Destiny

Destiny






අම්මලාගෙන් කනක් ඇහිල්ලක් නැති හින්දා, ආවත් ආයේ හැරිලා යන්න හිතුන වාර අනන්තයි.



ඒත් ඒගොල්ලෝගේ හිත රිද්දන්න බැරි කමට, කාර් එක හරෝ හරෝ මහ ගෙදරට ආවේ කරන්න වෙන දෙයක් නැති කමට..



මිදුලේ වාහනේ නැවැත්තුවා විතරයි, පොඩි එකා මනමාල හිනාවකුත් දාගෙන ඇවිත් කරට අත දාගෙන ඇහැක් ගැහුවා.




" ආව්, ආව්, පෙම් පාට බේරෙනවා අයියේ, "



මුන්ට නම් මඟුල්, මට නම් ඕන නෑ ඕවා,

ආයේ කොළඹ යන්නමයි මට නම් හිත,




" ඔන්න, දවස් හතක් යනකං මනමාලි බලන්න බෑ, උඹට ඉවසං ඉන්න වෙයි, නෑනා බලන්න, "




මූ රෙද්දක් කියෝනවා, කෙල්ලෝ අරහං මට ඕකි දැක්කත් එකයි, නොදැක්කත් එකයි. ඒත් අම්මලට ඕනලු මාත් පවුල් කනවා දකින්න,

පිස්සු නේ....




ඉස්සරහ දොරෙන් ඇතුලට පැසේජ් එක දිගටම ඇවිදගෙන යද්දී මට මතක් උනේ ම මේකට මම කොහොම මුහුන දෙන්නද කියලා...



ගෙදර මැද මිදුලේ ගමේ ගෑනු කට්ටිය පිරිලා,



පරම්පරාවෙන් පරම්පරාවට එන චාරිත්‍ර කරන්න ඔය කෙල්ලව ගෙදර එක්කගෙන එන්න ඇති,



මහ පිස්සුවක්...



රතු පාට සාරි මැද්දේ සුදු පාට මොකක්දෝ පේනවා. පුරුදු හිනා හඩවල් මැදින් නුපුරුදු හිනාවකුත් ඇහෙනවා.




" නෑනා කළුයි. දැකුම්කලු කිව්වත් හරි, සාරනේ ගෙදර නැන්දා ඇවිත් නෑනට මාර ඇනුම්පද කිව්වේ, "



" මොනවද කිව්වේ, "



" උඹට මොකටද අයියේ, අම්මා කිව්වා උඹට කියන්නවත් එපාය, ගිහින් රණ්ඩු දාගනිවී, කියලා "



මං මල්ලිගේ දිහා රවල බැලුවම , මූ මාත් ඇදගෙන ම උගේ කාමරේට එක්කගෙන ආවා.


ඒත් මට එතන දාල එන්න හිතුනේ නෑ. ඒ කෙල්ල එක සැරයක් හරි බලාගන්න පුළුවන් නම් කියලා හිතුනා.

කොහෙද ඒවා මූත් එක්ක,


......


" සාරනේ ගෙදර නැන්දගෙ දූ සුදුය, ලස්සනය පෙනුමට ඉන්නවාය කියලා කිව්වේ, මොකද අපේ කොල්ලට ලස්සනෙන් අඩු වක්ද, සල්ලි වලින් අඩුවක් ද, හැමදේම තියෙනවානේ, සුද්දියෙක් වගේ කෙල්ලෙක් එක්කං එන්න තිබුණනේ, කොහෙන්වත් මොකටද අපේ කෙල්ල ඉන්නවනේ, නෑනයි මස්සිනයි නේ, ඔන්න ඕවා තමයි කිව්වේ , "



" සුද්දියෙක් වගේ කෙල්ලෙක් ගෙනල්ලා අයියට කෙලවුන හැටි දැකලා ඔය ගෑනුම මොන මොන කතා කිව්වද බං, අනික ඔය කෙල්ලත් දෙන්න ඕන ඔක්කොම වටේට බෙදපු එකියක් නේ, ඔය ගෑනී මට නැන්දා නොවුනනං මං ගිහින් හොඳවයින් දෙකක් කතා කරනවා, ඒ ඒක නෙවෙයි මල්ලි, "


" මොකෝ, නෑනට එක එක එව්වා කිව්වා කියලා නැන්දට කතා කරන්න යන්නේ, ආ ආ ආදරේ තමයි ඉතින්, "


" එයාගේ විස්තර කියහන්කො, "


" ඕ....., මාතර කෙල්ලෙක් තාම විස්සයි, අවුරුදු අටක පරතරයක්, "


" එච්චර යි ද, "


ඒවා උඹලා දෙන්නා කතා කරන කොට අහගනින් කියලා මල්ලි පැන්නා. මාත් මගේ කාමරේට ගියේ පොඩ්ඩක් හිත නිදහස් කරගන්න හිතාගෙන .


