D.D.
පෙර කොටස
ඈ කී කතාවක්...
(60.5 කොටස)
කොහොමහරි කස්ටියත් එකතු කරගෙන ම වත්ත වටේ ආයේ රවුමක් ගියා. යද්දි ඉතින් පොටෝස් ටිකකුත් ගැහුවා.
..........................................................
කොහොම හරි ගේට් එකෙනුත් එලියට ආවා. අවිනාශ් ගේට්ටුවට හේත්තුවක් දාගෙන ඔහේ බලාගෙන හිටියේ.
" කෝ බයික් එක.....?"
ආකි අවිනාශ්ව දැකලා ඇහුවා. අවිනාශ් අත දික් කරලා පාරේ එහා පැත්තේ කොනට ම වෙන්න නවත්තලා තිබ්බ බයික් එකකට අත දික් කරලා පෙන්නුවා.
" එහෙනම් ගන්නවකෝ ඒක. අමියා, ත්‍රීවිල් එක අරන් වරෙන්කෝ උඹ ම. මට අද ගන්න බෑ. නිදිමතයි..."
ආකි එහෙම කිවුවා.
" හරි මං ගේන්නම්. සසූ චූටි, නැන්දි අතට යන්නකෝ...."
අමිත් එහෙම කියලා අර පොඩි කෙල්ලව ආකිට දීලා පාර්කින් එක පැත්තට ද කොහෙ ද ගියා.
" මාත් ගිහින් එන්නම්."
සජියා එහෙම කියාගෙන අමියා ගියපු පැත්තට ම ගියා. අන්තිමට මායි, ආකියි, අර පොඩි එකියි හිටියේ.
" මාමගේ නම් මොකක්ත....?"
අර බෝලේ මගෙන් ඇහුවා. මං කොහේ නම කියන්න ද? ඒත් කෙල්ලට අකුරු කියවන්න පුලුවන් ද දන්නේ නෑ මැසේජ් එකක්වත් පෙන්නන්න....
" දුලේන් බෝලේ....."
ආකි කෙල්ල දිහා බලලා ප්‍රශ්නේට උත්තරේ දුන්නා.
" ඇයි මාමා තලා වෙලා ද බෝලේ එක්ක කතා නත්තේ?"
කෙල්ල කට උල් කර කර අමාරුවෙන් වචන ගැටගහගෙන ඇහුවා.
" නෑ බෝලේ. මාමා..... ෂ්... කෙනෙක්. එයාලා කතා කළන්නේ නෑ..."
ආකිත් කතා කරන්න ගත්තේ නැද්ද පොඩි එකෙක් වගේ. මරු ෂ්..... දැන් තේරෙනවා මට මේකි එදා මත් වෙලා ඉද්දි කාගෙන් ද පොඩි එකෙක් වගේ කතා කරන්න ඉගෙන ගත්තේ කියලා.
" ආ... ෂ්... මාමා..."
" ෂ්.... මාමා නෙවෙයි අයියෝ දුලේන් මාමා....."
ආකි ටිකක් අවුලෙන් එහෙම කිවුවා.
" එතකොට මාමා කතා කරලල්ලේ නද්ද?"
" නෑනේ. මාමා ෂ්... කෙනෙක්නේ. ඔයා දුලේන් මාමා කියන්න. මාමා මොනාහරි කිවුවොත් මං කියන්නම්. එතකොට හරිනේ....."
ආකි එක පාර ම විසඳුමක් දුන්නා. පොඩි එකාට ඒක එයා කිවුව විදිහට නම් තේරුණා ද මන්දා.
" හා... මාමා නෝටි නා ලේ ද සත්ත නත්තේ?"
කෙල්ල එහෙම ඇහුවා. ආකි ඔලුවෙන් නෑ කියන්න ඔලුව හෙල්ලුවා.
" ඒ ලම් මට තොකෝ එකක් අලන් දෙල්ල කියල්ලකෝ...."
කෙල්ල එහෙම කිවුවේ නැද්ද එක පාරට ම. ආකිට හිනා ගියා එක පාරට ම...
" ආ.... එහෙනම් ඒකයි මේ දුලේන් මාමව යාළු කරගන්න හදන්නේ....
