BEAUTY💎

BEAUTY💎

💞දිල්මි💞
තවත් ආදර කතාවක් 💘

Episoide 2

හුචා හැප්පුවා නේද මොන සිහියෙන්ද මිනිහෝ පාරෙ යන්නෙ.ආව් කකුල මගේ

"සොරි නංගියෝ"

"හොරි හොරි තමා බාප්පා ද ලයිසන් දුන්නෙ"

"හරි හරි ආ මෙන්න බෑග් එක සොරි හොදේ ඔරවන්න එපා"

මූ යකෝ හොරි හොරි කිව්වා බෑග් එක දුන්නා ගියා.තුවාල වෙලාද කියලවත් බැලුවද ඇත්තමයි.

බයික් එකත් ස්ටාර්ට් කරගෙන මම ශෙහාගෙ ගෙදර ගියා.


"ශෙහා"

"අම්මෝ වරෙං වරෙං"

''කෝ ආන්ටි"

"ටවුමට ගියා"

"එහෙමද".

"මේ නෙහා හෙට යනවද බං මට නම් අසයිමන් කරන්න හිතෙන්නෙත් නෑ."

"ඔව් බං ඒත් එක්සෑම් එකත් ලගයිනේ"

"දැන් අසයිමන්ට් කරාද"

"කරන්ඩ තමා ආවේ"

"හා හා කන්ඩ බොන්ඩ ගෙනා දේකුත් ගත්තනම්"

"තූ විතරක් ගෙදරට ආපු උන්ට සංග්‍රහ නොකර ඌව හූරගෙන කනවා"

"ඒම තමා මේ ශෙහා"

"යමන් යමන් උබේ අදුරු කුටියට"

"අනේ මේ ඒක අදුරු නෑ උබේ වගේ."

"ඒ මොකද ඔය කටත් ඇරගෙන බෑග් එක දිහා බලන්නේ "

"මේ මොනවද".

"මොනවද කියලා දන්නනෙ උබනේ"

"ඒක තමා යකෝ මේවා මගේ නෙවෙයි"

"වට්.ඉඩියට් මොනවද ඔයි මේ"

"ඒක තමා මාත් කියන්නෙ"

"මොකද උනේ උබට"

"හරිනේ බං බෑග් දෙකම එක වගේනේ මාරු වෙන්න ඇති."

"මොන බෑග් දෙකක්ද"

"ආහ් මේකනෙ බං එද්දි පතබෑවුනා හන්දියෙන්"

"ඉතිම්"

"ඉතිම් කියන්නෙ ඌ උගේ බෑග් එක මට දීලා මගෙ එක අරගෙන ගිහින් "

"අනේ මන්දා තේරෙන්න කියපංකෝ"

"මේකයි........................................................................................................................................."

"ආන්න ඒම කියපං "

"දැං කිව්වේ "

"මට තේරුනා වැඩේ "

"වට්"

"උබ ඌට පෙරේත බැල්ම දදා ඉන්න ඇති"

"අනේ මේ වරෙං මෙහෙට ආ.......මේකෙ බලපං නම්බර් එකක්වත් තියේ කියලා"

"දීපං"

"ආ ඔය ඔය ඔය තියෙන්නෙ ,කියපං නම්බරේ"

"ඔන්න ගනිං 070"

"රින්ග් වෙනෝද"

"ස් ස් ස් කට කට හෙලොව්"

👦"හෙලෝව්"

👧"කවුද ඔයා".

👦"මට කෝල් එක අරන් කවුද කියන්නේ"

👧"නෑ මේකයි ඔයාගෙ නම්බර් එක මේ පොතක ලියලා තිබ්බේ .ඒ පොතේ අයිතිකාරයා හොයන ගමන් ඉන්නේ.අපි දෙන්නාගෙ බෑග් දෙක මාරු වෙලා".

👦"පොතේ නමක් නැද්ද"

👧"නෑ නෙ"

👦"චුට්ටක් ඉන්න නංගි.මොකද බල්ලො කෑගහන්නෙ .මොකක් ආ හරි හරි හිටපංකෝ "

👧"මොනවද කිව්වේ"

👦"ඔයාට නොවයි නංගි ඔයා හරි තැනට තමා ගත්තෙ මූ දැං ආවේ "

👧"ඒ කිව්වේ"

👦'අයියෝ මූත් ඔච්චර වෙලා බෑග් එක හොයලා .මේ දැන් මම ඉන්න තැනට ආවා."

👧'ආ හරි ඔයාලා කොහෙද ඉන්නෙ"

👦" sea sand රෙස්ටුරන්ට් එකේ"

👧"⁣ලොකේශන් එක එවන්න අපි එන්නම් "

👦"හරි"

"අඩේ ශෙහා යමන් "

"කොහෙද"

"Sea sand රෙස්ටුරන්ට් එකට"

"අදනෙ දන්නෙ බං ඒම එකක් තියෙනවා කියලා"

"ඒකනේ බං"

"හිටපං මම ඇදුමක් දාගෙන එන්නම් "

"ඉක්මනට වරෙං"

⁣ශෙහා එක්කරගෙන අපේ ගෙදර ගිහින් මමත් ඇදුමක් දාගෙන ලොකේශන් එකට ගියා."

