Dark

Dark

tHenuka Jayanajith

💀💀💀Dark (අන්ධකාරය)💀💀💀

☠SHORT STORY


👹 හොල්මන් අවතාර ගැන මිනිස්සු එක එක විදිහෙ මත දරන යුගයක ඔබ කියවන කතාවක් නිසා හෝ ඔබ බලන චිත්‍රපටයක් නිසා හෝ ඔබේ ජීවිතයම අන්ධකාර ලෝකය වෙත පිය නගනු ඇත. කියවන්න කලින් දෙපාරක් හිතන්න.


✍🏻 රචනය : චමුදු මධුසංක


_________________________________________________________________________


අමීශා......... අමීශා................


අයියෝ පොඩ්ඩක් හිටපන් බන් මගුල දොර අරිනකන් .. මල වදේ ...


අහ් උඹට දැන් මගෙන් තමයි වදේ .. ඔව් ඉතින් උඹට බෝඩිම අස්සට වෙලා අරුත් එක්ක මල් කඩන්න නෑනෙ මන් ආවට.. "රශ්මි පවසන්නට වූයේ බෝඩින් කාමරයට ඇතුල් වෙමිනි."


මොනව කරන්නද බන් මුලු දවසම මහන්සි වෙලා වැඩ කරල ඔලුවට නිදහසක් එන්නෙ ඒ කොල්ල හින්ද බන්.


ඔව් ඔව් උඹ කලින් එකාටත් කිව්වෙ ඕකමයි .. රශ්මි කට ඇද කරමින් පැවසීය.


අනේ මේ මගෙන් මොකුත් අහගන් නැතුව හිටපන්..


ඕකනෙ ඕකනෙ උඹලට අපි මොනා හරි කිව්වම තමයි ඩෝන් යන්නෙ. බලපන් මන් නෝ ලව් නෝ ප්‍රොබ්ලම් ... හිටපන් මන් වොශ් එකක් දාන් එනකන් අලුත් ෆිල්ම් එකක් ගෙනාව බන් ඒක බලමු.


මොකක්ද බන් ෆිල්ම් එක.


හොරර් එකක්.. තනියෙන් බලන්න බෑ බන් දෙන්න එක්කම බලමු හිටපන් වොශ් දාන් එන්නම්. "රශ්මි එසේ පවසමින් නාන කාමරය වෙතට පියමන් කරන්නට විය."


අමීශා ජංගම දුරකතනය ගෙන ෆේස්බුක් එකේ සක්මන් කරන්නට වූයේ කම්මැලි කම නිසාවෙන්මය.


අම්මෝ ඉතින් උඹට ෆෝන් එකෙන් එහාට ලෝකයක් නෑනේ ඔන්න ඔය මගුල පැත්තක දාල බෑග් එකේ ඇතුලෙ ඇති සීඩී එක ඒක ගනින් බලමු. "රශ්මි කොන්ඩය පිසදමමින් පැවසීය."


අමීශා රශ්මිගේ බෑගය තුලින් බ්‍රව්න් පේපරයක දමා තිබූ ඩීවීඩී පටය එලියට ගත්තේය. යකෝ මේක ඇන්ටික් සීඩී එකක්ද? බලපන්කො යකෝ මේකෙ තියන දූවිලි කන්දරාව.


ඕක මුලු ශොප් එකම පෙල්ලලා හොයාගත්තෙ බන් ඒකෙ පෙනුමෙන්නම් පට්ට ෆිල්ම් එකක් වගේ ඕක දාපන්කො.. රශ්මි පුටුව මත වාඩි වූයේ ෆිල්ම් එක බලන්න හිතාගෙනය.


"ප්ලේයර් එකට ඩීවීඩී පටය දැමූ අමීශා රශ්මිත් එක්ක බලා සිටින්නට විය."


මොකක්ද බන් ඒ වැටිච්ච අමුතු වෝර්නින් එක ... වෙන ඒවගෙ නම් එක්කො අර Smoking cancer එක හරි 18+ කියල හරිනෙ බන් දාන්නෙ ඒ මොකක්ද බන් අමුතු වෝර්නින් එක.


අනේ මන්ද බන් රශ්මි මේක ඉන්ග්ලිශ් එකක් නෙවෙයි වගේ බන් මන් හිතන්නෙ මේක ස්පාඤ්ඤ ෆිල්ම් එකක් වගේ බලපන් අකුරුත් ඒවගේ.


