D.D.

D.D.


නිහඬත්වය වෙනුවෙන් දෛවය බිඳ හෙලූ ඔහුගේ කතාව....

පෙර කොටස

https://telegra.ph/DD-11-18-3


වටින ම දවසක්...

(27 කොටස)


තව ඩිංගෙන් අනිද්දා උදේ පත්තරේ යන්නේ 'වේගෙන් ස්කූටර් රථයේ තිරිංග තද කිරීම නිසා පිටුපස ගමන් කළ 20 හැවිරිදි තරුණයෙක් පාර මැද බිම ඇද වැටී ජීවිත්‍යක්ෂයට' කියලා.....



  ඒත්.......



..............................................................


  වාසනාවකට ද කොහෙ ද වැටුණේ නැත්තේ. ඒ හින්දා අනිද්දා පත්තරේ මටත් බලන්න පුලුවන් වෙයි. 


  කොහේ යනව ද මන්දා මෙයා. එහාට හරවනවා.... මෙහාට හරවනවා.... අතුරු පාරවල්වලට දානවා... පුදුම ස්පීඩ් එකකින් යන්නේ. අද ආකිට හතයි මෙයා.


  කොහොමින් කොහොම හරි ස්කූටර් යාන්තමට ගෙයක් ඉස්සරහ නැවතුණා. මේ වෙද්දි නම් කරුවල වැටිලා හොඳට ම. ඒත් ඒ ගෙදර නම් එක ලයිට් එකක්වත් දාලා තිබ්බේ නෑ.


  මං බහින්නත් කලින් ම මෙයා පැඩල් එක ගහලා ස්කූටර් එක අතෑරලා ගේ පැත්තට දිවුවේ පුදුම හදිස්සියකින්. තව ටිකෙන් මං ස්කූටර් එකත් එක්ක බිම.


  " නැන්දා..... මේ දොර අරින්න....."


  මෙන්න මෙයා ඒ ගෙදර දොරට තඩිබානවා. මොක ද මන්දා එක පාරට ම වුණේ....? 


  එතකොට තමා මං දැක්කේ මිදුලේ නවත්තලා තිබ්බ ත්‍රීවීල් එක. යකෝ මේක ආකිගේ එකනේ. එතකොට ආකිගේ ගෙදර ද මේ?


  " මල්ලී... ඉන්නව ද හලෝ....?"


  මෙයා තාම දොරට ගහන ගමන් කෑ ගැහුවේ. පට්ටට ම සැර වෙච්චි කලබලයක් තිබ්බේ එයාට. 


  එයා එකපාරට ම බෑග් එක ඇද්දා. ඇදලා ඇදල ම යතුරු කැරැල්ලක් ගත්තා බෑග් එකෙන්.


  මට නම් වෙන දේ හිතාගන්න බෑ. ඒත් මෙයා කැරැල්ලෙන් යතුරක් දොරට දාන්න හැදුවා. ඒත් කලබලේට ඒක බිම අතෑරියා. 


  ආයේ නැවිලා අරන් යතුරක් අත ගාලා ඒක දොරේ අඟුලට එබුවා. හදිස්සියෙන් ම ඒකත් කරකවලා මෙන්න මෙයා ඇතුලට ගියා.


  ඒ එක්ක ම මාවත් ගැස්සිලා යන්න ඩෝං ගාලා ගේ ඇතුලෙන් ඇහුණේ නැද්ද සද්දයක්. මං දුවගෙන ම ගෙට ගියේ ඒ මොකක් ද කියලා බලන්න බය වෙච්චි පාර....


කිරි අප්පට බල්ලෝ පැනපී....








  සර්ප්‍රායිස්.....



  යකෝ.... ඒකට මං විතරක් නෙවෙයි. දුමේෂිත් සර්ප්‍රයිස් වුණා. එක පාරට ම කාමරේ ලයිටුත් දාගෙන කෑ ගහද්දි බය වෙන්නේ නැත්තේ මොකා ද එක පාරට ම....



  හෑ.... මෙන්න අපේ ඇකඩමි එකේ සෙට් එක ම ගෙදර සාලේ හිටියා. උදේ මුණත් එහෙක් කරන් හිටපු ක්‍රිෂුයි, මිරාසයි දෙන්නත් හිටියේ. වෙන එකක් තියා අශ්වින් සරුත් හිටියා.


