D.D.
පෙර කොටස
වෙනස...(ඇය)
( 49 කොටස)
උදේ නැඟිට්ටේ ගැස්සිලා වගේ. මදැයි. ඊයේ අර අයියාකාරයගේ වැඩේට ඇවිදලා පුදුම මහන්සියක් තිබ්බේ. ඒත් පාඩු නෑ. ඒකයි මුකුත් නොකීවේ.
බලද්දි වෙලාව 7ත් වෙලා. අද නම් විශේෂ වැඩක් නෑ. එත් ඉනුවා වැඩට යන හින්දා යමරෙට වැඩ. ඉනුවගේ අම්මා.... මං එයාට නැන්දා කියන්නේ. එයා මං යද්දි කුස්සියේ කෑම හදනවා කඩවලට දාන්න.
නැන්දගේ බිස්නස් එක ඒක. මාත් වෙනදා නම් සපෝර්ට් එකක් දෙනවා. ඒ හින්දා නැන්දා මටත් ගාණක් ගෙවනවා මගෙන් නිකම් වැඩ ගන්න බෑ කියලා. ඒ හින්දා මාත් ආසාවෙන් කරන්නේ. ඒත් අද නින්ද ගියානේ.
" ආ... good morning දුව. නැඟිට්ට ද?"
නැන්දා මාව දැකලා කිවුවේ.
" Good morning. කලින් කියන්න එපැයි. ඒම වුණා නම් මාත් උදව් කරනවනේ."
" අද ඕනේ නෑ දුව. මටත් ටවුන් යන්න වෙලා. චූටි විතරයි ඉන්නේ. අද ඒ හින්දා ගෙදර ඉන්න හරි ද?"
නැන්දා කියාගෙන ගියා.
" හරි හරි මං යන්නේ නෑ. කෝ මල්ලි?"
මං ඇහුවේ අමිත්ව උදේ ඉඳන් දැකපු නැති හින්දා.
" ත්‍රීවිල් එකත් අරන් කොහෙද ගියේ. ඇහුවට කිවුවෙත් නෑ. කෙල්ලේ, පුලුවන් නම් මාව පාරට දානව ද?"
නැන්දා ඇහුවා.
" ඕක මොකක් ද අනේ. මං දාන්නම්."
" මේ, කෝ අරයා?"
වටපිට බලන ගමන් නැන්දා ඇහුවේ හොරෙන්. මං දන්නවා ඔය අහන්නේ කවුරු ගැන ද කියලා.
" ආ... එයා මගේ කාමරේ. ඊයේ අපි දෙන්නා පාන්දර වෙනකම් ම කයිය ගගහා හිටියා. අන්තිමට දන්නෙ ම නැතුව නින්ද ගිහින්. මං එද්දිත් නිදාගෙන හිටියේ."
මං කිවුවේ සාලේ දිහත් බලන ගමන්.
" හරි දුව. මං මේ ටික හදලා ඉවරයි. දුවත් ඇඳුමක් දාගෙන එන්න."
නැන්දා කිවුවේ අන්තිම බඩු ටිකත් පෙට්ටියකට අඩුක් කරන ගමන්.
" හරි නැන්දේ. ඔන්න මං ගියා......."
මං එහෙම කියාගෙන දිව්වේ ඉක්මණට ලෑස්ති වෙන්න. ඒත් වැඩේ බැරිවුණේ එක පාරට ම කවුදෝ මගේ ඉස්සරහට ඇවිත් තාප්පේ වගේ හැප්පුණ හින්දා. මගේ තොලේ ම හැප්පුණානේ. වැදුණ පාර නම් තදට වැදුණා.
" ආව්..."
" ආයි... කොහෙ ද ආ... යන්නේ?"
අයියෝ.... මේ ඉනුවනේ. සාරියත් ඇඳගෙන කොහේ බලන් එනව ද මන්දා. මට පේන්නේ මගේ තොල වගේ ම එයාගේ හැප්පිලා තියෙන්නෙ නලල ද කොහෙද. ආයි කියාගෙන ම නළල අල්ලගත්තා. කොහෙ ද මට වඩා කොටයිනේ.
