BEAUTY💎

BEAUTY💎

දිල්මි කාව්‍යා
තවත් ආදර කතාවක් 💘

ඉස්සසල්ලම කමෙන්ට් කරපු හැමෝටම ටැම්කුයි.

දැන් මෙතන ඔයාලට දෙබස් ටැපලෙයි ඒ හිනදා මේ ටික බලන්න .

💚.නෙහා

💛.ශෙහා

💙.රුද්‍ර

💗.ඔශාද්

💖.රවීන්

💟.සවිරු


කට්ටිය රෙඩිනම් යමු ..................................................

👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

අටවන දිගහැරුම ............



"නැගිටපං ශෙහා"

"අම්මෝ ගල් ඉබ්බි දැම්ම නැගිටලා"

"වෙලාව හයයි"

"අඩේ යමන් ලෑස්ති වෙන්න එහෙනම් "

"මම වොශ් එකක් දාගත්තා .උබත් දාගෙන වරෙන් ඉක්මනට "

දඩි බිඩි ගාලා ලෑස්ති වෙලා අපි දෙන්නා ගේට් එක ලඟට වෙලා හිටියා.

"පීප් පීප් ලමායී නගින්න"රවීන් අයියා තාලෙට කිව්වා.

"එනවෝ"

කලු පාට සුපිරි කැබ් එකක ඇවිල්ලා තිබ්බේ අපි දෙන්නත් නැග්ගා.

"අම්මෝ කෙල්ලො දෙන්නව පරිස්සම් කරන්න වෙයි වගේ"

"ඇයි😶"

"ලස්සන"

"අම්මෝ මගේ සුදු සවී අයියා ඔයා විතරයි මම ලස්සනයි කිව්වේ "

"ඒම තමා ඉතිම් ඔය සවියා ඉපදිලා ඉන්නෙ කෙල්ලොන්ගෙ හැඩ බලන්න "

"අම්මෝ අම්මෝ රවී අයියෙ ඊරිසියා කරන්න එපා නේද සවී අයියා"

"හරි හරි සිංදුවක් කිව්වනං"

"ඔන්න මම කියනවා"

"අම්මෝ චුට්ටක් හිටපං නෙහා මම හෙඩ්සෙට් එක දාගන්නකං"

"ඇයි"

"ටකරමකට ගල් ගහනවා හොදා මීට වැඩිය"

'හාරි හාරි මම කියන්නෙ නෑ"

ටික වෙලාවකට පස්සේ රුද්‍ර වාහනේ නවත්තලා බහින්න කිව්වා.

💚."කොහෙද මේ........ආ...මතකයි නම්සන් ටවර් එක..කතා වලින් දැකලා තියේ.....අර අනන්තෙන් රුං ගාලා ආව තරුකුමරා එකේ"

💙."තමුසෙ කොච්චර කතා බලලා තියේද කොරියාවේ"

💛."අම්මෝ රුද්‍ර අයියේ ඔය නෑම්බිගේ ලැප් එකෙන් යූ ටියුබ් ඔන් කරපුවහම එන්නෙ ඒවා විතරයි "

💟."අඩේ එහෙනම් ඒවා විතරයි බලන්නෙ"

💚."යෑස්"

💙."අපූ හැටි විතරක් කටේ.යමුද දැන් වත්"


හම්මෝ පට්ට ලස්සනයි එතන.ආය කියලා නිම කරන්න පාර දෙපැත්තේ මල් වවලා තියනවා.ඒවා දිගේ ගිහිල්ලා ඇතුලට ගියා.

💙."මේ ඒක නෙවෙයි දැන් මෙතනට ඇවිල්ලා කාත් එක්කද ලව් ලොක් එකක් දාන්නේ"

💗."එකා එක ගානේ දාමු"

හැම තැනම ලව් ලොකර් තියනවා.ලොකු ඒවා ,පොඩි ඒවා ,එක එක හැඩ ඒවා

💚."වාව් මේක ලස්සනයි "

💙."කෝකද"

💚."මේ තියෙන්නෙ මේක මේක අනේ"

💙."ආහ් මේක.......... කෝ ඉන්න මම ගන්න ඕක"

මම පෙන්නපු ලොක් එක රුද්‍ර අරන් දුන්නා.ඒක සෝස පාට එකක්.

