❤️✨️😍 CRuSh 😍✨️❤️

❤️✨️😍 CRuSh 😍✨️❤️

De😍Vin🌼Di 🌹✨️

      😍✨️🌹❤️ ___CRuSh___ ❤️✨️🌹😍

Episode 0️⃣4️⃣


කාලය හෙමීට ගෙවිලා ගියේ පිස්සු වැඩ ගොං ආතල් කෙලවරක් නැතුවම අපේ ජීවිත ලස්සන කරගෙන😍





ළඟදි පටන් ගත්තු නපුරගෙයි මගෙයි කතාවත් ලෙසටම පැතිරිලා ගියේ ගින්නක් වගේ...😬🥴



හුම්ම්ම්..මොනව කරම්නද ඉතිම් නේහ්🥴




බොහෝම අමාරුවෙන් ඒ කතා ඉවසා වදාරගෙන හිටියත් වෙලාවකට නම් ඒක පට්ට ආතල් 😇



ඒත් වෙලාවකට නම් වදයක්...ඇයි වදේ..වචන දහයක් කතා කරල නෑ

පෝරුවටත් නග්ගලා ඉවරයි...මොට්ට යාලුවො🤕😤





💐💐💐💐💐💐💐💐💐💐💐💐💐




ඔන්න ඉතින් අපේ කතන්දර වල තිබුන තවත් ලස්සන තැනක් තමයි "ආලෝකෙ" කියන්නෙ..🤩🤩




ආලෝක කියන්නෙ අධ්‍යාපන ආයතනයක්...අපෙ ඉස්කෝලේ ගොඩක් අය ගොඩක් පන්ති වලට සහභාගි උන අමුතු තැනක්





මගෙ ජීවිතෙ රසවත් ම අද්‍යාපනේ මම ලැබුවෙ එතනින්...😍ඒ මතක නම්..තවමත් ඇස් තෙත් කරනවා🥺🥺





ගොඩක් හොද ගුරුවරු ගොඩක් හොද යාලුවො හම්වුන විශේෂ තැනක්..අනිත් හැම ආයතනයක්ම ටව්න් එක අවට තිබුනත් ආලෝකෙ තිබුණෙ ටව්න් එකට පොඩ්ඩක් ඈතින්..නිදහස් පරිසරයක් නිසා ම ගොඩක් අය එතනට ආස කලා..🥰





ඒ ආයතනය තිබුණෙ ආයතන ප්‍රධානී අපේ ගනන් ටීචගෙ ගෙදරමයි...ඒ නිසාමද මන්දා ආලෝකෙ අපිට ගෙදර වගෙ ලෙංගතුයි😍





ආලොකෙ කිව්වම අමතක කරන්න බැරි දෙයක් තමයි කොත්තු කියන්නෙ😋😋





ආලෝකෙ ළඟ තියන කඩවල් දෙකේ කොත්තු කන්න තමයි අපි වේලාසන පන්ති යන්නෙ..ඒ කාලෙ අපිට ඒක රාජ බෝජනයක්😋






දැනුත් ක්ලාස් එක පැත්තෙ ගියාම පුරුද්දට වගෙ කඩේ ගිහින් ඇන්ටියවත් බලලා කොත්තුවක් කාලා එන්නෙ ඒක නිසාමයි😃🥺






ඉතින් මම ආලෝකෙ පන්ති යන්න ගත්තෙ නම් දහය වසරෙදි..මොකද අපෙ ගෙදර ඉදන් බස් දෙකක යන්න උන නිසාත් මාව තනියම යවන්න බය නිසාත් අපෙ ගෙදරින් කැමති උනෙ නෑ මන් පොඩි කාලෙ ආලොකෙ පන්ති යනවට😬





ඒත් අපෙ යාලු මිත්‍රයො ටික නම් ඔක්කොම ගියෙ ආලෝකෙ මැත්ස් ක්ලාස් 🥴



ඒක නම් පුදුම ආතල් පන්තියක්🥰






ඉතින් දවසක් ගණන් පන්තියෙ ටෙස්ට් එකක් ලියද්දි ටීච කොල්ලො කෙල්ලො ටික මාරු කරවලා වාඩි කෙරෙව්වෙ පේපර් එක හොදටම කරන්න ලු😂😂