ඇත්තටම මං මොකටද නැන්දලා ඒ කෙල්ලට එක එක ඒවා කිව්වා කියලා බැනගන්න යන්නේ, මටත් පිස්සු, තාම ඒ කෙල්ලව දැකලවත් නෑ,

තව දවස් හතක් ඉවසගෙන ඉඳලා ඒ කෙල්ල බදින්න වෙනවා කියලා මතක් උනාම මට පිස්සු වගේ,


කමක් නෑ, කවදාහරි ඔය අටමඟල කරන්න වෙනවනේ කියලා හිත හදාගත්තා.


_____________________________



දවස් හතක් ගෙවිලා ගියේ හෙන ඉක්මනට ම, 


ඒ කාලේ මට කෙල්ලව දකින්න නොලැබුනාට, මල්ලි ඇවිත් කෙල්ල ගැන කියන ඒවයින් මං ඒකිගේ චිත්ත රූපයක් හිතේ මවා ගත්තා, වෙනකක් තියා කෙල්ලත් එක්ක අපේ අයියත් සෙට් වෙලා,


.......


අයියගේ අවුරුදු ගානක ලව් එක ඉවර උනේ මේ වගේ ම ලස්සන විදියට කරපු වෙඩිං එකකින්, බැඳලා මාස පහකින් විතර ඒ අක්කා ප්‍රෙග්නන්ට් උනාම අපි හැමෝම හුඟක් සතුටු උනා, 

කෙල්ලෙකුයි කොල්ලෙකුයි අයියට දාලා අක්කා පැනලා ගියේ, අයියට වගේ ම ඒ දෙන්නගේ ලස්සන ආදර කතාව දිහා බලාගෙන කවි ගොතපු මටත් කෙල්ලෝ හැත්ත බුරුත්තම එපා කරවලා,


ඒ සිද්ධියෙන් පස්සේ අයියට ආයේ කසාද බඳින්න කිව්වට මිනිහා කැමති උනේ නෑ, ඒකෙන් මේකෙන් ඔක්කොම මගේ දිහාවට ඇස් යොමු කෙරෙව්වා. ඒ හින්දා තමයි මේ මාතර කෙල්ලත් මට සෙට් කරලා තියෙන්නේ,


......




අයියා ගෑනු පාර්ශවයෙන් කතා කරන්නේ අම්මා එක්ක විතරයි, ඒත් දැන් මේ කෙල්ල එක්ක කතා කරනවා කියලා දැන ගත්තම මට කෙල්ලව දකින්න තියෙන ආසාව වැඩි දියුණු උනා. 


ඉතින් ඒ දවස උදා උනා.


පෝරුවේ චාරිත්‍ර කරන්නේ නැතුව පොතේ අස්සන් කරලා, සාමාන්‍ය විදියට පුංචි පාටියක් දාලා ඒකි මගේ වයිෆ් උනා. අයියා නංගි නංගි ගගා කෙල්ල නෑයොන්ට අදුන්නලා දෙද්දී මං කෙල්ලගේ දිහා ම බලාගෙන හිටියා.


මූණ රවුම්, සාමාන්‍යයයෙන් කෙල්ලෙක්ට නොපිහිටන උසක් තිබ්බේ, කොල්ලෙක් වගේ, කොච්චර ආතල් එකේ ඉන්නවා වගේ පෙනුනට මං දැක්කම ඔලුව බිමටම නැවෙනවා, මට හිනත් යනවා, තොල හපාගෙන මාත් නොදැක්කා වගේ අහක බලාගෙන යනවා.




ඩිංග ඩිංග රෑ බෝවෙනවා.


මං ගමේ හදපු මගේ ගෙදරට කෙල්ලව එක්කගෙන ආවා.


කෙල්ල සුදු උනානම් දැං කම්මුල් රතුම රතු පාට වෙලා ඇති, ඒත් කම්මුල් දෙක ලැජ්ජාවට පිරිලා ගිහිල්ලද මන්ද, හෙන හැඩකාරයි.


මට ලෝභකමක් දැනුනා.


මගේ නේද කියලා හිතුනා.



" මහත්තයා, "


මට කතා කරේ කියලා දැනගෙන, ඒත් ඇහුනේ නෑ වගේ හිටියා .


