Bitcoin 💰

Bitcoin 💰

Movin vinusandha



ඩිජිටල් මුදල් (digital money/emoney), නැතහොත් ක්‍රිප්ටොකරන්සි (cryptocurrency) වර්ග අතර වර්තමානයේ ඉතා ප්‍රචලිතව තිබෙන බිට්කොයින් (Bitcoin), සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයකි.


මෙම මුදල් ඒකකය සම්පූර්ණයෙන්ම සංසරණය වන්නේ අන්තර්ජාලය තුළය. මෙය රුපියල්, ඩොලර්, පවුම්, යුරෝ වැනි තවත් මුදල් ඒකකයක් වුව ද Bitcoin වල හැසිරීම පාලනය කිරීමට බැංකුවක්, පුද්ගලයෙක් හෝ ආයතනයක් නැත.


එය, දිනෙන් දින වැඩිවන මුදල් අවශ්‍යතා පාලනය කිරීම පිණිස නිර්මාණය කර ගන්නා ලද මුදල් ඒකකයකි. Bitcoin එයටම අනන්‍ය වූ ජාලයක් තුළ සැරිසරන අතර, මෙම මුදල් වර්ගය පරිහරණය කරනු ලබන්නේ එම ජාලයේ පරිශීලකයන් විසිනි.


bitcoin

ඡායාරූප මූලාශ්‍රය,REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය,

මෙම මුදල් ඒකකය සම්පූර්ණයෙන්ම සංසරණය වන්නේ අන්තර්ජාලය තුළය


ආරම්භ කළේ කවුද?

Bitcoin පිළිබඳව ප්‍රථම යෝජනාව ඉදිරිපත් කළ සතොෂි නකමොටෝ (Satoshi Nakamoto) නම් මෘදුකාංග ඉංජිනේරුවරයා, මෙය අන්තර්ජාලයෙන් ගනුදෙනු කළ හැකි මුදල් ඒකකයක් ලෙස 2009 වර්ෂයේදී හඳුන්වා දුන්නේය.


පාලනාධිකාරියකට යටත් නොවී මුදල් භාවිත කිරීම මෙහි මූලික අරමුණ විය. ඒ පිළිබඳව උනන්දුව දක්වන ලොව පරිගණක විද්‍යාඥයන් සහ තොරතුරු ආරක්ෂණ විශේෂඥයන් මෙය ක්‍රියාත්මක වන Bitcoin source code ජාලය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසු වන බව වාර්තා වේ.


මෙය ව්‍යාපාරික ලෝකයේ නවතම ආයෝජන රැල්ල ලෙස ද හඳුන්වා දිය හැකිය.


Bitcoin මෘදුකාංග පිටපත් කළ නොහැකිද?

ලෝකයේ අවධානය දිනා ගත් මේ ඩිජිටල් මුදල් වර්ගය ඉතා සංකීර්ණ මෘදුකාංගයක් වීම හේතුවෙන් එය පිටපත් කිරීම සහ ව්‍යාජ ලෙස නිපදවීම කළ නොහැකි බව විශේෂඥයන්ගේ මතය වී තිබිණ.


එහෙත් පසුගිය සතියේ ස්ලෝවේනියානු Bitcoin ජාලයකට අනවසරයෙන් ඇතුළු වූ හැකරුන් Bitcoin 4,700 ක් සොරා ගෙන ඇති අතර එහි වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 80 ක් පමණ වන බවට වාර්තා වේ. මෙම මහා සොරකම මගින් Bitcoin වල වටිනාකම පහළ වැටිය හැකි බවට අනාවැකි පළ වුවත්, ඉන් අනතුරුවත් දිනෙන් දින එහි අගය ඉහළ යාම පිළිබඳව ලොව ආර්ථික විශේෂඥයෝ විශ්මය පළ කරති.


bitcoin

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,

Bitcoin ජාලයකින් ඩොලර් මිලියන 80 ක් පමණ වටිනා Bitcoin සොරාගෙන තිබේ


ගබඩා කරන්නේ කෙසේද?

එදිනෙදා සිදු කෙරෙන මූල්‍යමය ගනුදෙනු පිණිස අවශ්‍ය මුදල් අප බොහෝ විට රඳවා තබා ගන්නේ පසුම්බියකය. එම සරළ අදහස ඩිජිටල්කරණය වී, මෘදුකාංගයකින් නිර්මාණය කළ පසුම්බියක Bitcoin රඳවා තබා ගත හැකිය.


මෙය Bitcoin Wallet ලෙස හඳුන්වනු ලැබේ. එය 'ඇප්' (App) එකක් වන අතර එම Bitcoin Wallet සේවාවන් ලබා දෙන ආයතන සහ සංවිධාන මේ වන විට ලෝකය පුරා විශාල ප්‍රමාණයක් ආරම්භ කර තිබේ.


ඒ අතරින් සිය ආයෝජන සඳහා විශ්වසනීය ආයතනයක් තෝරා ගැනීම පාරිභෝගිකයා සතු වගකීමකි. කිසිවෙකු Bitcoin වලින් ගනුදෙනු කිරීම ආරම්භ කළ පසු ඒ සියලු ගනුදෙනු පිළිබඳ විස්තරාත්මක සටහන් මෙම Bitcoin Wallet හි සඳහන් වේ.


bitcoin

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,

දුරකථනයකින් පෙනෙන Bitcoin Wallet එකක්


Bitcoin මිලදී ගන්නේ කෙසේ ද?

ක්‍රෙඩිට් කාඩ් පත භාවිත කරමින් Bitcoin මිලදී ගත හැකි වුවත්, මේ වන තුරු ශ්‍රී ලංකාවට එම පහසුකම ලබා දී නැත. මේ හේතුවෙන් ශ්‍රී ලාංකික ආයෝජකයෙකුට දැනට Bitcoin මිලදී ගත හැකි වන්නේ ඒවා හුවමාරු කරන (Exchange) ආයතනයක් හෝ සංවිධානයක් හරහා පමණි.