මොකක් වුනත් මොකෝ බන් හොල්මන් තියනවනෙ ඕකෙ. අනික සිංහල උපසිරසි තියන නිසා අව්ලක් නෑ බන් .. අමීශා හිනාවෙමින් පවසන්නට විය.. 


අම්මප ඔව් ඕයි නැත්තම් අපිට තේරෙන එකක්යැ .. රශ්මි කතාවට හව්ල් විය.


"චිත්‍රපටය ආරම්භ වූ නිසා දෙදෙනාම ඒ දෙස බලා හිදින්නට විය."


😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱

         චිත්‍රපටයෙන් බිදක්


එපා ඩොනල්ඩ් . ඔයා අද ඔය දේ කරොත් අනාගතයෙ පසුතැවෙන්න වෙන්නෙ අපටමයි.


නෑ ජෙසී නැහැ මේක ඇතුලෙ තියෙන්නෙ මොකක්ම හරි වටින දෙයක් මේකෙන් අපේ ජීවිත ගොඩයයි..


ප්ලීස් ඩොනල්ඩ් ඕක අරින්න නම් එපා. මේක මේ පාලු කැලේ ඇතුලෙ කව්රුත් දාල යන්නෙ වටින දෙයක් නිසා වෙන්න බෑ මේකෙ මොකක්ම හරි අත්භූත දෙයක් තියනව.


ඔයා බයයිනම් ඈතින් ඉන්න ජෙසී මට මේක මොකක්ද කියල බලන්නම ඕන. "ඩොනල්ඩ් අත තිබූ කැටයම් දැමූ පෙට්ටිය විවෘත කරන්නට විය."


***************************************

චිත්‍රපටයේ පෙට්ටිය විවෘත වෙනවාත් සමගම බෝඩින් කාමරයේ නිවා දමා තිබූ විදුලි බුබුල එක්වරම දැල්වෙන්නට විය.


අහ් ........😱... මොකක්ද බන් රශ්මි කරන්නෙ. ඇයි බන් ලයිට් එක දැම්මෙ.


පිස්සුද යකෝ මන් දැම්මෙ නෑ.


අනේ මේ උඹ හොදටම දන්නවනෙ මන් බය වෙනව කියල ඇයි බන් .. බලපන් මන් තාම ගැහෙනව.


නෑ බන් අමීශා මන් ලයිට් එක දැම්මෙ නෑ..


"ඒත් සමගම විදුලි බුබුල නිවෙමින් දැල්වෙන්නට විය."


අමීශා බියෙන් රශ්මි දෙස බලා ඉනට විය..


බය වෙන්න එපා යකෝ කරන්ට් ශෝර්ට් එකක් වෙන්න ඇති හිටපන් මන් පොඩ්ඩක් බලන්නම් කියමින් රශ්මි හිද උන් තැනින් නැගිටින්නට විය.


"ඒත් සමගම විදුලි බුබුල පුපුරා ගියේ සලාං හඩ නගමිනි." රූපවාහිනියේ නරඹමින් උන් චිත්‍රපටයද ඉබේටම ඕෆ් වී තිබුනි.


රශ්මි බයයි බන්..


යකෝ බය වෙන්න උඹ බබෙක්ද .. පොඩ්ඩක් ෆෝන් එකෙන් ෆ්ලෑශ් එක අල්ලපන් මන් අනිත් කාමරේ ලයිට් එක දාන්න.


අමීශා දුරකතනය අතට ගෙන ෆ්ලෑශ් ලයිට් ඔන් කරන්නට විය.


අහ් අම්මෝ කකුල... රශ්මි එක්වරම කෑ ගැසුවේ අමීශාගේ බිය දෙගුණ තෙගුණ කරවමිනි.


ඇයි රශ්මි.. අමීශා වෙව්ලමින් අසන්නට විය.


වීදුරු කටුවක් ඇනුන බන් .. උඹ බය වෙන්න එපා හිටපන් ඔහොම මන් ලයිට් එක දාන්නම් එහා පැත්තෙ කාමරේ.."රශ්මි වේදනාව ඉවසා දරා ගෙන කකුල කොර ගසමින් අල්ලපු කාමරය දෙසට ආදෙන්නට විය"


අමීශා රශ්මිගේ පිටුපසින් ෆ්ලෑශරය ඔන් කරගෙන ඇදෙන්නට විය..


