D.D.

D.D.


නිහඬත්වය වෙනුවෙන් දෛවය බිඳ හෙලූ ඔහුගේ කතාව...

පෙර කොටස

https://telegra.ph/DD-12-18-8


හෙලිදරව්වක්...


(56 කොටස)


 " උඹ... උඹ කොහොම ද ඒ.......ඒවා දන්නේ.....?"


..........................................................................


චරිත් ඇහුවේ පුදුම වෙලා. ඌට තාම මතක නෑ මාව.


"දන්නෙ ද? මගේ අයියව ගත්ත උඹ ද ඕක මගෙන් අහන්නේ? හහ්.... කුකුල් කරමලා......"


  මං කිවුවේ තරහෙන්.


  " ආකී.... කවු ද උඹ? මොනා ද මේ කියවන්නේ?"


  " කියවන්නෙ ද? උඹට අවුරුදු 10යි. මට 6යි. මතක ද උඹ අපේ ගෙදර ඇවිත් මගේ බෝනික්කෝ දෙන්නෙක් ම කැඩුවා. රෙදි බෝනික්කෙක්ව එහෙම්ම් ම ඉඟිල්ලුවා. 


  මං අම්මට ගිහින් ඔයයි කළේ කිවුවා ම බොරුවට අඬාගෙන අම්මා ලව්වා මට ම ගැස්සුවා මං ඉරලා ඔයාව අල්ලනවා කියලා. ඒක මතක නෑ කියමුකෝ...


  අනික, ඔයාට අවුරුදු 17යි. මට අවුරුදු 14යි. මතක ද එක දවසක් දැකලා මං ලස්සනයි කියලා ලවු ලෙටර් එකක් දුන්නා. අර ඇසුත් වහගෙන හිනාවෙන මූණත් ඇඳලා දුන්නේ. (😊)


  අන්තිමට ඔහේ දීපු ලියුම ගැන අම්මට කිවුවා ම අම්මට උඹ මං ඔහේ එක්ක නිදිගන්න ආවා වගේනේ කියෙව්වේ. මං දන්න කෙහෙම්මලකුත් නෑ. අන්තිමට කොහෙවත් ඉන්න අසරණ මං ගුටි කෑවා. 


   ඒත් ඒක අහුවෙච්චි ගමන් ම ලොකු තාත්තා දුන්නා නේ ද කොන්ද දෙකට වෙන්න ම තොට? අන්තිමට එදායින් පස්සේ අපේ ගෙදර පස් පෑගුවේවත් නෑ. මතක ද තොට ඒකවත්......?"


  මං ඌට අතීතේ මතක් කළා. ඒ පාර ඇසුත් ලොකු කරන් මගේ දිහා බැලුවේ අඳුරගෙන ද කොහෙ ද.


  " ආශී......"


   "ඒයි....."


  චරිත් ඒ නම කියද්දි ම මං උගේ කනට ම ආයේ ගැහුවේ ආව කේන්තියට.


  " උඹ දන්නවනේ... මං ඔය නම කියනටවත් කැමති නෑ කියලා. ඔව්.... එයා තමා. උඹේ බාප්පගේ දුව... මතක ද ඒකිව? ආ... කියලා කියන්න කියන්නේ..."


  මං ඇහුවේ කේන්තියෙන්. චරිත් ඩිම් වුණා.


  " ආශිංසනා...... මතක ද ඒ නම? අදටත් මං ඒ නමට කැමති නෑ. මතක ද තොට ඒකවත්......?"


  චරිත්ට වැටෙන්න ම පාරක් ගහලා මං ඇහුවේ. මං උගේ කොලර් එකෙන් අල්ලගෙන නැඟිට්ටුවේ.


  " මං තාම ඉන්නවා යකෝ.... ඔව්. මැරුණා කියලා නේ ද හිතුවේ...? නෑ.


ආකි.... ඒක තමා මගේ දැන් නම..... ඒත්.... එකෙක්වත් ඒක දැනගන්න බෑ උඹේ කටින්. එහෙම වුණොත් මරලා එල්ලනවා තෝව.


  උඹව මරන්න චාන්ස් ඇවිල්ලත් මං මෙච්චර කල් මැරුවේ නැත්තේ උඹට වඩා ලොකු තාත්තා හින්දා. ඒ මනුස්සයා උඹටයි, මාස්ටර්ටයි පණ ඇරලා. මටත් එහෙමයි. එහෙව් මිනිහගේ පුතා... ෂික්. උඹට මං......"


