Hartsheets

Hartsheets

Samintha bhanura

සිඳුණු පියාපත✍️අවසාන කොටස... නොවිඳි ජීවිතය විඳින්නට වෙර දරනා පියකු සහ දියණියකගේ කතාවක්...

සිඳුණු පියාපත


දුවගේ බෙහෙත් වලට විශාල මුදලක් වැය විය.. දුක් මහන්සියෙන් ගත් මෝටර් රථය විකුණා දැමුවෙමි.

"අප්පච්චි මං ඔයත් එක්ක එන්න ද"

"කොහෙද දුව "

"කොළඹ යන්න "

"මං ආයෙ යන්නෙ නෑ දුව, දුව ලඟින්ම ඉන්නව" මා ඇයගේ හිස අතගාමින් පැවසුවෙමි.

"ඇයි අප්පච්චි අඬන්නේ"

"නෑ දුව මගේ ඇහැට රොඩ්ඩක් ගියා. "

මගෙ මුලාව ඇයට තේරුම් ගැනීමට නොහැකි විය. ඈතින් කුරුලු රංචුවක් සතුටින් කල් ගත කරයි.

"අප්පච්චි අර කුරුලු අම්මයි අප්පච්චියි බබයි හරි සතුටින් ඉන්නව නේද ?"

"ඔව් දුව, දුව වගේ ලස්සන පුංචි බබෙක් එයාලටත් ඉන්නවනේ ඒකයි"

"ඒ කුරුලු පැටියටත් මගෙ අම්මයි අප්පච්චි වගෙ අම්මයි අප්පච්චි කෙනෙක් ඉන්නව කියල මට කිව්වා ..."

ඇය සිනහ විය. මාද සිනහ විය. තිනාශාද සිනහ විය. ඇය මගේ කම්මුලට හාදුවක් දී විගස තිනාශාගේද කම්මුලට හාදුවක් දුන්නාය. අප තිදෙනා සතුටින් කාලය ගත කලෝය. මා හට කොළඹින් බදුල්ලටට්‍රාන්සර් එක ලැබුණි. එහෙයින් මා සෑම විටම ඇය සමග සිටියෙමි. මෙසේ සිව් මසක් පමණ ගත විය. ශනුගේ හිසෙහි එක හිසකෙසක් නැත.

"ඇයි අප්පච්චි මගේ කොණ්ඩෙ නැත්තේ"

"එහෙම තමයි දුව ආය එයි.."

මා ඇයට පැවසීය. තිනාශාද දුක් මුසු මුහුණින් ඇය හා සිටියාය. මාද ශනුද සෝපාවේ වැතිර සිටියමු. ඇය මාගේ උණුසුමට සිටියාය.

"අම්මිත් එන්නකො"

ඇය තිනාශාට පැවසීය. පසුව ඇයත් අප හා එක් විය. මා තිනාශාත් ශනුවත් තුරුල් කරගෙන සිටියේය. තිනාශා කදුළු වැටෙන්න නොදී හොරෙන්ම ඒවා අප දෙදෙනට නොපෙන්වා පිසදා ගනී.

"අප්පච්චි ලඟ හරිම රස්නෙයි නේද අම්මි"

ඇය පවසමින් මා ලඟට තවත් තුරුල් විය.

මෙසේ දින ගනන් ගෙවී ගියේ හාවක් හූවක් නොමැතිවය.

ජීවිතයේ අනියත ස්වභාවය මට හුරුපුරුදු වී ඇති බව මා හට හොද ආකාරවම තේරුම් තිබේ. බදුලු අහසේ හිරු බැස යයි. කඩි රංචු මෙන් නිවෙස් බලා ඇදෙන මිනිසුන් මකුළු දැල් මෙන් විහිදී ඇති මාවත් ඔස්සේ ගමන් කරයි. ඒ යන මගදී එකෙක් දෙන්නෙක් අනුකම්පාවට මෙන් මා හට සිනහ වී යයි. මා හිරු අවරට යන ආකාරය බලමින් සිටී. දහසක් ප්‍රශ්න එකට ගොනු කල පිළිතුරු ලිවිය නොහැකි ප්‍රශ්න පත්‍රයක් දෙවියන් වහන්සේ මා හට ලබා දී ඇත. අතරින් පතරින් දිව යන කුඩා ළමුන් අතරෙ මහ එවුන්ද වුන් සමග හැල්මේ දුවයි. ඒ අතර පරණ තවලම් එකක් දෙකක් කලාතුරකින් මහ වීදීයේ ගමන් ගනියි. තිනාශාටද විවේකයක් නැති තරම් ය. ශනුද කිරිල්ලියක් මෙන් ඉගිලෙන්නට හැදුවත් එවිටත් ඇයගේ රෝගය ඇයගේ පියාපත් සිඳ දමා ඇත. හයිබ්‍රිඩ්, බෙන්ස් අතරේ ගෙම්බ කාරය නම් අපූර්ව වෝස් වැගන් රථයක් මා ඉදිරියේ නැවැත් විය.

