Chapter 1

Chapter 1

DarkLord

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්

නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්

ආවට නොකියාම ජීවිතෙන්

නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..


කාර් එකේ audio player එකෙන් ඇහුණු ඒ වචන ටික උල් පිහි තුඩු වගේ මගේ හදවත පසාරු කරේ, අළු යට ගිනි පුපුරු වගේ තිබුණු මගේ පරණ මතක අවුස්සලා..ඒ මතක ආයේ තිබුණු විදියටම වළඳාපූ මම player එක off කරා..ඒත් එක්කම මං දැක්කේ පාර අයිනෙ කාර් එකක් ළඟ හුරුපුරුදු මූණක්.. ඒක තහවුරු කරගන්න මං තව ටිකක් ඉස්සරහට drive කරා.ඔව් මං හිතුවා හරි.කාර් එක පාර අයිනෙ නතර කරපු මං කාර් එකෙන් බැහැලා ඒ දිහාවට හිමින් ඇවිදන් ගියා.කොල්ලො දෙන්නෙක් පාර අයිනෙ තිබ්බ කාර් එකට මුවා වෙලා ලොකු වචන හුවමාරුවක්..

"අනේ අයියේ මන් ක්ලාස් යන්න ඕනේ..මං කිව්වානේ දැන්ම ඔවා බෑ කියලා." පොඩි කොල්ලා එහෙම කිව්වා.

"එහෙම බෑ මට අද උබව ඕනෙමයි."අනිත් කොල්ලා තරහෙන් කිව්වා.

"අනේ ඇයි අයියේ මේ..ඔයා මට ඔහොම කතා කරලා නෑ කවදාවත්" පොඩි එකාට ඇඩේන්න වගේ.

"මට තෝව හුරතල් කරන්න වෙලාවක් නෑ.නැගපන් කාර් එකට."

"ඔයා මට ආදරේ නැද්ද අයියේ?"

"නෑ යකෝ නෑ මං මෙච්චර කල් බල්ලෙක් වගෙ තෝ පස්සේ ආවේ ආදරෙට කියලා ද හිතුවේ.නෑ යකෝ මට ඕනි උඹේ ඔය චීස් කෑල්ලක් වගේ තියන ඇග මට යට කර ගන්න"


මට තවත් ඒක බලන් ඉන්න බැරි උනා.

"තීනු..."

මගේ සද්දෙට ගැස්සිලා ගියපූ කොල්ලො දෙන්නම මං දිහා හැරිලා බැලුවා..

පොඩි කොල්ලගේ ඇස් දෙක බයෙන් ලොකු උනා."නැ- න්දී.." කොල්ලා බයෙන් වෙව්ලන ගමන් කිව්වා.

"උබ ක්ලාස් යනවා කියලා නේද ආවේ මෙතන මොකද කරන්නේ"තරහෙන් වෙව්ලන ගමන් මං එහෙම කිව්වම පොඩි එකා ගොත ගහන්න ගත්තා."නැන්දී මං ..මේ.. මේ.."

"නැගපන් ගිහින් කාර් ඒකට" මං කෑගහුවාම පොඩි එකා වගේම අනිත් කොල්ලත් බයෙන් පිටිපස්සට විසි උනා.පොඩි එකා දන්නවා මට තරහා ගියාම කොයි වගේද කියලා.මට තරහා කන්ට්‍රොල් කරගන්න ටිකක් අමාරුයි.ඒ හින්දා කොල්ලට දෙපාරක් කියන්න ඕනි නෑ.මිනිහා බයෙන් දුවගෙන ගිහින් මගේ කාර් ඒකට නැගලා දොර වහගත්ත.අනිත් කොල්ලා තාමත් බයෙන් බිරාන්ත වෙලා මගේ දිහා බලන් ඉන්නවා.

