D.D.

D.D.


නිහඬත්වය වෙනුවෙන් දෛවය බිඳ හෙලූ ඔහුගේ කතාව..

පෙර කොටස

https://telegra.ph/DD-12-27-5


ඈ කී කතාවක්...


(62 කොටස)


මාත් සජියා එක්ක ම බයික් එකට නැංගා. තව කොහෙ හරි යන්න හිතාගෙන අපි පිටත් වුණා.


...................................................................


"ධනූෂ්, මේක කොහොම ද බං?"


 සජියා නිල් පාට ෂර්ට් එකක් අරන් ඇවිත් මට පෙන්නුවා. ඒත් මං ඒක දැක්කේ නෑ. මං බලාගෙන හිටියේ පල්ලෙහා තට්ටුව දිහා.


 අපි සෙට් එක ඇඳුම් කඩේකට ආවා. ඒ ආපු එකේ ඇඳුමක් අරන් යන්න ඕනේ කියලා හිතපු හින්දා.


ඒක නම් ඇඳුම් ආකරයක් වගේ. තට්ටුම 3 ක් විතර තිබ්බා. ඒ මදිවට කන පැලෙන්න සින්දුත් දාලනේ ඒක අස්සේ. මං ආයේ පුලුන් කෑලි දෙකේ පිහිට පතාගෙන ඇතුලට ගියේ.

ෂික්.... පුරුද්දක් හින්දා නිකමටවත් සින්දුවක් ඇහෙන්න බෑනේ කනට. ඉබේ ම ලේ අනුග්‍රාහකත්වය අරන් නැටවෙනවා.


 අපි උඩට යන්න ලෑස්ති වුණේ jens wear එක උඩ තිබ්බ හින්දා. ඒත් ආකි අර කෙල්ල එක්ක පල්ලෙහා ම තට්ටුවේ නැවතුණා kids wear එක ඒකේ තිබ්බ හින්දා. 


  එයාට මොනාහරි ගන්න කියලා බල කළාට අනේ මන්දා එයා කැමති වුණේ නෑ. අර පොඩි කෙල්ලට එයා ඇඳුමක් තෝරන්න ඕනේ කියලා එයා පල්ලෙහා නැවතුණා. අපි උඩට ආවා.


  උඩ පොඩි බැල්කනි එකක් තිබ්බා. ඒකෙන් පල්ලෙහා ම තට්ටුව පේනවා.


ආකි අර පොඩි එකීවත් උස්සගෙන ම පල්ලෙහා ඇඳුම් රැක් ගාව ඇවිද්දා. මං ඒකයි බලන් හිටියේ.


 "......ආකි දිහා නේ ද බලන් ඉන්නේ?....."


  සජියා බැල්කනියෙන් එබිලා බලලා මට තට්ටුවක් දාලා ඇහුවා. මං ඔව් කියන්න ඔලුව වැනුවා උගේ තොල් පෙරලෙන විදිහ හොයාගෙන.


 "......ඇත්තට ම කියපන් බං. උඹ ආකිට ද කැමති? නැත්තම් දුමේෂිට ද?......"


  සජියා ඇහුව එක තොල් පෙරලපු විදිහට හොයාගත්තේ. ටිකක් කේන්තියෙන් ද මන්දා මූ කතා කළේ.


  ඒත්.... මට ඒකට උත්තරයක් දෙන්න තේරෙන්නේ නෑ. මං කැමති දුමේෂිට තමා.... ඒත් ආකි.... අනේ මන්දා මට තේරෙන්නේ නෑ. 


  දුමේෂිට වගේ එකට ඉඳන් කතා කර කර ඉන්න නම් මට හිතෙන්නේ නෑ එයත් එක්ක. ඒත් ඒකිව දැක්කත් මට ඇති. ඒකිගේ පොඩි වෙනසක් වුණත් මහ මෙරක් වගේ දැනෙනවා. අනේ මන්දා.... ඇයි ඒ එහෙම....?