"අරවින්ද නේද මේ"

"සාලිය...! දැක්ක කල්..."

"ඔයා දැන් මෙහෙද"

"ඔව්, මම බදුල්ලට ට්‍රාන්සර් එකක් ගත්‍තා"

"යමු ඇතුලට"

"බෑ බං, මම මේ වැඩකට යන ගමන්

පස්සේ දවසක හම්බ වෙන්න බැරි යැයි."

ඔහු මා වෙත සමු දී නික්ම ගියේය. මාද වසර පහකින් හමුවුන මිතුරා ගැන මොහොතක් කල්පනා කලෙමි.

"අරවින්ද .. ශනුට බෙහෙත් පොවන්නකො "

"බොන්න බෑ කියනවනෙ..."

"දුව එන්නකො බෙහෙත් බොන්න"

"අනේ අප්පච්චි තවත්නං බෑ, හරිම තිත්තයි.

"එහෙම කියල බෑනෙ දුව මේ ටික බොන්නකො"

මාගේ බල කිරීම මත ඇය පානය කලාය. ශනු මද වේලාවකට පසු ශනු මාගේ තුරුලේම නිදාගත්තාය. මා ඇයව තුරුල් කරගෙනම සිටියේය.

"තිනාශා"

"ඇයි"

"මට වැඩි කාලයක් දුවත් එක්ක ඉන්න බැරි වුණා, මං මහ පව්කාරයෙක් නේද...?"

"එහෙම කියන්න එපා අරවින්ද,ඔයා එයාට කරන්න පුළුවන් හැමදේම කලානෙ..."

ඇය මගේ හිත සැනසීය. මාද එයින් හිත සකසා ගත්තෙමි. "තිනාශා"

"හ්ම්"

"ඔයාට මතකද අපි දෙන්න ඉස්කොලෙ යන කාලෙ"

"මතකයි"

"ඒ කාලෙ වගේ මේ කාලෙත් ලස්සන වෙනව නම් නේද"

"ඔයා ඕව ගැන එච්චර හිතන්න එපා, අපේ දෛවයේ ලියවිලා තියෙන දේවල් වෙන්න ඇති."

ඇයගෙන් පලා යාමට සිදු වූයේ විලාප නගන තවත් ගැහැණියක් මා හට දැක ගැනීමට අනවශ්‍ය වූ හෙයිනි.ජීවිතය මෙතරම් බියකින් කල් ගත කල අවස්ථාවක් තවත් නැතිය . ශනු පාසල් ගවුම හැද මා සමග රතඟිලි පටලවා පාසල් යනවා සිහිනයෙන් පවා පෙනේ. කෙසේ වෙතත් දියණිය ගැන මිස වෙන දෙයක් පිළිබඳව සිතීමට මට අවැසි වූයේ නැත. තිනාශාගේ කඳුළු මැද මා රහසින් හැඬීය. මා හඬන තරම් කිසිවෙකුත් නොදනී. අනියත ලොවක ජීවිතය වැනි සරල දෙයක්වත් රැක දීමට දෙවියන් වහන්සේ එතරම් උනන්දුවක් නොදක්වන හැඬයි.

"තිනාශා, දුවත් එක්කගෙන චිල්ඩ්රන් පාර්ක් යමුද"

මා ඇයට පැවැසීය. ඇය ශනුගෙන් එය ඇසීය.

"දුව චිල්ඩ්රන් පාර්ක් යමු"

"අද බෑ අම්මි මට මහන්සි"

"හා, දුව අපි වෙන දවසක යමු"

තිනාශා ශනුගේ වදන් සියල්ල මා හට පැවසීය.

"දුව මහන්සිද, අපි ටිකක් නිදාගමු...?"