  මුළු ගේ ම සරසලා බැලුන් වලිනුයි, සව් කොල වගේ පටි වලිනුයි.... හැම තැන ම දිලිසෙන කොල වලින් ඔතපු ගිෆ්ට් පෙට්ටි තිබ්බා. ක්‍රිෂ්ගේ අතේ පිහියක් එක්ක බැලුන් බෝලයක් තිබ්බා. මිරාගේ අතේ ලොකු කේක් එකක් තිබ්බා. අනික් හැමෝම පාටි වලට දාන තොප්පි දාගෙන හිටියේ.


  දැන්නේ වැඩේ තේරුණේ .මට. මුන් ටික කොලෙ වහලා තියෙන්නේ දුමේෂිට විතරක් නෙවෙයි මටත් එක්කමනේ....


මුං නම් ඇත්තමයි....



කාට කියන්න ද නේ ද බං......? සද්ද නැතුව ඉමු....


  මං එක ඇහැක් හරවලා බැලුවේ දුමේෂි දිහා... හම්මේ.... මූණ බලන්නත් ලස්සනයි. ඇස් දෙකත් ලොකු කරන් බය වෙලා වගේ බලන් ඉන්නවා මෙයා....








 

  ඇයි ඔයා හිතුව ද එහෙම වෙන්න මේක මෙගා නාට්‍යයක් කියලා? නෑ බං එහෙම එකක් නෙවෙයි වුණේ.




   යකෝ.... ඇත්තට ම වුණේ වෙන මඟුලක්. නෑ. වෙන ම වෙඩිමක්. දුමේෂි හුස්ම ගන්නවා වේගෙන්. හුස්ම ගන්නවා නෙවෙයි පිඹිනවා දාගෙන. වෙව්ලනවා එකසිට හැටට. ඒ මදිවට ඇසුත් රතු වේගෙන එන්න ලොකු කරන් බලාගෙන ඇස් වලින් කාවදෝ හෙවුවා. පුදුම විදිහට එයාට කේන්ති ගිහින් තිබ්බේ. බයෙත් බෑ.


  " Happy birthday හලෝ....."



  එක පාරට ම හුරුපුරුදු කෙල්ලෙක්ගේ කටහඬක් ඇහුණා. මේකිට ඒක ඇහුණා විතරයි බැලුවා ඒ පැත්ත.



  එතකොට තමා ඒ කෙනා ඉස්සරහට පැන්නේ. පැන්නේ නෙවෙයි. මගේ ඇස් දෙකත් එලියට පැන්නා ඒ කෙනාව අඳුරගත්ත ගමන්...





  පැහැසියා.... සජියගේ කෙල්ලනේ මේ.... කහ පාට දිග ගවුමකුත් ඇඳලා, පෝනි ටේල් එකක් දාලා, කෙල්ල මාර හැඩයිනේ එහෙම. සජියා ඉන්න තිබ්බේ මෙයාව දකින්න. අපරාදේ.



  හෑ.... කොහොම ද එයා මෙතනට ආවේ මේ වෙලාවේ? අනික එයා කොහොම ද දුමේෂිව දන්නේ?


   ඒත් ඒවට උත්තර ලැබෙන්න කලින් එක පාරට ම දුමේෂි පිඹගෙන ගියේ නැද්ද පැහැසි ගාවට කාලි අම්මා දුම්මල වරම වරගෙන වගේ. ගිහින් නැවතුණේ දුමේෂිගේ අත පැහැසිගේ කම්මුලක් තදේට සිප ගද්දි...



  චටස්.....



ඒ වගේ තමා සද්දේ ආවේ.....


  පැහැසි විසි වෙන්න වගේ ගියා ඒ කම්මුල් පාරට. මොකක් ද අප්පා මේ වුණේ එකපාරට ම.....?


  " මං උඹට කියලා තියෙනවා නේ ද මොන විහිලුව කළත් චූටිව මේවට ඇදලා ගන්න එපා කියලා?"


  ඇඟිල්ලකුත් දික් කරගෙන දුමේෂි කියාගෙන ගියේ පුදුම කේන්තියකින්.