මේ මගුලත් ඔන් වෙන් නෑ යකෝ .. ශිට් .. කරන්ට් එක ගිහින් වගේ බන්..


කරන්ට් ගිහින් නෑ බන් අර එහා පාත්තෙ ගෙදර බල්බ් පත්තු වෙනව පේනව රශ්මි.


මොකක් හරි වෙලා ඇති වරෙන් ටිප් එක පොඩ්ඩක් බලන්න. රශ්මි ඉස්සර වෙමින් ටිප් එක අසලට ඇදෙන්නට විය..


අහ් ටිප් ස්විච් එක ඕෆ් වෙලා බන් .. "රශ්මි ටිප් ස්විච් එක ඔන් කරන්නට විය... නමුත් විදුලි බුබුලු දැල්වුනේ නැත."


 රශ්මි .. මේක බල බලා ඉදල හරියන් නෑ බන් .... මට බයයි බන්..


අනේ යකෝ .. ෆිල්ම් එකක් බලල ඔහොම බය වෙනවද .. හිටපන් බය නැතුන් මන් කෝල් කරන්නම් මේක රෙපෙයාර් කරන්න කාට හරි.. මේ කට්ට කරුවලේ මෙතන හිටන් ඉන්න බෑනෙ හිටපන් මන් කෝල් කරනකන් ...


"රශ්මි දුරකතනය ගෙන විදුලි කාර්මිකයෙකුට අමතන්නට විය"


හෙලෝ........


ඔව් හෙලෝ මිස්...


මිස්ටර්.. අපේ ගෙදර කරන්ට් ශෝර්ට් එකක් වගේ මුලු ගෙදරටම කරන්ට් එක නෑ.. අපිට මේක පොඩ්ඩක් බලන්න කව්රුහරි එවන්න පුලුවන්ද?


මිස් කොහෙන්ද..


නො 26.. ඇතෑන්ස් මාවතේ.... 


අනේ සොරි මිස් මේ වෙලාවෙ නම් එක කාර්මිකයෙක් වත් නෑ අපිට එවන්න. මිස්ට අව්ලක් නැත්තම් හෙට උදෙන්ම අපෙන් කෙනෙක් එවන්නම්..


අයියෝ.. කව්රුත්ම නැද්ද මිස්ටර්..


සොරි මිස් මේ වෙලාවෙ නම් කව්රුත්ම නෑ උදෙන්ම එවන්නම්..


හරි මිස්ටර් එහෙනම් උදෙන්ම එවන්න. තෑන්ක් යූ සුබ රාත්‍රියක්..


සුබ රාත්‍රියක්...


"ඇමතුම නිමා විය."


ඇයි බන්... මොකක්ද අව්ල..


මේ වෙලාවෙ කව්රුත් නැල්ලු අමීශා..

උඹ කාලද ඉන්නෙ බන්..


ඔව් මන් හවස ආපු ගමන් කෑව .. 


හරි එහෙනම් කමන් නෑ මාත් එන ගමන් කාල ආවෙ.. මෙහෙම කට්ට කරුවලේ ඉන්න බෑ බන් අපි නිදාගමු..


හරි බන් රශ්මි..


දෙදෙනාම කාමර දෙකට ගොස් ඇදවල් 2න් හාන්සි විය...


"අමීශා ඇදට ගියත් නින්ද අහල පහලකට වත් පැමිනෙන්නේ නැත. ඇය දුරකතනය ගෙන ඇගේ පෙම්වතා වූ පැතුම්ට ඇමතුම් කීපයක් ලබා ගත්තත් ඔහු දුරකතනය ආන්සර් නොකිරීමත් නිසා ඇය බයත් හිතේ සැකයත් අතර දෝලනය වෙමින් ඇදේ ඒ මේ අත පෙර ලෙන්නට විය.."


රශ්මී...................රශ්මී........................


ඇදට වී සිටින රශ්මිගේ දෙසවන පුරා ඇයට කව්රුත් හෝ කතා කරන හඩ ඇසෙන්නට විය..


කව්ද කතා කරන්නෙ මට. ඇය කල්පනා කලත් ඇයට කිසිවක් සිහියට නැගුනේ නැත...