" සොරි සොරි. ඔයත් පිඹගෙන ආවනේ ඉතින්. ඒකනේ හැප්පුණේ."
මං කිවුවා. කොහොමත් ඔය වෙලාවට මට හොඳ කතා මතක් වෙනවා. මේකි හින්දා කියන්නේ නෑ. අවුරුද්දක් වැඩිමල් කියලා තැන අරන්නේ ඉන්නේ. කියලා මට ම ගහගත්තා වගේ වැඩක් ඊට පස්සේ.
" ආ... හරි හරි. මල්ලි ඔයාව උදේ ඉඳන් හෙව්වා. නැඟිටලා හිටපු නැති හින්දා හදිස්සියේ ගියා. පොඩ්ඩක් බලහන්..."
එහෙම කියාගෙන ඉනූ කුස්සියට ගියා. වැඩට යන හින්දා බත් එක ඔතාගන්න වෙන්නැති. ඒත් අමිත් මාව හෙව්වේ ඇයි?
මං වොෂ් එකක් දාගෙන ඇඳුමක් දාගෙනත් එද්දි මගේ ඇඳ එක්කෙනෙක් සින්නක්කරව අරන්. කියන්න ඕනේ නෑ ඔයලා දන්න ම කෙනා තමා. ඊයේ මට නිදාගන්න දුන්නෙත් නෑනේ. ඔහේ නිදාගත්තාවේ කියලා මං පොන් එක අරන් කාමරෙන් ආවා.
" යං දුව. මං ලෑස්තියි....."
" හරි ඇන්ටි. කෝ ඉනූ?"
" මල්ලි ආවනේ. එයත් එක්ක ගියා. ඉක්මණට යමු දුව. පරක්කුයි."
නැන්දගේ හදිස්සිය හින්ද ම මං දොර වහලා ආවේ රෝස බෝලෙත් තාම නිදි හින්දා. ඊට පස්සේ ස්කූටර් එකෙන් නැන්දත් එක්ක ගියේ.
නැන්දව මං මහ පාරට ඇරලවලා ආයේ ගෙදර ආවා ඉක්මණට ම. බෝලේ ඊයේ මහ රෑ වෙනකම් ම ඇහැරලා බොහොම අමාරුවෙන් නිදි කෙරෙව්වේ. අනික් එක්කෙනත් මට වද දීපු එකනේ කළේ.
" ඒයි, උඹ කොහෙ ද ගියේ?"
එහෙම කෑ ගහගෙන ආවේ අමිත්. මොකක් වෙලා ද?
" ඇයි? මං ගෙදර හිටියේ."
" ඒක මාත් දන්නවා යකෝ. නැඟහන් ත්‍රීවිල් එකට."
අමිත් එහෙම කෑ ගහද්දි මං ගැස්සුණා.
" ඒ මොකෝ?"
" ඒ මොකෝ කියන්න තමා නැඟහන් යන්න."
" යන්න බෑ. බෝලේ තාම නිදි. එයාව දාලා යන්න බෑනේ."
මං කිවුවේ තරහෙන්. මූ කියන්නෙත් නෑනේ ඇයි කියලා.....
" එහෙනම් ඕනේ එකක් කරගන්නවා. තමුසෙගේ යාළුවා දුලේන් ඉන්නේ...."
ඔන්න ඒක ඇහෙද්දි නම් පොඩ්ඩක් ගැස්සුණා. දන්නවනේ.... දුලේන් මට කැමතියි කියලා.... ඒත් මං නම් ඕන් කියලා නෑ එයාට කැමතියි කියලා.
මං ඒක මෙච්චර කල් කිවුවේ නෑ නේද?
දැන් හරි කිවුව එක මදැයි. නැත්තම් අමතක වෙනවා කියන්න.
" ඇයි දුලේන්ට මොකෝ?"
" මිනිහා ආගිය අතක් නෑ."
ඒකට නම් ගැස්සිලා තෙරපිලා ගියා මාව.
