D.D.

D.D.


නිහඬත්වය වෙනුවෙන් දෛවය බිඳ හෙලූ ඔහුගේ කතාව...

පෙර කොටස

https://telegra.ph/DD-02-25-7


සත්‍ය යථාර්ථ


(84.5 කොටස)


" මොකක් ද අපේ තාත්තා කිවුවේ?"

 රිතූ ඇහුවා. මං එයා දිහා බැලුවේ හිනා වෙවී....

   ' උඩ බලන්න එපා බොරුවට. යට බලන්න මතක් කරල ම.....'

..........................................................

" ඒ මොකක් ද ඒකේ තියෙන සම්බන්ධේ?"

අයියා ඇහුවා.

" උන් අපිව මුල ඉඳන් ම රවට්ටලා අයියේ. ඉස්සර අපිට මුකුත් ම හිතාගන්න බැරුව එක තැන කැරකුණේ උන්ගේ නාට්‍යය දිහා අපි බලන් හිටපු හින්දා. ඇත්තට ම අර මාමාකාරයා බූරු හමක් පොරවගත්තු නරියෙක්. මට ඕකව මතක් කරද්දිත් කේන්ති යන්නේ ඒකයි..."

" මොකක් ද අනූ කියන්නේ? එතකොට භානුෂිත් කියන්නේ මාමට ද?"

අයියා ඇහුවා. මං නෑ කියලා ඔලුව වැනුවා.

 " නෑ... භානුෂිත්ගේ නම අකිත භානුෂිත් හේවගේ. අපි හිතනවට වඩා මේ කතාව වෙනස් අයියේ...

එයා හුඟක් දුප්පත් කොල්ලෙක්. අම්මයි, තාත්තයි, මල්ලියි විතරයි එයාට ඉඳලා තියෙන්නේ. මල්ලි නම් එයාට වඩා අවුරුදු 2ක් බාලයි. එයාගේ තාත්තා වැඩ කරලා තියෙන්නේ අපේ කාශ්‍යප මාමා ගාව. ඒ නම් ඔය කොහු මෝලෙ ද කොහෙ ද.

 අකී අවුරුදු 19 දී A/L ලියලා කිසි ම ක්ලාස් එකකටවත් නොගිහින් තිබ්බ දුප්පත්කම හින්ද ම. කඩින් කඩ ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් ගෙදර වැඩවලට උදව් කරන්නත් ඕනේ හින්දා. යාන්තමට art වලින් c1 යි, s2 යි දාගෙන. 

 තාත්තා වයසයි හුඟක් ඒ වෙද්දි. ඒ හින්දා තමා exam දෙපාරක් නොකර රස්සාවකට යන්න එයා හිතලා තියෙන්නේ. අම්මයි, තාත්තයි දෙන්නව ම එයාට තමා බලාගන්න වුණේ. මොක ද මල්ලි තාම ඉස්කෝලේ යනවනේ.

එයාගේ ආසාව තිබ්බේ musician කෙනෙක් වෙන්න වුණාට ගෙදර අය වෙනුවෙන් ඒක එයා යට ගැහුවා.

 තාත්තගේ බලකිරිල්ලට ම තමා එයා මාමා ගාව වැඩට ගිහින් තියෙන්නේ. මාමගේ හිත දිනාගෙන එයා හොඳට කොහු මෝලේ වැඩ කරන් ඉඳලා අවුරුදු 2ක් ම.

 මාමා ඊට පස්සේ එයාව මාමා ගාව වැඩ කරන්න තියාගෙන. එයා හොඳ උස මහත කෙනෙක්නේ. ඒ හින්දා ආරක්ෂාවට වගේ මාමා එයාව තියාගෙන ඉඳලා. මෙන්න මෙයා තමා ඔයාලා හොයන භානුෂිත්. මේ නම් අවුරුදු 4-5 කට කලින් ඒවා...."

මං එදා මගේ පෝන් එකට දාගත්තු අකීගෙයි, ආදුගෙයි පොටෝ එකක් අයියට පෙන්නුවා. ඒ එක්ක ම එයාට පෙන්නුවේ ආදුගේ murder එක දවසේ උදේ අකී මං එවන්න කියලා ආදුගේ පෝන් එකට දාලා තිබ්බ පොටෝස් කීපයයි... හැමෝම ඒ ටික බැලුවා.

" මාස ගාණක් ම අකී මාමගේ බොඩිගාඩ් කෙනෙක් වගේ ඉඳලා තියෙන්නේ. ඊට මාස කිපෙකට පස්සෙයි එයාට චූටි මැණිකේව හම්බුණේ. ඔයාලා කියන විදිහට ඒ මංනේ. මං එයා කියන විදිහට කියන්නම්. චූටි මැණිකේ කියන්නේ මාමගේ නෝනගේ පැත්තේ ළඟ ම නෑ වෙන කෙල්ලෙක් කියලයි අකී දැනන් හිටියේ. අකීට මාමා කියලා තියෙන්නේ ඒ කෙල්ලගේ පස්සෙන් කොල්ලෙක් එන හින්දා ඒ කෙල්ලව ආරක්ෂා කරන වැඩේ අකීට පැවරුවා කියලා.

  කෙල්ල කොයි වගේ ද කියලා බලාගන්නත් එක්ක අකී මාමා එක්ක දුනුපිටවෙල වලව්වට ගියා. එදා තමා එයා දන්නේ එයාට පරිස්සම් කරන්න තියෙන්නේ අවුරුදු 14ක විතර පොඩි කෙල්ලෙක් කියලා. මොක ද චූටි මැණිකේ කිවුවා ම අකී හිතලා තියෙන්නේ අවුරුදු 20-22 ක කෙල්ලෙක් කියලා. කොණ්ඩේ කොටට ම කපපු, හිනාවෙද්දි නල දතක් පේන චූටි මැණිකෙට අකී ආසා වුණා. නිකම් crush එකක් වගේ ගතියක් පලවෙනි දවසෙ ම අකීට ඇතිවුණා. ඇත්තට ම වයසින් බැලුවොත් නම් අකී චූටි මැණිකෙට වඩා අවුරුදු 8-9 ක් ම වැඩිමල්. ඒත් අකී මුකුත් හිතුවේ නෑ වැඩිය.