  හිතේ තිබ්බ තුවාල පෑරෙන්න ගත්තා වගේ. මං එහෙම්ම ම ගහගෙන ගහගෙන ගියේ චරිත්ගේ නාස් පොල්ලත් කැඩෙන්න ම...


   " අද මාස්ටර්.... නෑ... අයියා ආවත් උඹව මං අතාරින්නේ නෑ. මරනවා උඹව......"


  මං උගේ පපුවට ගහගෙන ගියේ තරහෙන්. පයින් හිටන් ගැහුවා කේන්තියට ම..... ඒත් අර ඩොක්ටර් ගාව හිටපු කොල්ලා එතනින් නැඟිටලා ඇවිත් මාව ඇද්දා.


  " අතෑරහන් මාව....."


  " නෝනා ඔය මිනිහා මැරෙයි. එහෙම වුණොත් නෝනට ආයේ ගෙදර යන්න වෙන්නේ නෑ. නවත්තන්න ඕක...."


  ඒ කොල්ලා එහෙම කෑ ගහගෙන ම මාව ඇදලා ගත්තේ. මං පොඩ්ඩක් පසු බැස්සා. ජගනුත් ඇවිත් මාව එතනින් එහාට කරන්න ඒ කොල්ලට උදව් කළා.....


  අත පුරා ම ලේ. වෙන මොකාගෙවත් නෙවෙයි චරිත්ගේ. මාව ඒ දෙන්නේ කාමරේ බිත්තියකට හේත්තු කළා. මං ඇඬුවා. කෑ ගහලා ඇඬුවා...


  " ජගන්, මගේ පෝන් එක දෙන්න."

  

  මං ජගන්ට කිවුවා. ජගන් මගේ පෝන් එක දුන්නා. මං whatsapp එකේ voice recording ඔන් කළා.


  📱🔉" සොරි අයියා..... මං චරිත්ව මරන්න ගියා. බෑ බන් ඉවසන්න මෙච්චර... උඹ එන්න මෙහෙට.... මූව අරන් ගිහින් කූඩුවේ හිර කරන්න කූරු ගනින්න ම..... තිරිසනා..... දුලේන්ටයි පොඩි එවුන් ගොඩකටයි වද දීලා අවයව ගලවනවා..... දුලේන්ව බේරෙගත්තා. අනික් අයව බේරගන්න....මං දුලේන්ව එක්කන් යනවා. ඔයා සමරකොඩි ෆාම් හවුස් එක ගාවට එන්න. ප්ලීස්....."


  මං වොයිස් එකක් රෙකෝඩ් කරලා අයියට යැවුවා. එහෙම්ම ම පෝන් එක සාක්කුවට දාගත්තා. දාගෙන අත් දෙකෙන් ම කඳුළු පිහගෙන නැඟිට්ටා. ඒත් චරිත් තාම බිම වැටිලා කෙඳිරි ගානවා.


 " මට ....... බෙහෙත් එක දාපු injection තුනක් දෙන්න....."


  මං බෙහෙත් එකක නමක් කිවුවේ අර ඩොක්ටර්ට.


  "මොන?"


  " ........ . දැන් දුලේන්ට සිහි නැති කරන්න විදපු බෙහෙත් එකේ නම කිවුවේ. ඒකෙන් තුනක් දීපන්. ඉක්මණට......."


  මං සැරෙන් කිවුවේ. ඩොක්ටර් එකකට බෙහෙත් දාලා එකක් දුන්නා.


  මං ඒක අරන් චරිත් ගාවට ගියේ.


  " මේ..... දුලේන්ට විදපු බෙහෙත. දන්නව ද උඹට වෙන්න යන දේ.....?


  අද තමුන් දැනගනියි ඇත්තට ම මාස්ටර්ගේ හැටි. මෙච්චර කල් වෙස් මූණකට උඹ රැවටුණේ. අද දැනගනියි. එතකම් හිනාවෙවී ටිකක් නිදාගනින්..."


  මං එහෙම කියලා ඒ ඉන්ජෙක්ෂන් එක මිනිහට විදින්න ගියේ.


  " නෝනා... ඔහොම විදින්න එපා. නෝනා දන්නෙ නෑනේ ඕවා විදින්න...."


  අර ඩොක්ටර්ගේ ගෝල කොල්ලා මං ගාවට ඇවිත් කිවුවා.


  " දන්නේ නැද්ද? ඉඳපන් පෙන්නන්න....."


  මං ආයේ බැලුවේ නෑ කෙලින් ම විද්දේ උගේ අතකට. ඌ හිතුවේ නෑ මං ඌට විදියි කියලා. ඒත් දුලේන්ව ඔපරේශන් කරන්න, අර පොඩි එවුන්ට වද දෙන්න ඌත් උදව් කළා. ඌට බේරෙන්න දෙන්න බෑ....