  " ආදූ.... එයාගේ වැරැද්දක් නෑ. උඹව ගෙන්න ගන්න ඕනේ හින්දයි අපි එහෙම බොරුවක් කියන්න කිවුවේ..."


  ඔන්න ක්‍රිෂ් පැන්නා දුමේෂි ගාවට. තප්පරයක් ගියේ නෑ එයාටත් දුන්නා කම්මුල රතු වෙන්න ම. ක්‍රිෂ්ට තියා මිරාටත් හිතාගන්න බැරුව ඇති මොකක් ද වෙන්නේ කියලා.


  ඊට වඩා මට තේරෙන්නේ නෑ මොකක් ද මේ වෙන දේ කියලවත්....


  " කට වහනවා. උඹ දන්නවා නේ ද චූටිට මං කොච්චර ආදරේ ද කියලා? කොච්චර පරිස්සම් කරනව ද කියලා? එහෙව් මාව ද බං මෙච්චර බය කළේ?"


ක්‍රිෂ්ට කෑ ගහලා පැහැසි දිහා බලාගෙන දුමේෂි කිවුවේ කේන්තියෙන්.


  " මුන් දන්නේ නෑ කියමුකෝ... ඒත් උඹ දන්නවනේ. උඹ දැන දැනත් කොහොම ද බං කිවුවේ....? පපුව පැලෙන්න වගේ බං...."


  දුමේෂි තරහෙන් කියාගෙන ඇවිත් අන්තිම ටික ඒ පාර ඉකි ගගහා එහෙම කිවුවා. කියලා ඉවර වෙද්දි ම ඒකි අඬන්න ගත්තා පපුවත් අල්ලගෙන ම.


  " අනේ ආදූ.... කිරී කියපු හි... හින්දයි අක්කා චූටිට අසනීපයි කිවුවේ. නැත්තම් කොහොම ද උඹව ගෙන්නගන්නේ මෙච්චර ඉක්මණට?"


  මිරා ඒ පාර දුමේෂිව අල්ලගෙන කිවුවා. ඒත් දුමේෂි එයාව තල්ලු කළා.


  " එහාට වෙයල්ලා මගෙන්. උඹලා හැඟීම් එක්ක සෙල්ලම් කරන්නේ බං.... හැඟීම් එක්ක..."


  ඒකි අඬනකොට මටත් වාවන්නේ නෑ. ඒත් මොනවා කරන්න ද? මේ වෙලාවේ එයාව සනසවන්න මොනවහරි කියනවා කියන එකත් කනේ පාරක් නොමිලේ ලබාගන්න පුලුවන් වැඩක්.


   "කෝ දැන් එයා?"


   දුමේෂි ඇහුවේ තාම කම්මුල අත ගගා කෙඳිරි ගාන පැහැසිගෙන්. 


  " අන්න කාමරේ ඉන්නවා. උඹට කියනවට වැඩිය හොඳයි...."


  කාමරයක් පැත්තට ඔලුව හරවන ගමන් පැහැසි කියාගෙන ගියේ තරහෙන්. ඒත් එයා අන්තිමට කියන්න ආපු එකත් ගිලගත්තා.


  දුමේෂි ඒ කාමරේ ගාව හිටපු ඔක්කොම තල්ලු කරගෙන ගිහින් කාමරේ දොර වහගත්තා. සාලේ හිටපු ඔක්කොමල ම අන්දුන් කුන්දුන් වෙලා හිටියේ වෙච්චි දේට.


  " මං කලින් ම කිවුවේ ඕක හින්දා තමා ඔහොම බොරුවක් කියන්න බෑ එයා සිරීයස් ගන්නවා කියලා. දැන් සැප ද පාර?"


  පැහැසි තරහෙන් ම ඇහුවේ ක්‍රිෂ්ගෙන්.


  " කවු ද අක්කේ ඔහොම එකක් හිතුවේ? පොඩ්ඩක් බය කරලා සර්ප්‍රයිස් කළා ම මං හිතුවේ එයාට ඒක අමතක් වෙයි කියලා..."


  ක්‍රිෂ් කිවුවේ කම්මුල අතගා ගන්න ගමන්. 


  "දැන් මොකක් ද කරන්නේ අක්කේ?"