"චටාස්" උගේ කම්මුල් රතු පාටට මගේ ඇගිලි පහම හිටින්න මං ගහපු පාරේ සැරට ඌ උගේ කාර් එකේ ම දොරේ ගිහිං හැප්පුනා.උගේ කොලර් එකෙන් අල්ලගත්තු මං ඌව කාර් එකටම හේත්තු කරලා උගේ මුණ දිහා බැලුවා.

"තෝ ආයේ ඒ කොල්ලා දිහා ඇහැක් ඇරලා බලලා තිබ්බොත් මං තොගේ ඇස් දෙක උගුල්ලලා දානවා.ආයේ මගේ කොල්ලා දිහා බලන්න හිතන්නවත් එපා." මගේ මූණ තිබ්බ යස්ස පෙනුමට බය උණු කොල්ලා කාර් ඒකට නැගලා වේගෙන් යන්න ගියා.

මං තරහෙන්ම ගිහින් මගේ කාර් ඒකට නෑග්ගා..පොඩි එකා අඩනවා.කොල්ලගේ සුදු මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා." අනේ නැන්දී.." කොල්ලා අඩන ගමන්ම මගේ දිහා බැලුවා." කටවහපන්" මං කාර් එකම දෙදරන්න හයියෙන් කෑ ගැහුවා.කොල්ලගේ ඇඩිල්ල වැඩි උනා.

"උබ මට අද ඇත්ත කියන්න ඕනි..හැම දේම..මං උබව මගේ apartment එකට අරන් යනවා."

"නැන්දී ක්ලාස් එක"කොල්ලා කදුලු අතරින්ම කිව්වා.

"උබට ඔහොම හොටු පෙරාගෙන ක්ලාස් යන්න බෑ නේ මං අය්යාට කියන්නම් බඩේ අමාරුවක් හැදිලා මං උබව ක්ලාස් එකෙන් ගත්තා කියලා."

"අනේ නැන්දී තාත්තිට වෙච්ච දේ නම් කියන්න එපා.." කොල්ලා අත් දෙකෙන්ම මුණ වහගෙන කෑ ගැහුවා.

"මං දැන් එහෙම කිව්වේ නෑ නේ.මං අය්යාට කියන්නේ නෑ. හැබැයි උබ මට වෙච්ච හැම දේම කියන්න ඕනි.."තරහ අමාරුවෙන් කන්ට්‍රෝල් කර ගන්න ගමන් මං කොල්ලාට කිව්වා.කොල්ලා අමාරුවෙන් ඔලුව හෙල්ලුව..

මං අයියාගේ නම්බර් එක ඩයල් කරා.

"අයියේ"

"කියහං චූටි"

"සුදු මහත්තයාට බඩේ අමාරුවක් හැදිලා මං කොල්ලව ක්ලාස් එකෙන් ගත්තා.මං දැන් එයාවත් අරන් apartment එකට යනවා"

"ඇයි කොල්ලාට මොකෝ ලොකු අමාරුවක් නෑ නේ"

"නෑ නෑ ගෑස් වැඩි වෙලා මං හිතන්නේ"

"ගෑස් වැඩි වෙන්නේ නැතුව තියේද බං උදේට කාලා නෙවෙයි නේ ක්ලාස් බඩගාන්නේ.මං කොච්චරවත් කියනවා උදේට කාලා පලයන් කියලා..කොහෙද මූ උදේට අපිටත් ගෑස් පෙන්නලා නේ යන්නේ."

"හරි හරි අයියේ මං කොල්ලාට බෙහෙත් දීලා පොඩ්ඩක් rest කරවන්නම්.ඔයාලා වැඩ ටික කරගෙන එන්න"

"හරි බං පරිස්සමෙන් පලයන් එහෙනම්"

අයියා කෝල් ඒක කට් කරා.

මං කොල්ලා දිහා බැලුවා.අත් දෙක අස්සේ මුණ ගහගෙන තාම අඩනවා.කාර් එකේ තිබ්බ tissue පැකට් එක කොල්ලගේ ඔඩොක්කුවට විසි කරපු මං කාර් ඒක ආපහු හරවගෙන මගේ apartment එක පැත්තට drive කරා.

Report Page