" මෝ... මොකක්?"
" ඔව්. මිනිහව ගන්න පාන්දර මං කඩේට ගියා. මිනිහා එන්නෙ ම නැති තැන මං කඩේ පිටිපස්සට ගියා. එතකොට එහෙන් කිවුවා මිනිහා තනියම ගියා කියලා කලින් සනීප නෑ කියලා. ඒත් මිනිහගේ යාළුවා කෝල් දාලා මගෙන් අහනවා මං ධනූෂව ගෙනිච්චේ කොහෙ ද කියලා. මිනිහා කොහෙවත් නෑ. වරෙන් යන්න....."
ඒක ඇහෙද්දි නම් මට උන් හිටි තැන් අමතක වුණා. මං ගෙට දිව්වේ ඒකයි.
දඩඩාස්....
" ඒයි... බලාගෙන..."
අමිත් කෑ ගැහුවා. ඒත් පරක්කු වැඩියි එතකොටත්...
ෂික්.... හදිස්සිය වැඩිකමට දොර ගාව පඩියේ කකුල හැප්පිලා මං බිම කියන්නකෝ. තව ඩිංගෙන් නිකට කෙලින් ම බිම වදින්නේ. මොකක්දො වාසනාවකට බේරුණා. ඒත් මං නැඟිට්ටේ යන්න.
" මොකෝ බං? කොහෙ ද දුවන්නේ?"
අමිත් මගේ කළබලේ දැකලා ඇහුවා. ඒත් මං කොහොමහරි වෙර දාලා වැටුණ පමාවට නැඟිට්ටා.
" බෝලෙව අරන් එන්නම්...."
එහෙම කියාගෙන ම මං දිව්වේ කාමරේට. නිදාගෙන හිටපු බෝලෙවත් හෙමීට වඩාගෙන යතුරත් අරන් මං දුවගෙන ම එලියට ඇවිත් දොර වැහුවා. ඇතුලේ ලොක් එක අරින්න යතුර ඕනේ නෑනේ. මං යතුර පාපිස්ස යටට ඒ පමාවට දැම්මා.
"යතුර ගත්ත ද?"
" ඔව් ඔව් දැම්මා. යං යං. මොක ද දන්නේ නෑ දුලේන්ට....."
මං එහෙම කියාගෙන බෝලෙවත් පරිස්සමට අල්ලගෙන ත්‍රීවිල් එකට නැඟ්ගේ. අමිත් ත්‍රීවිල් එක ස්ටාර්ට් කළා.
" අනේ මන්දා බං. මූට මෙච්චර කියලත් තනියෙන් යන්න එපා කියලා.... ඒත් ගිහින්නේ. මොක ද මන්දා....."
අමිත් කිවුවා. මොකක් වෙලා ද කියලා හිතාගන්න බැරිවුණා මට. ඒත් එක්ක ම ඔලුවට පොඩි පහේ මතකයක් ආවා.
" දුලේන්ම ද දන්නේ නෑ එහෙනම් ඒ හිටියේ...."
මං කියන්න හිතුවේ නෑ. ඒත් කියවුණා.
" කොහෙ දි ද?"
අමිත් මං දිහා බලලා අහන ගමන් ත්‍රීවිල් එක වේගෙන් ගෙනිච්චා.
" ඊයේ අයියා එක්ක මං බස් හෝල්ට් එක පැත්තෙන් පයින් ගියා ශොප් එකකට යන්න. මං දැක්කා කඩයක් ගාව D.D. ගේ කිට් එකක් වගේ ඇඳගෙන කොල්ලෙක් මං දිහා බලන් ඉන්නවා වගේ. මං බලද්දි පිඹගෙන ගියේ නැද්ද....
මං හිතුවේ මාව කවුරු හරි ෆලෝ කරනව ද කියලා. ඒත් පස්සේ ආයේ ආවේ නැති හින්දා මං හිතුවේ ඒ පාරේ යන කෙනෙක් කියලා."