  මිරා ඇහුවේ බය වෙලා වගේ.


  " ඔය ගියේ කියපු දේට ආපු වේදනාවට. තව ටිකකින් හරියයි. එතකම් මෙතන කේක් එක තියන්න හදන්නකෝ.... ඊට පස්සේ එයා ම එලියට ආවා ම කපමු...."


  පැහැසි කිවුවේ කොණ්ඩේ හදාගන්න ගමන්.


  " ෂුවර් ද නංගි එයා ආයේ එයි කියලා?"


  ඒ අශ්වින් සර්.


  " ඔව් ඔව්... එයාට වැඩි වෙලා තරහා තියාගෙන ඉන්න බෑ අනික් අයට වගේ. ඒ හින්දා ලෑස්ති වෙලා ඉන්න. කොයි වෙලේ එයි ද කියන්න බෑ."


  පැහැසි කිවුවේ හිනාවක් අරන්. මට හිතෙන්නේ කේස් එකේ සිහියට තාම මාව හරියට පැහැසි දැක්කේ නෑ. දැක්කා නම් කතා කරන්න එපැයි හැමෝම ඉස්සරහ හිටන් ඉන්න මාව.


   සජියා මාවත් ඇදන් ෆිල්ම් හෝල් එකට යන්නේ මෙයත් එක්ක ෆිල්ම් බලන්නනේ... අඳුරන්නේ නැත්තම් ඇස් ලෙඩ ඇවිල්ලා ඇති පැහැසියට. 


  මරු දවසේ සජියත් මිසින් වුණේ. අපරාදේ නියම කෑල්ලක් මිස් වුණානේ අප්පා ඌට.... ආවා ම කනට මී පැණි දාන්න වගේ කියන්න ඕනේ ඕක. මැවිලා පේනවා මට මිනිහගේ දෙල් වුණ මූණ.


  " ධනූවා, මොකෝ බලන් ඉන්නේ? වරෙන් මේක හදන්න...."


  ක්‍රිෂ් කියද්දි මං එතනට ගියා. එතන තිබ්බ ටීපෝ එකක සුදු පාටට අයිසින් කරපු කේක් එකේ දාර රෝස පාර අයිසින් වලින් ලස්සනට ඩෙකරේට් කරලා තිබ්බා. මරුවට තිබ්බා ඒකත් දිලිසි දිලිසි. අපරාදේ. මේකෙන් ක්‍රිෂ්ගේ මූණට ගැහුවා නම් මූ මෙතන ම පොලව පලාගෙන යයි ලැජ්ජාවට... උගේ වෙලාව හොඳයි.


  Happy birthday Adu.... කියලා කේක් එකේ චොක්ලට් අයිසින් වලින් උඩ ලියලා තිබ්බා. කොනට ම 22 අංක දෙකේ ඉටිපන්දම් දෙකත් ගැහුවේ කේක් එක මැද තිබ්බ සුදු පාට රෝස මල හින්දා.


 " ධනුවා, කොහොම ද සර්ප්‍රයිස් එක?"


  ක්‍රිෂ් ඇහුවේ කේක් එකේ ඉටිපන්දම් ටික විතරක් පත්තු කරන්න තියෙද්දි.


 📱 ".....ඔව් ඔව්. මරේ මරු. පේනවා කම්මුලේ පාටෙන් ම උඹේ...."


  මං මැසේජ් එක පෙන්නුවා. ගහපු පාර කෙසේ ද යත් තාම ක්‍රිෂ්ගේ කම්මුල රතු පාටයි. මිනිහා යාන්තමට ඒක අතගෑවා.


  " දන්නැද්ද ඉතින්.... ඩාම් වෙනවා. ඩූම් වෙනවා...."


  ඌ එහෙම කිවුවා. මට හිනා ගියා ඌ ඒක මූණත් අකුලන් කියපු විදිහට. හොඳ වැඩේ බොරු කිවුවට ඕකට.


 📱"......ඇයි මට බොරු කිවුවේ සල්ලි හොරෙක් ගත්තා කියලා?...."


  මං මැසේජ් එක පෙන්නුවා.


