Beast

Beast

✍pen friend

episode 24

episode 23


මීට අවුරුදු හතරකට පමණ පෙර අන්ඩර්වර්ල්ඩ් ගොඩ්ෆාදර් හෙවත් සෑම් සොයිසාගේ පුත් රිශී සොයිසා විසින් කරන්නට ඇතැයි සැක පළකළ වික්‍රමනායක මිනීමැරුම ද මීට සම්බන්ධ බව පැවසෙනවා. පොලිස් පරීක්ශන දිගටම ක්‍රියාත්මකයි.




මගේ ඇගේ හිරිගඩු පිපෙන්න ගත්තා. මම ඉන්නෙ මිනීමරුවො එක්ක කියලා දැනුනම මට හිතුනෙම මැරිලා යනවා නම් හොදයි කියලා. මොනවා හරි කරගෙන මැරෙන්නමයි මට හිතුනෙ.




මම අඩාගෙනම රූම් එකට දුවගෙන ගියා. ඒ අතරෙ රිශී එයාගෙ රූම් එකේ බව මම දැක්කා. මම රූම් එකට ඇවිත් විනාඩි ගානකට පස්සෙ රිශී ආවෙ මූනෙ හිනාවක් එක්ක.




"ආර්යා ඇයි ඔයා අඩන්නෙ?"

ඔහු ඇහුවෙ මගේ උරහිසට අතක් තියලා.




"අඩන්නෙ ඇයි කියලද අහන්නෙ...? මොකක්ද ඒ කරපු වැඩේ?"

මම ඔහුගෙ අත ගසලා දාලා කෑගැහුවා.




"මොකක්ද?"




"ඇයි ඒ මිනිහව මැරුවෙ ඔයාගෙ තාත්තා කියන එකා..?"




"ආර්යා කතා කරන්න ඉගෙන ගන්න. ඒ ඉන්නෙ මනුස්සයෙක්. බල්ලෙක් ගානට දාන්න එපා."



"ආ එහෙමද...? එතකොට අර මරලා දාපු කොල්ලා.... ඌ මනුස්සයෙක් නෙවෙයිද....ආ?"




"ආර්යා ඔයා මොකුත් නොදැනයි ඔය කතා කරන්නෙ..."

ඔහු කිව්වෙ ඇගිල්ල දික් කරමින්.




"ඔයත් ඒක සාධාරණයි කියලද කියන්නෙ..? යන්න මගේ රූම් එකෙන් එලියට"

මම ඇස්වහගෙන ඇගිල්ල ඩෝර් එක පැත්තට දික් කරමින් කිව්වා.




"යන්න කිව්වෙ...!"

මම තවත් කෑගැහුවා.




මම ආයෙ ඇස් අරිනකොට රිශී ගිහින්. මම ඔලුව අත් දෙකෙන්ම බදාගෙන අඩන්න ගත්තා. ඒ අතරෙ මට නොදන්නා නම්බර් එකකින් කෝල් එකක් එන බව දැක්කත් මම ආන්සර් කලේ නැත්තෙ මූඩ් එකක් නොතිබුනු නිසා.




ඒත් ෆෝන් එක දිගටම රින්ග් උනා. මම කෝල් එක ආන්සර් කලේ දෙගිඩියාවෙන්.




"ආර්යා..."

ඔව්... ඒ සහාරා. ඇය කතා කරන්නෙ රහසින්.




"සහා... මොකද මේ?"




"මම මේ ටවුන් එකේ ජ්වලරි මාර්කට් එක ලග බූත් එකෙන් කතා කරන්නෙ... උබට කෝල්ස් ගන්න බෑනෙ. අර බීස්ට් කියන එකා හැම මගුලම හොයනවනෙ ඉතින්."




"හදිසියක්ද සහා"

මම ඇහුවෙ කතා කරන විදිය මට ඇල්ලුවෙ නැති නිසා.




"අහන්නකො... මම අද වෙඩින් එකට ජ්වලරි ගන්න මාර්කට් එකට ආවා.එතකොටයි දැක්කෙ.... කොෆි ශොප් එක ඇතුලෙ කොනේම උබේ හස්බන්ගෙ කසින් සිස්ට ඉන්නෙ... නම මොකක්ද බන් ඒකිගෙ...."




"චාරු"

මම මතක් කලා.




"අන්න ඒකි කොල්ලෙක් එක්ක ඉන්නවා. ඩයල් එක මට ටිකක් දැකලා හුරුයි වගේ බන්. මූන දැක්කෙ නෑ හරියට. රැවුල වවලා මුලු මූනෙම. ටිකක් මිටි පාටයි. කලු ජැකට් එකක් දාලා ඉන්නෙ."




