CLOUD

CLOUD

Sandaru Jayathilaka


අපි Cloud ගැන ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ ඇයි.?😎

හේතුව දැන ගන්න ඉස්සෙල්ලා, මොකක්ද? මේ Cloud කියන්නේ කියලා කතා කරමු.

IT field එක ගැන කතා කරනකොට අපිට එකකින් එකකට වෙනස් JOBS ගැන අහන්න, දකින්න ලැබෙනවා.

Software Engineer

IT Administrator

Network Administrator

Systems Administrators

Network / Systems Engineer

Security Engineer

මේ ඒවයින් කිහිපයක් පමණයි.මීට අමතව මෑතකදී අපිට අහන්න ලැබෙන තවත් නමක් තමයි මේ Cloud Engineer කියලා කියන්නේ.එහෙමත් නැත්තම් Cloud Engineer කියන කෙනා කරන වැඩේ මම මුලින්ම සදහන් කරපු අයට කරන්න වෙන අවස්තා ඕන තරම් තියන්වා🙄.කොහොමෙන් කොහොම හරි සාරාංශය වෙන්නේ IT Field එකේ ඉන්න කෙනෙක්ට මේ වෙනකොට අත්‍යාවශ්‍ය දෙයක් තමයි මේ Cloud Technology එක කියන්නේ.

හරි, එහෙනම් මුලින්ම බලමු මොකක්ද මේ Cloud Technology එකක් කියන්නේ කියලා.

මේ මොහොත වෙනකොටත් අපි Cloud Technology එකක් භාවිතා කරන්ව වෙන්න බැරිද?.😲.මොකද නැත්තේ අනිවාර්‍යයෙන්ම එහෙම තමයි..අපි මේ වෙනකොටත් Cloud එකක් භාවිතා කරන්වා.

Google Drive / One Drive / Drop Box / I Cloud කියන්නෙත් එක්තරා විදියක Cloud Technology එකක්.😊 දැන් ගොඩක්ම සරලයි.ඒ කියන්නේ අපිට මම සදහන් කරපු Storage වල අපේ Data අපිට අවශ්‍ය විදියට Store කරලා තියන්න පුලුවන්.ඔව්, ඒ වගේම අපිට ඕනම තැනක ඉදලා අපිට ඒ Storage වලට ගිහිල්ලා අපේ DATA, Access කරන්න පුලුවන්.

හොදයි, ඒත් මම මෙතනදි කතා කරන්න යන්නේ ඒ වගෙ දෙයක් ගැන නෙමෙයි.ටිකක් මීටත් වඩා සංකීර්ණ වෙමු.🤔

මෙහෙම හිතන්නකෝ, අපි Network / System Administrator කෙනෙක් විදියට Company එකකට JOB එකකට යනවා.එතකොට අපිට මේ Company Network එක තුළදී එක එක විදියේ Devices දැකගන්න පුලුවන්. (PC, Access points, Routers, Switches, Servers, Printers, Firewalls) වගේ දේවල්..එතකොට මේ Devices වල Main Part එක අපි කරන්නේ Data Center එකෙන්. එතකොට මොකක්ද මේ Data Center එකක් කියන්නේ.

අපේ Company එක තරමක් ලොකු එකක්නම් අපි අපේ Company Data අපි Store කරල තියන්නේ Data Centers වල.හේතුව තමයි Company එකක Data කියන්නේ ගොඩක්ම Protect කරන්න ඕනා දෙයක්.ඒ වගේම Data Centers වලින් කරන අනිත් දේ තමයි අපේ network එක Manage කරන්න ලේසි වෙන්න Devices එක තැනක තියන එක.(Routers, Switches, Servers, Load Balancer, Fire wall මේ වගේ දේවල්). එතකොට Management Part එක අපිට Remotely Log වෙලා කරන්න පුලුවන්.ඒ වගේම End to End Connectivity එක හදලා දෙනවා.

ඒ වගේම අපේ Data Centers අපි ලගම තියාගන්න එකට තමා කියන්නේ On-Premises කියන්නේ.

හරි, එතකොට ඇයි මේ Cloud Technology එක ආවේ..සරලයි..අපි අපේ Data Center එකක් Implement කරනවනම්, අපි ගොඩක් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනා.මුලින්ම් අපි බලන්න ඕන ඒ Data center එකට වෙනම Space එකක්,ඊට පස්සේ Designing, Configurations ගැන 100% ක් දැනුම තියෙන අය.ඊටත් වඩා වැදගත්ම දේ තමයි COST එක.ඒ කියන්නෙ අපි Data Center එකට නොයෙක් විදියේ Devices එකතු කරන්වා.ඇත්ත්ටම අපිට ඒ හැම දේකින්ම දවස් 365 ම ප්‍රයෝජනයක් නැති වෙන්න පුලුවන්, නමුත් අපි ඒ Devices එකතු කරන්වා.හේතුව Data Centers වල අවශ්‍ය වුනාම එකතු කරන්වා, ඔනෙ නැති වුනාම අයින් කරන්වා කියලා Concept එකක් නැහැ.

ඉතිං Data Centers වල මේ තියෙන ප්‍රශ්න වලට විසදුමක් විදියට Cloud Technology එක හදුන්වලා දුන්නා.මෙතනදි වෙන්නේ අපි අපේ Company එකේ DATA, Store කරන්නේ වෙනත් කෙනෙක් ලග.උදාහරණ කිව්වොත් Microsoft Azure / AWS / Google Cloud / Oracle Cloud .

එතකොට මේ Cloud Technology එකත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා.අපිට මේකෙදී අපේ අවශ්‍යතවයට හරියන විදියට resources භාවිතා කරන්න පුලුවන්.අපිට මොකක් හරි Service එකක් අවශ්‍ය නැත්නම් අපිට ඒක ඉවත් කරන්න පුලුවන්.සරලව කිව්වොත් Cloud Technology එකේදි අපි Pay කරන්නේ අපි භාවිතා කරන දේවල් වලට විතරයි.

Technology එකේ දියුණුවත් සමග මේ වෙනකොට Cloud Technology එක පියවරෙන් පියවර ඉස්සරහට එනවා. එතකොට Network / Systems /Security / Software යන පැතිවල ඉන්න සහ ඒවට යන්න ආසාවෙන් ඉන්න අයට Cloud Technology එක ගැන දැනගෙන ඉන්න එක ඔයාගේ JOB එකට Plus Point එකක් වෙයි.🧐

උපුටා ගැනීමකි


Report Page