මා ඇයට පැවසුවෙමි. පසුව ශනුත් සමග මම නින්දට ගියෙමි. ඇයගේ මුවඟ දකින විට මා හට දරාගත නොහැකි වේදනාවක් පැමිණෙයි. කෙසේ වුවත් ශනු තිනාශා වාගේම පියකරුය. ඇය හුරතල්ය. හදවත පැලී යන දුකක් මේ ලොව තුල මා පසුපසින්ම පැමිණෙමින් පහර දෙයි. ශනුට නින්ද ගොසින්ය. මා තිනාශා සමග අල්ලාප සල්ලාපයෙ යෙදෙමින් කාලය ගත කලෙමි. තිනාශා මා හට තුරුල් වී ඇය මා වෙත ඇති සෙනෙහස පිදීය.

දුරකථනය නාද විය.

"හැලෝ සර්"

"ධනුක දැන් කොහෙද ඉන්නෙ"

"ගෙදර සර්"

"ඉක්මනට ඇවිත් මාව හම්බ වෙන්න"

"ඔකේ සර්"

ඔහුගේ හඩනම් එතරම් සුබදායක හැඩක් නොවීය.

"තිනාශා මම බැංකුවට ගිහින් එන්නම්"

"බත් කාලා යන්න"

"ඇවිත් කන්නම්"

රාජකාරි සදහා පිටවෙන ඇඳුමින්ම සැරසී මා පිටව ගියෙමි. මකුළු දැල් මෙන් වීදී දිගේ ඇදෙන සෙනග මැද මා අතරමං වූවෙකු සේ ගමන් කරයි, ඒ අතර ගොඩනැගිල්ලක් සතුටින් මා දෙස බලා සිටින්නේ ඔවුන් අතින් පරාජය වූ තවත් අයකු දකින්නා ලෙසිනි.

-"අරවින්ද මහත්තයා, සර්ට නං තරහ ගිහිල්ලා ඉන්නෙ" කාර්යාලය තුලින් පිටවෙන ලිපිකරුවෙකු පැවසීය. එයින් මා හද තුල වූ භිය දෙගුණ තෙගුණ විය. මා දොර විවෘත කලෙමි.

"ධනුක මොනවද මේ ෆයිල්ස් වලට කරලා තියෙන්නේ"

ඔහු මා ගිය විගස මා වෙතට පැනගෙන ආවේය.

"ඇයි සර්"

"ඇයි සර් තමයි , මේවා කෝටි ගානක් වටින ෆයිල්, මේවා කොහොමද මම කොළඹ යවන්නෙ"

ඔහු ෆයිල් සියල්ලම විසි කලේය. මා හට කල හැක්කක් නොවීය. ඔහුගේ සිංහ නාදය අසල මම තවත් එක් කුහුඹුවෙකු පමණ බව වැටහිණි.

" දැන් යනවා ගිහිල්ලා ඔක්කොම ෆයිල් ආයෙත් හදනවා"

"සර් මං ජොබ් එකෙන් අයින් වෙනවා , මගෙ දුවගෙ තත්වෙත් එක්ක මට මේක තවත් කරන්න බෑ"

මං පිටව ගොස් අස්වීමේ ලිපිය සුළු සේවකයෙක් ලවා ඔහුට ලබා දුන්නෙමි. මා නැවතත් බදුලු වීදී දිගේ ගොස් ත්‍රී රෝද රථයකට ගොඩ වැදී නිවස වෙත ගියෙමි. එවිට තිනාශාද ශනුදදොරකඩට වී බලාන - "දුව බත් කෑවද"

"ඔව් අප්පච්චි"

"මොකක් හරි ප්‍රශ්නයක් වුණාද, ඔයාගෙ මූණ හරි නැත්තේ" තිනාශා මාගෙන් ඇසීය.

"මම රස්සාවෙන් අස් වුණා."

මා ඇයට එය පැවසුවෙමි. ඇය අස්වුනෙ ඇයි කියලවත් මගෙන් නොඇසුවාය. නමුත් පසු කලෙක එය අසන බව මම දැන සිටියෙමි.

"බත් කන්න" ඇය පිඟාන මා හට දී පැවසීය. මා එය අවසන් කල පසු ගොස් නිදා ගන්නෙමි. තිනාශා ශනුට කථා කියල දෙන බව මට ඇසෙයි.

ඇය සිනහ විය. මාද අපූර්ව සිහින රාශියකට කොටුවී කල්පනාවෙන්ම සිටියෙමි. මෙසේ කාලය විදුලි දුම්රියක් සේ ගත විය. මා හට පෞද්ගලික බැංකුවක සේවයට ඇරයුම ලැබිණි. එදා මා වැඩට යන විට ශනු අවදි වී සිටී, " ශනු... ඇහැරලා ද ඉන්නෙ"

"ඔව්"

"මගෙ චූටි කුමාරිට එද්දී මොනවාද ගේන්න ඕනි"

"මොකුත් එපා අප්පච්චි "

ඩොක්ටර් කියපු එක දෙයක්වත් වසරක් ගොස් තිබුනත් සැබෑ වී නැත . මා දැන් එය අමතක කර ඇත. දියණියනියට එහෙම රොගයක් නැතිව ඇති මට දැන් සිතේ.