මං කිවුවා. ඒත් ඒ දුලේන් නම්....... අයියෝ.... කොල්ලා කොහේ ගියා ද එතකොට....
" ඒක නම් හරියට ම කියන්න බෑ. කොහොමත් ඔය එක වගේ ඇඳුම් ඕනේ තරම් තියෙනවනේ. ඒක හින්ද වෙන කෙනෙක් වෙන්නත් පුලුවන්.
අයියට කෝල් කරලා සීන් එක කියන්නකෝ. නැත්තම් ඌට මොකක් හරි වෙනකම් හොයාගන්න වෙන්නේ නෑ."
අමිත් කිවුව එකත් එක්ක මටත් බය හිතුනා.
"බය කරන්න එපා යකෝ. ඉන්නවා අයියට ගන්නම්...."
මං අයියගේ නම්බර් එක ඩයල් කළා. ඒත් මිනිහා නෝ ආන්සර්. කොහේ ගිහින් ද මන්දා....
" ඇයි මොකෝ?"
" ආන්සර් කරන්නේ නෑනේ බං...."
මං කිවුවේ අප්සට් එකේ. මොකක් කරන්න ද කියලා හිතාගන්න බැරුව හිටියේ.
" යමංකෝ කඩ පෝලිම පැත්තේ. සමහර විට එහෙන් හොඩුවාවක් ගන්න පුලුවන් වෙයි."
එහෙම කියාගෙන අමිත් ත්‍රීවිල් එක බස් ස්ටෑන්ඩ් එක ගාවට ගෙනිච්චා. රෝස බෝලේ හිටපු හින්දා මං ගියේ නෑ. අමිත් හැම කඩේකින් ම වගේ මගේ පෝන් එකේ තිබ්බ දුලේන්ගේ පොටෝ එක කඩවල්වල හැමෝට ම පෙන්න පෙන්න විස්තර අහනවා මං දැක්කා.
" අනූ නැන්දී...."
බෝලෙගේ කටහඬ ඇහිලයි මං බැලුවේ. බලද්දි කෙල්ලට ඇහැරිලා. නිදි ගැට කඩ කඩා ඈනුම් යැවුවේ.
" ඇයි බෝලේ...."
" කෝද අපි ඉල්ලේ?"
රෝස බෝලේ මූණට එලිය වැටෙන හින්දා අමාරුවෙන් ඇස් පිල්ලම් ගහන ගමන් ඇහුවේ වටපිට බලන ගමන්.
" පාරේ බෝලේ. ආච්චි ටවුන් ගියපු හින්දා මං බෝලෙවත් උස්සන් ආවා. නැත්තම් බෝලේ පවුනේ..."
මං ටිකක් හුරතල් විදිහට කිවුවා.
" ඇයි ටුන් ආවේ?"
" නැන්දීගේ යාලුවෙක් හොයන්න බෝලේ. එයා හැංඟිලා. අමී මාමා ගියා හොයන්න. මං බෝලේ හිටපු හින්දා නැවතුණා."
" ආ.. ඒ මාමා හැංඟිමුත්තං කලනවා ඇති. හම්බුවෙයි....."
රෝස බෝලේ හුරතලේට කිවුවා. ඒත් ඉතින් මේ කෙල්ල දන්නව ද ඕවා. ඇත්තට ම හැංඟිලා ඉඳලා එක පාරට ම දුලේන් ආවා නම්.... ඒක ම ඇති මේ පපුවේ පත්තු වෙන ගින්න නිවෙන්න. හුඟක් බය වෙලා හිටියේ මං.
" මේ නැන්දියෝ..... බෝලෙට බඩගිලීනේ....."
බෝලේ මතක් කරද්දියි ඒක ආයේ මතක් වුණේ. කොහෙ ද දුලේන් නෑ කිවුවා විතරයි බඩ පපුව දාලා ගියා වගේ වුණේ. කොහේ කන්න ද?
" බඩගිනී ද? පෝඩ්ඩක් ඉවසන්නකෝ මාමා එනකම්. ආවා ම මොනාහරි අරන් කමූ...."