  එයාට ඒ වෙද්දිත් බයික් එකක් තිබ්බා. චූටි මැණිකෙට නොතේරෙන්න වගේ එයා චූටි මැණිකේ පිටිපස්සෙන් ම ක්ලාස් එකට යන එන මඟ එයාව ගාඩ් කළා. ඒ අතරෙ තමා එයාට චූටි මැණිකේ පස්සෙන් ආපු කොල්ලව හම්බුණේ. එදා ආයේ කොල්ලට කෙලින් යන්න බැරිවෙන්න ම අකී එයාට සලකලා තිබ්බා.

  කොහොමහරි අකීගෙ හිතේ ටික ටික චූටි මැණිකේ ගැන අදහසක් පහල වුණා. එයා හිතෙන් චූටි මැණිකේට කතා කළේ චූටි මැණික කියලා. ඒත් චූටි මැණිකේ එයාට ක්ලාස් යන වෙලාවට කෝල් කරලා එන්න කියන්න විතරයි අකීට කතා කරන්නේ. නැත්තම් වෙන කිසි ම දෙයක් අකී එක්ක චූටි මැණිකේ කතා කළේ නෑ.

 දවසක් අකීට හිතුනා චූටි මැණිකෙට ඒක ගැන කියන්න. ඒත් එයා දන්නේ නෑ චූටි මැණිකේ මොනවගේ දෙයක් එයා ගැන හිතයි ද කියලා. එයා පොඩි කොලේක ලස්සන ලියුමක් ලියලා ඒක නවලා සාක්කුවට දාගෙන චූටි මැණිකේ එන්න කියන වෙලාවට ම ගියා.

  චූටි මැණිකෙ එදා ගවුමක් ඇඳලා හිටියේ. එයා හුඟක් ලස්සනට හිටියලු එදා. එයා ඒ හින්දා එයා ගාවට ම ගිහින් කතා කරලා. චූටි මැණිකේ එයාව මඟාරින්න කතා කරලා තියෙන්නේ. ඒත් එයා චූටි මැණිකෙගේ ගවුමේ අතින් අල්ලලා ඇදලා එයාට ආදරෙයි කියලා. අර ලියුමත් ඒ අස්සෙ ම බෑග් එකට ඔබලා.

 ඔය වෙලාවේ යන්න හදිස්සියි කියලා චූටි මැණිකෙත් පොඩ්ඩක් රණ්ඩුවට ඇවිත්. ඒ හින්දා නොහිතපු වෙලාවක අකී අල්ලන් හිටපු ගවුමේ අත බාගෙට ඉරුණා. චූටි මැණිකේ දුකෙන් ම අඬාගෙන ආයේ ගෙදර ගිහින්. නවත්තන්න හිතුනත් එයා ගියේ නෑ. ආයේ හරවගෙන ගෙදර ගිහින් තිබ්බා.

 පහුවෙනිදා මාමා කියලා අකීට ආයේ චූටි මැණිකෙගේ ගාඩ් වැඩේ නෑ කියලා. ඒකෙන් තේරිලා චූටි මැණිකේ ගෙදරට වුණ දේ කියලා කියන එක.

 අපි හැමෝම හිතුවේ මාමා අකීව එතනින් අයින් කළා කියලා. ඒත් ඇත්තට ම වුණේ මාමා මිනිහව මගෙන් ඈත් කරපු එක විතරයි. මාමා අකීට හොඳට ඇඟ හදාගන්න කියලා ටිකක ලොකු ගාණක් දීලා තිබ්බා. හේතුවක් නොදැන ම ඉතින් මාමගේ කීමට ම එයා gym ගියා. ඔය සල්ලිවලින් තමා එයා එයාගේ ගිටාර් එක ගත්තෙ.

  මොන වැඩේ තිබ්බත් චූටි මැණිකෙ ක්ලාස් යන වෙලාවට අකී පාරේ හැංඟිලා බලාගෙන ඉන්නවලු. එයාට දුකයි චූටි මැණිකෙ එයාට අකමැති වුණ එකට. ඒත් මොනා කරන්න ද? බලෙන් කැමැත්ත ගන්න බෑනේ...

 ඊට අවුරුදු 2කට විතර පස්සේ චූටි මැණිකේ ආගිය අතක් නැති වුණා. හොයලා බලද්දියි අකී දැනන් තියෙන්නේ චූටි මැණිකේ වෙන ඉස්කෝලෙකට ගිය හින්දා බෝඩිමක නැවතිලා කියලා.

  ආයේ අකීට චූටි මැණිකෙව හම්බවෙලා නෑ. එයා හුඟක් දුකෙන් ඉඳලා තියෙන්නේ. ඒ දවස්වලමයි මාමා එයාව මාමගේ තව වැඩපොලක් බලන්න එක්කන් ගිහින් තියෙන්නේ. එහාට යනකම් ම එයා දැනන් ඉඳලා නෑ මොකක් ද එහේ වෙන්නේ කියන්නවත්. යන මඟ දී මනුස්සයෙක්ගේ කාර් එකක් මාමලා follow කරලා. මඟ දී ඒ කාර් එක නවත්තලා ඒකේ හිටපු මිනිහා කඩේකට ගිහින්.

 මාමා අකී අතට වෙස් මූණකුයි, පිස්ටල් එකකුයි තියලා. කියන්න ඕනේ නෑනේ. අනික් ටික තේරෙනවනේ...

