවෙන් අතට ගත්තු මෙවෙන්ගෙ මූණේ ඇදුනේ අර ඈත කොණක මන්දාකිණියක දිලිසෙන ඇස්ටොරයිඩයකවත් නැති කැටයම් දාපූ ආඩම්බරකාර ඇට්ටර තුනී කට කොනක හිනාවක්. 


' හරියට ඔයා වගෙ ' මේපල් කොළය දිහා බලන් කොළය අයිති ගසේ උඩට නෙතු යොමපු ඔහු සිතින් මිමිණුවා. 


' පැද්දී පැද්දී කෑ ගගහ දගල දගල ඉදල අන්තිමට ආයෙමත් මං ළග පූස් පැටියෙක් වගෙ නතර වෙනවා තේරුම් ගියාම . හරියට හුළගට ඔහේ හැප්පී හැප්පී හිටිය , මේපල් ගහට ඇති වුණාම මේ කොළේ බිම වැට්ටුවා වගේ . ' එවෙන්ගෙ සිතුවිලි නිමක් නැත.


" චහ් " මුවින් අකමැති ශබ්දයක් නගමින් මේපල් කොළය පොඩි වී යන ලෙස සුරතේ තද කර ඈතට විසි කර ක්ෂණයෙන් නැගී සිටි ඔහු 


'පරණ පරවුණු දේවල් මට වැඩක් නෑ.' යනුවෙන් ඇසෙන නොඇසෙන ගණනට මුමුණා බර අඩි තබමින් එහෙත් කල්බනාබරිතව දෙඅත් කලිසමෙහි සාක්කු තුළ යොමමින් රෙජන්ට්ස් පාර්ක් වෙත සමු දෙන්නට වූයේ අසුරක් ගසමින් තම සුරතලාට ද තමා පසු පස එන ලෙස පවසමින්ය.

 🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂         


' ඇතුල්වීම - රෙජන්ට්ස් පාර්ක් දුම්රිය ස්ථානය

 පිටවීම   - වෙස්මිනිස්ටර් දුම්රිය ස්ථානය ' 

 ප්‍රවේශ පත්‍රයේ තිබ්බෙ එහෙම.


මිනිත්තු කීපෙකින් ආපු විදුලි දුම්රියට එවෙන් ගොඩ උනේ නිදහසේ වීදුරුවට හිස ඇල කරන් යන්න පුළුවන් ජනේලයක් ළග ඉඩක් අල්ල ගන්නමයි.


පාර්ක් එකේ ඉදලා වෙස්මිනිස්ටර් නගරයට යන්න ගතවෙන්නෙ මිනිත්තු විස්සක් වුණාට ඔහුට ඒ විනාඩි විස්සත් දැනුනෙ කල්පයක් ගානට.හරියට තරුවක් කඩාවැටෙන ආලෝක වර්ෂ මිලියන ගණන් අධික වෙලාවක්.නිල් කොළ එක්ක කහ දුඹුරු මික්ස් වුණු ජනේලේ වීදුරුවෙන් පේන තමන්ගෙ හේසල් ඇස් දිහා බලන් එවෙන් හිතුවෙ හිත දුර ඈතක තියාගෙන.


ඔව් එදා මේ වගෙ අදුරු මූසල ඍතුවක් නෙමේ. රෝස පාට ඇසෙලියා මලින් පිරුණු ආදරය, ආලෝකය විතරක්ම ගෙනාපු ලස්සනම වසන්තයක උදෑසනක්.


කලබලෙන් ඔක්ස්ෆර්ඩ් හංදියෙන් අඩිඅඩි තිය තිය තමන් අද පරක්කු වුන හේතුවත් හිතෙන් හොයමින් එවෙන් යන්නෙ ඔක්ස්වර්ඩ් විශ්ව විද්‍යාලයට.


 කොහොම හරි බර අඩි තියල විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ශාලාවෙ උදෑසන දේශනයට වාඩ් වෙලා ආයෙත් ආපනශාලාවට යද්දි මැග්ඩලන් ශාලාව ළගදි මෙවෙන් ට ඇහුණේ තමන්ගෙ නමට කෑ ගහල කතා කරනවා.