මං කිවුවා. ඒ පාර හ්ම් කියාගෙන ඔලුව වැනුනා එයා.
" good girl...."
මං එහෙම කියලා බෝලෙගේ ඔලුව අතගාලා බෝලෙව ඔඩොක්කුවට ගන්න ගමන් ට්‍රයි කළේ අයියට කෝල් එකක් ගන්න. ඒත් මේ මනුස්සයගේ පෝන් එක එන්ගේජ්නේ... පස්සේ බැරි ම තැන මං අමිත් එනකම් බෝලේ එක්ක කියව කියව හිටියා.
පැය බාගෙකට විතර පස්සෙයි අමිත් ආවේ. නිකම් නෙවෙයි. මල්ලකුත් උස්සගෙන. ත්‍රීවිල් එකට ආපු ගමන් ම මල්ල මට දුන්නා.
" මොනා ද?"
මං ඇහුවේ මල්ල අදින ගමන්.
" උදේට කාලා නෑනේ කවුරුත් ම. ඒ හින්දා අර බේකරියෙන් බනිස් තුනකුයි, කිරි පැකට් තුනකුයි ගත්තා. කාල ම යමු යන තැනක...."
" හා... ඒත් ඇයි තුනක්?"
මං ඇහුවේ අමිත්ගෙන්. මිනිහා එක පාරට ම මගේ දිහා බැලුවෙ කන්න වගේ.
" ඇයි තොපි දෙන්නා විතරයි ද කන්නේ? මෙච්චර පාන්දර ඉඳන් නටන මං කන්නේ නැද්ද?"
අමිත් ඇහුවේ තරහෙන්. මට ඒක නෝට් වුණේ නෑනේ. ෂික්.... අපරාදේ ඇහුවේ.
" හරි හරි. සොරි."
" හරි හරි කමක් නෑ. කනවකෝ...
සසූ චූටි.... ඇහැරලා නේ ද? බයියා ගත්ත ද හොඳට කෙල්ල....?"
අමිත් ඇහුවේ බෝලෙට එබෙන ගමන්.
" ඕ. චෝකෝ ගෙනාව ද මාමී....?"
බෝලේ එහෙම කියාගෙන යාන්තමට මතු වුණ දත් හතර පෙන්නලා හිනාවුණා.
" චොකෝ... චොකෝ... චොකෝමයි නේ ද හැම තිස්සෙම? වැඩිය හොඳ නෑ හරි ද? කන්නකෝ දැන්. පස්සේ අරන් දෙන්නම්...."
අමිත් කිවුවා. රෝස බෝලේ හිනා වෙලා මං දීපු බනිස් ගෙඩිය අතට ගත්තා. පස්සේ තුන් දෙනත් එක්ක ම කාලා බීලා ලෑස්ති වුණේ ආයේ යන්න.
" කොහෙ ද යන්නේ දැන්?"
" කොහෙ හරි යමු. කොහොම හරි හෝඩුවාවක් ගන්න එපැයි...."
මං එහෙම කිවුවේ කිසි අදහසක් නැති හින්දා. ටවුම වටේ ම තිබ්බ කඩ වලින් විස්තර ඇහුවා. ඒත් හරි හමන් දෙයක් හොයාගන්න බැරිවුණා. මඟක් යද්දි ම බෝලෙට ආයෙත් නින්ද ගියේ මහන්සියට ද කොහෙද.
" මොකක් ද දැන් කරන්නේ?"
අමිත් ඇහුවා.
" අනේ මන්දා... හිතාගන්න බෑ."
මං කිවුවේ උත්තරයක් නැති හින්දා. ඒ එක්ක ම මගේ පෝන් එකට කෝල් එකක් ආවා. ඒත් නම්බර් එක unknown.
" කවු ද?"
" දන්නේ නෑ. නමක් දාලා නෑ."
" අයිය ද දන්නේ නෑ. අරන් බලන්නකො."
අමිත් කිවුවා. මං ආන්සර් කරන්න ගියේ.
" ඒ, කෝ ආකි......."
" ගෙදර ගෙදර."
