DREAM🖤

DREAM🖤

🖤Ⓣⓐⓢⓗⓐⓝⓘ🖤

" අර එකොලහ වසරේ ළමයෙක් තමයි එනවුනස් කරන්නේ.


හැබැට කියන්න දක්ශ කොල්ලා.. හැමදාම පන්තියේ පලවෙනියා."


ප්‍රින්සිපල් මගේ එහා පුටුවට වෙලා මගේ කනට කරලා කියනවා.


මගේ මුහුනේ හින් හිනාවක් ඇඳුනා.

"ඔය ලමයා තමයි අපේ ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා.කොල්ලා හොඳ හින්දා හින්දා මම මිනිහාව දැම්මා වැඩ ටිකත් හොඳට කරනවනේ."


ප්‍රින්සිපල් ඒ ළමයා ගැන මාර වර්ණනාවක් කරනවා.


මං කල්පනා කරේ හැමදාම එක ලමය යි හැම එකටම ඉන්නේ.ඒක අසාධාරණයි කියලා අනිත් ළමයින්ටත් අවස්ථාවක් දෙන්න ඕන නේද කියලා.


ඔහොම කල්පනා කරන කොට තමයි මට මගේ නම කියනෝ ඇහුනේ.


"අපිව ආමන්ත්‍රණය කිරීම සඳහා ඒ.අයි.ශශිත් සිල්වා මහතා ට ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා"


ඔහොම තමයි කොල්ලා කිවේ.මමත් ටිකක් ඇලි මැලි

උනේ මං ඩොක්ටර් කෙනෙක් වුනත් මේ ස්ටේජ් එකක් උඩට නැගලා කරන පලවෙනි කතාව නිසා.


ඔව් ඒකත් මම ඉගෙන ගත්ත ඉස්කෝලේම.අද ස්කෝලෙ පොඩි වුන්ගේ ප්‍රයිස් ගිවින් එක.

ඉස්කෝලේ වේලාවෙම තිබ්බ නිසා හය වසරේ ඉදන් එකොලහ වසරේ ලමයි ඔක්කෝම ග්‍රව්න්ඩ් එකේ අව්වට කර වෙනවා.ළමයින්ගේ මුණු එක එක විදියට මට ස්ටේජ් එක උඩට පෙනවා.


ඉස්සරාම වාඩි වෙලා ඉන්නේ තෑගි ගන්න ඉන්න ළමයි ටික.එයාලගේ මුණුවල හිනාව පිරිලා.


පිටිපස්සේ ඉන්න ළමයි හිටගෙන ඇබරි ඇබරි ඉන්නවා.

පව් පොඩි උන් ටික.මට දුක හිතුනා මාත් අවුරුදු ගානක් ම ඔතන ඉඳගෙන තෑගි ගන්න ළමයින්ට කොච්චර අත්පුඩි ගහලා ඇද්ද.


මං කල්පනාවෙන් මිඳුනේ ළමයෙක් ඇවිත් , "සර් මොකක් හරි අවුලක් ද " කියල ඇහුව්වහම.


අපොයි..මම මෙච්චර වෙලා ස්ටේජ් එක උඩට ඇවිත් ද කල්පනා කර කරද ඉඳලා තියෙන්නේ.


ලැජ්ජ හිතුනත් ආයේ බැහැලා යන්න බැරි කමට මම කතාව කියන්න පටන් ගන්න තීරනය කලා.


ඒත් ඉතින් මම මොනවාද කියන්නේ.මට හිතා ගන්න බැරි වුනු නිසා මගේ මොලේට ආවේ මං ගැන කියන්න කියලා.


මම සාභාවෙන් අවසර අරගෙන මගේ කතාව කියන්න පටන් ගත්තා.


"ඔයාලා ගොඩක් අය මම ගැන දන්නවා ඇති කියලා මම හිතනවා.හැබැයි ඔයාලා දන්නේ දැන් ඉන්න කෙනා ගැන විතරයි.මම දැන් කියන්නේ මගේ ඉස්සර චරිතේ ගැන.


මම කියන්නම් කෝ ඉතින්,


ඔයාලගේ ඉස්කෝලේ කලින් හිටපු ප්‍රින්සිපලුත් මෙතන ඉන්නවා.සර් දන්නවා නේද ඒ කාලේ මං සර්ගෙන් කොච්චර බැනුම් අහන්න ඇති ද කියලා."