 එදා තමා අකී මාමගේ ඇත්ත මූණ දැනගත්තේ. මිනිහා සල්ලි දිදී අකිතව මුල ඉඳන් ම හැදුවේ වෙන මොකකටවත් නෙවෙයි. අකී ලවා එයාගේ murder order එක කරගෙන යන්න. එදා අකමැත්තෙන් වුණත් අකී ඒක කළේ ඒක නොකළොත් එයාගේ මල්ලිව මරනවා කියලා තරජනේ කරපු හින්දා.

  අකී මල්ලිට හුඟක් ආදරෙයි. කොල්ලා ඒ වෙද්දි A/L ලියන්න ඉඳලා තියෙන්නේ.  මල්ලිගේ ජීවිතේ හින්දා ජීවිතේ පලවෙනි වතාවට අකී මිනියක් මැරුවා. මුල් ම murder එක ඒක හින්දා අකී පොඩ්ඩක් ෂොක් වෙලා. ඒත් මොනා කරන්න ද... මල්ලි වෙනුවෙන් ඒක කරලා.

 ඔහොම මාමා දෙතුන් දෙනෙක්ව ම අකී ලවා ම මරලා තියෙනවා ගෙදර මිනිස්සුන්ව බිල්ලට තියලා. අකීට වෙන රස්සාවක් හොයාගන්න හැදුවත් මාමා ඒකට පොල්ල දාපු හින්දා බැරිවුණාලු. කොහොමහරි murders දෙක තුනකට සැකපිටත් අකීව ඇරස්‍ට් කරලා. ඒත් මාමා එයාව බේරගෙන.

පහක් හයක් මරනකොට අකීට ඒක හුරු වෙලා ටිකක් විතර. ඒත් එයා කිසි ම කැමැත්තකින් කරපු වැඩ නෙවෙයි ඒවා. මාමා එයා ගාණට වැඩ ටික කරන හින්දා ටික ටික අන්කල්ගේ අනික් බිස්නස් ගැනත් එයාට කියලා. ඒ drug deal එකයි, organs උස්සන එකයි, ගණිකා නිවාසේ ගැනයි.

  අවුරුදු එක හමාරක් විතර යද්දි අකී ඒ වැඩ සේරම අල්ලගත්තා. වෙන රටවල් වලින් හිටන් එයාට deals එන තරමට එයා වැඩේ දුරදිග ගෙනිච්චා. මාමටත් වඩා අකීව තමා ඒ වැඩ වලින් ප්‍රසිද්ධ වුණේ. ඒකෙන් ප්‍රයෝජනේ ගත්තෙත් මාම ම තමා. මොක ද මොකක් හරි සීන් එකක් පොලීසියට මාට්ටු වුණොත් එයාලට ලේසීනේ අකීව අල්ලලා පැනගන්න. ආන්න ඒ හින්දයි භානු නැත්තම් භානුෂිත්ව අපි හොයන්නේ. හැමෝම දන්නේ අර super heros ලා වගේ වෙස් මූණක් දාගෙන ඇවිදින භානුෂිත් ගැනනෙ. අන්න ඌව හැදුවේ ඔය මාමාකාරයා ම තමා. අනේ ඕකා මැරුණ එකමයි හොඳ."

 මං කිවුවා.

 " ඔයා කියන්නේ මේ සේරම කරන්නේ භානුෂිත් නෙවෙයි කියල ද?"

 " නෑ මාස්ටර්. අකීත් කරනවා ඒක ඇත්ත. ඒත් සේරම නෙවෙයි. අකීට වෙලා තියෙන්නේ දැන් ඒවා අතාරින්න බැරුව ඉන්න එක විතරයි. මොක ද එයාගේ මල්ලි දැන් මෙහේ නෑ. අම්මත් අවුරුදු 4කට කලින් නැතිවෙලා. ඒත් එයාගේ තාත්තා තාම ඉන්නවා. ඒ හින්දයි එයා තාම මේ වැඩත් එක්ක ඉන්නේ."

 " ඒ ඔක්කොම right කියමුකෝ. එතකොට එයාට දුමී sis ව meet කොයි කාලෙ ද?"

 " ඒක වෙන්නේ අකී භානුෂිත් වෙලා අවුරුදු 2කට පස්සේ. අහම්බෙන් වගේ දෙන්නා හම්බවෙන්නේ. අකීට මුලින් ම ආදුව දැක්කා ම මතක් වෙලා තියෙන්නේ චූටි මැණිකෙව. ඇයි කියලා එයා කිවුවේ නෑ. පස්සේ දෙන්නා යාළුවෙලා තියෙනවා. අවුරුදු ගාණක් ම. ඒත් භානුෂිත්ගේ වැඩ අකී අතෑරියේ නෑ. නිකමටවත් අකී ඒවා ආදුට දැනගන්නවත් තිබ්බේ නෑ... ඊට පස්සේ මාමාකාරයා නැන්දිව බන්ඳලා දීලනේ අර නාකියෙක්ට. ඒ සීන් ටික දන්නවනේ. අකිත් කිවුවේ ඒ ටික ම තමා. අකී මාමා එක්ක පුදුම කේන්තියෙන් වගේ ම දුකකින් ඉඳලා තියෙන්නේ. අකී ආදු බැන්ඳත් එයාව හම්බවෙන්න ගියා. නැන්දි එයාව ගහලා පැන්නුවත් අකීට නැන්දිව අමතක කරගන්න බැරිවුණා. ඒකයි එයා ඉස්සරහ හැමදාම රෑට කෝල් අරන් නැන්දි ආස ම සින්දු කියන්නෙත්. අකී ඔක්කොම දන්නවා ඕවා. ඒත් එකක් ඇරෙන්න."

  " What's that?"