  ".....දැන් ප්‍රශ්නේ උඹට ඒකි ඇඳුමක් ගන්න හදන්නේ නැති එක ද?......"


  සජියා ඇහුවා. ඒත් ඒකට දෙන්න උත්තරයක් මට හිතාගන්න බැරිවුණා.


  ".....යමංකෝ....."


  සජියා එක පාරට ම මාව අතින් ඇදන් යන්න ගියා කොහාටදෝ. ඒත් මං ගසලා උගෙන් අත අතෑරවගත්තා. මෙන්න මේ යකා ඒ පාර ටී ෂර්ට් එකෙන් ඇඳන් ගියේ නැද්ද මාව.


  ".....වරෙන්කෝ යන්න....."


  සජියා මාව පඩිපෙල ගාවට එක්කන් ගිහින් අතෑරියා.


  "....බැහැපන් පල්ලෙහාට. බැහැපන්..."


  සජියා එහෙම කියලා මාව තල්ලු කරගෙන ම පල්ලෙහාට බැස්සා. ආයේ මොනා හරි කියන්න නම් ඇති ඌ. ඒත් මූණ පෙනුනේ නෑනේ ඌගේ. මූට මොන යකා වැහිල ද කියලා හිතාගන්න බැරුව මං පහලට බැස්සේ.


  ඒ ladies wear එක. මූ මාව ආයේ ටී ෂර්ට් එකෙන් ඇදන් ගිහින් බ්ලවුස් එල්ලලා තිබ්බ රැක් එකක් ගාව අතෑරියා. 


  ".....මෙන්න... මෙතන ඕනේ තරම් ඇඳුම් තියෙනවා. ඕනේ එකක් තෝරලා ගනින්......"


  සජියා එහෙම කිවුවා. මූ මොකක් වෙලා ද එක පාරට ම? මං 'මොක ද මේ?' කියලා අහන්න සංඥාවක් දැම්මේ මේකට මං ඒක කලින් දවසක කියලා දීපු හින්දා. 


  ".....ප්‍රශ්න එපා... උඹ කැමති ඒකිටත් ගැලපෙන ලස්සන ඇඳුමක් තෝරගනින්. මං එහා පැත්තට ගිහින් එන්නම්...."


  සජියා එහෙම කියලා ඒ තට්ටුවේ කොණේ ම එල්ලලා තිබ්බ සායවල් සෙට් එකක් ගාවට ගියා. ගිහින් එකින් එක තෝරන්න ගත්තේ නැද්ද.


  මූ මට මේ උදව් කරනව ද? නැත්තම් මුගේ යටි කූට්ටු වැඩක් ද මේකත්?



   හරිනේ. දැන්නේ තේරුණේ. මේකා.... මේ පැහැසියට ඇඳුමක් තෝරගන්න තියෙන වුවමනාවට මගේ පිටින් දාලා මේ තට්ටුවට එන්න ඕනේකම වෙන්න ඕනේ තිබ්බේ. 


  නැත්තම් මූ මළත් මං ආකි දිහා බලන් ඉන්නවට ඔහොම කරයි ද? පිස්සුනේ.....


  එක්කෝ.... ඒ අදහසත් නරක ම නෑ. ඒකි ගන්නේ නැත්තම් මංවත් එකක් තෝරලා දෙන එක හොඳයිනේ. තෑග්ගක්වත් දෙන්න බැරිවුණ එකේ ඒකත් හොඳ වැඩක් හින්දා මං බ්ලවුස් ටික එහාට මෙහාට කර කර තෝරන්න ගත්තා.


  "....Excuse me sir... කාට ද තෝරන්නේ?....."


  කොහෙදෝ ඉඳන් ආපු කෙල්ලෙක් මට තට්ටු කරලා මගෙන් එහෙම ඇහුවා. එයාගෙත් තොල් පෙරලපු විදිහට හොයාගත්තේ. කෙල්ලගේ කිට් එක බලද්දියි තේරුණේ කෙල්ල මෙතන වැඩ කරන කෙල්ලෙක් කියලා....


