Depression

Depression

🔰мя ρσѕιтινє 🔥⚓

ම්ම්ම්ම්....අනික් අය වගේ ලස්සනට ලියන්න කියන්න නම් දන්නෙ නෑ මං....ඒත් හැමෝම ගොඩාක් බය වෙන දෙයක් ගැන අදහසක් බෙදා ගන්න හිතුනා....කායික රෝග වලට අපි කොච්චර බෙහෙත් ගත්තත් මානසික ප්‍රශ්නයකට බෙහෙතක් ගන්න කලින් අපි සෑහෙන්න හිතනව නේ...අනික මනෝවෛද්‍ය වරයෙක් හම්බෙන්න යනවා කියන එක ගොඩක් අය ලොකු ලැජ්ජාවක් කියලා හිතනවානෙ... ඇත්තම කියනව නම් ඒක ලොකූම ලොකු බොරුවක්...අපි කොහෙත්ම ගන්න ඔනි නැති stress එකක් ඔලුවට ගැනීමක්...ඇත්තටම කායිකව ලෙඩ උනාම බෙහෙ‍ත් ගන්න එක අපිට හරිම සාමාන්‍ය දෙයක් නම් ඇයි මනස ලෙඩ උනාම විතරක් වෙනසක්...තවත් ගොඩාක් අය කියනව මං අහලා තියනවා...ඕවට බෙහෙත් ගන්න ඕනි නෑ තමන් තමන්ගෙ හිත පාලනය කරගන්න එක තමා එකම විසඳුම කියල...ඇත්ත...එක විසඳුමක් තමා...ඒත් එකම විසඳුම නෙවෙයි...අපි එක එක්කනාගෙ දරාගැනීමේ ප්‍රමාණයන් වෙනස්...එක එක්කෙනාගෙ ප්‍රශ්න වෙනස්...එක එක්කෙනා ඒ ප්‍රශ්න වලට react කරන විදිය වෙනස්...මූලිකවම කියනව නම් අපි එක එක්කෙනාගෙ ජානමය පසුබිම සම්පූර්ණයෙන්ම වෙනස්...ඒ නිසා මොකක් හරි තත්ත්වයක් කෙනෙක් බෙහෙත් නැතුව පාලනය කරගත්තා කියලා අපිත් එහෙම ඉන්න ඕනි නෑ...

ඇත්තම කියනව නම් ඕනිම බෙහෙත් ගන්නෙ නැතුව මේක පාලනය කරගන්න පුලුවන් නම් ඒක මාරම හොඳයි...ඒක ඉතින් ඕනි ලෙඩකට එහෙමනෙ...දියවැඩියාව වගේ ලෙඩක් උනත් බෙහෙත් ගන්න තත්වෙට යන්න කලින් පාලනය කරගන්න තියනව නම් ඒක සාර්ථකයි නේ...ඒත් ලෙඩෙ හැදුනට පස්සෙ අනේ මට මේක පාලනය කරගන්න තිබ්බනෙ කිය කියා දුක් වෙවී ඉන්න එක මෝඩ වැඩක් නේද...මේ ලෙඩ වලට බෙහෙත් ඕනි නැත්නම් ඇයි මිනිස්සු ඔච්චර මහන්සි වෙලා මනෝවෛද්‍යවරු වෙන්න ඉගෙනගන්නෙ...

තව ගොඩක් අය කියනවා මේ බෙහෙත් වල ගොඩක් side effects තියනවා කියලා...එහෙම බැලුවාම මොන බෙහෙත් වලද side effects නැත්තෙ කියලා හිතලා බලන්නකෝ....අපි නොදන්නවා උනාට මේ ලෝකෙ මිලියන ගානක් මිනිස්සු depression වගේ ලෙඩ වලට බෙහෙත් ගන්නවා...එහෙම බෙහෙත් අරන් ඒ ලෙඩ සනීප කරන් මේ ලෝකෙ හිතාගන්නවත් බැරි තරම් ඉහලට ගිය මිනිස්සු ඉන්නවා...නිකමට internet search කරලා බලන්නකෝ...ඒත් ලංකාවේ ගොඩක් මිනිස්සු මානසික රෝග කියන්නෙ පිස්සු කියලා අර්ථ දක්වන නිසා කවුරුත් කාටවත් කියන්නෙ නෑ...

කවුරු කොහොම කිව්වත් severe depression වගේ තත්ව වලින් බෙහෙත් නැතුව ගොඩ එන්න සෑහෙන්න අමාරුයි...severe depression කියන්නෙ councilling කරන කෙනෙක් කියන දෙයක්වත් ඔලුවට ගන්න සෑහෙන්න අමාරු වෙලාවක්...ඒ නිසා මොකක් හරි වෙලාවක තමන්ට දැනෙනවා නම් තවත් නම් මේක දරාගන්න බෑ මට බෙහෙත් ඕනිමයි කියලා, කවුරුත් කියන දේවල් අහ අහ ඉඳලා බෙහෙත් නොගෙන ඉන්න එපා...තමන්ට බෙහෙත් අවශ්‍ය ද නැද්ද කියලා අපිට තීරණය කරන්න බෑ ඇත්තටම....වෛද්‍යවරයෙක් ගාවට ගියාම එයා තීරණය කරයි ඇත්තටම බෙහෙත් ඕනිද නැද්ද කියලා....බෙහෙත් ගන්න ගමන් හිත ශක්තිමත් කරගෙන ලෙඩේ සනීප කරගන්න එක වෙනම කතාවක්....

සරලවම කියනව නම් කියන්න තියන්නෙ මෙච්චරයි....තමන්ට මේක දරාගන්න අමාරුයි කියලා දැනෙනවා නම්, depression වල රෝග ලක්ශන තමන්ට තියනව නම්,doctor කෙනෙක් හම්බවෙලා advice ගත්තොත් හොඳයි කියලත් හිතෙනවා නම්....එක එක්කෙනා කියන දේ අහලා බෙහෙත් නොගෙන ඉන්න එපා...plzzzz....මේක හොඳ කරන්න පුලුවන්...විශ්වාස කරන්න....

-Hiru-

#copied

Report Page