මගෙ වසවර්ති යාලුවො ටික නම් එක ළඟ සෙට් උනත් ඒ අතරින් පිරිමි ලමයි වාඩි කරද්දි හැමෝගෙම මූනු වල කුප්ප හිනා දැල්වුනේ මගෙ මිත්‍ර සේනාවට මැදි වෙලා වාඩි උන නපුරව දැකලා🤐😑






ඔන්න ඉතින් පේපර් එක ලියන එක පැත්තක තියලා මෙයාලා නපුරට විහිලු කරනෝලු...අනේ අහිම්සක මම

කිසිම දෙයක් දන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්නව ඉතිම්..🙄🙄







මම නෑනෙ එයාලගෙ ගනම් පන්තියට 😏




නපුරත් කෙල්ලො ටික එක්ක කතා වෙවී හරි හරියට පේපර්ස් ලියනෝලු😶




ඔන්න ඉතින් හතරවටින් චමා කිය කිය විහිලු කරන අස්සෙ මේ මෝඩයා එක පාරම කිව්ව දෙයින් සෙට් එකම සයිලන්ට් වෙලා ගියාලු🥴🥴







නපුරෙක් උනාට නපුරත් මහ මෝඩයි අප්පා🤧😜






කෙල්ලො සෙට් එක වගේම ළඟ පාත හිටපු අපෙ කොල්ලො සෙට් එකත් විහිලු කරන අස්සෙ මේ මෝඩයා කෑගහලා තියෙන්නෙ "අපේ චමාලගෙ කඩේ.........." කියාගෙන 😑😑





හයියෝ සාම්ත..මොකක්ද මේ කරගත්තෙ කියල හිතිලා වෙන්නැති ඩෙස්ක් එකේ එහෙමම ඔලුව තියාගත්තාලු




වැඩේ කියන්නෙ අපේ සෙට් එකේ කාටවත් ඒ කිව්ව කතාව මීටර් වෙලා නැති එකනෙ😌






ඒත් මේ මෝඩස් ඩෙස්ක් එකට ලැජ්ජාවෙන් ඔලුව ඔබාගන්නො දැකපු අපේ ටියුබ් ලයිට් ගුලියට වැඩේ මීටර් වෙලා තියෙන්නෙ අපේම අවාසනාවට වගෙ😐😦





ඩෙස්ක් එකෙ ඔලුව තියාගද්දි සයිලන්ට් උන සෙට් එක මහ හයියෙන් හිනා වෙන්න ගත්තෙ ගගූ " මොකක්ද ??? අපේ චමාලයි කඩේ???? " කියල ආයෙ නපුරගෙන් අහද්දි😂







ටෙස්ට් පේපර් එක ලියන එක කෙසේ වෙතත් ක්ලාස් ඉවර වෙනකම් ඒ අසරණයව එතන අසරණ කරලා මගේ කුරිරු යාලුවො උදේ ඉස්කොලෙ ආවෙ මාවත් පජාත කරන්න තමයි ඉතිම් 😑😑




මන් ආපු ගමන් විස්තරේ කියල මාව දැනුවත් කරපු යහපත් මිතුරු කැල තාඩන පීඩන තවත් වැඩි කරෙ මට "අපෙ චමා" කියල නමකුත් අලුතෙන් දාලමයි😬😬




එදා ඉදන් නපුරා කට ගහගෙන එන හැම අවස්තාවකම එයාව සයිලන්ට් කරන්න බොහො දෙනා භාවිතා කරේ

"මොකක්ද ??? අපේ චමා..."

"චමා අපේද"

"අපේ චමා ඕනිද "

වගේ යෙදුම් තමයි ඉතිම් 🤐🥴





හයියෝ සංසාරේ..මේ මනුස්පයත් කට වක්කඩෙ වගෙ අරින්න ගිහින් කොරගන්න දේවල් 😐







💜️✨️🌼___📝Vindi 📝___🌼✨️💜️


Report Page