  " අකී තාම දන්නේ නෑ චණ්ඩියා කියන්නේ එයාගේ පුතා කියන්න. මං ඒක කිවුවෙත් නෑ කවදාහරි හිරේ ගියොත් එයාට දුක් විඳින්න තවත් දෙයක් ඉතුරු වෙන හින්දා."

 " දැන් ඔයා විස්වාස කළා ද භානුෂිත් කියපුවා?"

 " ඇත්තට ම නෑ. මොක ද මං එදා ඔයාලට බොරු කිවුවා වගේ 100% ක් ම එයාටත් අසලියට බොරු කියන්න පුලුවන්නේ.

 එදා තමා එයා මුලින් ම මට ටිප් එකක් දුන්නේ. ඒ දවසකුයි, තැනකුයි, වෙලාවකුයි. කොහොමහරි එයාලා දන්නවා මාස්ටර් CID එකේ ඉන්නේ කියන්න. ඒ හින්දා එයා කිවුවා ඒ තැන එදාට වටලන්න කියලා.

  අන්න ඒ ටිප් එක තමා මුලින් ම මං ඔයාලට කිවුවේ. ඇහුවා නේ ද අවී කොහෙන් ද ඔයාට ඔය ටිප් එන්නේ කියලා? වෙන කාගෙන්වත් නෙවෙයි. ඔයාලගේ භානුෂිත් ම තමා ඒ සේරම තැන් මට කිවුවේ සැරෙන් සැරේ. ඇත්ත ද කියන්න නම් දන්නේ නෑ. අකීටත් ඕනේ වුණේ මාමගේ බිස්නස් ටික වට්ටන්න. මොකද මාමා මැරුණත් ඒ බිස්නස් ටික නැවතිලා නෑ.

අකිත ඊට පස්සෙයි කිවුවේ උන්ට ඕනේ එකක් කරගන්න දීලා අකී කඩේක සින්දු කියන්න ගියා කිවුවේ. මොක ද අඩු ම එයාගේ හීනෙවත් ඉෂ්ට වෙනවනේ කියලා. ඒත් එයා තාමත් උන්ට සපෝර්ට් උන්ගෙන් ගැලවීමක් නැති හින්දා.

 චරිත් අවුරුදු 1 1/2 කට හිරේ ගියා කිවුවට පස්සෙයි මං අයියට චරිත්ගේ පෝන් එක දුන්නේ. ඒ හින්දා අකීට මං මගේ වෙන නම්බර් එකක් දුන්නා. කෝමත් මට සිම් 4-5ක් ම තියෙනවනේ ආරක්ෂාවට කියලා. මං double acting එකක්නේ කළේ....

 අකී සැරෙන් සැරේ මට ඒ වගේ ටිප් දුන්නා. ඒ සේරම ඇත්ත. ඒ හින්දා තමා පොට් 4ක් වටලද්දි කුඩු ජේවත් අහුවුණේ. ඇත්තට ම එදා තමා අන්කල් එහෙම කිවුවේ ඇයි කියලා තේරුණේ. මොක ද අන්කල්ට එදා මොකක්දෝ හේතුවක් හින්දා කියන්න බැරිවුණා භානුෂිත් නෙවෙයි මේවා කරන්නෙ භානුෂිත්ගේ නම විකුණන් කන හරක් තුන් දෙනෙක් කියලා."

 මං කිවුවේ කේන්තියෙන්.

 " කවු ද එතකොට ඒක කරපු තුන් දෙනා?"

 " එකෙක් මාමාකාරයා. ඌ තමා අර ගණිකා නිවාසේ කරගෙන ගියේ. අනික් එකා තමා චරිතයා. ඌ තමා අවයව ජාවාරම කළේ..."

 " What? චරිත්?"

 " ඔව් මාස්ටර්. ඌ පොඩි එකා වගේ ඉඳන් මාස්ටර්ව හොඳට ඇන්ඳුවා. මතක ද එක සැරයක් බූට් එකක් කාලා කියලා ගෙදරට වෙලා රැවුලත් වවාගෙන හිටියා? ඒ මිනිහා organs ගලවන්න ගෙනාපු කෙල්ලෙක්ව ඒක නොකර රේප් කරලා කොහෙදෝ ගිහින් දාලා තියෙද්දි ඒ මිනිය පොලීසියට අහුවුණ හින්දා.

 මාමගේ කීමට චරිත් ගෙදරින් එලියට නොගියේ. ඒත් අයියා අහන ප්‍රශ්නවලින් බේරෙන්න රැවුලයි, කොණ්ඩෙයි වවන් බොරුවට ඇක්ට් කළා. ඇත්තට ම රිතූලව ඉස්සුවා ම රිනූගේ පෝන් එකෙන් ඔයාට අර මැසේජ් එක යැවුවේ ඌ."

" මොකක්? චරිත්?"

අයියට කෑ ගැහුණා. පුදුම ඇති නල්ල මලේ හුරතලාගේ කැරැට්ටුව එලිවෙද්දි.

" ඔව්. ඒ පඟර නැට්ටා තමා. අයියත් ගාණට රැවටුණානේ ඌගේ පෙම් වදන්වලට. දු(ක්)ෂ්ටයා...

  පස්සේ මිනිහා යාළුවෝ එක්ක ට්‍රිප් එකක් ගියා නේ ද? ඒත් ඒක පට්ට පල් බොරුවක්. චරිත් ඒ ගියේ මාමා ගාවට. මොක ද උන්ට ඒ දවස්වල තමා චූටි මැණිකේ ඉන්න තැනක් ගැන ආරංචියක් ආවේ. ආං ඒ ඔත්තුවට තමා මාමාකාරයා රිතූලව ඉස්සුවේ. චරිතයට එන්න කිවුවෙ blood group චෙක් කරන වැඩේට. මොක ද උන් මොන මිනිය මැරුවත් එහෙම sample එකක් බලනවලු. ඒ අතරෙයි මැසේජ් එකත් දාලා තියෙන්නේ.