"හහ්.හහ්..... හම්මෝ ඔයාට කන් ඇහෙන්නේ නැද්ද මෙවෙන් ? මට ඔයා පස්සෙන් දුවලම හති " හති අරිමින් දණහිස් දෙකට අත් තබා උදරයෙන් පහළට නැමෙමින් එහෙම කිව්වෙ කළු සමැති කැරැළි කොණ්ඩයක් හිමි අප්‍රිකානු හීන්දෑරි යුවතියක්.

ඇත්ත එහෙම කියලා ඈ දණහිසට නිදහස දීලා ඔළුව උස්සද්දී තමන්ගෙ ඇස් ගැස්සුනා වගේම ඒ ඇසුත් ගැස්සුනා මතකයි.පස්සෙයි දන්නෙ ඒ ඇස් ගැස්සුනෙ තමන්ගෙ හේසල් ඇස් නිසා කියලා.


" වෝව්! නෝ. ඊස් දිස් යෝර් අයිස් ? " අද වගෙ මතකයි. මේ හැමදේටම මුල් වුන පටන් ගැන්මට මූල වුනු වචන ඇය අවිශ්වාසකින් වගෙ පුදුමය පිරුණු මුහුනක් හදා ගෙන අහපු හැටි.


'ප්ලීස් ජීසස්.ගිව් මී ද එන්ඩොරෙන්ස් ෆො දිස් එව්රිතින්ග්ස් ' මූණ දෙපැත්තට වනලා අර හැමදාම වචන වලින් නිහඩ වුණු ඒත් හිත හැමදාම දොඩමලු වුනු එවන් හැමදේම එපා වුණ විදිහට සිතින් මිමිණුවේ අතීතාවර්ජනයෙන් බැහැර වෙන්න කියල දුම්රිය වෙස්මිනිස්ටර් වලට ළගා වුන සිග්නල් එක මෙවෙන්ට මතක් කරල දෙන ගමන්.


🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺


' ඇමාරා රෆායෙල් ' විවාහ මංගල පතෙහි වෙනත් තරුණයෙක්ගෙ නමක් එක්ක තිබ්බෙ ඒ නම . අප්‍රිකානු කළු යුවතිය.දුම් පයිප්පෙක දුම් සීරුවට මුදාහරිමින් මෙවන් තමන්ගෙ කාමරේ සැප පුටුක ඈදි වෙලා හරව හරව බැලුවෙ ඒ කාඩ්පත. මතකයි එදා ඇයව යන්න ආසයිම කිව්ව හින්දා ' වෙස්මිනිස්ටර් ඇබේ ' දේවස්ථානය ට එක්කන් ගිය හැටි.


"අනේ ඇන්ඩ්‍රෝ , මොකක්ද අනේ අපි යමුකෝ චර්ච් එකට " . විශ්ව විද්‍යාලයෙන් පිට මෙච්චර වෙලාම මෙවෙන්ගෙ උරහිසේ බාහුවක එල්ලිලා කෝච්චියක් වගෙ කියව කියව ආව ඇමාරා එහෙම කිව්වෙ තමන්ගෙ යාළුවො කතා වුණ චර්ච් එක ගැන එකපාරටම මතක් වෙලා.


 " ම් "

ඒක අහපු මෙවෙන් ඉරියව්වක හෝ ඇස් පිල්ලක කිසි සෙලවීමක් නොදී කිසිම හදිසියක් නැතිව ඇමාරා දිහා ටික වෙලාවක් බලන් ඉදල ඇහි පිහාටු පාත් කරලා ආයෙත් ඉස්සරහ බලා ගත්තා.


' මොකක් ද ම් කියන්නෙ. එක්කන් යනවද මාව ? ඈහ් ඇන්ඩ්‍රෝ මෙච්චර වෙලා ඔයා මං කියපු දේවල් අහන් නෙමේද හිටියෙ ? 


' ඔප්ස් . මෙච්චර මන් කියවලත් " 

 නුරුස්සනා බැල්මකින් එක දිගට මෙවෙන්ට කිව්වෙ තදින්.


ඉස්සෙල්ලා මේ ආඩම්බරකාර පිරිමියා ' එක්කන් යන්නම් . හා ' කියල ඇහි පිහාටු පාත් කරල දීපු සිග්නල් එක ඇමාරා දැකලා නෑ. නැත්නම් නිහඩ පිරිමියෙක්ගෙ කතා කරන ඒ ඉරියව් කියවන්න ඇය දන්නෙ නෑ.ඔව්. ආඩම්බරකාර චරිත කියවන්න , ඒ ඇස් කියවන්න ඇමාරා දන්නෙ නෑ.