⁣ලොක් එක පිටිපස්සෙන් මගේ නම ලිව්වා.කොල්ලෙක් නෑනේ ඉතිම්.

එල්ලලන්න තමා ඉඩ නැත්තෙ.

💚."මේක එල්ලන්න බෑනේ"

💙."කෝ දෙන්න....කට විතරයි "

මම මොනවද ලියලා තියෙන්නෙ කියලා බලලා මගේ අතත් අල්ලගෙන රුද්‍ර ලොක් එක එල්ලුවා

💙."මොකද මූන දිහා බලන් ඉන්නෙ"

💚."නෑ......ඔන්න ලොක් එක වැටුනා ඔයාගේ.......ඉන්න අරන් දෙන්න"

💙."ඒයි අල්ලන්න එපා ...".

💚."එච්චර වටින නමක්ද ලියලා තියෙන්නේ ...........ඉන්නවා මම බලන්න "

මම ලොක් එක ගන්න යද්දි රුද්‍ර ගත්තා.

💚."ආව් ඔලුව"

💙."😛"

💚."මොකද දිව දාන්නෙ.පෙන්නන්ඩ ඕක .........කෝ........ආ......ඔය ඔය හරි චුට්ටක් දැක්කා.......පෙන්නනවා "

මම රුද්‍රගෙ කරේ එල්ලුනා

💖."බැහැපන් කෙල්ලෙ බිමට ඔය කොල්ලගෙ බෙල්ල කඩන්නෙ නැතුව ''

💚."අනෙ රවී අයියා පෙන්නන්ඩ කියන්න කෝ"

💙."දැන් හරි එල්ලුවා "

මම රුද්‍රට ඔරවලා එතනින් ගිහින් ශෙහා ලගට ගියා.

💗."දැන් යමල්ලා ඇතුලට "

💟"හිටපං මම ටිකට් අරගෙන එන්න'

සවී අයියා ටිකට් ගන්න ගිය අතරේ මම මාඑු වුනා එතනින් .වෙන කොහෙට්ටවත් රුද්‍රගෙ ලොක් එක බලන්න.ලොක් එකට අත තිබ්බා විතරයි කවිද මාව කකුල් දෙකෙන් උස්සගෙන කරෙන් තියාගත්තා .

💙."මෝඩි හිතන්න එපා මගෙ ලොක් එක බලන්න"

💚."අනේ බිමින් තියනවා.මාව ලැජ්ජා කරන්න එපා අනේ "

💙."ඇතතද යමන් මෙහෙම".

💟."අඩේ කෙල්ල බිමින් තියපං"

💙."මේකි ගිහින් ලොක් බලන්න"

💖."යමල්ලා ඇතුලට ''

ලිෆ්ට් එකක් දිගෙ උඩට ගිහින්.කේබල් එකකින් තමා ටවර් එකට ගියේ.

වාව්.ඇතුලෙ හැමතැනම ටොපි චොකලට් ලොලිපොප් එක එක කෑම පිරිලා.

💙."ඇස් දෙක එලියට පනී"

💚."මරු නේ"

💙."ආ මේක කනවා"

💚."වාව් .ලංකාවේ ලොලිපොප් වගේ හය හත් ගුනයක් ලොකුයි නෙ මේක"

💙."ඒම තමා"

💚."කොහොමද දන්නේ මම මේවට ආසයි කියලා"

💙" එදා බෑග් එකේ ත්බ්බ ලොලිපොප් දැකලා මම බය වුනා"

💚.'හී......සසයි"

ටික වෙලාවක් නම්සන් වල හිටියා.නම්සන් ටවර් එක තමා දකුණු කොරියාවේ පෙම්වතුන්ගගෙ පාරාදීසය.අදරය කරන අය එතනට ඇවිත් ලොක් එකක් දාලා යනවා ආදරේ හැමදාම එක වගේ තියෙන්න කියලා.ඒ ආදරේ නැවත්නොත් ඕන්නං ලොක එක රිමූ කරන්න පුලුවන් .ඒත ඉතින් හොයන්න තමා බැරි

අපි ආයෙත් වාහනේට ගියා.