ඊට පස්සේ... ඒ ටික කියන්න ඕනේ නෑනේ. දන්නවනේ... සොරි මං ඒ ටික නොකියා ඉන්නම්..."

 මං එහෙම කිවුවේ රිතුත් ඉන්න හින්දා. කොහොම වුණත් එයාගේ හිත මං තව අවුල් කරන්නේ නෑ කියලා ඉන්නේ. කොහොම අර අන්කල් එදා ගැට ගගහා කියපුවා රිතූ ඉස්සරහා කියන්න ද...

 " හරි. එතකොට රිතූගේ තාත්තා එදා හොස්පිටල් එකේ දී භානුෂිත් ගැනනේ කිවුවේ. ඒ මොක ද?"

 " මාස්ටර්ට මතක ද අන්කල් අතුරුදහන් වුණ දවසේ අපිට හම්බුණ chit එක?"

 " ඉතින්..."

 මාස්ටර් ඇහුවා. මං පර්ස් එකෙන් ගත්තේ දැන් අවුරුදු ගාණක් ම පරණ වෙලා තිබ්බ ඒ චිට් එක.

  " මෙන්න ඒක.... අපි එදා බැලුවේ මේකේ තිබ්බ අකුරු ටික විතරයිනේ... මේකේ අනික් පැත්තේ කොණ බලන්නකෝ...."

 මං මාස්ටර්ට කොලේ දුන්නා. මාස්ටර් ඒ තැන හොඳට බැලුවා. එතන තිබ්බේ පොඩිවට ඇඳපු රූපයක්. අයියගේ ඇස් දෙක බලන් ඉද්දි ලොකු වුණා. අයියට ගොත ගැහුණා.

 "මේ.... මේ අර භානුෂිත් දානවා කියන මාස්ක් එක..... ඒක කොහොම ද... මොකක් ද මේ IMB කියන්නේ....?"

 " ඔන්න ඕක කියන්නයි මට ඕනේ වුණේ. දකුණු අතින් ලියන අන්කල්ගේ එදා මුළු අත ම බැන්ඩේජ් කරලා තිබ්බේ. එහෙම තියෙද්දිත් කොහොම ද අන්කල් ඕක ලිවුවේ....? ලිවුවා කියමුකෝ. මං අන්කල්ගේ අත් අකුරු දැකලත් තියෙනවා. ඔය අන්කල්ගේ අත් අකුරු නෙවෙයි. ඒ හින්දා මං කියනවා ඕක අන්කල් ලියපු chit එකක් නෙවෙයි."

 මං කිවුවා. රිතුත් ලියුමට එබිලා බැලුවා.

 " ඇත්තනේ... මේ අපේ තාත්තගේ අකුරු නෙවෙයි."

 " එතකොට අනූ කවු ද මේක ලිවුවේ?"

 " විස්වාස කරයි ද දන්නෙ නෑ. අකිත තමා ලියලා තියෙන්නේ. කිඩ්නැප් කරන දවසේ රෑ අකිත හොස්පිටල් එකට ආවා. අකිත හැදුවේ අන්කල් ලවා මේ සිද්ධිය එලිකරන්න. ඒත් පොලීසිය ඔක්කොට ම වඩා ස්ලෝනේ. අකිත දැනගත්තා එදා ම රෑ අන්කල්ව හොස්පිටල් එකෙන් උස්සලා මරන්නයි යන්නේ කියලා. ඒකයි අකිත රෑ ම අන්කල්ව හම්බවෙන්න ගියේ. ඒකත් උන්ගේ සෙට් එකට බොරුවක් කියලා.

  අකිත අන්කල්ව වෙන තැනකට ගෙනියන්න ගිහින් තියෙන්නේ. ඒත් අන්කල් කැමති වෙලා නෑ. එයා කියලා තියෙන්නේ සුමිත්‍රා ගාවට යන්න කාලේ හරි කියලා. එයාට රිතූ ගැන දැනගත්තා නම් ඇති කියලා එයා කියලා තියෙන්නේ.

 ඊට පස්සේ එයා කියලා cid එකේ කොල්ලෙකුටයි, නර්ස් කෙනෙක්ටයි සීන් එක කිවුවා කියලා. ඒත් කීපයක් කියන්න බැරිවුණා කියලා කියලා...

 ඊට පස්සේ අකී ලවා ම ඒ චිට් එක ලියලා. ලියලා ඒක ඇඳේ යකඩ frame එකෙයි, ඇඳෙයි අතරේ රඳවලා. ඊට පස්සෙයි දෙන්නා කතා කරලා තියෙන්නේ.

 අන්කල් එතකොටයි දැනන් තියෙන්නේ ඒ භානුෂිත් කියලා. එයා භානුගෙන් අහලා රිතූ කොහෙ ද කියලා. එදා ම තමා රිතූගේ කියලා පොලීසියට බොරු බොඩි එකක් හම්බවෙලා තියෙන්නේ. මොක ද මාමා මාව අල්ලගන්නකම් කියලා රිතුව උගේ ගුබ්බෑයමට ගෙනිහින්. අන්කල්ට ඒක කියන්න බැරිකමට රිතූ ජීවතුන් අතර කියලා විතරයි කියලා තියෙන්නේ. ඒ එක්කමයි මාමව උස්සන්න ආපු උන් ඇවිත් තියෙන්නේ. අකීට උන්ට අහුවෙන්න බැරි හින්දා එයා හැංඟිලා. උන් අන්කල්ව අරන් ගිහින්. අන්කල් ම එයාව බේරගන්න එපා කිවුවනේ... ඒ හින්දා එයා එද්දි අර චිට් එකේ ඔය මාර්ක් එකයි, IMB කියලා ලියලා ඇවිත්. ඒකේ තේරුම ඉතින් "I'M Banushith" කියලා තමා.