අමිත් කියන්න ගියපු එක දන්න හින්දා මං කලින් ම කිවුවා.
" හා හා. ඕක ස්පීකර් දාන්නකෝ මටත් ඇහෙන්න."
අමිත් කිවුවා. මං කෝල් එක ආන්සර් කරලා ස්පීකර් දැම්මා.
📱 " හෙලෝ..."
මං කතා කළා.
📲 " හෙලෝ ආදු, මං චරිත්..."
ඒක ඇහුණා විතරයි අමිත් ත්‍රීවිල් එක බ්‍රේක් කළේ නැද්ද. මිනිහට කේන්තියි චරිත්ව මතක් කළත්. මං දිහා බැලුවේ පුදුම කේන්තියකින්.
📱 " චරිත්? මං කියලා ති...."
📲 " හරි. මං දන්නවා කියන්න යන එක. හරි මං ආකිත්‍යා කියන්නම්."
📱 " ඒත් ච..."
📲 " ප්ලීස් මට කතා කරන්න ඕනේ. කට් කරන්න එපා. මට විනාඩි 10 දෙන්න. ඒ ඇති..... ප්ලීස්....."
චරිත් කිවුවේ දුකෙන් වගේ. මං අමිත් දිහා බැලුවා. මිනිහා හා කිවුවට ඉන්නේ නම් කේන්තියෙන් කියලා මට තේරුණා.
📱 " හරි. විනාඩි 10යි. ඊට වඩා බෑ."
මං තරහට ම කෙලින් ම කිවුවා. මිනිහගේ කටහඬ ඇහුණත් මට පුදුම කේන්තියක් එන්නේ.
📲 " තැන්කිවු. ඇත්තට ම සොරි. මං මං...... මට ඇත්තට ම දුකයි...."
චරිත් අඬනව ද මන්දා. ඒ වගෙයි ඇහෙන්නේ.
📱 " ඇයි චරිත්?"
මං පොඩ්ඩක් සැලිලා සද්දේ අඩු කරලා ඇහුවා.
📲 " ආදු.... සොරි. ආකිත්‍යා. මට බයයි.... ඉස්සෙල්ලා කියන්නකෝ ඔතන ආකි ඉන්නව ද කියලා....?"
චරිත් ඇහුවා. මං අමිත් දිහත් බැලුවා. මිනිහා නම් ඩ්‍රයිවින් සීට් එකට හේත්තු වෙලා ඈත බලාගෙන කෝල් එකට කන් දීගෙන ම කල්පනා කරනවා. ඒත් කේන්‍තිය ඒ මූණෙන් හොඳට පෙනුනා.
බෝලෙත් තාම නිදි. මං හුස්මක් ගත්තා.
📱 " ආකි නෑ. කියන්නකෝ ඔයා....."
📲 " හරි.... ඈ.... ඇත්තට ම සොරි ආදු... මං ඔයාට ගොඩක් වද දුන්නා. ඒත් ඔයා මට තේරුම් කරන්න හැදුවා. ඒත් මට තේරුණේ නෑනේ. ඇයි එහෙම වුණේ?
මට දැන් තේරෙනවා. ඔයා අර දුලේන්ට තමා කැමති. මට තේරුම් ගන්න පුලුවන්. ඒත් ඔයාලගේ වයස...."
📱 " චරිත්... මායි, දුලේනුයි ඒ වයස ගැන ප්‍රශ්නේ බලාගන්නම්. දැන් එක පාර ම කියන්න ඔයාට කියන්න ඕනේ එක. වෙලා යනවා. අනික මට වැඩ තියෙනවා."
මං කිවුවේ කේන්තියෙන්. මෙහේ දුලේන්ව නැතුව මං ගිනි පත්තු වෙලා හොයනවා. මේ යකා මෙතන ලවු සීන් කියවන්න යනවා. ඒ එක්ක ම එහා පැත්තෙන් හොටු හූරනවා වගේ සද්දයක් ආවා. චරිත් අඬනව ද මන්දා.
📲 " හරි. හ.... මං මෙහෙන් යන්න යන්නේ."