  "....මොනා ද සර් බැලුවේ?...."


  කෙල්ල ආයේ අහනවා. වෙන මොනා කරන්න ද? ක්ෂණිකව මැසේජ් එකක් කෙටුවා.


  📱"......මගේ යාළුවෙක්ට ඇඳුමක් බැලුවේ......"


 මං මැසේජ් එක පෙන්නුවා.


  "....සර්ගේ යාළුවා කොයි වගේ ද?...."


  ඒ කෙල්ල ආයේ ඇහුවේ නැද්ද. මං එතනට ටිකක් එහා තිබ්බ බැල්කනිය ගාවට ගිහින් එබිලා බැලුවේ ආකි ඉන්නව ද කියලා බලන්න. 


  ෂික්. ඒකි පේන්නවත් නෑනේ. පොඩි කෙල්ල එක්ක fit on room එකට ගිහින් ද කොහෙද.


   පස්සේ නිකමට ඒ කෙල්ල දිහා බැලුවේ. කෙල්ල නම් ඇට කෝට්ට වගේ කෙට්ටුයි. ඒත් ආකිට වඩා නම් කොට ඩයල් එකක්. ටැමිල් ද මන්දා මොට්ටුවකුත් තියාගෙන ඉන්නවා නළලේ.


 📱".....ඔයාට වඩා අඩි බාගයක් විතර උස, ඔයාට වඩා ටිකක් මහත කෙල්ලට......"


  මං මැසේජ් එක පෙන්නුවා.


 " හරි සර්. අපි බලමු....."


  ඒ කෙල්ල එහෙම තොල් පෙරලලා ඇඳුම් තෝරන්න ගත්තා. පුදුමයි මේකි ඇහුවේ නෑනේ මං කතා නොකර මැසේජ් පෙන්නන්නේ ඇයි කියලාවත්. මාර පුදුමයක්....


  කෙල්ල තෝරලා ම ඉස්සෙල්ල ම පෙන්නුවේ කහ පාට අත් කොට බ්ලවුස් එකක්. ඒත් ඒක හරි නැති හින්දා මං එපා කියලා ඔලුව වැනුවා.


   ආයේ පෙන්නුවේ කොල පාටට දිලිසෙන බ්ලවුස් එකක්. ඒත් ඒකේ කර ඕපන් හුඟක්. ආකි නම් ඕවා අඳියි කියලා හිතෙන්නේ නෑ අප්පා. 


  මං එපා කියන්න ඔලුව වැනුවා.


   " එහෙනම් අනික් බ්ලවුස් collection එක බලමු....."


  ඒ කෙල්ල එහෙම කියාගෙන වෙන බ්ලවුස් වගයක් තෝරන්න ගත්තා.


  ඒත් මං ඒ එක්ක ම දැක්කේ එතනට ටිකක් එහාහින් එල්ලලා තිබ්බ දිග ගවුම් සෙට් එකක් දිහා.


  ආකි එදා ඇඳන් හිටපු ගවුම මට මතක් වුණේ ඒ එක්කමයි. ඒකට එයා මාර ලස්සනට හිටියා. කොටින් ම එදා මං එයාව දුමේෂි කියලා රැවටුණේ ඒ හින්දනේ. 


  එතන තිබ්බා තද දම් පාට ගවුමක්. සුදු පාටින් පුංචි මල් රටාවක් ගියපු ඒ ගවුම මාර චාම්... ඒත් ලස්සනයි. ඒක නම් ආකිට හරි යයි.....


 මං ඒ ගවුම අතට ගත්තා. ඒ එක්ක ම දැක්කේ ඒකෙ ම තද නිල් ගවුමක්.... ඒකත් ලස්සනයි.....