නමුත් ඇයට කතා කරන හඩෙහි අවසානයක් නොවන නිසා ඇය කොට්ටයෙන් ඇගේ දෙසවන් වසාගන්නට විය...


මට මේ ෆිල්ම් එකේ මොකක් හරි දෙයක් මට වුනා වගේ මතකයි.... රශ්මි කල්පනා කරන්නට විය...


ඇය කල්පනා කරන විට ඇගේ මතකය පුරා අතීතයේ සිදුවීම් කීපයක් මතක් වන්නට විය..


අතීතයෙන් බිදක්.....


අම්මේ මොකක්ද ඔය පෙට්ටිය...


අනේ මොකක්ද දන් නෑ දූ දර හොයන්න කැලේට ගිය වෙලේ කැලේ තිබිල ඇන්න ආවෙ මේක..


ඒක හරි ලස්සනයි අම්මේ... ඕකෙ මොනව තියනවද දන් නෑ බලමුකො..


මේක අපිට අයිති දෙයක් නෙවෙයි මගෙ දූ මේක විසි කරල දාමු නැත්තම් අයිතිකාරයෙක් හොයල බාර දෙමු..


අනේ බෑ බෑ බෑ..ඕක බලන්න ඕනේ...."රශ්මි අඩා වැටෙන්නට වූයේ ඇය එවකට වයස අව් 12ක දැරියක් වූ නිසාත් ඇය නොසෑහෙන සේ මුරන්ඩු දැරියකුත් වූ නිසාය.."


රශ්මිගේ කරදරය නිසාම ඇගේ මව අත තිබූ පෙට්ටිය විවෘත කලේය..


පෙට්ටිය විවෘත කල සැනින් ඒ පෙට්ටියෙන් දුහුවිල්ලක් පිටව ගියත් ඒ තුල කිසිවක් නොවීය...


අයියෝ අම්මේ මේකෙ මොකුත් නැහැනෙ.. රශ්මි ඇඩුම නවතා ඇගේ මවට පැවසීය...


ඔන්න දුවට දැන් සතුටුයිනෙ.. දැන් මේක ඇතුලෙත් මොකුත් නෑනෙ .. මේක තිබුනු තැනටම ගිහින් දාන්නම්... රශ්මිගේ මව පැවසීය..


"රශ්මිගේ මව ඒ පෙට්ටිය කැලයේ තිබූ තැනින්ම ගොස් දැමීය."


නමුත් ඒ දිනයෙන් පසුව රශ්මිගේ ජීවිතය වෙනස් වන්නට වූයේ නොසිතය අයුරින් පැමිනෙන කරදර බාධක හමුවේය..


රශ්මිගේ මව නිතර නිතර අසනීප වන්නට විය.. පියාත් නොමැතිව හැදී වැඩුනු රශ්මිගේ එකම රැකවරනය වූ ඇගේ මවත් රශ්මිට යන්තම් අව්රුදු 15ක් වන විටදී අකාලයේ මිය ගියේ නොසිතූ අයුරිනි...


වයිද්යවරුන් පැවසූවේ ඇගේ මුලු ශරීරයේම ඇතුලත කලු පැහැ වී තිබූ බවයි.. එපමනක් නොව රශ්මිගේ මව අධික බිය සහ ආතතිය කැටි වී නහර පිපිරී මිය ගොස් ඇති බව යි...


රශ්මිට ඇගේ මව මිය ගිය කාලයේ මේ සම්බන්ධව ලොකු දැනුමක් තේරුමක් නොතිබුනි.. ඇය ඇගේ අත්තම්මා සමග ජීවත් වී ඇගේ මිය යෑමෙන් පසුව කොළඹ රස්සාවට පැමින තිබුනි...


රශ්මි නැරඹූ චිත්‍රපටයේ තිබූ... ඩොනල්ට් ට යම් පෙට්ටියක් හම්බවන කොටස ඇගේ මනස පුරා දෝලනය වන්නට විය..


ඩොනල්ඩ් පෙට්ටිය විවෘත කල සැනින් බෝඩිමේ දමා තිබූ විදුලි බුබුලු ඉබේටම දැල් වීම සම්බන්ධව රශ්මි ඒ මොහොතේ බියෙන් නොසිටියත් මේ වන විට අතීතයේ සිදුවූ සිදුවීම් පෙළ මතකයට නැගෙද්දි චිත්‍රපටයේත් රශ්මිගේ ජීවිතයේත් කුමන හෝ සම්බන්ධයක් ඇති බව දැනෙන්නට විය..