ඉතිං, මේ කටකාර කෙල්ලට තමන් දීපු ඉගිය නොතේරිලා තියෙන නිසාම මෙවෙන් ට මෙදා කට අරින්නම වුණා.

 

" මම කිව්වෙ එක්කන් යන්නම් කියල " 


" වෝව්.තෑන්ක් යූ හැන්ස්සම් " ආරංචිය අහපු ඇමාරාගෙ ඇස් දිලිසුනෙ බලන් ඉද්දිමයි.ඒ කරල මෙවෙන්ගෙ රැවුල් කොට වැවුණ දකුණු කොපුලට ලොකු හාද්දදක් දුන්නෙ මෙවෙන් ඇස් හීන් කරල කට කොනකින් හිනාවකින් හිස අහසට කරල අහක බලා ගනිද්දියි.


ඉතිං, එදා අන්තිමට දෙන්නා නතර වුනෙ ඇබේ දේවස්තානයෙ.ඇමාරා අල්තාරය ළග දණ හොවාගෙන ඉද්දි මෙවෙන් හිටියේ බංකු පේළියේ කොණකින් ඇමාරා දිහාම ඇහිපිල්ලමක් නොගහ බලාගෙනයි.


කාලය ට තටු ආව අපූරුව.


එදා තමන් පළවෙනි වතාවෙම තමන් ඇමාරව ගෙනිච්ච ඇබේ දේවස්ථානයයේම නුදුරු දවසක ඇගෙ විවාහ මංගලෝත්සවය පැවැත්වෙවි ඒකත් තමන්ගෙ අතගැලි එක්ක නෙමේ වෙන තරුණයෙක් එක්ක.


"හ්ම් හ්! " පොළොව උහුලන් ඉන්න බරටත් වැඩියෙන් බර තියෙන ලොකුම ලොකු හුස්මක් ගර්ත , කෝෂිකා,කර්ණිකා ඔක්කොම කඩා ගෙන තරමට ඉහළට අරන් පහත හෙලුවේ, ඇමාරාට කවදාවත් කියවන්න බැරි වුණ ඇස් දෙකෙ ලා තුනී කදුළු පටලයක් බැදෙද්දි ගැඹුරුම නිහඩ ප්‍රේමයක් දරා ගෙන ඒත් හැමදාම හිතෙන් දොඩමලු වුණ මෙවෙන්ගෙ අඩන හිත එක්කමයි.


🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂


හැමෝටම මෙවෙන් වුණ තමන්ව ' ඇන්ඩ්‍රසර්න් ' නමින් ඇමාරට විතරමයි ' ඇන්ඩ්‍රෝ ' වුණෙ.


ඇමාරා කියන්නෙ කටකාර දගකාරියක්. කොයිවෙලෙත් ඒ කටට නිවනක් නෑ.මෙවෙන් ඒකෙ අනිත් පැත්ත. එයාගෙ න් වචන ගන්න පුළුවන් අවාරෙට වැටෙන පොල් වගෙ. මෙවෙන් ගෙ කට හඩ අහන්න පෙරුම් පුරන්න ඕන.හැබැයි දෙයියෝ ඒකටත් එක්ක මායම්කාර කතා කරන ඉගි බිගි වැඩියෙනුත් එක්කම දීලා තිබ්බා.


 "ඇන්ඩ්‍රෝ කන් ඇහෙන්නෙ නැද්ද ? " හයිඩ් පාර්ක් එකේ දවසක් දෙන්නා බෙන්ච් එකක වාඩි වෙලා ඉද්දි , කොහේදෝ දුරක ඇස් තියන් හිටපු මෙවෙන්ගෙන් ඇහුවෙ ඇමාරා.


 'මොකද , අර කෙල්ලො දෙන්නා ලස්සන ද ? " ඔච්චමට මූණ හදන් ඉදිරි බංකුව පෙන්නල ඈ ඇසුවෙ තරහින්. මෙවෙන් දිගු කාලයක්ම එකම රේඛාවක් හෝ නොපෙනෙන්න හුදු ජායාවකවත් නොසැලී බලන් හිටියෙත් ඒ දෙසම නිසා නිශ්චල භාවනාවට සමු දීලා ඇරුණු ඇහි පිහාටු වලට විරාමයක් දෙන්න ඇහිපිල්ලමක් ගහල ඇමාරා දිහා බැලුවෙ හිස ඔසවලා.