💛."දැන් කොහෙද යන්නෙ"

💗."කොහෙද යන්න ඕන

💛."මම දන්නෙ නෑනෙ"

💗."හන් ගග බලන්න යමු.ගිහිල්ලා එතනිං කමු උදේට ...බඩගිනිත් ඇතිනේ"

💚."ඇති නෙවේ මෙන්න බඩේ පනුවෝ ඩාන්සින් ක්ලාස් එකක් දාගෙන "

💖"මාර බඩක් ඒක"

💚."මාර කියන්නෙ වෙනදාට මේ වෙනකෝ වේල් දෙකක් තුනක් කාලා."

💟."මොකක් අපි උදේට කාලාත් නෑ"

💚."හී"

ටික වෙලාවකිං හන් ගගට ආවා.ලස්සනයි එතනත්.හණ ගග කිව්වට ඒකෙ නම හන්ගන් තමා .දකුණු කොරියාවේ තියන හතරවෙනියට විශාල ප්‍රධාන ගඟ.ගඟ කිලොමීටර 496ක් වෙනවා.වර්ග කිලෝමීටර් 35770ක් ගංගාවට අයිතියි.ගංගාව ඒ ප්‍රමානයට පැතිරිලා තියනවා.

💙."බලලා ඉවරනම් යමුද බෝට්ටු පදින්න "

💚."අමේමේ බෑ..බයයි"

💙."යමු මම ඉන්නවානේ අනික අර තව කට්ටිය පදින්නෙ"

💚."හා එහෙනං යමු "

💖."නෙහාරා නංගි යමුද බෝට්ටු පදින්න "

අඩේ දන් මොකද කරන්නේ..........රුද්‍ර තරහවෙනවා රවී අයියා එක්ක ගියත්.......රවී අයියා තරහ වෙනවා රුද්‍ර එක්ක ගියොත් .............ශිට්......දැන් මොකද කරන්නේ

රුද්‍ර එකසිය ගානට ඔරවගෙනම බලන් ඉන්නවා.රවී අයියා මාව එක්ක යන්න බලං ඉන්නවා.

💖."එනවා යන්න "

රවී අයියා මාව ඇදගෙන ගියා .රුද්‍ර හොදට පුපුරනවා.මට අන්තිමට රවී අයියා එක්ක තමා පදින්න වුනේ

රුද්‍ර ටික වෙලාවක් බලන් හිටියා .ශෙහාවත් බලෙන්ම ඔශාද් අයියා ඇදගෙන ගියා .සවිරු අයියා ලොකු තාරාවෙක් වගේ එකකට නැගලා තනියම ගියා.

රුද්‍ර වාහනේට නැගලා ශර්ට් එක අයින් කරලා ශෝටක් ඇදගෙන ඇවිල්ලා වෝටර් ස්කූටි එකක් ගත්තා.

💚."අර බලන්න "

💖."උට පුලුවන් ඕක පදින්න "

රුද්‍ර ස්කූටි එක අරගෙන හයියෙන් ඈතට ගියා.

💚."වැටුනොත්,"

💖.'නෑ"

💚."ශුවර්"

💖."ඇයි බයද වැටෙයි කියලා"

ඒ පාර රවී අයියගේ මූන වෙනස් වුනා.

💚."නෑ .නිකං කිව්වේ...ඒක නෙවෙයි මගේ කකුල් දෙක රිදෙනවා .

රිදෙන්නෙ නැතැයි බයිසිකල් පදිනවා වගේ බෝට්ටුව පාගන්න එපැයි යන්නනම්

ටික වෙලාවක් බෝට්ටුව පැදලා අපි ගොඩට ආවා.ශෙහායි ඔශාද් අයියායි කට්ටිය තාව ගඟේ.