ඇගේ මනස ඒ මේ අත දිව යමින් රශ්මිගේ සැනසීමට බාධා කරනවා මෙන් දැනෙන්නට විය..


රශ්මි හිතේ තිබූ දෙගිඩියාව නැති කර ගැනීමට සිතමින් දුරකතනය අතය ගෙන යූටියුබ් එකෙන් චිත්‍රපටය සර්ච් කරන්නට වූයේ ඩොනල්ඩ් පෙට්ටිය විවෘත කල තැන සිට නැරඹීමට නොහැකිවූ නිසාත් ඉන් පසු සිදුවීම් ඇගේ ජීවිතයේ සිදුවීම් හා සම්බන්ධව ඇති බවට ඇගේ මනස ඇයට පවසන නිසාත්ය...


"කෑ ගසා හඩන කාන්තාවගේ ආත්මය"


රශ්මි චිත්‍රපටය සොයාගත් නිසා අවසානෙට නැරඹූ තැන සිට බලන්නට පටන්ගත්තේය..


ඩොනල්ඩ් පෙට්ටිය විවෘත කල පසු එයින් දූවිල්ලක් පිටවූවා මිස කිසිවක් පිටවන්නේ නැත...


ඩොනල්ඩ් ඕක අපිට අයිති දෙයක් නෙවෙයි ඕක තිබ්බ තැනින්ම තියල යමු.


බැහැ ජෙසී මේක මගේ විතරමයි.. ඩොනල්ඩ් ඒ පෙට්ටිය තම බෑගයේ දමාගත්තේය..


නමුත් ඩොනල්ඩ් ඒ පෙට්ටිය බෑගයේ දමාගත් තැන පටන්ම ඔහුගේ ජීවිතයට අමුතුම බාධාවන් එල්ල වන්නට විය..


ඩොනල්ඩ්ගේ පසුපසින් කව්රුන් හෝ සිටින බව ඔහුට නිතරම දැනෙන්නට විය..


ජෙසී සමග කතා කරන විටත් ජෙසීට අමතරව කව්රුන් හෝ ජෙසී අසලම සිටින බව ඔහු දකින්නට විය..


මානසික ආතතියත් අධික බිය නිසාත් මියයන ඩොනල්ඩ්ගේ මරණ පරීක්ශනයෙන්ද තහවුරු වන්නේ ඔහුගේ මුලු ශරීරයේම සියලු අවයව කලු පැහැයට හැරී ඇති බවත් ඔහු මිය ගොස් ඇත්තේ අඪ්ගික බය සහ ආතතිය හේතුවෙන් නහරයක් පිපිරීම නිසාත් බවයි..


චිත්‍රපටය අවසානය තෙක් නැරඹූ රශ්මිගේ මනස තව තවත් විකෘති වන්නට් විය.. 


ඇය අතීතයත් වර්තමානයත් අතර සිරවී කල්පනා කරන්නට වූයේ හැගීම් දැනීම් කිසිවක් නොමැති කාන්තාවක් මෙනි...


මේ අතර ඇදට වී නිදාගත නොහැකිව ඒ මේ අත පෙරලෙමින් උන් අමීශා ගේ දුරකතනයට ඇමතුමක් ලැබෙන්නට විය..


හෙලෝ අමීශා..


අයියෝ පැතුම් දැන්ද මාව මතක් වුනේ...


අනේ නෑ රත්තරනේ.. මට සමාවෙන්න ... මන් තාත්තත් එක්ක අපේ අත්තම්මලාට අයිති පරන ඉඩමෙ ගියා.. අහ් ඒක නෙවෙයි මහ අමුතු දෙයක් හම්බවුනානෙ අමීශා ...


කෝ මොකක්ද..


ඔයාට ඉන්බොක්ස් එකේ දාල ඇති බලන්නකො ෆොටෝ එක..


අමීශා දුරකතනයෙන්ම මැසේන්ජර් ඉන්බොක්ස් බැලීය.. 


එහි අමුතු අකුරින් කැටයම් කල ලස්සන වර්න වලින් හැඩ ගැන්වූ පෙට්ටියක් විය...