  " ටිකක් නිදාගෙන ඉඳලා පලයන්.... ඒක උඹට හොඳයි. ඉස්සරහට ලේසි නෑ...."


  මං එහෙම කිවුවේ වැටිච්ච ඒ කොල්ලට ඇහෙන්න. කොල්ලා අමාරුවෙන් ම ඇස් පියාගත්තා.


  " ඩොක්ටර්, තව එකක්....."


  මං අත දික් කරලා කෑ ගැහුවා. ඩොක්ටර් බයෙන් ම මගේ අත උඩින් එකක් තිබ්බා.


  " හහ්.... මාස ගාණක් ම පුරුදු වුණේ මේවා විදින්න ම තමා බං.... එච්චරයි හරියට ඉගෙන ගන්නත් පුලුවන් වුණේ......"


  මං ඉන්ජෙක්ෂන් එක දිහා බලාගෙන එහෙම කියලා චරිත්ගේ අතකට ඒක විද්දා. චරිත් වේදනාවට ද කොහෙ ද දැඟලුවා.


  " Sweet dream චරිත්... නැඟිටිද්දි Bad dream එකක් බලන්න වෙයි..."


  මං එහෙම කිවුවේ චරිත්‍ට ඇහෙන්න. මිනිහා ඇස් පියාගන්නකම් ම මං බලන් හිටියා.


  " ඩොක්ටර් අනික් එකත් දෙන්න...."


මං චරිත් ගාවින් නැඟිටලා ඩොක්ටර් ගාවට ගියා. ඩොක්ටර් බයෙන් ම වගේ ඒක මගේ අතෙන් තිබ්බේ.


 " ෂුවර් ද? අර කොල්ලා මේකෙන් නිදාගනීවි නේ ද?"


  මං ඇහුවේ ජගන්ව ඇහෙන් ඩොක්ටර්ට පෙන්නන ගමන්. 


  " ඔව්. මේකෙන් පැය 6කට වඩා නින්ද යනවා."


  ඩොක්ටර් එහෙම කිවුවා.


  " ආ... එහෙනම් විදින්න එපැයි....."


  එහෙම කියලා කෙලින් ම කට්ට එයාගේ අතේ පසාරු කළා.




  නෑ ජගන්ගේ නෙවෙයි. ඩොක්ටර්ගේ..... ඩොක්ටර් මං දිහා බැලුවෙ පුදුම වෙලා.

 

  " අර පොඩි එවුන් ගැන අනුකම්පාවක් තිබ්බේ නෑනේ උඹටත්. උඹත් විඳවපන්...."


  මං එහෙම කියලා කට්ට අතින් ගැලෙව්වේ. මිනිහා එහෙම්ම ම බිම වැටුණා.


  " ජගන්.... ඔය ටික මට දීලා දුලේන්ව ලෙහන්නකෝ ...."


  මං කිවුවේ ජගන්ට. ජගන් මට වොච් දෙක දීලා දුලේන්ගේ කකුල බැඳපු ලණුව ලෙහන්න ගත්තා.


  මං චරිත් ගාවට ගියා. මිනිහා මෙච්චර බය වුණේ මිනිහගේ අතේ පිස්ටල් එකක් තිබ්බේ නැති හින්දා. නැත්තම් ඕකේ පවර් එක අරන් මාව බය කරන්න එනවනේ....


  මං උගේ සාක්කුවට අත දාලා උගේ පෝන් එක එලියට ඇදලා ගත්තා. වෙන වැදගත් දෙයක් තිබ්බේ නෑ...


 ඒත් රිසිට් එකක් තිබ්බා. ඒ පොඩි කඩ කාමරේක රූම් එකක් බුක් කරපු එකට. ඒකත් අද දවසේ පැය 6කට.


  ඒ මොකට ද මූ ගෙදර තියෙද්දි රූම් එකක් බුක් කළේ? හෙට රට යනකම් ඉන්න ද?


වෙන්න බෑනේ. හෙට රෑටනේ flight එක කිවුවේ. එහෙනම් ඇයි...


එතකොට මූ නම් මාව ගෙන්නුවේ...... මොකට ද? එහෙම බැලුවොත් නම් පේන්නේ.........





  මල ජූලියයි. දැන්නේ තේරුණේ. ෂික්.... වෙලාවට අද ම දුලේන්ව ඔපරේශන් කරන්න ගන්න ගියේ. නැත්තම් මේකා මාව අරන් ගිහින්...... ෂික්. දුෂ්ඨයා....


