Beast

Beast

✍pen friend

episode 23

episode 22


නයිට් ඩ්‍රෙස් එකත් ඇදගෙන කොට්ටෙකුත් අතේ තියන් ඔහු මගේ දිහා හිනා වීගෙන බලන් ඉන්නවා. මගේ හාර්ට් එක එකසිය ගානට ගැහෙන්න ගත්තා.`




මම හෙමින් හෙමින් පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු උනේ කනේ පාරක් බලාපොරොත්තුවෙන්. මොකද ඔහුට වෙන කෙනෙකුට ගහන්න හේතුවක් ඕනෙම උනේ නැති නිසා.




"ආර්යා..."

ඔහු කතා කලේ නිවුනු කටහඩකින්.




"මම අද ඉදලා ඔයා එක්ක නිදා ගන්නද?"

ඔහු ඇහුවෙ මට ලං වෙමින්.




"ඇයි..?"

මගේ හාර්ට් එක දැන් නම් එලියට පනින්න වගේ.





"මගේ වයිෆ් එක්ක නිදාගන්න මට කාගෙන්වත් පර්මිශන් ඕනෙ නෑ."

සමච්චල් හිනාවක් එක්ක කියපු ඔහු ඇදේ අනික් පැත්තට වෙන්න කොට්ටෙ තියාගෙන නිදාගන්න ගත්තෙ කිසිම දෙයක් හිතාගන්න බැරිව මම ගල් ගැහිලා බලන් ඉදිද්දි.





මම හෙමින් මගේ කොට්ටෙ අතට අරගෙන එලියට යන්න හැදුවෙ වෙන රූම් එකක් හොයාගන්න හිතාගෙන. ඒත් රිශී මාව නැවැත්තුවා.




"කොහෙද යන්නෙ?"

ඔහු ඇහුවෙ ඇදේ වාඩි වෙමින්.




"මම වෙන රූම් එකකට යන්නම්."




"පිස්සු නොකර මෙන්න මෙහෙ එනවා. තමුසෙ එක්ක නිදාගන්න ඕනෙ නිසා මම මෙතනට ආවෙ. නැතුව තමුසෙව පන්නගන්න නෙවෙයි."




කරන්න වෙන දෙයක් නැති නිසාම මම කොට්ටෙ තියලා ඇදේ කොනටම වෙලා නිදාගන්න ට්‍රයි කලා. දැන් මම ඇදෙන් වැටෙන්න ඔන්න මෙන්න වගේ..... මේ මිනිහා උදේ වෙනකොට මගේ බෙල්ල මිරිකලා මරලා දායිදවත් කියලා නොහිතුනාම නෙවෙයි.





ගත උනේ ටික වෙලාවයි... මගේ ඉන වටේට අත යවපු ඔහු මාව ඒ පැත්තට හරවගත්තෙ මගේ බය දහස් ගුණයකින් වැඩි වෙද්දි. මගේ හුස්ම එක දිගට වැටෙන සද්දෙ මටම ඇහෙනවා.




ඔහු මොකුත්ම කිව්වෙ නෑ. මගේ මූනට වැටිලා තිබුනු කොන්ඩෙ පරිස්සමට කනේ රදවපු ඔහු, ඒ සීතල ඇගිලිතුඩු හෙමින් හෙමින් මගේ ඉදිමුනු කම්මුල දිගේ අරගෙන ගියා. ඔව්... ඒ ඇස්වල කදුලු. මට හිතාගන්නවත් බෑ.




මගේ ඇස් ඒ කඩවසම් මූන පුරා දිව්වා. රිශීගෙ හුස්ම මගේ මූනට වැදෙන්න තරම් මට ලං වෙලා හිටියෙ.




"මම මේ වගේ දෙයක් කරන්න හිතාගෙනවත් හිටියෙ නෑ ආර්යා. අයෑම් සොරි......."

ඔහු කිව්වෙ අඩන්න ඔන්න මෙන්න වගේ.




ඊළග තත්පරේ මට හිතන්නවත් ඉඩ නොතියා මගේ මූනට බර උනු ඔහු පරිස්සමට මගේ කම්මුල සිපගත්තෙ මගේ නහර පවා හිරිවැටිලා යන බව මටම දැනෙද්දි. මගේ ඇස්වලින් කදුලු ගලන බව මටම තේරුනා.