  මං දෙක ම අතට ගත්තා. කෝක ද ගන්නේ කියලා එක පාරට ම හිතාගන්න බැරිවුණා. 


 "...සර් ඔය ගවුමට කැමතියි ද?...."


   අර කෙල්ල මං ගාවට ඇවිත් ඇහුවා. මං ඒ කෙල්ලට ඒ ගවුම් දෙක පෙන්නුවා.


  "....සර්ගේ choice එක නම් නියමයි. කොයි ගවුමට ද වැඩියෙන් ම කැමති සර්?...."


  මදැයි..... කෙල්ලත් ඒ ප්‍රශ්නෙ ම ඇහුවේ නැද්ද. මං මැසේජ් එකක් කෙටුවා.


 📱".....මටත් හිතාගන්න බෑ. කොයි ගවුම ද හොඳ?...."


  මං මැසේජ් එක පෙන්නුවා.


  "...දෙක ම හොඳයිනේ සර්. ම්.... මේ Dark purple එක..."


  එයත් කිවුවේ ඒකමයි. ඒත්....


  හරි. දුමේෂිටත් එකක් ගත්තා නම් හරිනේ. නැත්තම් එයාට කී ටැග් එකක් විතරයි කියලා නහයෙන් අඬයි ද දන්නේ නෑ....


   📱".....මං මේ දෙක ම ගන්නවා...."

   " ඕකේ සර්. පොඩ්ඩක් ඉන්න....."


   එයා එහෙම කියලා ගවුම් දෙකේ ම මොනාදෝ අංකයක් ගහපු ස්ටීකර් එකක් ගැහුවා. ගහලා ආයේ මට ගවුම් දෙක ම දුන්නා. මං ඔක්කොට ම කලින් ඒක බිල් කරලා ඉවරයක් කරන්න හිතාගෙන පහලට යන්න ගියේ.


  "....මෙන්න....."


  සජියා එක පාරට ම මගේ ඇඟට මොකක්දෝ දැම්මා. බලද්දි හුඩ් එකක් තියෙන කොල පාට ටී ෂර්ට් එකක්.


   "....ඕක උඹට තේරුවේ. ඉස්සෙල්ලා ආකිගේ සිහියෙන් ඉඳපු හින්දා දුන්නේ නැත්තේ. ඕකත් ලේබල් කරන්න දානවා..... මං ටිකකින් එන්නම්...."


  සජියා එහෙම කිවුවා. ඌට මං දෙයක් කියන්න හැදුවත් ඊට කලින් ඌ එස්කියුස්ම් කියාගෙන මට අර ගවුම් තෝ‍රලා දීපු කෙල්ල ගාවට ගියා. මට පේන්නේ තාම පැහැසියට මුකුත් අරන් නැති පාටයි ඌ...


  මං ආකි පේන්න ඉන්නව ද බල බලා ම කැෂියර් එක ගාවට ගිහින් ඇඳුම් තුන බිල් කළා.


  ගණන් ගණන් කියලා බැලුවේ නෑ ඉතින්. සල්ලි වියදම් කරන්නවත් මේ වෙනකම් ඉන්න හම්බුණේ ආකි හින්දනේ. ආකි ඊයේ හවස මගේ පර්ස් එකත් අරන් ආපු හින්දා හොඳයි. ඒ හින්දා ගත්තා.


  මං බිල් කරලා ඉවර වෙද්දි ම සජියත් ඇවිත් ඌ ගත්තු ඇඳුම් ටික බිල් කළා. බලද්දි එතන ෂර්ට් ම තුනක් තිබ්බා. පැහැසියට බ්ලවුස් එකකුයි, ස්කර්ට් එකකුයි අරන් තිබ්බේ.


