BTS 🦋💜

BTS 🦋💜

නමක් ගමක් දන්නේ නම් නෑ හැබැයි Silankan BTS Armies ලා පේන්න බැරි එකෙක්🙂👍
No Caption🦋

මෙය හුදෙක් BTS Armies ලා වෙනුවෙන්ම ලියන ලද්දක් බව කරුණාවෙන් සළකන්න🙂


**************************************


උඩින්ම අරහෙම එකක් දැම්මේ මේක දැක්ක ගමන් Srilanka BTS Army එකේ අක්කලා නංගිලා ටික මේක කියවන්නෙත් නැතුව මේකට බැනලා අනිවාර්යෙන්ම comment එකක් දානවා කියලා දන්න නිසයි😅


ඇත්තටම මං මේක ලියන්නේ BTS ලට තියෙන තරහක් නිසාවත් කවුරුවත් කියපු නිසාවත් නෙවෙයි. බටස ආමි එකේ උන් වැළලෙන්න හදන ඒවා දැකලා එපා වෙලා තියෙන නිසයි. අද මං හිතුවා ටිකක් ඒ ගැන කතා කරනවා කියලා. මෙහෙම කියන එක වැරදිද දන්නේ නෑ ඒත් ඉතින් හිතට ආපු නිසා මං මෙහෙම එකක් ලියන්න හිතුවා😁


ඇත්තටම ඇයි ලංකාවේ BTS ලට කැමති අක්කලා නංගිලා මෙච්චර මුන්ට මැරෙන්න හදන්නේ? (දැවෙන ප්‍රශ්නයක්) මොකද උන් ඇවිත් ඔයාලව බඳින්නේ නෑනේ සහෝදරියනේ. එතකොට ඇයි මෙයාලා ඒකට BTS Army කියලා නමක් හදාගෙන ඉන්නේ. ඇත්තටම Army කියන එකේ තේරුම හමුදාව නේ. එයාලා තමයි ලංකාවේ නියම සිංහයෝ💪🇱🇰 එතකොට මේ BTS උන් ටිකත් උන්ගේ රසිකයන්ට ඇයි හමුදාව කියලා දාලා තියෙන්නේ? මොකද උන් යුද්ධෙට යන්නේ නෑනේ😂


ලංකාවේ බටස ආමි අක්කලා නංගිලා ඒ විතරක් නෙවෙයි දැන් සමහර බටුඇට මල්ලිලත් බටස ආමි වෙලා😂💔 අඩුගානෙ BTS Band එකේ ඉන්න උන්ටවත් නැති අමාරුවක් තමයි ලංකාවෙ බටස ආමි උන්ට තියෙන්නේ. කොරියාවෙ ඉන්න BTS fans ලා නම් BTS ලගෙ show එකක් බැලුවා ඒ වෙලාවෙ ඒකෙන් පස්සේ ඉවරයි. ඒකට ලංකාවෙ බටස ආමිලා මං හිතන විදිහට ජීවිතේට BTS ලගෙ live show එකක් බලලවත් නැතුව ඇති ඒ වුණාට BTS ලගෙ live show එකක් බලපු උන්ට වඩා ලංකාවෙ උන් තමා මැරෙන්න හදන්නේ.


BTSලගෙ සිංදු ඇහුවට කමක් නෑ ඒවා ලස්සනයි ඒ වුණාට ලංකාවේ උන් මැරෙන්න හදන්නේ උන්ගෙ සිංදු වලට නෙවෙයිනේ. සාමාන්‍යයෙන් BTS Lover කෙනෙක් නම් උන්ගෙ සිංදුවක් ඇහුවා පාඩුවේ පැත්තකට වෙලා හිටියා. ඒ තමයි නියම BTS Lovers ලා. නැතුව මේ Srilankan BTS Armies ලා කියලා වැළලෙන්න හදන උන් ඇත්තටම BTS Lovers ලා නෙවෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. මං දැකලා තියෙනවා ගොඩක් බටස ආමි කට්ටිය BTS Band එකේ උන්ගේ බර්ත්ඩේ වලටත් උන්ට විෂ් කරලා ස්ටේටස් එහෙම පුරෝනවා කොරියාවේ වෙලාවෙන් උන්ගේ බර්ත්ඩේ එක ලබනකොටම. ඒත් ඉතින් මුන් ස්ටේටස් වල උන්ට විෂ් කරලා වැළලෙන්න හැදුවට මට තියෙන ප්‍රශ්නෙ තමයි ඕවා ඉතින් ඒ බර්ත්ඩේ එක තියෙන එකා දකින්නේ නැති එකයි😂🥀 අසරණ අපි වට්ස්ඇප් එකට මැසේජ් එන්නේ නැති වුණත් ඒකට යන්නේ ස්ටේටස් ටික හරි බලන්න කියලා. ඒත් අර වගේ දවසට ස්ටේට්ස් බලන්නවත් නෑ. බලන බලන ස්ටේටස් එකේ තියෙන්නේ අර බර්ත්ඩේ එක තිබ්බ එකාට විෂ් කරලා😒 මං කිව්වේ නැති වුණාට සමහර ලංකාවේ ගොන් බටස ආමිස්ලා එයාලගෙ අම්මලා තාත්තලා මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් අර BTS උන්ගේ විකාර එක එක ඒවා ඕඩර් කරනවා ( BTS නම ගහපු ටීෂර්ට් කියයි.. එහෙම නැත්තන් උන්ගේ අත්සන ගහපු කොළයක් වෙන්න පුළුවන්.. එහෙමත් නැත්තම් උන්ගේ සිංදු තියෙන ඇල්බම්ස් කියයි😕) ඇත්තටම කිව්වොත් අම්මලා තාත්තලා සල්ලි හම්බ කරන්නේ ඔය බටස ආමි දෝණිලට මේවා ගන්න නෙවෙයිනේ😤