දුලේන් මාමගෙන් ඕනේ නෑ. මං යන ගමන් අරන් දෙන්නම්. අනේ මෙහෙමත් කෙල්ලෙක්. පැහිච්චි......"
ආකි එහෙම කියලා කෙල්ලගේ කම්මුල මිරිකුවා. කෙල්ල රැවුවේ නැද්ද ආකිට.
" නා මං පහිත්ති නෙවෙයි.... තංතුලා...."
ඒ පාර ආයේ කට උල් කරලා එහෙම කිවුවා.
" තංතුලා තමා. ඒත් බෝලේ මගේ.... සංසුලා නමට විතරයි. වැඩවලට සංසුන් නා..."
ආකි එහෙම කිවුවා නෝක්කාඩු හිනාවක් දාගෙන. පොඩි කෙල්ල දත් දෙක පෙන්නගෙන හිනාවුණා.
" හරි හරි. යන ගමන් චොකෝ එකක් අලන් දෙන්නම්. සද්ද නැතුව ඉන්න එතකම් දුලේන් මාමා වගේ....."
ආකි කිවුවා. ආයේ ඉතින් මං සද්ද කරනව ද ඔහොම කියන්න....? කෙල්ලට වැඩිය නොතේරෙන්න ආකි කියන ඒවට මට හිනා යන්න ආවත් යාන්තමට නවත්තගත්තා.
ඒ එක්ක ම සජියා ආවා බයික් එකේ. මූ බයික් එකේ ද ඇවිත් තියෙන්නේ?
" දුලේන්, ඕන්නං සජිත් අයියා එක්ක බයික් එකේ යන්න. නැත්තම් අමියා ආවා ම ත්‍රීවිල් එකේ යන්න....."
ආකි කිවුවා. ඒත් මොකක්දෝ ආසාවකට බයික් එකේ යන්න හිතුන හින්දා මං බයික් එක ගාවට ගියා.
"සජිත්, යන place එක දන්නේ අවිනාශ්. ඌ පස්සෙන් යමු...."
" හරේ හරේ."
මං බයික් එකට නඟින අතරේ සජියා කිවුවා. ඒ එක්ක ම අමිත් අයියා ත්‍රීවිල් එකෙන් ආපු හින්දා ආකි ත්‍රීවිල් එකට නැංඟා.
"අවිනාශ්, මොනාහරි බඩට දාගෙන යං නේ ද?"
ආකි අවිනාශ්ගේ බයික් එක ගාවට ත්‍රීවිල් එක ආපු වෙලාවේ කිවුවා.
" ඇයි set එක කාලා නැද්ද?"
" අනික් අය ගැන නම් දන්නේ නෑ. මං තාම උදේ කාපු ගමන්. යන ගමන් කාලා යං. දැන් ආයේ රෑටත් උයන්න බෑ..."
ආකි එහෙම කිවුවේ නෝක්කාඩුවෙන්. මට හිතෙන්නේ ඒකිට උයන්න වෙන්නේ කියලා ඒකි හිතන්න ඇති.
සිරාවට මං ඊයේ දවල් ඉඳන් ද කොහෙ ද කාලා නෑනේ. ඒක ද දන්නේ නෑ මෙච්චර ඇඟට අමාරු.... පට්ට වෙහෙසක් දැනෙන්නේ.
" හා හා. යමුකෝ....."
අවිනාශ් ඉස්සර වුණා. සජියා ඊළඟට. අමිත් අයියගේ ත්‍රීවිල් එක ඊට පස්සේ.
අද හිතට වෙනදට වඩා සැහැල්ලුවක් දැනුනා. ඇයි කියන්න තේරෙන්නේ නෑ. සමහර විට චරිතගේ මගෝඩියෙන් බේරුණ හින්ද ද මන්දා.
අවිනාශ් ටිකක් වේගෙන් යනවා. සජියත් ඒ වේගෙට ම යන්න වේගේ වැඩි කළා. හුලං පාර ඇඟේ වැදීගෙන ම අපි ඉස්සරහට ගියා.