   කොහොමත් ඌ ෂොපින් කරද්දි නම් ටිකක් වැඩිපුර බඩු ගන්නවා. වැඩට යන්න තියෙන හින්දා කියලා මං ඉස්සර හිතන් හිටියේ. දැන් තේරෙන්නේ මට ඌ පැහැසියට පේන්නත් එක්ක ම ඇඳන් යන සීන් එකක්. අපිට මොකෝ... ඌගේනේ වියදම....


  පස්සේ ආකි කෙල්ලට ගත්ත ඇඳුම් වගේකුයි, අර අනික් ඩබලත් ඇඳුම් දෙක තුනක් අරන් තිබ්බා ඒ ටිකයි සේරම බිල් කරලා, ඒවට ගෙවලා කඩෙන් එලියට ආවා.


  වෙලාව 6ත් වෙලා. ඒ හින්දා රෑටත් මොනාහරි අරන් ආයේ අර ගෙදරට යන්න කතා කරගෙන ම අපි එහෙන් පිටත් වුණා.


....................................................................


මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත් ඔබයි මගේ


සොදුරු කවි ලියාන හිත් කොනේ

තාරුකා වහින රාත්රියේ

ගෙල වටේ ගිලී හමා ඇදි නළරැළී

ඔබයි මගේ


මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත් ඔබයි මගේ


තුරුලතා පවා දුකෙන් වගේ

අතවනා සොයන්නෙ ඔබ කොහේ

හැන්දෑව වගේ සෞම්ය වී නිදා ඉන්න

මගේ හදේ


මල් මිටක් තියන්න ඔබ අතේ

මට කියා කොයින්ද මල් වනේ

ජීවිතේ විසල් නදී තෙරේ

තුරු හිසත් මලත් ඔබයි මගේ


  රාත්‍රිය ඒ විදිහට ගිනි මැලේක උණුසුමත්, සොඳුරු හඬකුත් එක්ක වර්ණවත් වෙන ගමන් තිබ්බේ.


  නෑ නෑ මගේ හඬ නෙවෙයි. මට සින්දු කියන්න බෑනේ. අවිනාශ්ගේ වැඩක් ඒක....


  අවිනාශ් කිවුව හින්දා රෑ කාලා ඉවර වෙලා ගේ පිටිපස්සෙන් ගිනි මැලේකුත් ගහගෙන, සින්දු සාජ්ජයක් දාන්න පටන් ගත්තේ. නැත්තම් තුන් හිතකවත් එහෙම වැඩක් කරන්න හිතලා තිබ්බේ නෑ කවුරුවත් ම.


  අවිනාශ් තමා ඒ සින්දුව කිවුවේ. පොර එද්දි උගේ ගිටාර් එකත් ගෙනත් තිබ්බා. ගිටාර් එක ගගහා සින්දුවේ මුල් පද 2 කියනකම් ආයාසයෙන් අහන් ඉඳලා පුළුන් කෑලි දෙක කනේ ගහගත්තා මං. නැත්තම් ඕකටත් මං නටනවනේ. පද දෙකක්වත් ඇහුවේ මිනිහගේ වොයිස් එක කොහොම ද බලන්න. නරක නෑ හොඳට සින්දු කියන්න පුලුවන් කොල්ලට.


ඒත් ආකි එතන ටික වෙලාවයි හිටියේ. අර කෙල්ලවත් එක්කන් මිදුලේ කෙලවරට ම ගියා. සින්දු දෙක තුනක් ඉවර වුණා ම මාත් ඒ පැත්තට ගියේ පුළුන් හින්දා සද්දයක් ඇහෙන්නේ නැති කම්මැලිකමට. උන් කියන්නෙත් ස්ලෝ සින්දුනේ. ඒක බලාගෙන ඉඳලා තව කම්මැලි.....


ආකි හිටියේ මිදුලේ කෙලවර තිබ්බ ගල් තලාවක දිගා වෙලා අහස දිහා බලාගෙන. අද හඳ පායලා හින්දා එයාව හොඳට පෙනුනා. ඒත් එයා ගාව කිසි සද්දයක් නැති හින්දා මං හෙමීට එයා ගාව ගිහින් වාඩිවුණා.