 අකීත් හිතලා තියෙන්නේ අන්කල්ව මාමාකාරයා වද දීල ම මරයි කියලා. ඒත් චරිත් තමා මාමගේ blood group එක බලලා. ඊට පස්සේ එයාගේ organs ටික අරන් විකුණන්න කතා කරලා. ඊට පස්සේ...."

 " ඇති..."

 එකපාරට ම රිතූ කෑ ගැහුවා ම තමා මං පියවි ලෝකෙට ආවේ. ෂික්... මේකි ඉන්නවා කියලා මට අමතක වුණානේ... 

 " හරි හරි. දැන් ඒක ඉවරයිනේ රිනූ... අඬන්න එපා..."

 අයියා රිතූගේ ඔලුව අතගගා කිවුවා. 

 " ඒක හරි. ඔයා කොහොම ද දන්නේ ඒ අකුරු තුනේ තේරුම ඒකමයි කියලා?"

 " ලිවුව කෙනා ම තමා මටත් ඔය වෙස්මූණයි, අකුරු තුනයි ගැන කිවුවේ. නැත්තම් මාත් ඔහොම එකක් දැක්කේ නෑ..."

 මං කොහොමත් නර්සින් හිටපු හින්දා අකී සැක කළා ලියුම තියන්න ඇත්තේ මට කියලා. ඒ හින්දා ඒක ගැන මගෙන් ඇහුවේ එයාමයි. එයා කිවුවාමයි ඒක දැක්කේ මං. ඊට පස්සේ නම් මං වැඩිය සැක කළේ නෑ. 

  ඔය වෙද්දි මාමාකාරයා මැරිලනේ. අකී කිවුව විදිහට නම් දැන් ප්ලේස් එකේ ඉන්නේ මාමගේ පුතාලු. එතකොට චරිතුයි...."

 " අශානුයි...."

 මට කලින් අවිනාශ් ඉස්සර වෙලා කිවුවා.

 " අශාන්?"

 " හ්ම්.... අශානුයි ඕක කරන්නේ. ඇයි කියන්න බෑ. මං දන්න විදිහට දැන් අශාන් තමා තාත්තගේ මෝලේ ඉඳන් ම වැඩ බලාගන්නේ. ඕක කරනවා ඇත්තෙත් එයා."

 " එහෙනම් එයා තමා ඔයාගේ විෂම නිවුන්නා?"

 " එහෙමත් කියන්න පුලුවන්."

 අවිනාශ් එහෙම කිවුවා. මොකක් ද අප්පා ඒ හතර බීරි කතාව?

 " ඒක වැඩක් නෑ අනූ. දැන්වත් කියවනවකෝ එදා කෝල් එකේ මොනා ද කිවුවේ කියලා....."

 අයියා ඇහුවා. මං ඉතින් අතීතේ ගැන හිතුවා.

.................................................................

"ඉතින් උඹත් කෙල්ලෙක්නේ. Why උඹ ගියේ?"

 " අවිනාශ් මේ....."

 ඒ එක්ක ම මගේ පෝන් එකට කෝල් එකක් ආවා. ඒකේ වැටුණේ අකී කියලා. මං කෝල් එක ඉක්මණට ඉස්සුවා.

 📱 " හෙලෝ...."

📲 " හෙලෝ... කෝම ද කෙල්ලට?"

  එහා පැත්තෙන් අකීගේ කටහඬ ඇහුණේ. මෙච්චර මේ වලියක් යනවා. මූ මෙතන ආදරෙන් කතා කරනවා නිකම් මරන්න වගේ. මං අහුවෙයි ඕවට. මං ආදු නෙවෙයිනේ.

📱" මං අසලියා හලෝ. මට ගන්න එපා මං දැන් වැඩක්."

  මං එහෙම කියලා කෝල් එක කට් කළා.

 "මොකක් ද මං කියන්න ගියේ.... ආ...

 අවිනාශ් මේ, මං කෙල්ලෙක් තමා. ඒක හරි. ඒත් මං මේ ටවුමේ කරක් ගහපු එකියක්. ඒ හි...."

 ඒ එක්ක ම ආයේ මට කෝල් එකක් ආවා. ආයේ කෝල් එකේ නම වැටුණේ අකී කියලමයි. මං කේන්තියෙන් ම ඉස්සුවා.

 📱 " හෙලෝ මං අසලියා බං. කෝල් කරන්න එපා මෙච්චර."

📲 " අයියෝ ආයේ ඔයාට ද? සොරි සොරි මං මේ වෙන එකක් ට්‍රයි කර කර හිටියේ."

 📱" හරි. හරි. උඹ මගේ එකටමයි ගන්නේ. ඒකයි කිවුවේ. බායි....."

 " කවු ද ආකි ඒ?"

 අවිනාශ් ඇහුවා.

 " යාළුවෙක්. ඒක වැඩක් නෑ. ඔයා මොකෝ ආදු ගැන මෙච්චර විස්තර අහන්නේ? ඒ කෙල්ලට යන්න ඕනේ නැත්තම් ඔයා බලෙන් ගිහින් දාන්න ද?"

 " ආකී.... බොරු කරන්න එපා. I know උඹ ම තමා ආදු කියන්න. උඹ ආදුව එක්කන් යන්නේ නැත්තේ එක්කන් යන්න බැරිකමකට නෙවෙයි. Because උඹට එක ම තැන දෙන්නෙක් වගේ ඉන්න බැරිකමට."

 " හරි. ඒක හරි කියමුකෝ. ඒත් කෝම ද හරියට ම කියන්නේ ආදුයි, මායි දෙන්නෙක් නෙවෙයි. එක්කෙනෙක් කියලා?"

 " I feel it ආකී.... මං cid ආවේ අද ඊයේ නෙවෙයි. මට දැනෙනවා ඒක.... අනුශ්ක ඒක කියන්නෙත් නෑ. උඹ කියන්නෙත් නෑ."