අයියෝ මොකක්ද අනේ ඒ පෙට්ටිය .. අමීශා පැතුම්ගෙන් ඇසීය...


දන් නෑ අනේ ඒ ඉඩමෙ තිබිල තමයි හම්බවුනේ මන් ඇරල බැලුව ඒත් ඒකෙ මොකුත් තිබ්බෙ නැහැ...නිකන් දූවිලි වහල තිබ්බ ඇතුලෙත් එක්ක එච්චරමයි.. අහ් ඉන්න අමීශා මන් වොශ් එකක් දාගෙන ඇවිල්ල කෝල් එකක් ගන්නම්.. 


හා පැතුම් ඉක්මනට එන්න මෝඩයෝ මන් බලන් ඉන්නෙ.. ආදරෙයි බුදු සරණයි.. 


ඇමතුම එතනින් නිමා විය..


නමුත් අමීශට යන් දෙයක් මතකයට නැගෙන්නට වූයේ ඒ මොහොතේදිය.. කැලෙ ඇවිදිද්දි පෙට්ටියක් හම්බවෙන සිදුවීම ඇයට හුරුපුරුදු බවක් ගෙනදුනි .. ඇය එබැවින් ඒ සම්බන්ධව කල්පනා කරන්නට විය..


මයි ගෝඩ්.. අර ෆිල්ම් එකේ තිබ්බෙත් ඒ වගේම දෙයක් නේද ..? අමීශට සිහිව්ය ..


ඇය චිත්‍රපටයේ අවසානය නැරඹීමට නොහැකි වූ නිසා බියෙන් වුවත් ඒ කොටස දුරකතනයෙන්ම නරඹන්නට වූයේ චිත්‍රපටයේ තිබූ සිදුවීමම ඇගේ ජීවිතයටද සිදුවනවා සේ ඇයට ඉවෙන් මෙන් දැනුනු නිසාය..


ඒ චිත්‍රපටයේ අවසාන කොටස නැරඹූ අමීශට හීන් දාඩිය දමන්නට වූයේ එහි අවසානය ඩොනල්ඩ් ගේ මරනයත් සමග සිදුවන බැවිනි...


ඇය බියෙන් බිරාන්ත වී පැතුම්ගේ දුරකතනයට ඇමතුම් කීපයක්ම ලබා ගත්තත් ඒ කිසිවක් පැතුම් ආන්සර් නොකලේය..


අමීශා හිත දෙගිඩියාවෙන් ඇදේ ඒ මේ අත පෙරලෙමින් සිටියදීම ඇය නිදි සුව සොයා යන්නට විය...


ට්‍රීන් ට්‍රීන් .... ට්‍රීන් ට්‍රීන් .... 


පසුදා හිමිදිරියේ ඇය අවදි වූයේ ඇගේ දුරකතනයට ලැබුන ඇමතුමත් සමගය.. 


හෙලෝ පැතුම්.. ගුඩ් මෝනිං මැනික..


හෙලෝ .. ගුඩ් මෝනිං... මේ පොලීසියෙන් කතා කරන්නෙ.. මේ දුරකතනයේ හිමිකරු ඊයෙ රෑ මිය ගිහින් තියනව.. 


මොකක්.. අමීශා දෑස් ලොකු කර ඇසීය..


ඔව්.. මිස්.. මිස්ට සිද්ධ වෙනව පොලීසියට ඇවිත් කට උත්තරයක් දෙන්න ... පුලුවන් ඉක්මනට පොලීසියට එන්න..මොකද මිස් තමයි මේ කෙනා මැරෙන්න විනාඩි 5ක් කලින් වෙනකන්ම මේ ෆෝන් එකට කෝල් අරන් තියෙන්නෙ..


මිස්ටර් මේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ ෆෝන් එක.. ප්ලීස් සර් කියන්න මට .. ඇයි මගේ පැතුම්ට මොකක් වෙලාද නැතිවෙලා තියෙන්නෙ.. අමීශා ඇඩූ කදුලෙන්ම පොලිස් නිළධාරියාගෙන් ඇසීය..


පැතුම් මොකක් හරි දේකට හොදටම බය වෙලා තියනව ඒ බත් එක්ක ඇති වෙච්ච ආතතිය නිසාම පැතුම්ගෙ නහරයක් පුපුරලා මැරිල තියෙන්නෙ.. මිස් පුලුවන් ඉක්මනට පොලිස් ස්ටේශන් එකට එන්න.. 