" මං යන්නම් දුව" මා ඇයට හාදුවක් දුන්නෙමි.

ඇය ඇඳෙන් නැඟිට විත් මට වැන්දාය.

"බුදු සරණයි දුව"

මා ඇයගේ හිස අතගෑවෙමි. දින චක්‍රය වේගයෙන් ගමන් කලේය. දැන් ශනුගේ හිසකෙස් වැඩී - ඇයගේ බෙහෙත් නවතා දෙමසකි.

"තිනාශා...! දුවට මොන්ටිසෝරියක් බලන්න ඕනි නේද"

"ඒක තමයි නේද"

මා එදා රාජකාරියට ගියේ මොන්ටිසෝරියට වූ ඉල්ලුම් පත්‍රයද රැගෙනමය. එයින් ඇයව භාර ගැනීමට එකඟ විය. මා පොත් පැන්සල් සියලුම දේ රැගෙන ගියෙමි. මොන්ටිසෝරියෙන් එහි වූ නිල ඇඳුම් හතරක් ද මිලට ගත්තෙමි.

"දුවට මොන්ටිසෝරි යන්න මේවා ගෙනාවේ"

"අප්පච්චි ඒක මොන වගේ ද"

"දුව වගේම ලස්සන චූටි බබාලා ඉන්න තැනක් අකුරු ලියන්න ආසයිනෙ දුව"

කෙමෙන් මොන්ටිසෝරි ආරම්භ වන දිනය ලඟා විය.

"අප්පච්චිට පෙන්නලා එන්න" තිනාශා ශනුට පැවසුවාය. ඇය විගස මා ඉදිරියට පැමිණියාය. " අප්පච්චි මේ ලස්සනද"

"හරිම ලස්සනයි චූටි කුමාරියක් වගේනෙ මගෙ දුව" ඇය ඉතාම රූමත්ය. තිනාශා සහ මම ඇය ගැන - බලාපොරොත්තු තැබුවෝය. තිනාශාගේ පවුලේ අයද, මගෙ පවුලේ අයද, මිතුරන්ද නිවසට පැමිණ-- පිටව ගියහ.

"අරවින්ද ... අරවින්ද " තිනාශා බෙරිහන් දෙනවා ඇසී මා විගස දිව ගියෙමි.

"ඇයි මොකද"

එවිට ද ශනුගේ මුවින් ලේ ගලා යයි. එය විශාලය. බලා සිටීමට පවා අපහසුය.

"ඉක්මනට වීල් එකකට කථා කරන්න " මා ඇය වෙත පැවසීය. ඇය වේගයෙන් දිව ගියාය.

" අප්පච්චි උගුර හරියට රිදෙනවා"

මා ඇයව තුරුල් කර ගත්තෙමි.

"අප්පච්චි ලඟ හරිම රස්නෙයි"

"මං ඉන්නවනෙ දුව ලඟ.... බය වෙන්න එපා"

"අම්මි කෝ"

"අම්මි වීල් එකකට කථා කරන්න ගියා. අපි ඉක්මනට ඩොක්ටර් අන්කල් කෙනෙක් ලඟට යමු"

"හා.. අප්පච්චි"

ඇයගේ දුර්වල කටහඬ මාව ඉතාමත් භියකට පත් කෙරීය.

"අම්මි ලඟට වඩා අප්පච්චි ලඟ හරිම රස්නෙයි අප්පච්චි..."

ඇය මා වෙත තුරුල් වී සිටියාය.

"අප්පච්චි අද මම මොන්ටිසෝරි යන්නේ නැද්ද"

"ඩොක්ටර් අන්කල් කෙනෙක් ලඟට ගිහිල්ලා යමු දුව"

"හා අප්පච්චි" ඇය නිහඬ විය.

"ශනු දුව දුව ශනු කථා කරන්න දුව" මගෙ විලාපය ගම පුරා ම පැතිරෙන්නට ඇති.

⏺️⏺️⏺️⏺️⏺️⏺️⏺️⏺️⏺️⏺️⏺️⏺️⏺️⏺️


සමින්ත භානුර ✍️

#hartsheets sri lanka

www.hartsheets2021@gmail.com


ස්තුතියි...

Report Page