අපි ⁣දෙන්නා ගිහින් ළඟ තිබුණු බෙන්ච් එකක වාඩි වුනා.මම ගඟ දිහා බලන් හිටියා . රුද්‍ර පේන්නවත් නෑ තව.

💖." රුද්‍රවද බැලුවේ "

💚."නෑ .ලස්සන බැලුවේ "

💖."එහෙනම් කමක් නෑ "

💚."ඇයි "

💖."නිකම් ....ආන් අර තුන් දෙනා එනවා"

ඔශාද් අයියයි ,ශෙහායි ,සවී අයියයි ආවා.

💛."කමුකෝ්...බඩගිනි "

💗."යමු මටත බඩගිනි දහයයි වෙලාව"

💟."කෝ රුද්‍ර "

💚."තාම ආවේ නෑ"

💖."අර එන්නෙ"

රුද්‍ර ටවල් එකකින් ඔලුවත් පිහ දාන ගමන් වාහනේට ගියා.අම්මෝ මම දැක්කේ කොරියාන් බෝයි කෙනෙක් කියලා.හද සැලුනා ලබ් ඩබ් ලබ් ඩබ් ගාලා.

රුද්‍ර ඇදුමක් දාගෙන ආවා.

💟."දැන් වත් යමං කන්න"

ගඟ ළඟ තිබුන හොටෙල් එකට ගියා කන්න.

💗."මොනවද කන්නෙ "

💟."මොනාහරි ගෙනෙන්"

⁣⁣රාමෙයොනුයි,බීම ටින් වගේකුයි ගෙනාව.

💚."මට සයිඩා එක දෙන්ඩෝ😎'

💗."ආ ඔන්න"

රුද්‍ර වචනයක් කතා කරේ නෑ. බුම්මාගෙන හිටියා.

කාලා බීලා ආයෙත් වාහනේට නැග්ගට පස්සේ ගිහින් නතර කරේ පන්සලක් ලඟ

⁣හෙයින්සා ටෙම්පල්.හෙයින්සා පන්සල ලොකේ තියන පැරනිම ත්රිපිටක තියන කොරියානු පන්සල

මල් ,පහන් ,හදුන්කූරූ අරගෙන අපි ඇතුලට ගියා.

💛."හදුන්කූර තව ටිකක උස ගියානම් මං තරං උසයි"

💚."ඒක ඇත්ත"

💖."උස මනින්නෙ නැතුව යමුද "

රවී අයියා අපිව එක්කරගෙන ගියා.

මම හදුන්කූරයි ,පහනයි පත්තු කරද්දි රුද්‍ර ඇවිල්ලා මට එහාපැත්තෙ හිටගෙන මල් පූජා කරා.

පහන පත්තු කරද්දි නිවෙන්නයි ගියේ

💙."හරි දැන් පත්තු කරන්න"

රුද්‍ර අත් දෙකෙන් පහනෙ දැල්ල කවර් කරගත්තා.

💚."තරහද මාත් එක්ක"

💙."🙍"

💚."මොකද බලන් ඉන්නෙ කියන්නකෝ"

⁣මොකුත් නොකියා රුද්‍ර ගියා එතනිං.මමත් පහන පත්තු කරලා කට්ටියත් එක්ක පන්සල වටේ ඇවිද්දා.


දවල්ටත් කාලා අපි ගියා UPO MARSH වලට.

ලස්සන වීව් එකක් තියන පාර්ක් එකක් ඒක.


මාර්ස් කියන්නෙ පැලෑටි, සත්තු වර්ග 1400ක පමන නවාතැනක්.අපිට පයින් යන්නත් පුලුවන් නැත්තන් බයික් රයිඩ් කරන්න පුලුවන්.

මරු අපි එක්කෙනා එක ගානේ බයික් අරගත්තා.චූටි ලමයිගේ කාර් වගේ වාහන.ඩ්‍රයිව් කරන්න කියලා දුන්නා.කැලෑව බලනවට වඩා මම ෆන් එකක් ගත්තෙ බයික් එක පැදලා.

දඩාස්.......💥💥

💙."කොහේ බලාගෙනද යන්නෙ මෝඩි"

💚."හී.."