  " මේකනේ බං. අපිට ඕනේ වුණා දුමේෂි හිතුවෙවත් නැති විදිහට සර්ප්‍රයිස් කරන්න. ඒ හින්දා තමා ඒකිව few hours (පැය කීපයකට) ගෙදරින් එලියට යවාගන්න උඹට එකීව එක්ක යන්න කිවුවේ... 


  ඔක්කොමල ම අද ඒකිට විෂ් නොකළේ ඒ හින්දා. ඒත් උඹට 12ට කලින් ඒක කියන්න බැරිවුණා මට. මතක් වෙද්දි 1ත් පැනලා. ඒ හින්දා පස්සේ හිතුවා උඹටත් නොකියා වැඩේ කරන්න ඕනෙ කියලා. ඒකයි බං. සොරි ආ...."


  ක්‍රිෂ් කියාගෙන ගියා. දැනුයි කේස් එක තක්කෙට ම මීටර් වුණේ. ඒත් එක්ක ම ආපු ලොකු ම ප්‍රශ්නේ ආයේ උඩට ආවා.


  📱"......එතකොට මේ දුමේෂිගේ ගෙදර ද? එතකොට අර පැහැසි අක්කා?......"


  "ඔව් බං. මේ දුමේෂිගේ ගෙදර තමා. පැහැසි කිවුවේ අර අක්කට නම්... ඒ අක්කා තමා දුමේෂිගේ අක්කා. උඹ කොහොම ද ඒ අක්කගේ නම දන්නේ?"


  ක්‍රිෂ් කිවුවා. හොල්මන් වෙලා ගියේ ඒක අහලා. පැහැසිට නංගියෙක් ඉන්නවා කියලා මං දැනන් හිටියේ නෑනේ.... නැත්තම් සජියා දැනගෙනත් මට කිවුවේ නැද්ද? අනේ මන්දා දැන් නම් පිස්සු වගේ මට....


📱 "....මං පැහැසිව කලින් ඉඳන් අඳුරනවා. මගේ යාලුවෙක්ගෙ යාළුවෙක් එයා. පස්සේ වැඩි විස්තර කියන්නම්...."


මං මැසේජ් එක පෙන්නුවේ ඒ වෙලාවේ බේරෙන්න. හිතුවා වගේ ම ක්‍රිෂ්ව මිරා වැඩකට ඇදන් ගියා. ඔක්කොම හරි....


  ඒත්.... ආකිගේ ත්‍රීවිල් එක මිදුලේ තිබ්බනේ? ඒ කියන්නේ ඔක්කොට ම කලින් එයා ඇවිල්ල ද?


  මං හැමෝම දිහා බැලුවේ ආකි කෝ කියලා. පැහැසියි, සරුයි, අපේ සෙට් එකේ 18යි ඇරෙන්න මං අඳුරන්නේ නැති අයට හිටියේ ටිකක් වයස ගෑනු කෙනෙකුයි, මගේ වයසේ වගේ කියන්න පුලුවන් කොල්ලෙකුයි විතරයි. ආකි නම් හිටියේ නෑ.


  පෝඩ්ඩක් ඒ කොල්ලා එහාට වෙලා හිටපු හින්දා මිනිහගෙන්වත් අහලා බලන්න හිතාගෙන මං එයා ගාවට ගියා.


  📱 "....Excuse me, ඔයා කවු ද?...."


  මං මැසේජ් එක පෙන්නුවා. ඒ කොල්ලා මං දිහා බැලුවේ කන්න වගේ...


  " අප්පේ.... මේ ධනූෂ මල්ලි නේ ද? අපේ ආකිගේ ත්‍රීවිල් එකේ යන්නේ ඔයානේ?"

  මෙන්න මේ යකා එහෙම කිවුවනේ. එතකොට මෙයා මටත් වඩා වැඩිමල් ද? අනික මාව අඳුරන්නේ කොහොම ද...?


   ".......මං ධනූෂ නම් තමා. ඔයා මාව දන්නේ කොහොම ද?....."


  මං මැසේජ් එක පෙන්නුවා.


  " ඈයි බං.... උඹව ඉස්පිරිතාලෙ ගෙනිච්ච දවසේ ආකි එක්ක ත්‍රීවිල් එකේ හිටියේ මංනේ. ආකි උඹ ගැන විස්තර කියනවා මාත් එක්ක වෙලාවකට...."