ආකි අහස දිහා ම බලාගෙන හිටියේ. අර කෙල්ල ආකිට තුරුල් වෙලා පපුව උඩ ම ඔලුව තියාගෙන හිටියේ. කෙල්ලට එහෙම්ම ම නින්ද ගිහින්. පවු කියලත් හිතෙනවා එහෙම ඉද්දි. මං කන් දෙකේ ගහගෙන හිටපු පුළුන් කෑලි දෙක ගැලෙව්වා.


" මොකෝ අතන ඉන්න කම්මැලී ද?"


ආකි ඇහුවා. මං ඔව් කියන්න ඔලුව වැනුවා.


" අද කී පාරක් සින්දු ඇහුව ද? ඒත් එක පාරක්වත් උඹ අද නැටුවේ නෑනේ..."


📱".....මං කන් දෙකේ පුළුන් කෑලි දෙකක් ගහගෙන හිටියේ ඒ හැම වෙලාවෙ ම. දැනුත් එහෙමයි.


අද නටන්න තරම් ඇඟට හරි නෑ. ඒකයි එහෙම කළේ...."


මං මැසේජ් එකක් පෙන්නුවා.


" හ්ම්...."


ආකි ආයේ අහස බලාගත්තා. මාත් අහස දිහා බැලුවේ ඒකයි.


ලස්සනට තරු පායලා තිබ්බා අහස පුරා. හදත් ඒ මැද තිබ්බා දිලිසි දිලිසි. වලාකුළක් නම් පේන මානෙකවත් නෑ.


" ඊයේ මං හීනෙන් කියෙව්ව ද දුලේන්?"


ආකි එක පාරට ම ඇහුවා. ඒත් මං දිහා බැලුවේ නෑ. අහස දිහා බලාගෙනමයි ඇහුවේ. මාත් ගල් තලාවේ එහාට ටිකක් එහාහින් දිගා වුණා මැසේජ් එකක් කොටා ගමන් ම.


📱 ".....හ්ම්... ඔව්...."


මං මැසේජ් එකක් පෙන්නුවා.


" මොනා ද කිවුවේ?"


එයා ඇහුවා.


📱 "....පැහැදිලිව ඇහුණේ නෑ. නැන්දෙක් ගැනයි, චණ්ඩියෙක් ගැනයි, ආදුගේ නමයි කිවුවා....."


මං එයා කියපුවා ඇහුණ වගක් කිවුවේ නෑ. ඒත් යාන්තමට ඒකෙන් උස්සපු සාරාංශය ඒ විදිහට පෙන්නුවා.


" හ්ම්.... බෝලේ එක්ක නිදාගත්ත හැම දවසක ම ඔය වගේ මං නින්දෙන් කියවනවලු. ඊයේ ගැන හොයාගන්න විදිහක් නැතුව හිටියේ...."


📱 "....මොකක් ද ඔයා හීනෙන් දැක්කේ?"


" පරණ සිද්ධියක්. ඒක මතක් වෙද්දි පපුව ම දනවා. අතන සින්දු කියද්දිත් නැඟිටලා ආවේ ඒකයි."


📱 "....මොකක් හරි අවුලක් ද?...."


" නෑ. හිත පෑරුණා එක පාරට ම....."


ආකි එහෙම කියලා ලොකු හුස්මක් ගත්තා.


" දන්නව ද? දන්නේ නෑනේ....


මේ රෝස බෝලෙව මට හම්බෙනකොට එයාට දවස් 2ක් විතර. වැඩි වයසක් නෑ එයාටත්. එයාව තමා මං මුලින් ම වඩා ගත්ත අත දරුවා.


හරියට වඩාගන්නවත් මං දැනන් හිටියේ නෑ ඒ වෙනකම්. ඒත්... ඒ මූණ දැක්කා ම..."


