BEAUTY💎

BEAUTY💎

දිල්මි කාව්‍යා
තවත් ආදර කතාවක් 💘

"මොකද නෙහා නලියන්නෙ "

"නෑ.කතාවලින් දැක්ක යන්න ආසාවෙන් හිටිය රටට ආවා නේද කියලා හිතෙනවා බං"

"ඒක නං ඇත්ත බං"

බස් එකකට නැගලා ටික දුරක් ඇවිල්ලා අපි නවතින තැනට ආවා.

"ශෙහා සීතලයි නේද........ශෙහා......අඩේ"

"ආ"

"මොකද යකෙක් දැක්කා වගේ"

"කන්ෆියුස් වුනා බන්"

"වයි"

"අර බලපං sea sand "

"හත්තික්කේ. සී සෑන්ඩ් නේද?සැපට කන්න පුලුවන් ?"

"තූ නොදකිං උබේ ඔය බඩජාරිකම කාබරේට දාලා වහලා එන්න තිබුනනෙ "

"වරෙං යන්න ඇතුලට "

එක කාමරේට ලමයා දෙන්නා දෙන්නා ගානේ දැම්මා.දැන් ඉතිම් මගේ සහයකයා එක්ක මගෙ කාමරේට යන ගමන් ඉන්නෙ.

ඒ ඉතිම් වෙන කවුරුත් නෙවෙයි අතිජාත මිත්‍ර පාපකාරි ක්‍රියාවලට අනුබල දෙන ශෙහා තමා.

"ඒ නෙහා හොද වෙලාවට අපි දෙන්නා වැටුනේ"

"ඒ්ක නං ඇත්ත.නැත්තං කිසි වැඩක් නෑ"

"අපි දෙන්නා කොතන එතන ⁣ඝෝෂාව"

"ඈ බොල කටුස්සියේ ඔතනට දාපිය සතුට නැත්තන් ආතල් එක"

"අනේ මේ ඉක්මනට කරන දෙයක් කරපං ඇවිදින්න යමු"

"අම්මෝ හොද වෙලාවට ඇවිදින්න තහනම් කරේ නැත්තෙ.නැත්තං ගේ ගෙම්බෝ වගේ මුහුදු වැලි එකේ ඉන්න තමා වෙන්නෙ"

"අර බලපං ඉන්න තැනත් නම කෑවා"

"දුප් යන්න බාත්රූම් එකට"

නාලා රෑට කාලා අපි දෙන්නා එලියට බැස්සා.

"හොද වෙලාවට නේද කොහෙවත් යන්න එපා කීවේ නැත්තෙ"

"ඒ අර බලපංකෝ නෙ⁣හා"

''කෝ මොනවද"

"Street food"

"අඩ්ඩේ වාව්.යමන් යමන් ඒ පැත්තට "

"මොනවද කියන්නේ "

"මට ලාවට ගැට ගහගන්න පුලුවන් වචන දෙක තුනක් යමන්"

"අම්මෝ යමන් යමන් යමන් "

මම ශෙහාවත් ඇද⁣ගෙන ගිහින් කඩ ටික පරික්ශා කරා.

"ඇන්යොන්හාසේයෝ ඔන්නී "

(හෙලෝ අක්කා)

"කිදාර්යෝ"

(ටිකක් ඉන්න)

"ග්වෙන්චනා"

(කමක් නැහැ)

"ජේසෝහම්නිදා"

(සමාවෙන්න )

"ඔල්මාඒයෝ"

(මේක කීයද)

"ඕ බීක් ජුසේයෝ"

(වොන් පන්සීයක් දෙන්න)

"ටන්"

(ස්වීට් )

"ජැල් ජිනේයෝ"

(හරී,ස්තූතියි)


"ආ ශෙහා මේක ගනිං රස්නෙයි"

"ශෙහා"

"අඩේ......... ශෙහා............"

"ආහ් කන්ෆියුස් වුනා"

"ඒ පාර මොකද"

"හේතූ දෙකක්"

"මොකක්ද කියපං ....ආ..ආ.. ඊට කලින් මේක ගනිං"

"ලාවට නේද නේද ගැට ගහගන්න පුලුවන් කිව්වේ"

"ඔවු ඉතිම් එහෙම තමා"

"ඔය හොදට කතා කරේ"

"හරි ඉතිම්.දෙවනි එක මොකක්ද "

"රවුමක් කැරකිලා බලන්න කවුද ඉන්නෙ කියලා"

"ආහ් ඔයාලා"

"අම්මෝ නංගි නංගිට හොදට කොරියන් පුලුවන් නේද"

"අපෝ එහෙමට බෑ රවීන් අයියා"

"හාකෝ හාකෝ නංගියා කොහෙද යන්⁣න හදන්නෙ "

ඔශාද් අයියා ශෙහාගෙ කරට අතක් දාන ගමන් කිව්වා .