  මිනිහා කියාගෙන ගියා.


 📱".....එතකොට කෝ ආකි?...."

  

  " ඈ.....යි? ආකියා කිවුවේ නැද්ද ගමනක් යනවා කියලා?"


  එයා ඇහුවේ පුදුම වෙලා.


 📱 ".....නෑ නෑ කිවුවා. ඒත් ත්‍රීවිල් එක ඇයි මිදුලේ තියෙන්නේ?....."


  "ආ..... ඒක ද මේ? ආකි බස් එකේ ගියේ ත්‍රීවිල් එකේ යන්න බැරි හින්දා. කොහෙ ද ඈතකනේ ගියේ. දුර ගමන් යද්දි එයා ත්‍රීවිල් එක ගෙදර දාලා තමා යන්නේ. හරියට කිවුවෙත් නෑ යන තැනක්. හෙට දිහාට එයි මං හිතන්නේ....."


  එයා කිවුවා. එහෙනම් ආකිත් ඉන්නේ මෙහෙම තමා. දැන් ටිකක් ප්‍රශ්නේ ලෙහුණා මට.


ඒත් මට වෙන දෙයක් එයාගෙන් අහන්න බැරිවුණේ දුමේෂි ගිහින් වහගත්ත කාමරේ දොර ඇරෙන සද්දේ ඇහුණ හින්දා.


  " සොරී බං... මෙච්චර එකක් හිතුවෙ නෑ හලෝ....."


  මිරා දුමේෂිව අල්ලගන්න ගමන් කිවුවා.


" Is ok... ආයේ නම් මේ වගේ බොරුවක් කියන්න එපා බං. පපුවත් එක්ක මොකක්දෝ වුණා..."


  දුමේෂි කිවුවේ පපුව අතගාන ගමන්. 


  " හරි හරි sis.... වරෙන්කෝ මේ cake එක කපාන්න... නැත්තම් කුඹි පොකුරක් ඇවිත් මේකත් උස්සන් left වුණා ම අපි කන්නේ මොන wax ගෙඩිය ද?"

(Wax=ඉටි)


  ඒක කිවුවේ අවිනාශ්. ඔක්කොට ම හින මිනිහා ඒක කිවුව තාලෙට.


මිනිහා ගැන කලින් කියලා නෑ මං. මිනිහත් හොඳ dancer කෙනෙක්. ඒත් අල්ලන්නේ නැත්තේ මිනිහගේ සිංග්ලිෂ් වාග් විලාසේ. ඒත් ඌ ඉන්න තැන සතුට දෝරේ ගලයි. වැඩිය අපි කරපු වැඩකට මෙච්චර කල් මාට්ටු වුණේ නැති හින්දයි එයා ගැන නොකීවේ....


  " හරි හරි. යං යං කේක් එක කපලා ඉමූ..." 


  " කමක් නැද්ද මිරා?"


   " කමක් නැද්ද අහන්නේ මගෙ ද බර්ත්ඩේ එක? ඔයාගෙනේ. එනවා මෙන්න මෙහේ....."


  මිරා දුමේෂිවත් ඇදගෙන ගියා කේක් එක තිබ්බ තැනට. එයාව කේක් එක ගාව ම වාඩිකරාට පස්සෙයි කේක් එකේ තිබ්බ ඉටිපන්දම් දෙක පත්තු කළේ.



 Happy birthday to you...

 Happy birthday to you...

 Happy birthday dear Adu...

 Happy birthday to you....


හැමෝගෙ ම අත්පුඩි හඬ මැද්දේ දුමේෂි කේක් එකේ තිබ්බ ඉටිපන්දම් නිවුවා.


  "කෝ කපන්නකෝ...."


  මිරා පිහිය දෙන ගමන් කිවුවා. දුමේෂි ටිකක් ලොකු කේක් කෑල්ලක් කපාගත්තා. මුලින් ම කේක් කෑල්ලක් කැවුවේ අර හිටපු ඇන්ටිට.


  " Happy birthday දුව..."


   ඇන්ටි කිවුවේ දුමේෂිව හෙමීට සිපගන්න ගමන්. දැක්කා ම මට අම්මව මතක් වුණා ඒ වෙලාවේ. ඒත් කාටවත් ඒක නොදැනෙන්න පුංචි හිනාවක් මූණේ තියාගෙන ඉන්න මං හැදුවා.