මගේ මුලු ඇගම දාඩියෙන් පෙගෙන්න ගත්තා. රිශී මේ දවස්වල කලබල වෙලා ඉන්න සිද්ධියට චාරුගෙ මේ හැසිරීම සම්බන්ධයි කියලා මට හිතුනෙ ලගකදි නෙවෙයි.




"සහා ඇත්තමද...?"




"ඔව් ආර්යා. මොකටද බන් මම බොරු කියන්නෙ? මට දැනුත් පේනවා මෙතනට ඒ කොල්ලගෙ ජැකට් එක."




"හරි... මේ.... කාටවත් කියන්න එපා මේ ගැන."




"හේ හේ.... ඉන්න ඉන්න චුට්ටක්...."

ඇය ටිකකට නිහඩ උනා.




"ආර්යා මේ.... උබ විශ්වාස කරනවා නම් විශ්වාස කරපන් බන්..."




"මොකක්ද?"

මගේ හාර්ට් එක වේගෙන් ගැහෙනවා.




"එතනට මේ දැන්...මේ දැන්.. උබේ කුඩම්මගෙ දූ.. කුශී කියන එකී ආවා....!"




මගේ අතින් ෆෝන් එක නොවැටී බේරුනේ බොහොම අමාරුවෙන්. ඒ ඉන්න මිනිහා කවුද කියලා මට ඒ දවස්වල ඉදලම තිබුනෙ සැකයක්. හොදට දැකලා පුරුදුයි. ඇගේ ශේප් එක අනුව ටිකක් තාත්තා, සෑම් වගේ. ඒත් එයා මොකටද චාරුව හොරෙන් මීට් වෙන්නෙ...?




"සහා.... අනේ පුලුවන් නම් බලපන්කො ඒ කවුද කියලා. අමාරුවෙන් හරි බලාගනින්."

මම ආයාචනා කලා.




"පේන්නෙ නම් නෑ බන්. ඒත් මන් ට්‍රයි කරලා උබට කෝල් කරන්නම්"



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



රිශී ටයි පටිය බුරුල් කරගනිමින් ගෙට ඇතුල් උනේ සැනසුම් සුසුම් හෙලමින්. ඔහුගෙ මූනෙන් ලොකුවට මහන්සි උනු බවක් පෙනුනා.




ඔහු ගෙට ඇතුල් වෙනවත් එක්කම ඔහු පිටිපස්සෙන් ආපු ලන්ත්‍රාව අවුරුදු විසි තුනක් විතර වෙන කොල්ලෙක් නතර කරගත්තෙ ලන්ත්‍රාගෙ බාහුවෙන් අල්ලලා. රිශී ඒ ගැන තකන්නෙ නැතුව රූම් එක පැත්තට ගියේ ආර්යාව දැකගන්න හිතාගෙන. ඒත්....




"සර්"

ඔහු නැවතුනේ ලන්ත්‍රාගෙ කටහඩත් එක්ක. අර කොල්ලා පේන මානෙක හිටියෙ නෑ.




"මොකද?"




"සර් චුට්ටක් එන්න පුලුවන්ද?"




ලන්ත්‍රාගෙ මූනෙන් පෙනුනෙ දෙයක් රහසින් කියන්න ඕනෙ වගේ දෙයක්. රිශී මූන ඇඹුල් කරගෙන ලන්ත්‍රා දිහාවට ගියේ ආර්යාගෙ රූම් එක දිහාත් පාරක් බලලා. ලන්ත්‍රා රිශීගෙ අතින් ඇදගෙන ගාර්ඩන් එකේ කොඅකට ගියේ සීසීටීවී වලින් බේරෙන්න හිතාගෙන.




"මොකද ලන්ත්‍රා මේ...?"




රිශී කලබලෙන් අහද්දි ඔහු බ්ලෙසර් පොකට් එකෙන් එලියට ගත්තෙ සුදු පාට දිග ලියුම් කවරයක්. ඔහු රිශී දිහා ගැඹුරු බැල්මකින් බලාගෙන ලියුම් කවරය රිශී අතේ තිබ්බා.





"මේ මොකක්ද මේ?"




"ලෙටර් එකක්. අද උදේ ප්ලෑනින් රූම් එක ලග පඩිය උඩ තිබිලා කොල්ලො හොයාගෙන තියෙන්නෙ."




"කාගෙ එකක්ද බන් මේ...?"