ඇත්ත.දෙවියෝ ගැහැනුන්ට ඇබින්දක්වත් හිතන්නවත් නොදී කියවන් යන්න කටක් දුන්නට පිරිමින්ව මැව්වෙ, එකම දෙයක් දිහා කිසිදු සිතුවිලිලක් හෝ නොඑන්නට වරු ගාණක් ඔහේ බලා ගෙන ඉන්න පුළුවන් දෑසක් බව. ඇමාරාට නොවැටහුණා. ගැහැණු හැමෝම හිතුවේ එහෙම එක දෙයක් දිහා දිගට ඔහේ කල්පනා කරනවා වගෙ බලන් ඉන්න තමන්ගෙ හැම පිරිමියා ම වෙන ගැහැණුන් ගැන හිතනවා කියල. ඇමාරටත් වුණෙ ඒක.කිසිම බරපතලක් නැතිව, හුරතලෙන් දගකාර වුණ ඇමාරට පිරිමි හිත් කියවන්න බැරි වුණා.


"දැන් මන් කිව්ව දේවල් ඇහුණද " ඇය ආයෙත් හෙමින් ඇහුවා.


ඇමාරා දිහා ටික වෙලාවක් බලන් හිටිය මෙවෙන් අන්තිමට ඇය මෙච්චර වෙලා කියවපු හැමදේම එකක් නෑර කිව්වා.


" අන්බීලිවබල් , මන් හිතුවෙ ඔයා අහන් හිටියෙ නැහැයි කියල.මොනවද අරදෙන්නා දිහා බලන් හිතුවෙ ? " පුදුමය එක්ක හීනී ඊර්ෂ්‍යාව කින් ආයෙත් අර කෙල්ලො දෙන්නා පෙන්නල ඇමාරා ආයෙත් ඇහුවා.

මෙවෙන් කළේ හිනා වුන එක විතරයි.ඒත් ඇයට කවදාවත් තේරුම් ගන්න බැරි වුණා කෙල්ලො දෙන්නා දිහා බලන් හිටපු දෑස් හිස් කඩදාසියක් බව, එවෙලේ තිබ්බෙ හිස් සිතුවිලි සහිත මනසක් බව.කොටින්ම ඇයට දෙවියන් වහන්සේ පිරිමි, ගැහැණු මවල එයාලට දුන්නු එකිනෙකට වෙනස් කම් ඇමාරාට අමතක වුණා.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂


" වට් හැපන්ඩ් මෙවෙන් ? ඔයා හරිම බෝරින් නෙ. ටිකක් සෝෂල් වෙන්නකො "


" කතා කරන්න . ටිකක් ටෝකටිව් වෙන්න මෙවෙන් " හැමදාම ඇන්ඩ්‍රෝ විතරක්ම වුණ ඇයට තමන්ව මෙවෙන් වුනෙ අනිත් අයට වගේම විශ්ව විද්‍යාලයට නවක ශිෂ්‍ය කණ්ඩායමක් ආවට පස්සෙ


මෙවෙන් , එදා හොදටම කේන්ති ගිහිං හිටිය ඇමාරාගෙ දකුණු උරහිස එක දිගට පිරිමැද්දා.


"වට් ද හෙල් ඔෆ් දිස් ? මට ඔයාගෙ මේ ඉගි බිගි තේරන්නෑ " නොරිස්සමෙන් තමන්ගෙ උරහිස උඩ තිබ්බ මෙවෙන් ගෙ අත විසි කරල ඇමාරා කෑ ගැහුවා.


ඇයට එදා තේරුම් ගන්න බැරි වුණා. මෙවෙන් උරහිස එක දිගට පිරිමැද්දෙ ඇයව සන්සුන් කරන්න කියල.ඇයට ඒ පිරිමි හිත කියවන්න එදත් බැරි වුණා. 


ඒ එක දවසක්.

එදාට පස්සෙ තරහ වෙලා ආයෙත් ඇමාරා මෙවෙන් ළගට ආවා . ඊට පස්සේ නිහඩ ආදර කාර්තූ වගේම කුණාටු චණ්ඩ කාර්තූත් දෙන්නා අතර ගෙවුණා.