තත්පර ගානකට පස්සෙ මගෙන් අයින් උනු ඔහු මට පිටුපාලා නිදාගත්තා.... ඒත් මට නම් නින්දක් එන්නෙම නැති පාටයි. මට නින්ද ගියා නම් ඒ..... ඉර පායන්න කිට්ටුව වෙන්න ඕනෙ. මගේ හිත ඒ තරම් කලබල වෙලා හිටියෙ.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



"ගුඩ් මෝනින් සර්"

පඩිපෙල පාමුල හිටගෙන හිටපු ලන්ත්‍රා බ්ලෙසර් එකේ බට්න් එක දාගනිමින් පහළට බහින රිශීට කතා කලේ සුපුරුදු හිනාව එක්කමයි. 




"ගුඩ් මෝනින් ලන්ත්‍රා."

ඔහුගෙ මූන කවදාවත් නැති සතුටකින් පිරිලා.




"සර් අද සතුටින් වගේ."




"ඇයි එහෙම කියන්නෙ?"

කොල්ලගෙ මූනෙ මනමාල හිනාවක්.




"නෑ... අද හරි අමුතුයි. ලස්සන හිනාවක්. මම දැනගෙන හිටියෙ නෑනෙ සර් ඔය තරම් ලස්සනයි කියලා."




රිශී මොකුත්ම නොකියා කිචන් එකට එබුනා.




"ෆොරීන්..."




"රිශී සර්..."




"මැඩම් නැගිටිනකොට පරක්කු වෙයි. එයාගෙ බ්‍රෙක්ෆස්ට් එක රූම් එකට යවන්න."




"අහා...! එහෙනම් ඒක තමයි මේ... අපි කාටවත් හොල්ලනවත් බැරි උනු සර්ව, මැඩම් අත් දෙකටම අරගෙන වගේ."

ලන්තා කිව්වම කොල්ලාට ලැජ්ජ හිතුනා.




ලන්ත්‍රාගෙ මූනවත් නොබලා බිම බලාගෙන හිනා වෙවී ඔහු එලියට බහින්න හැදුවත් ආයෙ නැවතුනේ සර්වන්ට් කෙනෙක් අතේ ලියුමක් අරගෙන එලියට බහිනවා දැකලා.




"ඒ... මෙහෙ එනවා."

රිශී ඔහුට කතා කලා.




"පොඩි සර්.."

සර්වන්ට් දෙකට නැවුනෙ බිම බලාගෙන.




"මොකක්ද ඔය අතේ තියෙන්නෙ?"




"ලොකු සර් ලියුමක් දුන්නා තැපැල් කරන්න කියලා. ඉක්මන් තැපෑලට දාන්න ඕනෙ. මම මේ ඒක දාන්න යන්නෙ සර්."




"හරි යන්න."




"සර් අපි කොහෙද යන්නෙ දැන්?"

සර්වන්ට් ගියාම ලන්ත්‍රා කතා කලා.




"අපි අද ඔෆිස් එකට යමු. බිස්නස් වැඩ ගැන බලන්නම බැරි උනා."

ඔහු කිව්වෙ වෙන කල්පනාවක් එක්ක.




"ලන්ත්‍රා..."




"ඔව් සර්...."




"ඇයි ඩැඩී එක පාරටම ලෙටර්ස්වලින් වැඩ කරන්න ගත්තෙ....?"




"සර්ගෙ බිස්නස් වැඩක් වෙන්න ඇති සර්..."




"අරූ ඉන්න හොස්පිටල් එකේ සීසීටීවී චෙක් කරලා ආර්යාගෙ පස්සෙන් ආපු එකා ගැන හොයාගන්න ඕනෙ. අතාරින්නෙ නෑ මම කොහොමත් ඕකව."




"ඕකේ සර්"




"දැන්ම උබ ඒ වැඩේ කරන්න යන්න ඕනෙ. මම ඔෆිස් යන්නම්" 



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



ලන්ච් එකට හැමෝම වාඩි උනා. කට්ටිය ලන්ච් එකත් එක්ක බිසී වෙලා ඉන්න අතරෙ තාත්තා උගුර පෑදුවෙ මොකක් හරි කියන්න වගේ.




"කට්ටියටම කියන්න වැදගත් දෙයක් තියෙනවා."

ඔහු කිව්වෙ ස්පූන් එක පැත්තකින් තියමින්.




"එච්චරටම වැදගත් දේ මොකක්ද අයියෙ?"