(.......එතනින් එහාට දන්නවනේ. කෝල් එක ගාවට යමු.....)

 📱 " අකී මේ, මං කොච්චර කිවුව ද මං අසලියා කියලා. ඔයා...."

📲 "චූටි මැණික."

  අකී එක පාරට ම එහෙම කිවුවා. ඒක ඇහුණා ම නම් මගෙ කට වැහුණා. මං එයාට මං තමා චූටි මැණිකේ කියලා තිබ්බේ නෑ.

 මං පෝන් එක බැලුවේ එතකොට. ආකිගේ පෝන් එකට ම තමා එයා අරන් තිබ්බේ. ඒත් එයා ගත්තේ අයියගේ නමට ගත්ත සිම් එකට. ඒක තමා මං ආකිගේ නම්බර් එකට හැමෝට ම දුන්නෙත්. මං ආයේ පෝන් එක කනේ තියාගත්තා.

📱" මේ මගේ අනික් නම්බර් එකනේ. කොහෙන් ද ඔයාට මේක?"

📲 " එහෙනම් අසලියා ම තමා චූටි මැණිකෙත්. එහෙම නේ ද?"

📱 " අකී... මොකක් ද කියන්නේ ඔයා....?"

📲 " චරිත් අද ආවා මැණිකේ. එයා තමා විස්තරේ දිගෑරියේ...."


..............................................................


 " එතකොටයි මං දන්නේ චරිත් හිරෙන් නිදහස් වෙලා කියලා. කුඩු ජේ එදා නිදහස් වෙලා මටත් පොඩි පෝරියල් එකක් දැම්මට ඒක මට වැඩිය ගාණක් ගියේ නෑ.


එදා දුලේන්ව හම්බුණ දවසේ මං කේන්තියට මං තමා ආ... කියලා කිවුවනේ චරිතයට. ඌ සේරම අශාන්ටයි, සෙට් එකටයි කියලා. භානු එතකොට තමා මගේ නම්බර් එක උගෙන් අරන් කතා කළේ. එකෙන් එයාට මාව අහුවුණේ. ඉතින්......"


 මං කියාගෙන ගියා.


...............................................................


 📲 " මං ඔහාට ඇවිත් ඉන්නේ චූටි මැණික. මැණිකව අවුරුදු 10කින් විතර දැක්කේ නෑ. එන්න පුලුවන් ද බලන්න?"


📱" ඔය මැණික ගාන එක නවත්තන්න අකී. මං දැන් ඒ මැණිකේ නෙවෙයි... දැන් ඔයා මාව අල්ලලා දෙන්න ද යන්නේ ඔය?"


 📲 " සොරි.... අසලියා. නෑ මං ඔයාව බලන්නයි ආවේ. අපි දෙන්න ම එක තැනකට ආවා නම් ලේසියි නේ ද? මං ආදුගේ නමින් දිවුරන්නේ මං කවුරුත් ම එක්කන් ආවේ නෑ."


📱 " හ්ම්... මං විස්වාස කරන්නම්කෝ. ඒනම් මං එන්නම්. වැව රවුම ගාවට එන්නකෝ. මං තියන්නම්....."


 මං කෝල් එක කට් කළා.


 " කවු ද චූටි මැණිකේ?"


 " ඔය මැණිකේ ගාන එක නවත්තන්න...."


  මං එකපාරට කේන්තියට කෑ ගැහුවා. අවිනාශුත් බය වුණා ඒ පාර.


 " ආකී...."


 " ඕ... සොරි. දන්නවා ඇතිනේ භානුෂිත්..... එයා කෝල් කළේ."


 මං අවිනාශ්ට කිවුවා. මිනිහා ඩිම් වෙලා මං දිහා බැලුවේ.


 " භානුෂිත්? මොනා ද ඌ කිවුවේ?"


 "නෑ නෑ මාව මරන්න යනවා නෙවෙයි. මිනිහා මෙහේ ඇවිල්ලලු නුවර ඉඳන්. මාව බලන්න. මං මේ යන්න ගියේ."


 " What? ඌ මොකට ද ඇවිත් ඉන්නේ? However Alone යන්න එපා. මාත් come with you. මටත් ඕනේ උගේ face එක බලාගන්න..."


 " හරි එන්නකෝ. බයික් එක අයිනකට කරලා නවත්තන්න. මගේ ත්‍රීවිල් එකේ යං...."


 මං කිවුවා. අවියි එක්ක ම මං අකීව බලන්න ගියා. ඒ එදා KCC එකේ දී දැකලා අවුරුදු 2කට පස්සේ.

....................................................................

" චූටි මැණිකෙ ද ත්‍රීවිල් එක අරන් ආවේ?"

අකිත මං බැහැලා ආපු ගමන් ඇහුවා.

" ඔව්. මගේ ත්‍රීවිල් එකනේ ඒ..."

මං කිවුවා.

" එහෙනම් ඔයයි අසලියා... එතකොට එදා ආදු ගාව හිටපු කෙල්ල කවු ද? ඒ කොල්ලා එක්ක නෙවෙයි ද ඔයා ගියේ?"

" පිස්සු ද? මං තාම single නේ. ඒ හිටියේ එදා මාව බන්ඳලා දෙන්න හිටපු කොල්ලා අනුත්තරයි, එයාගේ wife සාදිත්‍යයි..."

" හ්ම්... මං දැනගත්තා එදා කෙල්ල මැරුණේ නෑ කියලා. මං හිතුවේ ඒ චූටි මැණිකේ කියලා. ඒකයි අතෑරලා දාලා ආවේ. මට වැරදිලා.

අවුරුදු 10කින් නේ දැක්කේ. මැණික හුඟක් වෙනස් වෙලානේ... මට අඳුරන්නත් බැරිවුණා. එද්දි මං හිතුවේ කොල්ලෙක් එනවා කියලා."