"ඕ ..ඕ ...අත ගන්න"

"අපෝ ගත්තා"

"අපි ඇවිදින්න ආවා"

"යමු අපිත් එන්නම්"

රුද්‍ර රවීන් අයියව එහාට කරලා මං ලගට ආවා.

"යමු"

"ඒක නෙවෙයි නංගි පුහුණුව පටන් ගන්නෙ අනිද්දා නේද"

"ඔව් ඔශාද් අයියා"

"මේ මොකද කියන්නෙ අපි යමුද හෙට රවුමක් "

"ලබපජනිටමනකව"මට මොකුත් කියන්න දුන්නෙ නෑ ශෙහා කට වැහුවා .

''බෑ නේද"

"ඇයි"

"නිකං"

"නෑ නෑ යමු යමු"

"ඒකනේ ශෙහා යමන්කෝ බං"

"අපෝ උබේ කුරුම්බා මූන බලාන බෑ කියන්න බෑ යකෝ.යමන් යමන්"

"හරි යමු"

"එහෙනං හෙට උදේ හත හමාර වෙද්දි හොටෙල් එකෙන්.පිටත් වෙමු"

"ඒක නෙවෙයි ඔයාලා කොහෙද ඉන්නෙ"

"අපි ඉන්නෙ ගෙදර"

"කාගෙ"

"ඔශාදයාගෙ"

"ඈ"

"⁣උගේ බිස්නස් කොරියාවේ තියෙද්දි උට මෙහෙ ගෙයක් තියෙන්න එපැයි "

"මේ ඒක නෙවෙයි ඔයාලට බොයි ෆ්රෙන්ඩ්ලා ඉන්නවද"

"ඕ නෝ ඇයි සවිරු අයියා එහෙම ඇහුවෙ "

"නෑ අපිට ගුටි කන්න වුනොත්"

"ආ මමනං මෙහෙන් කොල්ලෙක් සෙට් කරගන්නවා ."

"මොකක්ද නෙහා ඒ කතාව උබ මටවත් කිව්වෙ නෑනේ"

"හාරි හාරි ඉතිම් එතකොට ඔය අයියලා හතරදෙනා ශෙහාගෙ කොල්ලා"

"⁣නෙහා උබ බොරු කියන්න එපා"

"නෑ නෑ අර අර සී"

"නෙහා"

"ඒයි එන්න එපා ලගට"

මම දුවගෙන ගිහින් රුද්‍ර පිටිපස්සෙන් හැංගිලා කිව්වා

"සී සෑන්ඩ් එකේ ඕව්නර් කොව්ව"

"මොකක්...ආය කියනවා බලන්න"

"ඇයි ආය කියන්නෙ ඔශාද් අයියෙ"

"ඇහුන්නෙ නෑ"

"සී සෑන්ඩ් එකේ ඕව්නර්"

"යකෝ මූ අපිටවත් කිව්වෙ නෑනේ නැද්ද සවියා"

ඔශාද් සවිරුට කිව්වෙ ඇහැක් ගහලා.

"ඒකනෙ බං අල්ලගෙන ඕන ඕකව"

"හරි හරි යමුකෝ අරහෙට ඉක්මනට "

"යමු එහෙනං"

අපි සෙට් එක ටික දුරක් ඇවිදලා ආයෙත හොටෙල් එකට ගියා.අපිව දාලා අයියලා ටික ගියේ හෙට උදෙ හත වෙද්දි ලෑස්ති වෙන්න කියලා.



අම්මෝ ඇති දැන් .........

⁣හෙට යමු කොරියාවෙ රවුමක් මගේ එක්ක...........

මං ගානෙ වීසා එක්ක ටිකට් එක දෙන්නං...........

අම්මලාගෙන් පර්මිශන් අරගෙන හිටියනං ඇති............

එන්නං ප්ලෙන් එකේම ගම හෙල්ලිලා යන්න.........


😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

මම දිල්මි ✍️



Report Page