ආයෙත්, 


" මහත්තයා, "


ම්හ්, මට ඇහෙන්නේ නෑ,


" මහත්තයා, "


ඒ පාර ළඟටම ඇවිත් උරහිසට තට්ටුවක් දාලා කතා කරනවා.



" ම්, "


" මොනවා හරි හදන්නද, "



" ඇයි, ගෙදරින් කාලා නෙවෙයි ද ආවේ, "



" මං කාලා ආවේ, ඒත් මහත්තයා දවල් කෑවට පස්සේ ආයේ කෑවේ නෑනේ, ඒකයි ඇහුවේ, "


මුල් ටික වේගෙන් කියලා අන්තිම ටික හිමීට කිව්වේ,


ගෑනුන්ගේ හැට හතර මායම්,



" මට කන්න ඕන නෑ, පුළුවන් නං තේ එකක් හදන්න, ඒකත් හදං උඩහට එන්න පොඩ්ඩක් කතා කරන්න ඕන, "



මං දැක්කා කෙල්ලගේ ඇස් දිලිසෙනවා. කළු පාට ගැඹුරු ඇස් දෙකක්, හීනිත් නෑ බෝලත් නෑ, සාමාන්‍ය තරමේ ඇස් දෙකක්,

හිනාවෙවී දුවනවා කුස්සිය දිහාවට, සාරි ඇඳලා පුරුදු නෑ වගේ , ඕකත් පැටලිලා වැටෙනවා ළඟකදී ම,



............


" යාළු වෙලා හිටියද, "



" කොල්ලෙක් එක්ක ද, "



" නැත්තං "



" හපොයි, නෑ නෑ, මං ඒවයින් ඈත් වෙලා, "


හිතට සතුටක් දැනුණා. ළඟට අරන් කෙල්ලගේ කම්මුල් ඉඹගෙන ඉඹගෙන යන්න හිතුන,


ඒත්,



" ඒ මොකෝ, "


" මගේ හඳහනට කියලා කවදාහරි බදින්න වෙන්නේ යෝජනාවකින් කියලා, අම්මලා හොයලා දෙනවනං මං මොකටද මහන්සි වෙන්නේ කියලා මං මගේ පාඩුවේ හිටියා, "


කියලා ඉවර වෙලා දත් පෙන්නලා හිනාවෙනවා.

ඇස් දෙක තේ කෝප්පේ දිහාට දාලා,

" මහත්තයා, තේ එක, "


මං උත්තරයක් නොදී කෙල්ලගේ දිහා ම බලාගෙන උන්නා.


You are my destiny,





" ඒයි සිහියට වරෙං, "


" මහත්තයා, "




කෙල්ල කෑ ගහගෙන මගේ ගාවට ආවා.


ඒකි හොඳටම බයවෙලා.

මං ඇයි කියලා ඇහුවම, ඔලුව දෙපැත්තට වනනවා, මට තරහ ගියා.


" මං ඇහුවා ඇයි කියලා , උත්තරයක් දෙන්න බැරිද, "


" මහත්තයා හයියෙන් ඔලුවට ගහගෙන සිහියට වරෙං කියලා කිව්වා, ඒකයි, "



" යනවා, "


එහෙම කියපු ගමන් ම කෙල්ල කාමරෙන් එලියට ගියා. බිම බලාගෙන ගියාට මං දැක්කා ඇස් වල තිබ්බ කඳුළු,

මගේ පපුව හීරිලා ගියා වගේ, 


මං ඔලුව බදාගෙන බිම ඉදගත්තා, මට කෙල්ලෝ අරහං, ඇයි ඒත් ඒකිට විතරක් වෙනසක්, 



.....


එකොළහ පහුවෙලා,


මං කාමරේට එද්දී ඒකී නිදි, සාරියත් පටලගෙන ම, අත්තම්මගේ ආරේ වගේ,



ළඟට ගිහින් මූණ දිහා බැලුවා, ගොඩක් වෙලා අඩලද කොහෙද, ඇස් ඉදිමිලා, මට වඩා මේකිට දුක හිතිලද කොහෙද , 

ඇයි මං බැන්නා කියලා අඩන්නේ, 


මං අනිත් පැත්තෙන් ඇඳට ගොඩ උනා. වහල දිහා බලාගෙන ටිකක් වෙලා කල්පනා කරද්දී, පපුවට බරක් එකතු උනා වගේ, 


කෙල්ල පපුව උඩ ඔලුව තියාගෙන මට තුරුළු වෙලා නිදි,

මාත් කෙල්ලව තව තුරුළු කරගත්තා. එහෙමම ඇස් දෙක පියාගත්තා.




_____________________




මං වියා...

Report Page