නිකමට ආපු ආසාවකට අත් දෙක දෙපැත්තට දාගත්තා. කාලෙකින්.... හිතට පොඩි නිදහසක් දැනුනා වගේ ඒ යන විදිහට. මං හුඟක් දුර යනකම් ම එහෙම්මමයි ගියේ.
කොහොම හරි අවිනාශ් බයික් එකෙන් රවුමකුත් ගස්සවලා ම අපේ සෙට් එක ම එක්කගෙන හෙල බොජුන් එකකට එක්කගෙන ගියා.
වැඩිය විශේෂයක් නම් වුණේ නෑ. එහෙමත් කියන්න එකකට වුණේ ආකි කනවට වඩා අර බෝලෙට කවන්න මේසේ වටේ දුව දුව දඟලපු එකයි, අමිත් කෑම මුකුත් ගන්නේ නැතුව මේසේ ඔලුව තියාගෙන නිදාගත්තු එකයි. අර පොඩි එකී නොකා කරපු දැඟලිල්ල කෙසේද යත් තව ටිකෙන් සජියගේ පිඟාන අමිත්ගේ ඔඩොක්කුවට හලනවා. වෙලාවට වුණේ නෑ සජියා පිඟානට මීටරේ දාගෙන හිටපු හින්දා.
කාලා ඉවර වෙලා සෙට් එක ම අවිනාශ් එක්ක ටිකක් ඇතුල් පාරක තිබ්බ ගෙයක් ගාවට ගියා. ගෙයක් කිවුවට කුලියට දෙන පොඩි guest house එකක් ද කොහෙ ද. ඒත් අවිනාශ් කිවුවේ ඒක අනුශ්කගේ ගෙයක් කියලා. ඔය නුවර නවතින්න එන අයට කුලියට දෙන්නලු අනුශ්ක ඒක තියාගෙන ඉන්නේ.
ආපු ගමන් ම මං කළේ ගෙදර කාමර පුරා රවුමක් දාපු එක. එක තට්ටුවේ ගෙයක් ඒක. මුළු ගේ ම සුදු පාටට හුරු පාටකින් පේන්ට් කරලා තිබ්බේ. බිම නම් රතු පාටට සිමෙන්ති දාලා තිබ්බේ. ගෙදරට ම තිබ්බේ කාමර 4යි, කුස්සියයි, බාතෲම් එකයි, සාල කෑල්ලකුයි විතරයි. කාමර 4න් 3ක ම ඇඳවල් දාලා, පොඩි පොඩි බඩු මුට්ටු තියලා තිබ්බා.
අනික් කාමරේ නම් හිස්ව තිබ්බේ. ඒත් ඒක අනික් ඒවට වඩා පොඩි එකක්. මට හිතෙන්නේ ගබඩා කාමරේට ගන්න පුලුවන් කාමරයක් ඒක.
ඒත් ගේ පිටිපස්සෙන් ලොකු මිදුලක් තිබ්බා. වැඩිය ගස් තිබ්බේ නෑ. ඒත් අහස නම් හොඳට පේනවා. හොඳ වීව් එකක් තියෙන්නේ එතනට.
එදා රෑ අපි තුන් දෙනා කාමර තුනේ ඉන්න විදිහ හදාගත්තා. මායි සජියයි එකක, අවිනාශුයි අමිත් අයියයි තව එකක. ආකියි අර බෝලෙ ද කවු ද කෙල්ල තව කාමරේක.
රෑ 7ට විතර මං නාන්න හිතාගෙන ඇඳුමක් අරන් ආවා. ඒත් ඒ වෙලාවේ සජියා බාතෲම් එකේ හිටියේ. තිබ්බ කම්මැලිකමට සාලෙට වෙලා පෝන් එකට ආපු පරණ මැසේජ් බලන්න ගත්තා.
" අද කලින් නිදාගමු නේ ද...? මට නම් පට්ට මහන්සියි..."
සජියා වොෂ් එකක් දාලා වෙන ඇඳුමක් දාගෙන එහෙම කියාගෙනයි සාලේ තිබ්බ පුටුවකට වැටුණේ.
" ආ.... හොස්පිටල් එකේ දවස් 3-4 ක් නිදාගත්තු එක මදි ද තව නිදාගන්න අහන්නේ?"