කිසි සැලකිල්ලක් නැතිව ඔහු කවරය ගලවලා ඇතුලෙ තිබුනු ලෙටර් එක එලියට ගත්තා.





සෑම් හිතාගෙන ඉන්නෙ මොකක්ද...? මගේ කොල්ලෙක්ව බල්ලෙක් ගානට මරපු එකේ පලිය ගන්නවා යකෝ. උබේ එකෙක් ලගදිම මරුවා ලගට යවන බව මතක තියාගනින්....... 99.05.19




"පේන විදියට ඕකත් උන්ගෙම වැඩක් සර්. ඔය කෝඩ් එක...."




"ජරා සත්තු මට ඒක නිතරම මතක් කරලා මාව අවුස්සනවා යකෝ. උන් දන්නවා ඒක මතක් කරන කරන පාරට මාව පිච්චෙනවා කියලා. තිරිසන්නු.....!"

ඔහු කිව්වෙ ලියුම බිම දාලා පාගන ගමන්.




"ඉදපන්...."

යකෙක් වගේ හිටපු ඔහු එක පාරටම නැවතුනේ දෙයක් මතක් වෙලා වගේ.




"මේ ලෙටර් එක...."

ඔහු බිම වැටිලා පොඩි කරලා දාපු ලියුම දිහා බලලා කල්පනා කලා.




"එදා උදේ ඩැඩී දුන්නා කියලා අර කොල්ලා අරගෙන ගිය එක වෙන්න බැරිද..?"




"එක වගේ ඒවා කොච්චර තියේද සර්..."

ලන්ත්‍රා ඇහුවෙ සමච්චලයට වගේ.




"නෑ යකෝ.... ඩැඩී කවදාවත් ලෙටර්ස් එක්ක ගනුදෙනු කරපු කෙනෙක් නෙවෙයි. අනික මේ හදිසියෙ එයාට යවන්න තියෙන ලෙටර් එක මොකක්ද... මමනෙ බිස්නස් වැඩත් බලාගන්නෙ. උබට මතකද එදා අර වොයිස් කට් එක.... ඒකෙ තිබුනෙ ඩැඩීගෙ වොයිස් එක."

ඔහු ලන්ත්‍රාගෙ මූනට එබිලා රහසින් වගේ කියාගෙන කියාගෙන ගියා.




"ඒක ඇප් එකකින් ට්‍රාන්ස්ලේට් කරපු එකක් කියලා කිව්වනෙ."




"අපි ඩැඩීව සැක නොකළ නිසානෙ ඒ කොල්ලා එහෙම කිව්වෙ..... කරන්න තියෙන්නෙ එක දෙයයි ලන්ත්‍රා. මගේ වැඩ ගැන කිසිම දෙයක් ඩැඩීට දැනගන්න ඉඩ තියන්න එපා. හැමෝම ගැන සැකෙන් බලන්න. ස්පෙශලි ඩැඩී ගැන."




"ලොකු සර්ට ඔය වගේ දෙයක් කරන්න මොකක්ද තියෙන උවමනාව සර්....? අනික ඒ සර්ගෙ ඩැඩීනෙ."




"ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ. ඩැඩී නෙවෙයි කවුරු උනත් මම දැන් ඉන්න තත්වෙ විදියට මට මාවවත් ශුවර් නෑ බන්."

රිශී ඉනට අත් දෙකම තියාගෙන කතාව නතර කරගත්තෙ සෑම්ගෙ වාහනේ ගාර්ඩන් එකේ නතර කල නිසා.




"මිස්ට රිශී සොයිසා....."

සෑම් විහිලු කටහඩකින් රිශීට කතාකරගෙනම ගෙට ඇතුල් උනා.




"වෙන්න බෑ සර්. මට හිතන්නත් අමාරුයි."

ලන්ත්‍රා කිව්වෙ රිශීගෙ මූන දිහා බලාගෙන.




"කරන්න දෙයක් නෑ."




ඒත් එක්කම ගාර්ඩන් එකේ නතර උනේ පොලිස් ජීප් දෙකක්. පොලිස් නිළධාරීන් හතක් අටක් විතර ජීප් වලින් එළියට බැස්සෙ තුවක්කු අමෝරගෙන.



-see you in the next episode-


අඩුපාඩු ඇත්නම් කියන්න. එක දිගට නොලියන නිසාත් අභිරහස් වගේ ටයිප් එකක් නිසාත් සමහර ඒවා මග හැරෙන්න පුලුවන්. කමෙන්ට් කරගෙන යමු. මතකයිනේ.... හෙට බෝනස් ඩේ එක.😉


ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend









Report Page