😉චබී නිසා හොදට ගියා 😌😁

😉චබී නිසා හොදට ගියා 😌😁



පළවෙනි කොටස


👻(චබී) 📲 hi
Hi
Hi

👩‍🦰(මම)(අපෝ උදේ පාන්දරම හායි හායි ගානවා පුදුම වදයක්නෙ😏 හිතුවා විතරයි කිව්වෙනෑ😁)
📲 හූයි😒 ,මොකෝ බන් කොයිවෙලෙත් හායි හායි ගාන්නෙ වෙන එවන්න දෙයක් නැද්ද😒

👻📲 නෑනෙ බං. අපි තව ටිකකින් ඔහෙ එනවා .😁 කන්න මොනාහරි හදලා තියන්න.😌

👩‍🦰 (අපෝ මුන් අදත් එනවද..ආපු ගමන් පෝන් එකනෙ ගන්නෙ මගෙ...ආපුගමන් යාලුවො එක්ක චැට් කරපුවා කියවන්න ගනී. 😑 එන්න කලින් ඔක්කොම ක්ලියර් කරන්න ඕන😏..හිතුවා විතරයි කිව්වෙ නැහ්😁) 📲 අහ්..ඒමද..කීයටද එන්නෙ?.. අනෙ මේ කන්න හදන්නනම් බෑ.එනකොට මට මොනාහරි අරන් වර.😏
👻 📲 ..තූ නොදකින්..තොපි වගේ අක්කලා..😏 රයිස් හදල තියපාන් හරිද 😌..

👩‍🦰 📲..අයිස්කීම් එකක්වත් ගෙනාවොත් සලකාබලන්න පුලුවන් 😏 ...බායි බායි

👻 📲 ඇයි උබලගෙ කඩේ තියෙන්නෙ අයිස්ක්‍රීම්🍦😏.අපි කමු හොරාට අරන්..😁..බායි සුදු 😘

(මොකක් නැතත් බටර් ගාන්න නම් දන්නවා හොදට.ගොන් චබියා😏)

හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න..මම කිව්වද දැන් මං ගැන විස්තර..හුටා...🤦 කියලා නෑනෙ..මටත් ඉතින් වලියක් කිව්වොත් ඔක්කොම අමතකයි 😁😌...

හරේ ඒවගෙන් වැඩක් නෑ. .මම තමයි කවී(👩‍🦰) 😁😌.මට ඉන්නෙ අම්මයි තාත්තයි අයියයි විතරයි..මට අව්රුදු 19යි.තා මාස තුනකින් විතර A/l ලියනවා.මම තමයි ගෙදර මිණි පහන 😌😎.දිගු වරලසක් තියෙන සුදු ලස්සන කෙල්ලෙක් කියල තමයි මම හිතන් ඉන්නෙ😁. .ඔය කියන තරම් ලස්සනක් නෑ අනෙ මට.🥲..
සයූ(💃) නන්ගි (එයා මාමගෙ දූ පොඩ්ඩ) [තාම 3 වසරෙ.]..හැබැයි එයා නම් කියන්නෙ ,,මම එයාගෙ ස්ටිකර් කාඩ් එකේ ඉන්න සුරන්ගනාවියෝ🧚‍♀️වගේ ලස්සනලු 😌..


දැන් අර ඉස්සෙල්ලා මැසේජ් කරේ චබී(👻) එයාට චබී කියල කියන්නෙ,එයා දෙවෙනි ඉනිමේ චබී වගේ නිසා .හැබැයි එයා ඒතරං කලුනම් නෑ ටිකක් සුදුයි මහත තමයි🥶 🥵
එයා අපේ නෑදෑ මල්ලි කෙනෙක්.චබීට ඉන්නෙ අම්මයි ,තාත්තයි ,අක්කායි ( චබීගෙ අක්කා සදූ-🧚‍♀️ එයත් මගේ වයසෙමයි. ඒත් මම තමා වැඩිමල් 😌)

හොදම දේ තමා අපේ එහා ගෙදර බල්ලගෙ නමත් "චබී"😂😁.

දැන් ඔය ඒ කට්ටිය අපේ ගෙදර එන්නලුනෙ හදන්නෙ 😊..
ඔන්න ඉතින් මම අම්මට කිව්වා චබීලා එනවා කියල .අම්මා නම් උයන්න පටන් ගත්තා..උන් එන එකෙන් මට තමා පාඩු..නිදහසේ පෝන් එක ඔබන්න වෙන්නෑ😒.අපේ අම්ම ජාතිය අමතනවනෙ😔.

👸(අම්මා) - ,පොල් ටික ගාපන්..ලූනු සුද්ද කරපන්..

(අරක කරපන් ..මේක කරපන්.😪. අරක ගෙනත් දීපන්.මේක ගෙනත් දීපන්..😪😰.)මටමයි වද දෙන්නෙ 😑..
අර අයියෙක් ඉන්නෙ උට කිව්වනං ඉවරනෙ නිකං ෆෝන් එක ඔබ ඔබ ඉන්නෙ හිතං ඉන්නෙත් හෙන කෝකියා කියලනෙ මෙතන යූටියුබ් එකෙන් බල බල කෑම හදල හ්ම්😕

මොනා කරන්නද ඉතින්..ගුටි කන්න බැරි නිසා මම ඒ වැඩ ටික කරා 🤕...

...පැයකට පසුව ඔවුන් පැමිණියෝය..[අනේමන්දා ඕයි ලිඛිත භාෂාවෙන්ද ලියන්න ඕන..මම ඔය ව්‍යාකරණ ගැන වැඩියෙ දන්නෑ😁 .ගනන් ගන්න එපෝ 🤨 ගුරුන්ටත් අකුරු වරදිනවනෙ 😕

(අහ් කියන්න බැරි උනානෙ 🤭 එයාලා එන්න කලින් මම පෝන් එක ඕෆ් කරල චාජරේට ගැහුවා 😁🤫)

එයාලා මෙහෙ ආවම කතා කරන ප්‍රධාන මාතෘකා දෙකයි..එකක් මගේ පණ 😁 (පෝන් එක බම්)..අනික මගේ අහිංසක පූස් පැටියා 🐈.(පැටියෙක් නෙමෙයි ඌ තඩියි 😘).

මේ ඉන්නෙ මගෙ චූටි බබා. 🥰😘






ඔන්න ඉතින් ආපු ගමන් පටන් ගත්තෙ පෝන් එකෙන් 😑..


චබියා ඊලගට මොනවා කරයිද කියලා ඊලග කොටසෙන් බලමු..
💖💖💖💖💖💖💖💖💖💖💖
මේ මගේ පලවෙනි කතාව. කතාව කියවලා කමෙන්ටුවක් දාගෙන යම්න 🤗🤗🤗

ආදරෙයි හැමෝටම 🥰🥰🥰🥰

මම අයේෂි ❤💫

Report Page