📱 " මොකක්?"
මං එහෙම කියාගෙන බැලුවේ අමිත් දිහා. අමිතුත් පුදුම වෙලා බැලුවේ.
📲 " ඔව් ආදු. නෑ. ආකිත්‍යා. මං තව දවස් 4කින් යන්න තියෙන්නේ. මං ආයේ කවදාවත් මෙහේ එන්නේ නෑ."
📱 " ඒත්... අයියා ඕ..."
📲 " අඩේ අයියට කියන්න එපා. කිවුවොත් මට යන්න දෙන්නේ නෑ ඕකා. ඔයාට විතරයි මං මේක කිවුවේ. මං කාටවත් කරදරයක් වෙන්නේ නෑ.
ඒත්..... යන්න කලින් එක ආසාවක් මට තියෙනවා. ඒක ඔයාට විතරයි මට ඉෂ්ට කරන්න පුලුවන්...."
📱 " මොකක් ද?"
📲 " මේ දවස් 4ට විතරක් මගේ girl friend වෙන්න. ඒ විතරමයි. මාත් එක්ක හොඳින් කතා කරලා, ඇවිදින්න ගිහින්..... ප්ලීස් ආකිත්‍යා. මෙච්චරමයි ඉල්ලන්නේ. මට ඔයා එක්ක ඉන්න ඕනේ."
ඒක නම් අමුතු ම ඉල්ලීමක්නේ. මෙච්චර මං දුලේන් එක්ක යාළුවෙලා කියලා දැනගෙනත් ඒක ම අහන හැටි.
📱 " බෑ චරිත්. දන්නවනේ දු...."
📲 " හරි මට තේරෙනවා. ඕන්නං දුලේන්ටත් කියන්න. ප්ලීස්... මට ඕනේ ඔයා එක්ක මේ දවස් ටිකේ ඉන්න විතරයි. මට මගේ හිත නිදහස් කරගෙන යන්න ඕනේ.
කොහොමත් මං ආයේ කෙල්ලෙක් ගැන හිතන්න යන්නේ නෑ. ඔයා විතරයි මගේ එක ම ආදරේ. හැමදා ම ඔයාගේ මතක වලට විතරයි මාව ජීවත් කරන්න පුලුවන්. ඒත් ඒකේ ලස්සන මතක අඩුයි. ඒකයි මෙහෙම ඉල්ලුවේ......."
චරිත් කියන විදිහට දුකත් හිතෙනවා. ඒත් ඕකව පොඩ්ඩක් ෂුවර් කරන එක මෝඩකමක් වෙන්නත් පුලුවන්. ඒත් මූ හොඳ එකෙක් වෙනවා නම් ඕනේ එකක්.
ඒත් කොහොම ද දුලේන්ට කියන්නේ? කොල්ලා නැතුවනේ අපි හොයන්න ගත්තේ. ඒත් ඉතින්....
📱 " ඒක මට හිතන්න ඕනේ එකක්...."
මං කිවුවා.
📲 " ඕනේ තරම් හිතන්න. හැබැයි පැය 6යි දෙන්නේ. මට උත්තරයක් ඕනෙමයි. මොක ද මට තියෙන්නේ දවස් 4යි අදත් එක්ක. අනිද්දා දවල්ට ෆ්ලයිට් එක මට."
මේකා තව මාව හිර කරනවනේ. මොකක් ද කියන්නේ මං....? අකමැති වෙන්න ද? කැමති වෙන්න ද?
කැමති වෙන්න ද කියලා මං සද්දේ අඩු කරලා අමිත්ගෙන් ඇහුවා. මිනිහා කල්පනා කරනවා.
📲 " පුලුවන් නම් දැන් ම කියන්නකෝ...."
චරිත් ඇහුවා. අමිත් හිතලා හා කියන්න කියලා හෙමීට කිවුවා.
📱 " මට හිතන්න දෙන්නකෝ චරිත්. මං පස්සේ කියන්නම්."