ආකි එතනින් එහාට මුකුත් කිවුවේ නෑ. විනාඩි ගාණක් ම ඉකි ගගහා ඇඬුවා. ඇයි කියන්න දන්නේ නෑ. ඒත් එයා ලොකු වේදනාවක් එයා එහෙම පිට කරනවා කියලා මට තේරුණේ.


" රෝස ම රෝස පාටයි දුලේන් මෙයා එතකොට. බෝලයක් වගේ. ගොඩාක් ලස්සනයි. මං මැරිලා කියලා හිතන් හිටියේ ඒ වෙනකම්. ලොකු ෂොක් එකකින් හිටියේ මං එතකොට. ඒත්... බෝලෙව අතට ගත්තා ම මට ජීවත් වෙන්න ඕනේ කියලා ආසාවක් ආවා.


බෝලේ කවදාවත් ම එයාගේ අම්මවයි, තාත්තවයි දැකලා නෑ දුලේන්. ඒත් කවදාවත් ම එයාලා ගැන එයා අහලත් නෑ. පුදුමයි අප්පා... මං නම් ඔහොම ඉද්දි ප්‍රශ්න තොගයක් අහයි ඒ ගැන....

දන්නව ද? එයාගේ තාත්තා මටත් වැඩිය වැඩිමල්. ඒත්... මගේ යාළුවා වගේ හිටියේ ඌ. එච්චරට ම ෆිට්. මිනිහා එදා බෝලෙව මට දීලා කකුල් දෙක අල්ලලා වඳින්නත් ගියා මට. මං බයවුණා එදා.


එයා මොකක් ද කිවුවේ දන්නව ද?


'දරුවව අරන් පලයන් මෙහෙන්. උඹේ හිතේ තියෙන ඒවා ඉෂ්ට වෙන්නේ නෑ.' කියලා කිවුවා ඌ ඒ වෙලාවේ. අදටත් හිතාගන්න බෑ ඌ එහෙම කිවුවේ තරහට ද නැත්තම් බබාට තිබ්බ ආදරේට ද කියලා...


එදා මං.... පලවෙනි සැරේට නොවුණට ඒ වචනෙට යටත් වුණා. ඒ බෝලේ හින්දා. අද වුණත් මං ඒ තීරණේ හින්දයි මෙහෙම ඉවසගෙන දාරාගෙන ඉන්නේ.


නැත්තම් මං මෙලහකට හිරකූඩුවක් අස්සේ මැරිලා දුලේන්...."


ආකි අවසාන ටික කිවුවේ ටිකක් සද්දෙන්. ඒ වගේ ම වේදනාවකින්... ඒකිට ඇඬිලා තිබ්බේ. ඇයි මේ? මොකක් ද මෙයාට වෙලා තියෙන්නේ?


" මං.... ආදරේ කරපු කීප දෙනා ම මාව දාලා ගියා. ඒ මගේ ම පවුලේ අය හින්දා. ඒකයි මෙච්චර දුක මට.



දුලේන්...., දන්නව ද? මං ලොකු වැරැද්දක් කළා දුලේන්.... ලොකු වැරැද්දක් කළා....."



............................................................................


මොකක් ද ආකි කරන්න ඇත්තේ?


දිග එකක් නේ ද මේක? මේක ටයිප් කරලා දෙන්න ඕනේ හින්දා මං එක දිගට ම ටයිප් කළේ.


අදත් පඹ ගාලක් නේ ද? කමක් නෑ ඉතින්... අදට ඉවසමු....


තව කොටස් 2කින් විතර ආකි කතාවේ මුල ම තිබ්බ වෙඩිමට පොල්ල තියලා ආවට පස්සේ කතාව දැනගමුකෝ... එතකොට ඔය ප්‍රශ්න බාගයක් ම ලෙහෙයි...


එහෙනම් පරිස්සමෙන් ඉන්න.... බුදුසරණයි.....


😌චතූ...😊

Report Page