" ප්ලීස් මෙවෙන් , බලන්න අර මිචෙල් . එයා කොච්චර ටෝකටිව් ද ? " 

 මිචෙල්. මිචෙල් . මිචෙල්.ඊට පස්සෙ ගෙවුණු හුගක් කතා බහ වල ඇමාරගෙ කටේ තිබ්බෙ ඒ නම විතරමයි.


" නෝ ඇමාරා . ඔයා කිව්වට ඔය දෙන්නා අතර තියෙන්නෙ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් කියල. මට හිතෙන්නේ ඒක එහෙම නෙමේ. ප්ලීස් ඇමාරා ඕක නවත්වන්න " අන්තිමට මෙවෙන් ජීවිතේ පළවෙනි වතාවට හුගක් කතා කළා.


ඊට පස්සේ නිහඩව ගෙවුණා.ඇමාරා ආයෙත් තරහ වුනා.මෙවෙන් මුණ ගැහෙන එක නතර කළා.


" අනේ බලන්න මෙවෙන්, ඔයා වගෙ නෙමේ මිචෙල් . මන් පොඩ්ඩක් හුරතල් වෙන්න ගියාම මාව නෝ කෙයාර් කරනව " ඉස්සර මෙවෙන් ළග හුගක් හුරතල් වුන ඇමාරා මිචෙල් එයාව හුරතල් නොකරන කොට ආයේ මෙවෙන්ගෙ ආදරේ තේරුම් අරන් මෙවෙන් ගාවට ඇවිත් නෝක්කාඩු කියනව.


" මිචෙල් , හැම තිස්සෙම මා එක්ක මන් කියවන ඒවා අහන් ඉදල කතා කරනවා. අපි හුගක් දේවල් කතා කළා." 'හුගක් ' කියන වචනේ බර කරල කියන ඇමාරා ආයෙත් දවසක මිචෙල් ගෙ හොද කියමින් මෙවෙන් ව කෙම්පෙයාර් කරනව.


ඒත් ඇමාරා දැනන් හිටියෙ නැති එක දෙයක් තියෙනවා. මෙවෙන් නොකිව්වට හිතෙන් තනියම ඇමාරා එක්ක ගෙවෙන අනාගත ගැන සිහින මැව්වා කියන එක.මෙවෙනුත් , ඇමාරා එක්ක ' හුගක් ' දේවල් කතා කරන්න හිතන් හිටියා කියන එක.


එහෙම එහෙම ඇමාරා හිතුන හිතුන වෙලාවට මෙවෙන් ළගට එන්නත් එපා උනාම මිචෙල් ළගටත් සැරි සරන්නට වුණා.

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

අන්තිමට දිග අතුරුදහන් වීමකට පස්සෙ ඇමාරා මිචෙල් ගෙ අතක් තමන්ගෙ අතේ වෙලාගෙන මෙවෙන් ව හම්බෙන්න ආවා. තමන්ගෙ යි මිචෙල්ගෙයි විවාහ ආරාධනා පත්‍රය අරන්.


 " අයිම් සොරි මෙවෙන්.මිචෙල්ගෙයි මායි අතර යාළුකමට එහා ගිය රිලේෂන්ෂිප් එකක් තිබුණා " අන්තිමට ඇමාරා හිනාවෙලා කිව්වෙ සොරි කියන අකූරු දෙක විතරමයි.ඒකත් හිනා වෙලා කිවේ.වෙන කියන්න කිසි දෙයක් නැහැ ඇමාරට.අඩුම තරමේ මෙවෙන් ගැන පුංචිම පසුතැවීමක්වත් තිබ්බෙ නෑ ඒ මූණෙ. 


" මාත් ඔයා එක්ක ' හුගක් ' දේවල් කතා කරන්න ලෑස්ති වුණා , ඇමෝ.... ම්...ම්.. මතකද ඔයා ඒ හැම වෙලාවකම මාව නවත්තලා , අපි පස්සෙ කතා කරමුකො කියල ඔයාගේ ඔය කෝච්චිය වගේ එකදිගට කියවන් ගිය කතාව කන්ටිනියු කරන් ගියා ." අන්තිම වතාවට මිචෙලුයි,ඇමාරගෙයි එකට බැදුනු අත් දිහා බලල එදා ඇමාරා කිව්ව වගේම ' හුගක් ' කියන වචනේ බර කරල , හැමදාම පපුවක් පිරෙන්නම ආදරය පුරෝ ගත්ත , තමන් තනියමම කරපු ඇමාරට කවදාවත් නොතේරුණු නිහඩ ආදරය දරාගෙන අර ලස්සනම ගැඹුරු කට හඩින් හැමදාම ඇමරාට කතා කරපු විදිහටම ආදරෙන් ' ඇමෝ ' කියල කතා කළා.