" ඔයා අඳුරගත්තේ නැති වුණාට මං නම් එදා ආදුලගේ ගෙදරදි දැක්ක ගමන් ම ඔයාව අඳුරගත්තා අකී. ඒ හින්දම ද මන්දා දැක්ක දැක්ක තැන හොයාගන්න පුලුවන් දැන්... එදා KCC එකේ දී දැක්කට පස්සේ අදමයි දැක්කේ."

" හ්ම්... තනියෙන් ද ආවේ?"

" නෑ තව කෙනෙක් ආවා."

" ඒ කවු ද?"

" ඉන්නකෝ... අවී අයියා, පොඩ්ඩක් එන්නකෝ..."

....................................................................

 " අපි යද්දිත් අකී ඇවිත් හිටියේ. අකීව දැක්ක ගමන් ම අවිනාශ් එයාව අඳුරගත්තා. එයත් එහෙමයි. ඒ වෙලාවෙයි මට තේරුණේ දෙන්නා හොඳට අඳුරන විත්තිය."

 මං කිවුවා.

 " මොකක්? උඹ භානුෂිත්ව දන්නව ද ඒ කියන්නේ?"

 අයියා යකා නැඟලා අවිනාශ්ගෙන් ඇහුවේ.

 " No.... මං අකිතවයි අඳුරන්නේ. ආකි introduce කරනකම් අකිතට තමා භානු කියන්නේ කියලා I don't know...."

 අවිනාශ් කිවුවා.


 " හරි. උඹලා දෙන්නා එදා භානුෂිත්ව හම්බුණා. ඊට පස්සේ මොක ද වුණේ?"


 අයියා ඇහුවා.


 " අකී එදා තමා අවුරුදු 10කට විතර පස්සේ මාව දැක්කේ. කොල්ලෙක් වගේ කිට මරලනේ මාත් හිටියේ. මිනිහා පුදුම වුණා එදා චූටි මැණිකෙට වඩා අද ඉන්න ආකි හුඟක් වෙනස් කියලා."


 අශාන්ගේ ප්ලෑන් එක ගැන මිනිහා අපිට කිවුවා. මාමාකාරයට ඕනේ වුණේ මාව මරලා දේපලවල අයිතිය ගෙදරට හරවලා ආයේ උගේ නමට ගන්න. ඒත් අශාන් මාව හෙවුවේ වෙන මොකකට හරි. මිනිහට මොකක් හරි ගැන ඉවක් වැටිලා කියලා අකී මට කිවුවේ. අකී පොඩි ප්ලෑන් එකක් ගැන කිවුවා. ඒ අපි දෙන්නට ම මැරෙන්න කියලා."


  මං කිවුවා.


 " ඒත් උඹලා දෙන්න ම තාම ඉන්නවනේ...."


 සජිත් අයියා කිවුවා.


 " ඒකනේ. ඒ කොහොම ද මිනී දෙකකුත් හම්බුණානේ...."


 ඒක කිවුවේ අශ්වින්.


 " ඒකත් ඒ ප්ලෑන් එකේ කොටසක් තමා. අකී ම අපිට ප්ලෑන් එකක් හදලා දුන්නා. එදා අකී යද්දි පාන්දර 4ටත් ළඟයි. අවිනාශ්ව බයික් එක ගාවට දාලා මං ගෙදර ගියේ.


  පහුවෙනිදා තමා අයියට මං ඕඩර් එක දුන්නේ අයිතිකාරයෙක් නැති ගෑනු පිරිමි මිනී දෙකක් හොයලා දෙන්න කියලා. ඒත් මගේ උසට ම හොයලා දෙන්න කිවුවා මහත අවුලක් නැති හින්දා.


  මාස කීපයක් ම ගෙවිලා ගියා. අමි‍යත් exam ලිවුවා. වැඩිදෙයක් වුණේ නෑනේ.


   මං අශාන් මාව හොයන හේතුව ගැන සෑහෙන්න කල්පනා කළා. ඒත් ඇත්තට ම මට ඒ ගැන idea එකක් තිබ්බේ නෑ. මගේ කල්පනාව කොච්චර දුර දිග ගියා ද කිවුවොත් කවුරුහරි කතා කරත් ඇහෙන්නේ නැති ගාණට ම දුර ගියා. සමහර දවස්වලට නින්දත් නෑ.


  මේ කියන දවසට කලින් දවසේ රෑත් එහෙමයි. එදා මට ඇහැරෙද්දි උදේ 10ටත් ළඟයි. අමිත් උදේ ත්‍රීවිල් එකෙන් අම්මවයි, අක්කවයි එක්කන් ගිහින්.


 බෝලේ විතරයි හිටියේ එයත් නිදි. මං ඉතින් උදේට කන්න තියලා තිබ්බ ඉඳි ආප්ප ටික පිඟානකට දැම්මේ කන්න හිතාගෙන. ඒ එක්ක ම කවුදෝ දොරට තට්ටු කරනවා ඇහුණා. මං හිතුවේ ඇන්ටි ඇවිත් ඇති කියලා. මං ගිහින් දොර ඇරියා."


 මං කියාගෙන ගියා.


 " කවු ද හිටියේ?"


 අශ්වින් මගෙන් ඇහුවා.


 " වන්දනා... දුලේන්ලගේ බෝඩිමේ ඇන්ටිගේ දුව....."


.................................................................


  පරක්කු වුණා ඉතින්.... සෝ සොරි ආ..... වැඩ වැඩියි මේ ටිකේ කරන්ට් කපන එක හින්දා....


ඔන්න විලන් සෙට් වුණා... ලෑස්ති වෙන්න හොඳේ... අශාන් ගැන ඉස්සරහට දැනගමුකෝ...


  එහෙනම් පරිස්සමෙන් ඉන්න.... බුදුසරණයි....


                😌චතූ...😊

Report Page