📲 " හරි ආදු... මං ආදු කියන්න ද? මං එහෙම කියන්න ආසයි. දැන් වෙලාව 3යිනේ. මං රෑ 9ට විතර ගන්නම්. නැත්තම් ඔයා ම අරන් මට කියන්න."
📱" හරි චරිත්. මං කියන්නම්. මං වැඩක ඉන්නේ. තියන්නම්කෝ...."
📲 " හරි. බුදුසරණයි මගේ පණ......"
📱 " බුදුසරණයි....."
මං ඉක්මණට ම කෝල් එක කට් කළා.
" ඇයි බං කැමති වුණේ නැත්තේ? ඕකා රට යනවා කියලා අයියා දැනගත්තොත්....."
අමිත් කිවුවා.
" මං දන්නවා. ඒකයි වෙලාවක් ඉල්ලුවේ. අයියා පෝන් එක උස්සන්නෙත් නෑනේ.
අනික චරිත් කොයි වෙලාගේ වෙනස් වෙයි ද කියන්න බෑනේ. දන්නවනේ හැටි. අම්මමයි ඌ නම්. නරියා....."
මං කිවුවේ තරහෙන්.
" ඒත්... ඌ වැරදී එකක් කියන්නෙත් නෑනේ. ඌ එක්ක දවස් 3කට යාළුවෙලා ඌව මෙහේ නවත්තගන්න එක තමා හොඳ. නැත්තම් අර මාස්ටර් පොලවේ පස් කයි ඌ නැතුව. ඌ ඒ තරම් ආදරෙයි ඕකට."
අමිත් කිවුවා.
" හරි. පැය 6 ක් ම තියෙනවනේ. බලමු. දැන් දුලේන්ව හොයාගන්න ඕනේ. නැත්තම් අපිට තමා පොලවේ පස් කන්න වෙන්නේ.
කොල්ලා ඊයේ ඉඳන් කාල ද ඉන්නේ කියන්නවත් දන්නේ නෑ. ඉක්මණට යමං........"
මං අමිත්ව කතාවෙන් වෙන පැත්තකට දැම්මා. ඊට පස්සේ අමිත් ත්‍රීවිල් එක ස්ටාර්ට් කරගෙන පාරට දැම්මා.
" ඔව් ඉතින්... මෙච්චර කොල්ලා ගැන හොයනවා. ඒත් තාම I love you කියාගන්න කට පණ නෑනේ ඉතින්...."
අමිත් කිවුවේ නෝක්කාඩුවෙන්.
" හරි මං ඒක බලාගන්නම්. යමංකෝ...."
මං එහෙම කියලා ජනේලෙන් එලිය බලාගත්තා.
ඒත්.... මොකක් ද මේ චරිත්ගේ වෙනස? මිනිහා ඔහොම කරන එක නම් ලෝක පුදුමයක්. පුදුමයි ඇත්තට ම. බලමුකෝ ඉස්සරහට. අපිත් ඉන්නවනේ ඉතින් මේ නාඩගම් බලන්න.....
................................................................
මොකෝ හිතන්නේ? ආශි චරිත් ද කැමති වෙයි ද?
අද පොඩි එකක් ද?..... ලොකු එකක් ඉක්මණට ම දෙන්නම්.
මේ ටිකේ දුලේන්ගේ ඒවා එකයි, ආශිගේ ඒවා එකයි වගේ තමා යන්නේ. ගනන් ගන්න එපා...
මගේ කල්පනා ශක්තිය බැහැලා වගේ. කතාව බෝරින් ද? මොකෝ හිතුණේ?
ආශිගේ ඒවා මං ඉක්මණට විසඳනවා. බය වෙන්න එපා. පැටලෙන්න ඕනේ නෑ. තව කොටස් 5-6 ක් ඇතුලත ම මං විසඳන්නම්.....
Comment ගොඩාක්..... ඕනේ. 60 පැන්නොත් තව එකක් දෙනවා. 30 ට වඩා අඩු කරන්න එහෙම එපා. එහෙම වුණොත් කතාව හෙට නෑ....
😌චතූ...😊