❤️✨️😍 CRuSh 😍✨️❤️

❤️✨️😍 CRuSh 😍✨️❤️

De😍Vin🌼Di 🌹✨️


        😍✨️🌹❤️ ___CRuSh___ ❤️✨️🌹😍


Episode 0️⃣7️⃣



""කාලය පියඹලා ගියා..වේගෙන් හිතුවටත් වඩා.....

ඔය දෑස ලස්සනයි ඉස්සර තිබුනටත් වඩා...

තිබුනටත් වඩා"""😍❤️🤭



ඔන්නොහොමයි ඉතින් කාලෙ ගෙවුනෙ...ඒ ඇස් මගෙ ඇස් එක්ක නිතරම ගැටෙන්න ගත්තා..😊




බිත්තියකින් වෙන් නොවුණු 10 A සහ B සහෝදර ප්‍රේමය තව තවත් දලු දැම්මෙ පන්ති දෙකම එකක් කරගෙන☺️






ඉතින් ඒ අවසරයෙන් නිතරම ඒ ලස්සන ඇස් මට හමුවුනා... එයාව දකිනකොට අමුතු කිතියක් හිතට දැනෙන්නෙ..ඒ ඇයි කියල නම් මම දන්නෙ නෑ 🤩🙄






මට ඒ ගැන ප්‍රශ්නයක් තිබුනෙත් නැහැ.....😏








10 A සහ B 🤓😂

ආතල් ලෝකයක්..පාසලේ තිබුන ජරාම පන්ති දෙක ලෙස විරුධාවලි ලබාගෙන හිටියේ 😂






අපෙ පන්ති දෙකට එන ගුරුවරු අන්ත අසරණ වී අප දෙස බලාසිටින ආකාරය සිනාව අමාරුවෙන් මුව තුල රඳවාගෙන බලා සිටින තවත් එක් දවසක තවත් එක් මොහොතක්😂





B එකට ගනන් ටීච ඇවිත් 😅




එයාගෙ අපලයක්දෝ කරුමයක්දෝ මොකද්දෝ මන්දා හෙතුවකට එයා පන්තියට එන හැම දවසකම අපේ පන්තිය හිස් පීරියඩ් එකක් ගත කරමින් තමයි ඉන්නෙ🤩🥴






නැත්තම් අපෙ දයාබර ඉතිහාසෙ ගුරුතුමා...😂අම්මො එයාහ්..😂හිටියත් නෑ වගෙ තමයි ඉතින්

අපි එයාව පොඩ්ඩක්වත් ගනන් ගත්තෙ නෑ

එයා තනියම කියවලා ගියා මිසක්







හැමදාම එකම පාඩම බදාගෙන රට පටලවාගෙන දන්න ටිකත් විකාර කරවන්න ඉතිහාසෙ සර්ට පුදුම හැකියාවක් තිබ්බෙ..🥴මම රශ්මි ගගූ අපි තුන් කට්ටුව සුපිරිම ආතල් ගත්තෙ ඉතිහාසෙ පීරියඩ් එකෙ තමයි 🤭






අම්මෝහ්..අපේ පොත් වල මෙලෝ දෙයක් තිබ්බෙ නෑ..සමහර දවස් වලට සර් අපි තුන් දෙනාටම බනිනවා🥴😅






B එකෙ මැත්ස් ටීචට පේන්නම බැරි අපෙ ඉතිහාසෙ සර්ද කොහෙද..සර් පන්තියෙ හිටියත් එකයි නැතත් එකයි..එයා එයාගෙ වැඩ අපි අපේ වැඩ..අන්තිමට සර්ට වෙන්නෙ B එකෙ මැත්ස් ටීචගෙනුත් බැනුම් අහන්න..🥴😐






අපෙ පන්තියෙ ගුරුවරයෙක් නැති වෙලාවක්මයි ඒ ටීචට සෙට් වෙන්නෙ.ඊටස්සෙ ඉතින් බැන බැන ඉදලා යනවා..පව් ඉතින් 😂






අපි එක්ක හැප්පෙන්න පුළුවන් ද ඉතින් එයාලට😏😏








ගොඩක් වෙලාවට අපෙ පන්ති දෙකේ අය දේශසීමා සදහා නම් පොඩි අරගලයක් කරා..😁පන්ති දෙක වෙන් කරන්න තිබුන පුංචි ඉඩ දවසින් දවස දෙපැත්තට තල්ලු වෙනවා..ටික දවසක් යද්දි ඒ ඉඩ නැතුවම ගිහින් A එකෙ ඩෙස්ක් B එකෙ ඩෙස්ක් වලටම ඇලුනා..☺️