Srilankan BTS Armies ලා ගොඩක් අය වට්ස්ඇප් group හදාගෙන ඒවයෙත් වැළලෙන්න හදනවා. BTSලට අකමැති ළමයිනුත් අල්ලගෙන ඒ ළමයින්ගේ ඔළුවලටත් මේ විකාර දාලා ඒ ළමයිනුත් උන්ගෙ රෙද්ද ආමි එකට බඳවගන්න එක තමා මෙයාලගෙ ලොකුම පරමාර්ථය😅 තව කිව්වොත් BTSලගෙ සිංදුවක් Youtube එකට release වෙන දවසක් වුණොත් සමහර ගොන් බටස ආමි අක්කලා නංගිලා එදාට ඉස්කෝලෙ යන්නෙත් නෑ ඉතින් (මෙව්වට ඉතින් මුකුත් කියලත් බෑ නොකියත් බෑ😅)ළඟදි social media වල ගොඩක්ම ගිය news එකක් තමයි BTS Band එකේ එකෙක් බුදුහාමුදුරුවන්ගේ මුහුණ විදිහට හදපු වෙස්මුහුණක් වගේ එකක් දාගෙන ඒකට හිනාවෙවී එක එක විහිළු කරපු එක. ඒකට ගොඩක් ශ්‍රීලංකාවේ බෞද්ධ අය බැනලා තිබ්බා. (ඒක 2016 වුණ එකක් වුණාට ළඟදි ඒක ආයෙත් ටිකක් famous news එකක් වුණා ලංකාවේ) ඒක මමත් බෞද්ධයෙක් විදිහට කොහෙත්ම අනුමත කරන්නේ නෑ. ඒ වෙලාවෙත් බටස ආමි කෙල්ලෝ එක එක ආගම් ඇදලා අරන් ඒ ආගම් වල සංස්කෘතිය කිය කිය උන්ගෙ පැත්ත ගත්තා මං දැක්කා. මං දන්නේ නෑ මේකෙ ඇත්ත නැත්ත මොකක්ද කියලා. ඒත් ලංකාවෙ බටස ආමි කෙල්ලොන්ට තමන්ගෙ ආගමට වඩා BTS උන් ලොකු වෙච්ච එකට නම් පට්ට දුකයි😪😠


" BTS කියන්නේ අපේ තාත්තලා හත්දෙනා"😂

එතකොට බොල බටස ආමි කෙල්ලනේ ගෙදර ඉන්නේ තොපේ තාත්තලා නෙවෙයිද? උඹලැයි ඇත්ත තාත්තලාට එහෙම මේක ඇහුණා නම් වහ ටිකක් බීලා මැරෙයි😒💔



තව නම් කියන්න ඉතින් ගොඩක් දේවල් තියෙනවා මට. ඒත් මං මෙතනින් නවත්තනෝ...........😂
ඔන්න මුලදි කිව්වා වගේ මං BTS Army කෙනෙක්වත් BTS Hater කෙනෙක්වත් නෙවෙයි. උන්ගෙ සිංදුවලට මං ආසයි ඒ වුණාට මේ BTS Army කියලා වැළලෙන්න හදන උන්ට මං කැමති නෑ එච්චරයි.
BTS Band එකේ ඉන්න උන් එහෙම මේවා දැනගත්තොත් උන් හිනාවෙලාම මැරෙයි. හොඳවෙලාවට උන්ට සිංහල තේරෙන්නේ නැත්තේ😂 මං දැක්කා මේ channel එකෙත් ළඟදි vote කරන්න එකක් දාලා තිබ්බා විනී ප්‍රඩක්ෂන් ද? BTS ද? කියලා. ඒකේ වැඩියෙන්ම votes හම්බවෙලා තිබ්බේ විනී ප්‍රඩක්ෂන් එකට.. ඒ vote කරපු අයට රෙස්පෙක්ට් ආහ්🙂👊

අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි BTS Army කියලා වැළලෙන්නේ නැතුව උන්ගේ සිංදුවක් අහලා පැත්තකට වෙලා ඉන්න සහෝදරියනේ🙂🦋


මං යටින් මගෙ නම සඳහන් කරන්නේ නෑ මොකද හෙට මේ channel එකේ ඉන්න BTS Armies ලා ටික මගෙ ඇඩ්‍රස් එක හොයාගෙන ඇවිත් අපේ ගෙදරට මිසයිලයක්වත් ගහයිද දන්නේ නෑනේ😂


යනකොට පල්ලෙහයින් comment එකකුත් කොටාගෙන යන්ටලා. BTS Armies ලාගෙන් බැනුම් අහන්නත් ලෑස්ති පිට ඉන්නේ මං😅 මං comments බලන් ඉන්නේ හොඳේ😂💔
Finally, අපහාසයට නොව උපහාසයට ලියන ලද්දක් බව කරුණාවෙන් සළකන්න😁😂

එහෙනම් අපි ගියා😁🖐

Report Page