  පස්සේ පැහැසිට, ඊට පස්සේ මට අයියා කිවුව කොල්ලට. දැන් නම් මට හිතෙන්නේ ෂුවර් එකට ම සජියට පැහැසි එන්න කියන්න ඇත්තේ මේ පාටියට වෙන්නැති. පවු අසරණයා. ඌට එන්න කිවුව එකට මං අනාරාධිතව ම ගියා අන්තිමට.....


ෂික්.... ඌ කියද්දිවත් ඇයි මට මීටර් වුණේ නැත්තේ මේ පාටියට දුමේෂිගේ එක වෙන්නැති කියලා...


ආ... හරිනේ. කොහේ මීටර් වෙන්න ද? මං දැනන් හිටියෑ පැහැසි දුමේෂිගේ අක්කා කියලා. ඒකනේ අහුවුණේ නැත්තේ.


 ඊළඟට ක්‍රිෂ් පැන ගෙන ගියේ ඊළඟ කේක් කෑල්ල කන්න වෙන්නැති. හරි නම් මං තමා යන්න ඕනේ. ඒත් බං එක පාරට ම කඩාගෙන ගියොත් හෙට ක්ලාස් එකට ගිහින් හමාරයි මං. හින්ට් පාස් වෙයි දෝරේ ගලන්න. තාම හිතේ තිබ්බ එක කෙල්ලට කිවුවා විතරයි. කතා හදාගන්නේ මොකට ද?


  "ඒයි ඒයි... මං කවන්නේ මට ඕනේ පිලිවෙලට. නැතුව ඔහොම එන පිලිවෙළට නෙවෙයි."


  දුමේෂි අතේ තිබ්බ කේක් කෑල්ල එහාට කරගන්න ගමන් කිවුවේ ක්‍රිෂ් මූණ කජු ලෙල්ලක් වගේ එක පාරට ම කරගද්දි.


  " මොකක් ද ආදු...? අපි දෙන්නනේ මේ සේරම ඇරේන්ජ් කළේ. අපි කෑවා ම මොකක් ද වෙන්නේ?"


  " පිලිවෙල මං තීරණය කරන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ..."


  දුමේෂි එහෙම කියාගෙන මං දිහා බැලුවා.


  " දුලේන්..."


  එයා එහෙම කියාගෙන මට ඔලුවෙන් ළඟට එන්න කියලා සංඥාවක් දැම්මා. මං එතනට ගියා.


  මෙන්න මෙයා මට කේක් කෑල්ල දික් කළා. මට හිතාගන්න බැරිවුණා එක පාරට ම.


  " කන්නකෝ... ඔයා තමා පොඩි ම කෙනා. ඒ හින්දා ඔයාට තමා මුලින් ම...."


  එහෙම කියාගෙන කේක් කෑල්ල මගේ කට ගාවට ලං කළා එයා. ඒත් මං දැක්කා අනික් අයට පේන්නේ නැති වෙන්න එයා මට ඇහැක් ගැහුවා. අනේ මන්දා මේ කෙල්ල නම්....



මාත් ඉතින් කේක් කෑල්ලෙන් ටිකක් කෑවා එයාගේ හිනාව පිරුණ මූණ දිහා බලාගෙන ම රොමෑන්ටික් සීන් එකක් ගැන හිත හිත.


  " ආව්.... ආව්..... කොල්ලා වාසනාවන්තයි ඕන්...."

  ඔන්න ඉතින් ක්‍රිෂ්ගේ කට ඉස්සර වෙලා කෑවා මගේ මූඩ් එක... 


  " ඒයි... දෙවෙනියට ඔහේට කවන්න හිටියේ. කියවලා ම කාඩ් එක කපාගත්තා තමුසේ. එන්න මිරා..."

  

  ඒකට නම් කොල්ලගේ ටකේ වැහුණා. හොඳ වැඩේ. දුමේෂි මට පස්සේ මිරාට කැවුවා. මිරා එයාට හෙමීට happy birthday කියලා කිවුවා.


  " එනවා ගෝනිබිල්ලා...."