💙."දෙන්නේ දත් දෙකක් බඩට යන්න"

💚."හී😆.."

💙."කෝ...ඔය අත තුවාල වෙලා නේද."

💚."ඒක කමක් නෑ"

💙."කෝ ඉන්නවා....ආ මේක....අලවගන්න"

💚."අඩේහ් ප්ලාස්ටර් එකෙත් චිත්‍ර ඇදලා මරු"

💙."කෝ දෙනවා කට විතරයි ඒකවත් බෑ"

💚."තැම්කුයි😆"

මාර්ස් එකේ රවුමක් ගිහින් ශොපින් ගියා.

💛."මේ බලපං මේ ගවුම ලස්සනයි "

💚."ගවුම් එපා බං"

💛."ගනිං එකක්"

💚."බ්ලෑ"

💛."හිටු හැමදාම රස්තියාදු කාරයෙක් වගේ "

💚."😆"


බඩු ටිකක් අරගෙන අපි ආයෙත් වාහනේට ආවා.ශෙහාට නින්ද ගියා.අයියලා හතරදෙනා එනකං අපි දෙන්නා වාහනේ හිටියේ.ටික වෙලාවකිං රවී අයියා ආවා.

💖.'නෙහා එන්නකෝ ටිකක්"

💚."ඕ..ඕ .....ඉන්න එනවා........හම් ඇයි'

💖."මේක ලස්සනයි ද කියන්නකෝ "

💚."වාව් ලස්සනයි .ගෑනු ලමයින්ට ඇදුම් තෝරලා පුරුදුයි වගේ"

💖."එහෙම නෑ.අම්මට තමා කලින් ඇදුම් අරන් දුන්නේ"

💚."හොද ලමයෙක්නෙ"

💖."මේක...ඇත්තටම ...ඔයාට..."

💚."මට ...ඒත්.."

💖."ගන්නවා ...ලස්සනයිනේ..මේක ගත්තෙ ඔයාට තමා"

රවීන් නෙහාට ඇදුම තියන බෑග් එක දෙනවා දැකපු රුද්‍ර එයා නෙහාට ගත්ත ඇදුම ආයෙත් බෑග් එකට දාගත්තා.

💗."මොකෝ රුද්‍ර "

💙."ආහ්"

💟."මොකද බං මෙතන කරන්නෙ වාහනේට යනවා කිව්වා නේද"

💗."ඒකනේ"

💙."මාත් එක්ක ගෑනු දෙන්නෙක් ආවා උන් දෙන්නා ඇදුම් අරන් එනකං හිටියේ"

💗."ඕ මයි ස්වීට් බෝයි"

ඔශාද් කොන්ඩේ කන පිටිස්සට දානවා වගේ කරලා රුද්‍රගේ අතේ එල්ලුනා.

💙."අහකට වෙයං"

💗."අනේ ඩාර්ලින් එන්න කිස් එකක් දෙන්න"

💙."අහකට වෙලා හිටු"

💟."මගුලක් නොකර යමන්ද ?මිනිස්සුත බලනවා 😐'

💗."දෙන්න ඩාර්ලින් අත අපි දෙන්නා යමු"

💙."උබට මම "

💗."හරි හරි ස්වීට්"

💙." දෙමලෙක්ද අඩේ"

💗."නැහ් කෙම්ලෙක්"

💙."වරෙං බල්ලො යන්න"

රුද්‍ර ඔශාද්ව ඇදගෙන වාහනේට ගියා.


...................................................



වාසනාවක මහත කියන්නෙ ලමයි තුන් පාරක් කට් වුනා..........

අම්මෝ කේන්තිය ඉහෙන් කනෙන් බේරෙනවා..........


⁣කොමෙන්ටුවක් හලාන ගියාට කාරිි නෑ .............

ආදරෙයි මැරිලත් තත්පරයක් ඔක්කොටම.............

💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

ඇස්වල දෝශයක්ද මන්දා හාට් ටික ඇදේට පේනවා.......

😆😆😆😆😆😆😆😆😆😆😆😆😆








Report Page