CRUSH ❤️🤗😘😍

CRUSH ❤️🤗😘😍





හායි .......😘😘


..............................................කස් කීවට ඒමමත් නෙවේ ඔයා මගේ හීනය


ඇයි අපුච්චෝ මෙච්චර මාව පිස්සියක් කරන්නේ...ගොඩාක් කල් ඉදන් කියන්න බලාන වුන්නේ ....චූට්ටන් චුට්ටන් කාලේ ඉදන්ම 😘



මන් ඔයාව මුලින්ම දැක්කෙ මාව ඉපදුන වෙලාවෙමලූ...ඒත් ඉතින් ඒවා මතකයෑ....ඊටත් පස්සේ ඔයාව ගොඩාක් පාරක් දැකලා තිබුනා උනත් මතකයක් නෑ..


ම්ම්ම්ම් දන්නවද චුට්ට චුට්ට ලොකු වෙද්දි ඔයාව බලන්න බොරු ලෙඩත් ගන්න මන් පුරුදු වුනා....ඔයාව දැකපු ගමන් මගේ ලෙඩ හැමදේම හොද වෙන්නේ හරි පුදුම විදියට..


ඒත් ඔයා ඉන්නේ වෙන කෙනෙක් ලගනේ...මට හලි ඊරිසියයි එතකොට...ඩොක්ටර් අන්කල් එක්කම ඔයා ඉන්නවා...මන් බලාන ....කොහෙද ඉතින් පිටට චුට්ටක් තට්ටුවක් දානවා විතරමයි මේ කොල්ලා....ඒත් ඉතින් මන් බලාන මගේ දිහා හොරෙන් හොරෙන් බලනවා...


මට හිතුනෙම මන් ලස්සන ඔයත් එක්ක ඉද්දි කියලා...චූටි කාලේ අම්මා ඔයා වගේ සෙල්ලන් බඩුවක් මට අරන් දුන්නා...මන් ඒක දිහා බලාන මුලු දවසම හිතුවෙ ඔයා ගැන


දන්නවද ඔයාගෙ මතකයන් එක්කම මන් ටික ටික ලොකු වුනා...ඉස්සර වගේ ඔයාව බලන්න යන්නත් බැරි උනා...ඒත් ඔයා ඉන්න තැනකින් යද්දි මන් ඔයා ඉන්නවද කියලා බලන්නනම් අමතක කරන්නෙම නැ..අදටත් ඒමයි...


දන්නවද හැන්සම් ....ඔයා හරි කියුට් අනේ....ඔයත් එක්ක මන් දවසක නුවර හොස්පිටල් එකේ අහට්ට මෙහෙට්ට දුවද්දි මන් හරි ලස්සනට ඉදීවි නේද..අපි දෙන්නා එකතු වෙලා හැමෝම සතුටින් තියමූ...ඒ විතරක් නෙවේ මැනික හැමෝටම ජීවිතේ දෙමු..


මට ඕනේ වුනා ඔයාව...ඔයාව මගේ කරගන්න.හැමවෙලේම මන් ලගින්ම ඔයා තියාගන්න...


ඒක කරන්න ලේසි උනේ නම් නෑ...ඒක වෙන්නඇති ඔයාව ඔය තරමටම වටින්නෙ...හැමෝම ඔයා වෙනුවෙන් හීන දකින්නේ...එහෙම නේද...ඒත් මෝඩයෝ දවසක මන් ඔයාව මගේ කරගන්නවා...කොච්චර මහන්සි දැනුනත් ඔයාවමතක් වෙද්දි ඒ සේරම අමතක වෙනවා...තව අවුරුදු ගොඩාක් බලාන ඉන්න වෙයි...ඒත් මන් ඉවසලා බලාන ඉන්නවා...ඔයා එනකන් නෙවේ මන් ඔයාව ලබාගන්න තරන් සුදුසු වෙනකන්....එදාට මන් ඔයාව ගොඩාක් ආදරෙන් බලාගන්නවා.එදාට ඔයා මගේ ලගින්ම ඉන්නවා කියලා මන් දන්නවා.......



ආදරෙයි මගේ ..........................❤️😘




Report Page