අමිත් ටවල් එකක් කරේ දාගෙන කාමරේ ඉඳන් එන ගමන් ඇහුවේ බොරු කේන්තියකින්. සජියා අමිත් දිහා බැලුවේ අප්සට් මූණකින්. ආකි ඒ එක්ක ම සාලෙට ආවා
" හරි හරි. හොස්පිටල් එකේ ඉඳන් ආපු ගමන් හින්දා වෙන්නැති අමාරු. වොෂ් එකක් දාගෙන නිදාගන්නවා රණ්ඩු නොකර. මං බඩු ටික දාලා එන්නම්.
මේ, වැඩිය පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා අමියා...."
ආකි එහෙම කියලා සාලේ තිබ්බ බෑග් එකක් අරන් කාමරේකට ගියා. අමිත් ගල් වෙලා බැලුවේ ආකි අන්තිමට මොකක් ද කිවුවේ කියලා හිතාගන්න බැරුව වගේ. ඉස්සෙල්ලා ගිරවි වගේ කියවපු පොඩි කෙල්ලගේ සද්දයක් නෑ. මට හිතෙන්න කාමරේ නිදි ද කොහෙ ද...
"මේ Bro, ඔයා මුලින් යනව ද? මං යන්න ද?"
අවිනාශ් ෂර්ට් එකක් නැතුව ටවල් එකකුත් අරන් කාමරේ ඉඳන් ඇවිත්, බාතෲම් එකේ දොර හරස් කරන් කල්පනාවෙන් ගල් වෙලා හිටපු අමිත්ගෙ උරිස්සට තට්ටු කරලා ඇහුවා. අමියා ගැස්සිලා බලපු හැටියට නම් මට හිතුනේ මිනිහා ලොකු කල්පනාවක වැටිලා ඉඳලා වගේ.
" කුද ගහගනින්. මං දැන් පැය බාගයක් තිස්සේ යන්න ඉන්නේ..."
මෙන්න අමිත් තරහෙන් එහෙම කියලා බාතෲම් එක රිංගුවේ නැද්ද. මදැයි මං යන්න හිටියා ඊළඟට.....
" මිනිහා හෙන කෝප ඩයල් එකක් ද මන්දා. මාත් එක්ක talk එකක් දැම්මොත් මිනිහා ඇවිස්සෙන්නේ like a rooster..." (කුකුලෙක් වගේ.)
අවිනාශ් එහෙම කිවුවේ පොඩ්ඩක් අප්සට් එකෙන්. එහෙම්ම ම් මිනිහත් පුටුවකට වැටුණා.
" වැඩිය ගණන් ගන්න එපා. මිනිහා දැන් දවස් 4ක් ම බාගෙට නිදි මරාගෙන ඉන්නේ. ඒකයි ඔය සද්දේ. පොඩ්ඩක් නිදාගත්තා ම ඕක ඇරිලා යයි...."
ආකි එහෙම කියාගෙන කාමරේ ඉඳන් ඇවිත් පුටුවකට වැටුණා. ඇස් ඇරන් හිටියට ඒකි ඉන්නේ අඩ නින්දෙන් වගේ. වොෂ් එකක් දාගන්න ඕනේ හින්ද ද කොහෙ ද අමාරුවෙන් ම ඉන්නේ.
" ඇරුණොත් good. නැත්තම් මට තමා bad."
අවිනාශ් එහෙම කිවුවේ අමිත් එනව ද කියලා බලන ගමන්. මිනිහට තාම අමිත් අයියව සෙට් නැද්ද කොහෙ ද.
"කෝ අර චූටි girl? මං දැක්කට කතා කරන්නවත් බැරිවුණා. මං දැනන් හිටියේ නෑනේ ඔයා married කියලා? Chief කිවුවවත් නෑ....."
අවිනාශ් කිවුව කතාවට ආකිගේ නිදි ඇස් ඇරුණ ද කොහෙ ද. ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ අවිනාශ් දිහා.
" Married? ඒයි.... ඒ මගේ නැන්දගේ දුව ඕයි. මට තාම කොල්ලෙක්වත් නෑ.