  මගේ පාරවල් හොඳ හින්දා හොඳයි. නැත්තම් මට දෙවි පිහිටයි....


  මං අනික් අයගේ මුකුත් ඇද්දේ නෑ. මං බලද්දි ජගන් දුලේන්ව ලෙහලා.


  " කොව්වව ලෙහුවා. මොකෝ කරන්නේ?"


 " අරන් යං එලියට ජගන්.... තව එයාව මෙහේ තියන්නවත් හොඳ නෑ...."


  මං එහෙම කිවුවා. ඒත් එක්ක ම අර පොඩි එවුන් පස් දෙනා ලණු ගොඩකුත් උස්සගෙන ඒ කාමරේට ආවේ නැද්ද....


  " අපි ඔක්කොමල ම ගැට ගැහුවා නෝනා..."


  අර මගේ කකුලේ එල්ලුණ පොඩි කොල්ලා මං ගාවට ඇවිත් කිවුවේ හිනාවෙවී. ඒ කියන්නේ මං කියන්නත් කලින් ම කට්ටිය වැඩේ කරලා වගේ...


මගෙන් ගුටි කාපු එවුන්ව ගැට ගැහුව එකට ම මේ පොඩි එවුන් සතුටු වෙනවා නම්, මේ පොඩි එවුන්ට උන් කොච්චර නම් වද දීලා ඇද්ද.... කාලකණ්ණිනේ අප්පා...


  " එහෙනම් මේ අන්කල්ලා තුන් දෙනත් බඳිමු ද? එතකොට ඉවරයි ඉ...."


 මං කිවුවා. ඒත් කියලා ඉවර වෙන්න කලින් පොඩි එවුන් ටික කාමරේට ඇවිත් අර ඩොක්ටර්ව ගැට ගහන්නත් ගත්තා.


  " දුලේන්ව කොහෙ ද තියලා තිබ්බේ ජගන්?"


  " යෙහා පත්තේ පොඩි කාමලේ නෝනා. මං තමා මාත්තයාව බලාගත්තේ. පුටුවකට බදලා දාලා අසුත් බදලා මෙච්චර කල් තිබ්බේ නෝනේ...."


  ජගන් කිවුවා.


  " ඇස් බැඳලා? ඒ කියන්නේ ගෙනාපු දවසේ ඉඳල ම දුලේන්ගේ ඇස් බැඳලා දාල ද චරිත් හිටියේ?"


 " ඔව් නෝනේ...."


  " අර්ර්.... මේකා නම්.... දුලේන්ව මට දෙන්නකෝ.... පුලුවන් නම් ඒ පුටුවයි, ලණු ටිකයි අරන් උස්සන් එන්නකෝ වැඩක් කරන්න...."


  මං කිවුවා. 


  " සරි නොනේ...."


  දුලේන්ව මට වාරු කරලා ජගන් දිව්වේ අර කිවුව කාමරේට.


  මං දුලේන් දිහා හරියට ම බැලුවේ එතකොට. දුලේන් හාමත් වෙලා ද මන්දා හිටියේ. මැලවෙලා ගිහින්. ලස්සන රැවුල වැවිලත් වැඩියි. මූණේ හැම තැන ම රැවුල් කොටත් වැවිලා. ඇස් දෙක කළු වෙලා ගිහින්.......


  දුකයි අනේ මේ විදිහට ඔයාව බලන්න... කොච්චර ලස්සනට හිටපු කෙනාට ද චරිත් මෙච්චර වද දුන්නේ...?


 " මෙන්න නෝනා..."


  ජගන් පුටුවයි, ලණුයි උස්සගෙන ආවා. 


  " ළමයි.... පොඩ්ඩක් එන්න...."


 මං කතා කළා. එතකොට පොඩි එවුන් ටික ඔක්කොමල ම එලියට ආවා.


   " අර නිල් පාට ටී ෂර්ට් එකක් ඇඳපු අන්කල්ව තාම ගැට ගැහුවේ නෑ නේ ද?"


  " නෑ අර තඩි බෝල මනුක්කයව බැන්ඳේ...."


  අර සුමුදු කිවුව පොඩි එකා කිවුවා. පවු අනේ... ලස්සන පොඩි එකා.


 " එතකොට අනික් මාමලා...?"


  " එයාලව බැඳලා ඉවරයි...."


  තව පොඩි එකෙක් කිවුවා. ඒ එක්ක ම ඔලුවට ටින් කිරි idea එකක් ආවා.


  " එහෙම ද? එහෙනම් කට්ටියට ම එන්නකෝ...."