ඩිජිටල් මුදල් වලට ඇති ඉතා ඉහළ ඉල්ලුම හේතුවෙන් පැය ගණනක් ඇතුළත Bitcoin වල වටිනාකම ඉහළ ගිය අවස්ථා දැකිය හැකි විය. වරක් Bitcoin එකක මිල ඇමරිකානු ඩොලර් 18,000 ක් ලෙස වාර්තා වුවත් පසුව එම අගය නැවත ඇමරිකානු ඩොලර් 13,963 දක්වා පහත වැටී ඇති බව දකින්නට ලැබිණ.


Bitcoin ඒකකයක් සෑදී ඇත්තේ කුඩා කොටස් 100,000,000 කිනි. මෙය සත හෝ පැන්සවල එකතුවකින් ඉහළ අගයක් ඇති මුදලක් සෑදෙනවා හා සමානය.


මේ හේතුවෙන් Bitcoin ඉතා කුඩා ප්‍රමාණයක් පවා මිලදී ගැනීමේ හැකියාව ද තිබේ. කිසිවෙකුට මිලදී ගත හැකි කුඩාම Bitcoin ප්‍රමාණය 0.00000001 ක් වන අතර මෙම කුඩාම ඒකකය හඳුන්වනු ලබන්නේ Satoshi යන නමිනි.


bitcoin

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,

Bitcoin එකක් සෑදී ඇත්තේ කුඩා කොටස් 100,000,000 කිනි


එදිනෙදා ගනුදෙනු කළ හැකි ද?

තමන් මිලදී ගන්නා භාණ්ඩ හෝ සේවාවන්ට Bitcoin වලින් ගෙවීම් කළ හැකි ආයතන, අවන්හල් සහ වෙබ් අඩවි ගණනාවක් තිබෙන අතර දුරකථනය හෝ පරිගණකය භාවිත කර ගිණුම් අතර මුදල් මාරු කර (transfer) ඒ සඳහා ගෙවීම් කළ හැකිය.


bitcoin

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ඡායාරූප ශීර්ෂ වැකිය,

Bitcoin වලින් ගෙවීම් කළ හැකි ආයතන, අවන්හල් සහ වෙබ් අඩවි ගණනාවක් තිබේ


Bitcoin වල විශේෂ ලක්ෂණ

•ඉතා සංකීර්ණ ඩිජිටල් තාක්ෂණික ක්‍රියාවලියක් වන Bitcoin mining හරහා Bitcoin නිර්මාණය කරන ආයතන හෝ පුද්ගලයන් හඳුන්වන්නේ Bitcoin miners යන නමිනි. Bitcoin source code හරහා පනවා ඇති සීමාවන්ට අනුව ලෝකයේ සංසරණය විය යුත්තේ මිලියන 21ක Bitcoin ප්‍රමාණයක් පමණය.


•Bitcoin කිසිම පුද්ගලයෙකුට, බැංකුවකට, ආයතනයකට හෝ සංවිධානයකට අයත් නොමැති වීම මෙහි ඇති විශේෂත්වයය.


•Bitcoin හි ප්‍රධාන ලෙජරය Block Chain නමින් හඳුන්වනු ලබන අතර එම ජාලය ඇතුළත සිදුවන සියලු ගනුදෙනු මෙම ලෙජරයේ ස්වයංක්‍රීයව සටහන් වේ. මේ හේතුවෙන් ලෝකයේ නන් දෙස සිදුවන Bitcoin ගනුදෙනු එහි සිටින සියලු ආයෝජකයන්ට 100% ක්ම විවෘතව දැක ගත හැකිය. නමුත් Block Chain ලෙජරයේ තිබෙන ගිණුම් හිමියන්ගේ විස්තර කිසිදු ආකාරයකින් හෙළිදරවු නොවේ. අන්වර්ථ නාමයක් යටතේ වුවද Bitcoin ගිණුමක් පවත්වාගෙන යා හැකිය. මෙම ජාලය Bitcoin ගිණුම් හිමියන් හඳුනාගන්නේ එම මෘදුකාංගයට අනන්‍ය වූ විශේෂ ක්‍රමවේදයක් හරහාය.


•කිසිම මූල්‍ය ආයතනයක හෝ බැංකුවක සහාය නොමැතිව ලෝකයේ ඕනෑම රටකට ඕනෑම මුදල් ප්‍රමාණයක් සැණින් යැවීමේ හැකියාව Bitcoin වල තවත් සුවිශේෂි ලක්ෂණයකි. රටකින් රටකට මුදල් ගෙන්වා ගැනීමේදී හෝ මාරු කිරීමේදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රම සහ නීති රීති Bitcoin ගනුදෙනු වලට අදාළ නොවේ. මේ හේතුවෙන් Bitcoin වලින් ගනුදෙනු කිරීමේදී කිසිවෙකුට සේවා ගාස්තු හෝ අතිරේක ගෙවීමක් සිදු කළ යුතු නොවේ.


•මේ ආකාරයෙන් Bitcoin වලින් සිදුවන ගනුදෙනුවක් ආපසු හැරවීමක් නැතහොත් නැවත ඉල්ලා ගැනීමක් කළ නොහැකිය. වැරදි Bitcoin ප්‍රමාණයක් යම් අයකුට ලබා දුන්නේ නම් එම පුද්ගලයා සිය කැමැත්තෙන් නැවත එය ලබා දීමක දී හැර, අන් අවස්ථාවක දී පාඩුව දරා ගැනීමට සිදු වේ.


bitcoin

Report Page