ඒත් ඒ පොඩි එකා නැත්තම් මෙලහකට ඉතින්....."
ආකි කියාගෙන ආවා මොකක්දෝ. ඒත් ස්ලෝ කරගෙන ඇවිත් මඟින් නැවැත්තුවා.
" Sorry...?"
" මේ, තාම දන්නේ නෑනේ අයියට කොහොම ද ඔයාව සෙට් වුණෙ කියලා. කොහොම ද ඩබල අඳුරන්නේ?"
ආකි එක පාරට ම වෙන එකක් ඇදලා ගත්තා. ඒත් ඇයි....?
" සෙට් වුණේ ද....? ඒක වෙන ම story එකක් girl....."
එහෙම්ම ම කතාව වෙනස් වුණා. අවිනාශ් ඌයි, අනුශ්ක ගැනයි විස්තර කිවුවා. ඒවා දිගට දාන්න බෑනේ...
සාරාංශ වශයෙන් කිවුවොත් අනුශ්ක අවිනාශ්ගේ classmate කෙනෙක්ලු. පොඩි කාලේ දෙන්නා නයි පොලොන්ඟු වගේලු රණ්ඩු වුණේ. A/L වෙද්දි ඒක අඩු වෙලා. දැන් හොඳට ම ෆිට්ලු. මං හිතුවා වගේ ම මිනිහා සිංග්ලිෂ් ෆොන්ට් එකට අනුශ්කත් පෝඩ්ඩක් වලිලු ඌ එක්ක. ඒත් මුකුත් කියන්නේ නැල්ලු.
ඒත් මිනිහා ඒ වෙලාවෙවත් කිවුවේ නෑ ඇයි ඌ අනුශ්කට චීෆ් කියන්නේ කියලා.
ඔහොම පටන් ගත්තු කතාව පැය ගාණක් ම එක එක පැතිවලට හැරි හැරී තිබ්බා. ඒ අතරේ අමිත් වොෂ් දාලා ආවට පස්සේ ආකි පොඩි කෙල්ලවත් එක්කන් වොෂ් එකක් දාගෙන ආවා.
ඊට පස්සේ මට චාන්ස් එක ආවත් තිබ්බ කම්මැලියට අවිනාශ්ට ගිහින් එන්න කියලා මැසේජ් එකක් පෙන්නුවා. ඒක හින්දා අවිනාශ් වොෂ් එකක් දාගන්න ගියා.
" අපි දෙන්නා නිදියනවා. Good night..."
ආකි එහෙම කියාගෙන ඒ පොඩි එකීවත් උස්සන් ගියා.
" ගුල් ලයිට්....."
අර පොඩි එකිත් ආකිගේ උරිස්සකින් අපි දිහා බලාගෙන එහෙම කියලා අත වැනුවා අපිට. මාත් අත වැනුවා. ආකි කෙල්ලගේ ඔලුව අත ගාලා ගුඩ් ගර්ල් කියාගෙනමයි කාමරේ දොර වහගත්තේ.
" මචං මං යන්න ද? නැත්තම් උඹලා දෙන්නා තව ඉන්නව ද?"
අමිත් ඇහුවේ නිදිමතේ ද කොහෙ ද.
" නෑ. නෑ බං. උඹ නිදාගනින්. අරූ ආවා ම අපි එන්නම්..."
සජියා කිවුවා. එතකොට අරූ ගුඩ් නයිට් කියාගෙන ඌ ඉන්නම් කිවුව කාමරේට ගියා.
" ධනූෂ්... මුන් එහාට මෙහාට වෙනකම් හිටියේ. කියපන්කෝ මොකෝ වුණේ උඹට?"
සජිත් ඇහුවා. ඒත් ඒක කල්පනා කරන්න තරම් මට මානසිකත්වයක් තිබ්බේ නෑ. වෙච්චි දේවල් නිකම් හීනයක් වගේ දැනුනේ....
📱 ".....හෙට ඕක ගැන කතා කරමු ද? හෙන නිදිමතයි බං......."
මං මැසේජ් එකක් නින්දෙන් වගේ කොටලා ඌට පෙන්නුවා. නොපෙන්නුවට ඇඟ තලලා දාලා වගේ මගේ. ඔලුවේ බර ගතියත් එක්ක පුදුම තෙහෙට්ටුවක් තිබ්බේ.