  ඔක්කොමල ම එක්කන් මං පොඩි ප්ලෑන් එකක් කිවුවා. කට්ටියට ම ඒකට කැමති වුණා.


  දුලේන්ව ජගන් ගෙනාපු පුටුවෙන් හේත්තු කරලා පොඩි එවුන් එක්ක අර ගැට ගැහුවා කිවුව සේරම අයව ෆාම් එක මැදට ගෙනාවා. මාත් ගැනපු විදිහට මගෙන් ගුටි කාපු ගාණ හරි.


  සේරමලව උස්සන් ගෙනල්ලා තැන තැන තිබ්බා. අමාරු ම වුණේ අර කාල ද මොකා ද කියන දොදොලව උස්සන් එන්න. කොහොම හරි ඌවත් ගෙනත් දැම්මා.


  ඊට පස්සෙ අර කාමරේ අමාරුවෙන් හිටපු පොඩි ළමයින් ටිකත් ඉස්සරහට ගෙනාවා.


අන්තිමට හිටියේ චරිත්. දුලේන්ව මං වාරු කරන් ජගන්ට ම කියලා ගෙනාපු පුටුව අරන් ගිහින් ෆාම් එක මැදට තිබ්බා. 


  පස්සේ චරිත්ව ජගන් පොඩි එවුන් ටිකත් එක්ක ම ඇදන් ඇවිල්ලා පුටුවට තියලා ගැට ගැහුවා. හරියට දුලේන්ව බැඳලා තිබ්බා වගේ ම මැද පොල්ලේ අත් දෙක බැඳලා පුටුවේ ඉස්සරහ කකුල් දෙකේ කකුල් දෙකක් බැන්ඳා. ඇස් දෙකත් ගැටගහලා දැම්මා.


  " එහෙනම් අපි යන්නම්. කට්ටිය මේ මාමලත් බලාගෙන ඉන්නකෝ. පොලීසියේ මාමලා ඇවිත් ඔයාලව එක්කන් යයි....."


" පොලිස් මාමලා අපිටත් ගහයි ද?"


පුංචි කෙල්ලෙක් මගේ ගාවට ඇවිත් ඇහුවා. ඕන්නං රෝස බෝලෙට වඩා අවුරුදු 4ක් විතර ලොකු ඇති.


" නෑ බබෝ... මේ මාමලාට විතරයි ගාන්නේ ගැහුවොත්. ඔයාලට මුකුත් කරන්නේ නෑ එයාලා හරි හොඳයි...."


  මං එහෙම කිවුවා ම පොඩි එවුන් ටික සතුටින් කෑ ගැහුවා. හැමෝම බායි කියලා මට අත වැනුවා.


  මං කට්ටියට ම ඉන්න කියලා පොටෝ එකක් ගත්තා. ඒ පොඩි අයිඩියා එකක් ඔලුවේ තියාගෙන.


  ඊට පස්සේ ජගන් එක්ක දුලේන්ව එලියට අරන් ආවා.


...............................................................


  ඔන්න ඕකයි වුණේ. හැබැයි පුදුම වැඩේ වුණේ චරිත්ගේ කේස් එකෙන් පස්සේ ජගන් මට මැඩම් ගාන්න ගත්ත එකනේ.


ඇයි කියලා ඇහුවා ම මගේ ප්ලෑන් එක තේරුණාලු. ඒ හින්දා නෝනා කියන්න බෑ වගේලු. එපා කිවුවට ඇහුවේ නෑනේ. ඕනේ එකක් කියලා මං සද්ද නැතුව හිටියා.


දැන් ආයේ මුල. මතක ද චරිත්ගේ පෝන් එකට කෝල් එකක් ආවා. ආන්න එතන ඉන්නේ....


  මං පෝන් එක බැලුවා.


ඒකේ screen එකේ වැටුණේ 'B.B. sir' කියලා. මං කෝල් එක ඉස්සුවා.






.................................................................................


මොකක් වෙන්න ඇද්ද ඉතින්....


ඔන්න පොරොන්දුව ඉෂ්ට කරන්නම් දවල් වෙලා. කතාවේ තව කොටසක් දෙන්නම් බෝනස් විදිහට....


ඇත්තට ම මං මුලින් ලියපු කතාවලවත් එක episode එකකට 100+ comment තිබිල ම නෑ. තිබ්බෙත් එකයි ද කොහෙ ද.... ගොඩක් සතුටු හිතුනා. Thank you....


ඔන්න ඉස්සරහට තමා හොඳ හොඳ සෙල්ලම්...


එහෙනම් පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි.....


😌චතූ...😊

Report Page