ඒ ගිය අවුරුදු පහක මතකයක්.ඔය අතර ඇමාරා අසනීප වුණාම බලා ගත්ත තැන්, කන්න අරන්දීපු , අත් කැඩෙනකම් බරට මලු පිරෙව්ව ෂොපින් කරපු , රත්තරනින් නාවපු, පරිස්සම් කරපු තැන් හුගක් තිබ්බා.බොරෝ මාර්කට්, ටවර් බ්‍රිජ්,වින්ඩ්සර් මාළිගාව ඒ මතකයන් අතර කීපයක්..


අමිහිරිම මතකයන් අතර බේකර් වීදියේ අයිවි අවන්හල තුළ හදවත හැඩ රටා දැමූ කැපචිනෝ කෝප්පය දිහා බලන් ඉන්නකොට බිග්බෙන් ඔරලෝසුවේ මධ්‍යහන 12 ලබපු බව ඇගවීමත් සමග මෙවෙන් අවන්හලෙන් එළියටආවා .

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

 

 එදා අන්තිම හමුවෙදි දරා ගෙන හිටියත් මෙවෙන්ගෙ හිත අඩපු තරම් දන්නෙ මෙවෙන්ගෙ කාමරයේ තිබ්බ සිගරට් අළු බදුන විතරයි.


ඇමාරාට වැරදුනා.අප්‍රිකානු, යුරෝප, ආසියානු මේ හැම එකාටම මේ ධර්මතාවය පොදුයි කියල.දෙවියො ඒ හැම ජාතිකයන්ගෙම ගැහැණු පිරිමි මනස් වෙනස් පරාස දෙකකට මැව්ව බව.දරා ගෙන නිහඩව ආදරය කරන ප්‍රේමවන්තයන්ගෙ ප්‍රේමයේ ගැඹුර,පිරිමි හිත් කියවන්න ඇමාරා දන්නෙ නෑ.පිරිමි හිත් කියවන්නත් හොද ගැහැණු ඉවක් ඕනි.එක්කො ඒ ගැහැණු ඉව ඇමාරට පිහිටල නෑ. මන් දන්නෙ මෙච්චරයි පිරිමි හිතකට එබිලා කියෙව්වොත් ඒක තමා ලෝකේ තියෙන ලස්සනම කවිය.


මම හිටියේ රෙජන්ට්ස් පාර්ක් එකේ මෙවෙන් හිටිය බෙන්ච් එකට පිටි පස්සේ බෙන්ච් එකේ.ඒකයි මන් මෙවෙන්ව මෙච්චර ලස්සනට කියෙව්වෙ.සමහර විට මම මෙවෙන්ගෙ හැගීම් කියවන්න එයාව ෆලෝ කරන්නත් ඇති.


ආහ්. ඇමාරට අමතක වුන දෙයක් මට මතක් උනා .

 


    " ඔබ අල්ප බැල්මකින් කල්පයක් මා අවුලවන...

ස්වල්ප ප්‍රේමයක් පෙන්වා මෙට්‍රික් තොගය සගවන ...


කොච්චරද ඇහුවම කොච්චරක්වත් නෑ කියන


හෙන ගහනවද ආදරෙයි නම් ආදරෙයි කිවවම " 

 ඇමාරා නොදැක්ක මම යි, යේෂා ෆර්නෑන්ඩුයි විතරක්ම දැක්ක නපුරන්ගෙ නපුරු මිලෙන් අධිකම ආදරය යේෂාගෙ කවියකින් ලියලම මගෙ ඩයරිය වැහුවා.


චත්තා/චතූ 🖊️


    

ලන්ඩනයේ ඇත්තම රෙජන්ට්ස් පාර්ක් එක
බේකර් වීදිය
මෙවෙන් කෝච්චියේ යන ගමන්
ඇමාරා රැෆායෙලූ්
බේකර් වීදියේ ඇත්තටම අයිවි අවන්හල










Report Page