" හරි හරි. වොෂ් එකක් දාගෙන වරෙන්. එතකම් මං ඉන්නම්...."
සජියා මාව තේරුම් අරන් ද කොහෙ ද කිවුවා. ඒක සැනසීමක්.
" ධනූෂ.... Go and come ඉක්මණට. පට්ට sleepy ගතියක් දැනෙන්නේ..."
අවිනාශ් කිවුවේ බාතෲම් එකෙන් එලියට ඇවිත් ඇඟ පිහදාගන්න ගමන්.
" එහෙනම් උඹ පලයන්. මං ඉන්නම් ධනූෂ් එනකම්..."
සජියා කිවුවා.
" No no මං ඉන්නම්... chief කියන විදිහටනේ අපි stay. උඹ ගිහින් වරෙන්...."
අවිනාශ් කිවුවේ පුටුවක වාඩිවෙන ගමන්. මං ඇඳුම් ටිකත් අරන් බාතෲම් එකට රිංගුවා.
දවස් ගාණක් ම කොහෙදෝ ඉඳලා අද තමා මූණ හෝදගන්නවත් හම්බුණේ. රෑ කියලා බලන්නේ නැතුව ෂවර් එක ඇරලා ඒකේ යට හිටගත්තා ඔලුවෙ ම නාන්නම් කියලා. ඇඳන් හිටියේ අලුත් ඇඳුමක් වුණාට හවස ඉඳන් ම මගේ දාඩිය ගඳ මට ම දැනුනා.
හම්මෝ.... පට්ට සීතලක්නේ තිබ්බේ වතුරේ. මං ඇස් පියාගෙන ම ඒකට හුරු වුණා. තෙහෙට්ටුවේ හිටපු හින්දා ඒ සීතලත් එක්ක පුදුම සනීපයක් තිබ්බේ. ඒ එක්ක ම මේ දවස් 5ට වෙච්චි ඒවා එකින් එක වෙච්චි දේවල් කල්පනා කළා.
ඒත්..... එක තැනක ලොකු ඩවුට් එකක්. තැන් කීපෙක ම. ඇයි ඒ? මොකක් ද මෙතන තියෙන අවුල? ආකි ඇයි එහෙම කළේ.....?
................................................................
මොකක් ද ආකි කළේ? කියන්නකෝ බලන්න.... කියයි කියලා ෂුවර් නෑ ඔයලා. Guess කරන්නකෝ....
හම්මෝ.... මීට වඩා බෑ....
පරක්කුයි අද හොඳට ම.... දවස ම ක්ලාස්. ඒ මදිවට ඔලුවේ කැක්කුම හින්දා ආපු ගමන් ම පැය දෙකක් ම නිදි.
11ත් පහු වුණා ලියලා ඉවර වෙද්දි. මට හිතෙන්නේ පහුවදා වෙයි channel වලට දාද්දි.
සනීප වෙන්න කියලා කියපු හැමෝට ම thank you... ඇත්තට ම මේ ටිකේ මට කතාව ෆිට් නැතුව යනවා ටිකක්. සනීප නැති හින්ද ද මන්දා....
හදිස්සියේ හරි ලියන්න බෑ කියලා හිතුණොත් මං දවස් දෙක තුනක් නොදී ඉන්න ද? හෙට එක නම් දෙන්නම්. ඔලුවේ කැක්කුම වැඩි වුණේ නැත්තම් අනික් ඒවා ඉක්මණට ම දෙන්නම්... ඒත් කතාව බෝරින් වෙනව ද කියලා මට හිතාගන්න බෑ කට්ටියට....
Comment එකක් දාගෙන යන්න හිතුන දේ ගැන. හරි නෑ බෝරින් නම් කෙලින් ම කියන්න. එතකොට දවස් 3ක් විතර අරන් මං ඉඳලා refresh වෙලා ආයේ දාන්නම්. මට විතරක් කතාව හරි ගිහින් වැඩක් නෑනේ. ඒකයි....
හරි එහෙනම්.... පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි.....
😌චතූ...😊