Covid 19 💉

Covid 19 💉

eepsha

2020 වර්ෂයේ දී ලෝකය මුහුණ දුන් බරපතල ම ප්‍රශ්නය වූයේ covid 19 වසංගතය ට එරෙහිව සාර්ථක එන්නත් නිර්මාණය කර ගැනීමයි. මිනිස් සංහතියේ විශිෂ්ඨ ජයග්‍රහණයක් සනිටුහන් කරමින් covid 19 වලට එරෙහිව සාර්ථක එන්නත් කිහිපයක් නිර්මාණය කර ගැනීමට ලෝකයට හැකි වුණි.

ප්‍රමුඛ එන්නත් තුන වන Oxford AstraZeneca, Pfizer - BoiNTec හා Moderna සැපයුම් කරුවන් පවසන්නේ 2021 වසර අවසන් වන විට ලෝක ජනගහනයෙන් බිලියන 2.6 - 3.1 අතර ප්‍රමාණයකට ලබා දී ම සදහා එන්නත් මාත්‍ර බිලියන 5.3 ක් නිපද වීමට හැකි නිශ්පාදන ධාරිතාවක් ඔවුන් සතුව ඇති බවයි.

කෙසේ වුවද, අමෙරිකාවේ Global Health Innovation Center තක්සේරු කරන පරිදි අඩු ආදායම් ලාභී රට වල බොහෝ පිරිසකට එන්නත් හිමි වන්නේ 2023 හෝ 2o24 වසරේ දී ය. මන්ද, ධනවත් රටවල් විසින් මෙම එන්නත් ධාරිතාවෙන් වැඩි කොටසක් දැනටමත් ඇණවුම් කර හෝ අත්පත් කරගෙන ඇති නිසාවෙනි...

කැනඩාව විසින් තම එක් පුරවැසියකුට එන්නත් මාත්‍ර 9 ක් ලැබෙන පරිදි ද, අමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ට්‍රේලියාව පිලිවෙලින් එක් පුද්ගලයෙකු ට මාත්‍ර 7 ක්, 6 ක්, 5 ක් පමණ වන පරිදි අනවශ්‍ය ලෙස එන්නත් ඇණවුම් කර ඇත.

එසේම ජපානය තම මුළු ජනගහනය මෙන් 4 ගුණයක ටත් වඩා ඇණවුම් කර ඇත.

එන්නත් තොග සැලකිල්ලට ගෙන රෝග ව්‍යාප්තිය වැඩි බාස්නාහිර පලාත ට ප්‍රමුඛත්වය ලබා දී ම ට මේ වන විට තීරණය කර ඇත.

Report Page