"ආව්ශ් "

"මොකද"

"අදනෙ දැක්කෙ බං"

"ඒකනෙ"

"හරි හරි යමන්කෝ .පිට මේම නං ඇතුල කෝම ඇත්දද".

"යමන් බලන්න..... අඩේ ශෙහා මොනවාද බලන්නෙ"

"අයිතිකාරයා මගෙ වුනානම්"

"කවුද දන්නෙ නාකියෙක්ද කියලා"

"ළමයි ඇතිනෙ"

"හීන මවන එක පැත්තකිං තියලා වරෙං"

"ආ යමන් යමන්"


"අර ඉන්නෙ හෝතම්බුවා"

"අඩ්ඩේ හැන්සම් නේද දෙන්නම"

"ආව් රිදුණා යකෝ"

''ඇයි"

"කියපු එකට'

"ඒ මොකද"

"කවදාවත් මට කියලා තියේද අද නම් උබ ලස්සනයි නෙහා කියලා"

"ඔහෙප් පලයං නයනා............ උබ ලස්සන නෑ"

"හිත රිදුනා"

"වරෙං යන්න"

.............

👦"ආ ⁣නංගිලා ආවද"

👧"අම්මෝ මගෙ බෑග් එක"

👨"ඒ බලපංකෝ ඔශාදයා කෝටි සීයක් එක්ක ගේකුයි ,කාර් එකකුයි දුන්නා වගේ නෙ සතුට"

👧"ඒම නැතුව බෑ'

👦"ඒ මොකද "

👩"සේනාදීරමැතිදුන් සබාව ඉදිරියෙ චොර කරෙත්"

👦"මොකක්"

👧"ඔව් අනේ සේනාධීරකාරයා අසයිමන්ට් කරන්න දුන්නා .ඒවා ටික තමා මේ බෑග් එකේ තිබිලා තියෙන්නේ "

👦"සේනාධීර"

👨"යෑස්"

👦''හාකෝ මොනවහරි බීලම යනවද"

👧''නෝ මනී"

👦''මනී ප්‍රශ්නයක් නෑ"

👩"එහෙනම් බොමු"

බීම එක බීලා ශෙහාව ගෙදරින් දාලා මම ගෙදර ඇවිත් අසයිමන්ට් තනියම කරා.

අසයිමන්ට් කරලා වොශ් එකක් දාගෙන පල්ලෙහාට ගිහින් කාලා නිදාගන්න.කියලා ඇදට පැන්නෙ හෙටත් උදේම යන්න ඕන නිසා.

ඕං ග්රීන් ඒස්වා බගවතෝ අරහතෝ ඉතිපිසෝ බගවා සම්මා සම්බුද්දස්ස ඉක්මනට උදේ නොවන්න හිමීට හිමීට ⁣උදේවෙන්න.රෙකෝඩින් කිසිවක් නැතුව නිදාගන්න ලැබෙන්න

නමෝවිත්තියෙන් ඇදට පැනලා නිදාගත්තා.

🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓🐓

"දෝණි නැගිටින්න අම්මි යනවා.බත් බෙදලා තියෙන්නෙ"

''අයියෝ අදත් කෑවා නින්ද"

"මේ ලමයෝ අදත් අර කෙල්ල එනකම්ද ඉන්නෙ නැගිටිනවා මම එන්න කලින්"

"හාරි හාරි"

බාත්රූම් එකට පැනලා වොශ් එකක් දාගෙන නිල් ඩෙනිමට සුදු කලු මික්ස් වෙච්ච ශර්ට් එකක් දාගෙන ශෙහාවත් අරගෙන කැම්පස් එකට ගියා.

"අම්මෝ බං යමන් පිටිපස්සටම"

"පිටිපස්සට යන්න වෙන්නෙ නෑ"

"ආහ් අනේ අද ලමයි වැඩිද මන්දා"

"කොරන්ට දෙයක් නෑ ඔතනිං ඉදගමු"

"හරි හරි'

ටික වෙලාවකිං සේනා දලබුවා ඇවිල්ලා අසයිමන්ට් චෙක් කරන්න ගත්තා.

⁣කෙමෙන් කෙමෙන් අපි ලගටත් සර් කාරයා ආවා.එකපාරටම ⁣හෝල් එකේ දොරත් ඇරගෙන ඇතුලට ආපුකෙනා ඊළඟට කරපු දේ නිසා මටයි ශෙහාටයි ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ස්ටාර් පේන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

😊😊😊😊😊😊😊😊😊😊😊😊










Report Page