ඔව් සර් ට මතක් වෙලා ලාවට වගේ හිනා වුනා.


දන්නවද මගේ පැටව්නි මම තරම් දඟ වැඩ කරලා ප්‍රින්සිපල්ගෙන් බැනුම් අහපු කව්රුවත් නැතුව ඇති.

හැමදාම මම පන්තියේ අන්තිමයා.මගේ හොඳම යාළුවා පන්තියේ පළවෙනියා වෙලා ස්ටේජ් එකෙන් රිපෝට් එක අරගෙන එනකොට මම හයියෙන් අත්පුඩි ගහනවා.

හරියට ඔය පිටිපස්සේ ඉන්න මගේ පැටව් ටික වගේ.


කවදාවත් මේ ස්ටේජ් එකට නැගලා නැති,දඟ වැඩ කරපු මං මෙහෙම ඉන්නකොට ඔයාලට පුදුම ඇති නේද.


ඇත්තටම මම මෙතන ඉන්නේ මගේ අම්මා හින්දා.

මම හින්දා අම්මා අවුරුද්දටම කී පාරක් ඉස්කෝලේට ඇවිත් ඇතිද..


මං කතාව කියන්න ගත්තට මගේ ඇස් දෙකේ කදුළු පිරිලා.ඔක්කෝම බොඳ වෙලා වගේ.


පුංචි හිනාවකුත් දාගෙන ආයෙම කතාව පටන් ගත්තේ ළමයි හැමෝම කිසිම සද්දයක් නැතුව අහන් ඉන්න නිසා.


"දන්නවද පැටව්නි මගේ අම්මා මම එකොලහ වසරේ දී නැති වුනා.ඔව් ඒ මං හින්දා කියලා මට තාමත් හිතෙනවා

එයා අන්තිමට මට කිව්වේ,


"පුතේ උබ විතරයි මට ඉන්නේ කොහොම හරි උබ ඩොක්ටර් කෙනෙක් වෙයන් එච්චරයි මං ඉල්ලනේ."



අම්මා මාව හැදුවේ තාත්තා නැතුව මොකද මගේ තාත්තා මම පොඩි කාලේ නැති වුනා.



මම එදා ඉඳන් ගොඩක් වැටුනා.මට කරන්න කිසිම දේයක් හිතෙන්නේ නෑ.හැමදාම ඇඬුවා මම මටම දොස් කිව්වා.


මම තිරණයක් ගත්ත පුතේ එදා ඔව් මම මගේ අම්මාගේ හිනේ හැබැ කරනවා කියලා.

මේ ඒ ගත්ත තිරණේ ප්‍රතිඵලය තමයි මම අද ඩොක්ටර් කෙනෙක් වෙලා ඔයාලා ඉස්සරා මෙහෙම කතා කරන්නේ..



මම ඔයාලට මේක කියන්න හිතූනේ අද මෙතන තෑගි ගත්ත අය වෙනුවෙන් නම් නෙවෙයි ඔය පිටිපස්සේ හිටගෙන ඉන්න අයට.


හැමෝම මතක තියාගන්න ඔයාලට හිතුනොත් කරන්න බැරි දේවල් නෑ පුතේ උත්සහා කරන්න තමන්ට බෑ කියලා හිතන එක නවත්තන්න."


මම මගේ කතාව ඉවර වෙලා ස්ටේජ් එකෙන් බැස්සේ ළමයින්ගේ ගුරුවරුන්ගෙයි එතන හිටපු හැමෝගෙම අත්පුඩි ගහන සද්දෙ මැද්දේ.





හිතන්ට යමක් ඉතිරි කරමි.




✨✨✨✨✨✨✨✨✨✨✨✨


මේ මං ලියපු පලවෙනි කෙටි කතාව.🤪


අනේ මන්දා කතාව හොඳද නරකද කියන්න දන්නේ ඔයාලම විතරයි.😁


කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා කියන්නේ නෑ.කැමති නම් දාගෙන යන්න.ඔයාලගේ කැමැත්තක්.🙂


ලව් ස්ටෝරි ලියන්න දන්නේ නැති හින්දායි, මට වෙන අයිඩියා එකක් ආවේ නැති හින්දයි මේ වගේ කතාවක් ලිව්වේ🤪🤪🤪

Report Page