දැන් නම් ඉතින් එක පන්තියක් වගේ තමයි





අපි දෙගොල්ලොම අච්චු පොත් මාරු කරගත්තෙ පන්ති දෙක හරහා අතින් අතට






A එකෙන් B එකට..B එකෙන් A එකට..ඒකත් මරු🥴




ඕනිම දෙයක් ඒ විදියට හුවමාරු උනා ඉතින්







ගොඩක් වෙලාවට පිස්සු නට නට ආතල් එකෙ තමයි ඉස්කෝලේ හිටියෙ..වෙලාවක් තිබ්බොත් ඉගන ගත්තා පොඩ්ඩක්..🤭😁😁







ඉඩ බොහොම අඩු අපෙ පන්තියෙ ගෑනුලමයි පිරිමි ලමයි වෙං කරන්න තිබ්බෙ හරහට යාන්තම් යාගන්න පුළුවන් ඉඩක් විතරයි 🥴






ඉතින් කෙල්ලො කොල්ලොත් ගොඩක් කිට්ටුයි




අන්තිම පේළියේ නම් ගෑනු ලමයි පිරිමි ලමයි පේලි දෙක එකට ඇලිලා වගෙ තිබ්බෙ




ඒක තමයි පන්තියෙ හොදම පේළිය..🤩






අපේ පේළිය එක්ක එක කෙලින් පේලියෙ හිටියෙ පන්තියෙ පිස්සු ම ඩයල්ස් ටික තමයි ඉතින්

අනුහස් , බඩ තඩියා සෙට් එක තමයි ඉතිම්







එයාලගෙ කටේ නිතරම තියන වචන කීපය "" අඩෝ පෑනක් දියම්කො """ දවසකට පෑන් බර ගානක් නැති කරනව ඉතින් 😐





දෙගොල්ලො කියව කියව ඉදලා එකටම බැමුම් අහන දවසුත් තිබ්බා






ඒ අතරෙ මගෙ නමක් නැති බැඳීම..❤️






හම්මොහ් ඒක..දැන් සෙක්ශන් එකෙ ගොඩක් අය ඒ ගැන දන්නවා..අපේ යාලුවො ඒ තරම් මහන්සියෙන් ඒක ප්‍රචාරණය කරා😐🥴😒






සමහරු හිතන් හිටියෙ නපුරයි මායි අතර ටිලිං ටිලිං සම්බන්දතාවයක් තිබුනා කියල 😐





හයියෝ ඉතින් නම්බුව ලෙෆ්ට්😑🥴






ඒත්..............මන් එයා දිහා බැලුවා..එයාත් ආතල් එකෙ ක්ලාස් එකේ හිටියා..සමහර වෙලාවට එයා දිහා බලන් ඉදලා එයා බලද්දි සුටුස් ගාලා අහක බලාගන්නවා..😁අම්මෝහ් ඉතින්

දැක්කනම් වස ලැජ්ජාවයි🐒








මන් එයා ගැන කොච්චර අවදානෙන්ද හිටියෙ කියනව නම් එයා ඉස්කොලෙ එයිද නැද්ද කියල මට කලින්ම කියන්න පුළුවන්..ගොඩක් දවස් වලට මම හිතන විදියට ම උනා🤭






ඉස්කොලෙ ගිහින් අපේ සෙට් එකත් හති වැටෙනකම් හිනා උනා..දැන් නම් ඉතින් වෙනසක් නැතුව A එකෙයි B එකෙයි කෙල්ලො කොල්ලො ඔක්කොම මටයි නපුරටයි විහිලු කරනවා...😏🥴






ඒත් තාම අපි දෙන්නා නම් කතා කරලා නෑ එක පාරක්වත්...දැන් ඉතින් සෙක්ශන් එකෙ ගොඩක් අය දන්නව වගෙ නිසා අපි දෙන්නම ඒක නවත්තන්න දැගලුවෙත් නෑ 😑😑






ඔය අතරෙ මම ආලෝකෙ ඉංග්‍රීසි පන්තියකටත් ගියා..ඒක නම් මාරයි..මන් පුදුම ආසාවෙන් තමයි ආලෝකෙට ගියේ..😍





දහය වසරත් පුදුම විනෝදෙන් දවසින් දවස ගත උනා.





මගේ හිතේත් එයා ගැන අමුතු හැගීමක් දගලනවා....නමක් කියාගන්න බැරි.....ඇත්තටම ඒ මොකක් වෙන්න පුළුවන් ද ????😐😐




















































💜️✨️🌼____📝Vindi📝____🌼✨️💜️

Report Page