ශර්මි හැමදාම වගේ පණ්ඩිත කතාව පටන් ගත්තා. හැමෝම තාත්තා දිහා බලන් ඉදිද්දි රිශී විතරක් බිම බලාගෙන ජයටම කනවා.




"මගෙයි රිශීගෙ අම්මගෙයි වෙඩින් ඇනවසරි පාර්ටි එක මේ මාසෙ අග ගන්නයි හිතාගෙන ඉන්නෙ."




හැමෝම සතුටු වෙයි කියලා හිතුවත් එහෙම උනේ නෑ. රිශී කන එක නතර කරලා තාත්තා දිහා බැලුවෙ නළල රැලි කරගෙන. ශර්මිත් ආච්චි අම්මත් මූනට මූන බලාගත්තා. අද චාරු නැත්තෙ ගමනක් ගිහින් නිසා.




මට බැලුනෙ අම්මගෙ මූන දිහා. ඒ මූනෙ හැගීම් ගැන මට ගොඩක් වෙලාවට කියන්න අමාරුයි. දැනුත් ඒ වගේ. ඇය පිළිමයක් වගේ තාත්තා දිහාම බලාගෙන හිටියා. නමුත් තාත්තා එක ක්ෂණයක්වත් ඇගේ දිහා බැලුවෙ නෑ.




"අවුරුදු ගානක් ඒක ගන්න බැරි උනු නිසාත්... අපේ පවුලට අලුතෙන් එකතු උනු අපේ දූත් ඉන්න නිසාත් මම මේ තීරණේ ගත්තෙ. හැමෝම කැමතිනෙ....?"

කවුරුත් උත්තර දුන්නෙ නම් නෑ. මම තාත්තා දිහා බලලා හිනා උනේ කැමතියි කියලා සන් කරන්නත් එක්කමයි.




ඔහුගෙ මූනෙ ලස්සන හිනාවක් ඇදුනා. ඇත්තටම හිනා වෙනකොට ඔහු පින් පාටයි. නමුත් කරුමෙකට වගේ ඔහු අන්ඩර්වර්ල්ඩ් ගොඩ් ෆාදර්.




ලන්ච් ඉවර වෙලා ලිවින් රූම් එකේ සෝෆා එකට මම බර උනේ මැගසින් එකක් කියවන්න හිතාගෙන. ඒත් ලන්ච් ටයිම් නිව්ස් හෙඩ්ලයින් වලට කියපු දේ ඇහුනු ගමන් මට ඇත්තටම අදහාගන්න බැරි උනා.




මාස ගනනකට පසු අන්ඩර්වර්ල්ඩ් සෑම් නැවතත් හිස ඔසවයි..... මහමග මිනීමැරුමක්...!



මම හිතුවෙ තාත්තා ඒ වැඩ කරපු කාලෙ ඉවරයි කියලයි. මාස ගානකින් සෑම් සොයිසාගෙ නම නිවස්වලට නොගිය නිසා මම ඇත්තටම හිතාගෙන හිටියෙ තාත්තා ඒ ඔක්කොම අතෑරලා දැම්මා කියලයි. ඒත් නෑ........




මම ඇස් ලොකු කරගෙන බලාගෙන ඉදිද්දි ආපු සද්දෙත් එක්ක මම හැරිලා බැලුවා. අම්මා...... අඩාගෙන එයාගෙ රූම් එකට දුවනවා. පව්....එයාටත් කරන්න දෙයක් නැතුව ඇති.




මියගොස් ඇත්තේ අවුරුදු විසි පහක් පමණ වන තරුණයෙක්. මුහුණට සිදු වූ බරපතළ කෙටීම් නිසා තවම ඝාතනය වූ පුද්ගලයා හදුනා ගැනීමට නොහැකි වූ බවයි පොලීසිය පවසන්නේ...




මීට අවුරුදු හතරකට පමණ පෙර අන්ඩර්වර්ල්ඩ් ගොඩ්ෆාදර් හෙවත් සෑම් සොයිසාගේ පුත් රිශී සොයිසා විසින් කරන්නට ඇතැයි සැක පළකළ වික්‍රමනායක මිනීමැරුම ද මීට සම්බන්ධ බව පැවසෙනවා. පොලිස් පරීක්ශන දිගටම ක්‍රියාත්මකයි.




-see you in the next episode-


පොසිටිව් කමෙන්ට් ගොඩයි. තෑන්ක්ස් හැමෝටම. අදත් කමෙන්ට් ඕනේ.....



ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend






Report Page