ඇමතුම විසන්දි වී ගියේය...


අමීශා හිතට නැගුනු වේදනාව නිසා අඩමින්ම රශ්මිගේ කාමරය වෙත යන්නට වූයේ ඇයත් සමග පොලීසියට යන බලාපොරොත්තුවෙනි..


නමුත් රශ්මි ඇද මත වාඩි වී එක එල්ලේම බිත්තිය දෙස බලා සිටී..


රශ්මී රශ්මී.. රශ්මී... උඹට මොකක් වෙලාද...? රශ්මී රශ්මී..


රශ්මිගේ කිසිදු චලනයක් හෝ කිසිවක් ප්‍රතිචාරයක් නොමැත. ඇය එක එල්ලේම බලා සිටී.. 


සිදුවුන කිසි දෙයක් හිතගත නොහැකිව අමීශා රශ්මිව රෝහලට රැගෙන ගියේය..


නමුත් මේ වන විටත් රශ්මි ජීවිතයේ අදුරු පැතිකඩට ඇතුලු වී හමාරය. වයිද්යවරුන් පැවසූයේ රශ්මිගේ මානසික ආතතිය ඉහල ගිහින් ඇති බවත් ඇය අන්ධකාර ලෝකයක අන්ධකාර සිතුවිලි අතර අතරමන් වී කල්පනා කරන බවත්ය..


මෙයට හේතුව අමීශාට පැහැදිලි වන්නට,වූයේ රශ්මිගේ දුරකතනයේ අවසානෙට කරමින් තිබූ දේ රශ්මිගේ දුරකතනයේ ඒ අයුරින්ම් තිබු බැවිනි.. 


රශ්මි .... "කෑ ගසා හඩන කාන්තාවගේ ආත්මය " චිත්‍රපටය නරඹා අවසාන කර ඇති බව එහි තිබුනි..


නමුත් රශ්මිට ආතතියක් ඇති වන්නට තරම් එහි තිබූ කොටස් සම්බන්ධවූයේ කෙලෙසින්ද යන්න අමීශාගේ හිතෙහි පැනනැගුනු ප්‍රශ්නය විය.. මන්ද රශ්මි කිසිම දිනක ඇගේ අතීතය අමීශා සමග බෙදාගෙන නොමැති නිසාය..


අමීශා පොලීසියට ගිහින් කටඋත්තරයක් දුන්නේය.. ඇයට නීතියෙන් බලපෑමක් නොවීය..


නමුත් පැතුම්ගේ මිය යෑමත් චිත්‍රපටයේ තිබූ දර්ශන පෙලත් අතර තිබූ සම්බන්ධතාවය නිසා අමීශා කම්පනය දරාගත නොහැකිව මානසික රෝගියෙකු බවට පත්විය..


රශ්මිගේ ජීවිතය අන්ධකාර ලෝකයක හිර කර... අමීශගේ ජීවිත කාලයම මානසික රෝගියෙකු ලෙසින් ජීවත් වන ලෙසට පත් වූ මේ කුරිරු ඉරණමට වගකිවයුත්තේ ඔව්න්මය...


මොකද ඔව්න්ගෙන් කිසිවෙක් මේ චිත්‍රපටයේ ආරම්භයේ තිබූ අවවාදයයි: කියන කොටස කියවූ නැති නිසාය .. එය මෙසේය...


අවවාදය : වර්ණ ගැන්වුනු ජීවිත අන්ධකාර ලෝකය කරා යන ගමනට ඔබ එක්වන්නේ නම් පමනක් මෙම චිත්‍රපටය නරඹන්න.


මේ චිත්‍රපටය ආරම්භයේ තිබූ අවවාදයයි.. 


_________________________________________________________


කතාව හොදයිද නැද්ද කියන තීරණේ කියවපු ඔයාල සතුයි... ඔයාල කතාව ගැන මට දෙන අදහස් වලින් කතාව සාර්තකද නැත්ද කියල අනුමාන කරන්නම්.


කතාව ගැන අදහස් කමෙන්ට් කරගෙනම යන්න.. 


ඉක්මනටම අලුත් කතාවක් අරගෙන ආයෙමත් එන්නම්.. ආදරෙයි හැමෝටම ❤❤❤


පරිස්සමෙන්. 😎

Report Page