  දුමේෂි එහෙම කිවුවා ම ඔක්කොම හිනාවුණා. ක්‍රිෂ්ගේ මූණ තමා මරු ඒ වෙලාවේ....


  " අප්පට... මෙන්න මේකි වොච් එකක් බැඳලා..."


 ක්‍රිෂ් කිවුවේ දුමේෂි කේක් කවපු අතේ තිබ්බ වොච් එක දිහා බලන ගමන්.


  " ඇයි? මං බැන්ඳා ම වෙලාව යන්නේ නැද්ද ඔරලෝසුවල....?"


  දුමේෂි ඇහුව එකට ඔක්කොට ම හිනා ගියා. 


  " නෑ ඉතින් මේ...."


   " ක්‍රිෂ් කට වහන් කේක් කෑල්ල කනව ද? නැත්තම් තව දෙතුන් දෙනෙක්ට කවනකම ඉඳලා පරක්කු වෙලා ම කනව ද?"


  දුමේෂි ඇහුවේ සැර කරලා.


 " නෑ නෑ. මං කන්නම්. අම්මෝ...."


  එහෙම කියාගෙන ම ක්‍රිෂ් දුමේෂි අතින් කේක් කෑල්ලක් කෑවා.

   

 " happy birthday අපේ හොල්මනට...."


  එහෙම කිවුවේ නැද්ද මේකා. ඒ මදිවට කේක් කෑල්ලෙන් අයිසින් ටිකක් අරන් ගෑවේ නැද්ද දුමේෂිගේ මූණේ....


හොඳ නම තමා ඌට. ගෝනිබිල්ලා....


  " ඒයි, මිරා.... තමුන්ගේ කිරීව පරිස්සම් කරගන්න... මූ එන්නේ හොඳකට නෙවෙයි..."


  දුමේෂි එහෙම කිවුවා ම මිරා රැවුවා ක්‍රිෂ්ට. ඒත් ඒකට නම් ගාණක්වත් නෑ හිනාවෙවී මිරාගේ කොණ්ඩේ ඇවිස්සුවා.


" සර් එන්න...."


  ඊළඟට එයා සර්ට කතා කරලා කේක් කෑල්ලක් කැවුවා. ඊට පස්සේ තමා අනික් අයට කැවුවේ....


  ටික වෙලාවක් යනකම් සාමකාමීව තිබ්බා. ඊට පස්සේ කේක් එක එතනින් අරන් ගියා.


  හැමෝම දුමේෂිට මොනාහරි ම තෑග්ගක් දුන්නා. ක්‍රිෂ් දුන්නේ නම් මොකක්දෝ පැතලි දෙයක්. ෂුවර් නෑ නිකමට හිතෙනවා රාමු කරපු දෙයක් වෙන්නැති කියලා...


  තෑගි වලින් ම සාලේ තිබ්බ සෝපාව පිරිලා ගියා. මට පේන්නේ මිරයි, ක්‍රිෂුයි පාටියේ සරසපු දේවල්වලට ගිහින් ඉතුරු වුණ ගාණටත් තෑගි ගෙනත් දීලා වගේ...


  ටික වෙලාවකින් එක එක සින්දු ඇහුණා. එක එක dance, සින්දු කීම් වලිම් වැඩේ නැඟල ම ගියා.


  රෑටත් කෑවට පස්සේ තමා හිතුවෙවත් නැති වැඩක් වෙන්න පටන් ගත්තේ........




..................................................................


  හෙට කියන්නම් හරි ද. ගෙස් කරන්නකෝ.......


  Comment බහිනවනේ.... ඒම වුණා ම කතාව වැඩක් නැතුව ඇති කියලා මං කතාව ලියන්න හිතන එක අඩු වෙනවා.... ඒකෙන් එපිසෝඩ් එක පුංචි එකක් වෙයි හරි ද.... comment වලින් එන ගැම්මට ලියනවට වඩා ලියවෙනවා මට.....



   අර අර අලකල.... කොයි වෙලේ පාත් වෙයි ද දන්නේ නෑ..... comment අඩුවෙද්දි සිද්ධිය බරපතළ එකක් වෙයි...  



    පරිස්සමෙන් ඉන්න.... බුදුසරණයි.... 



              😌චතූ...😊

Report Page