Beast

Beast

✍pen friend

episode 20

episode 19


"මම ඒකට මොනවද කරන්න ඕනෙ?"




"දැනට කරන්න තියෙන්නෙ මැඩම්ට හැම එකකටම කෑගහන්නෙ නැතුව, අර කොල්ලගෙ පස්සෙන් තවත් පන්නන්නෙ නැතුව මැඩම් කියපු විදියටම ට්‍රීට්මන්ට්ස් අරගෙන මනුස්සයෙක් වෙන එක විතරයි."




"එහෙම උනොත් එයා ආදරේ වෙයිද මට?"




"එක හිතක් තියෙන ගෑනු කෙනෙක්ගෙ ආදරේ ගන්න ලේසි නෑ සර්. ගොඩක් කැපකිරීම් කරන්න වෙයි. සර්ට මේ ගැන එක්ස්පීරියන්ස් නැත්තෙ මැඩම් වගේ ගෑනු ළමයෙක් කවදාවත් සර්ට මුණනොගැහුනු නිසා."




ඔහු හිස් අහස දිහා බලාගෙන තවත් කල්පනා කරන්න ගත්තා.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



"ගවී..... ගවී...."

ගවී ෆෝන් එක ආන්සර් කරපු ගමන් මම කතා කලේ ගැහි ගැහි.




ඊයෙ හවස ඉදලා කිසි නින්දක් නැතිව මම ඇඩුවෙ වෙන දේවල් දරාගන්න මට තවත් ශක්තියක් නැති නිසා. මම නිසා අනික් අයට කරදරයක් වෙනවට මම කවදාවත් කැමති උනේ නෑ.




ඒත් ගවීට දුන්නු පොරොන්දුත් ඔක්කොම කඩ කරලා එයාගෙ හිත හදාගන්න බැරි තරමට රිද්දලාත් මම නිසා තවත් වෙඩි කන්න උනු එක ගැන මට දැනුනෙ මගේ ගැනම තරහක්.




රිශීව කොච්චර හදන්න හැදුවත් ඒ අමනුස්ස ගති යන්නෙ නැති බව මට දැනුනෙ ඊයෙ හවස. මගෙ හිත පිළිගන්න අකමැති උනත් මගේ හිත රිශීට ආදරේ කරන්න අරගෙනයි තිබුනෙ. ඔව්.... මම ඒ මිනීමරුවට ආදරේ කලා.




ඒත් ඊයෙ උනු සිද්ධියත් එක්ක ඒ ආදරේ ආයෙ වෛරයකට පෙරලුනු බව මට තේරුනා. ඔව්..... මම ඒ මිනිහට ආයෙ වෛර කරනවා ගොඩක්.......



"ගවී....."



"ආර්යා මොකද මේ..? ඇයි අඩන්නෙ?"



"ඔයාට කොහොමද ගවී...? දැන් හොදයිද?"



"ඇයි ආර්යා අඩන්නෙ? මට මොකුත් උනේ නෑ."

ඔහු එහෙම කියද්දි මට කෑගහලා ඇඩුනා.



"ඇයි ගවී බොරු කියන්නෙ? මම ඔක්කොම විස්තරේ දන්නවා."

මම කිව්වම ඔහු නිශ්ශබ්ද උනා.




"ඔයා මොන හොස්පිටල් එකේද..? අනේ මට කියන්න. මට ඔයාව බලන්න ඕනෙ."




"ආර්යා මම කියන දේ අහන්න. දැන් ඔය ෆෝන් එක තියන්න. ඔයාට බෑ මාව බලන්න එන්න. ඔයාවත් මරලා දායි. එපා එන්න ආර්යා...."




"ගවී ඔයා මට ඉන්න තැන කියනවද නැත්ද...? ඇයි මෙහෙම කරන්නෙ...? මට දරාගන්න බෑ තවත් මේවා."

මම ඔලුව බදාගත්තෙ ඔලුව ඇතුලෙන් මහා වේදනාවක් ආපු නිසා.



"ඔයා කොහොමද එන්නෙ ආර්යා? රිශී ඉන්නවා නේද?"



"නෑ.. එයා උදේම ඩොක්ටව මීට් වෙන්න ගියා කියලා කිව්වා."




"හරි එහෙනම් මම ලොකේශන් එවන්නම්. මම කැමති නෑ ඔයාට මොකුත් වෙනවට. අනික රිහී කිව්වා මට ඔයාගෙ දිහාවත් බලන්න එපා කියලා."




මම කෝල් එක කට් කරලා ඉක්මනින් කබඩ් එක ඕපන් කරලා අතට අහු උනු ඇදුමක් දාගෙන වොලට් එකත් අරගෙන පහළට ගියා. එතකොටම මගේ ඉස්සරහට ආවෙ ශර්මි නැන්දා.




"කොහෙද මේ කුමාරිහාමි යන්නෙ?"



"අපායට.. එනවද යන්න."

ගෑනිගෙ මූනටම වචන වලින් දමලා ගහලා ගෑනිවත් තල්ලු කරගෙන මම මිදුලට බැස්සා.




"මේකිගෙ කට අඩු නෑ ගුටි කාලත්...."

ශර්මි බෙරිහන් දෙනවා ඇහුනත් මම කනකට නොගෙන ඩ්‍රයිවර්ට කෝල් කරලා වාහනේ ගෙන්වගෙන හොස්පිටල් එකට පිටත් උනා.




ටවුන් එක පාස් වෙනවත් එක්කම පාර්ක් එකේ දැකපු දේ නිසා මාව කෙලින් උනා. ඔව්... ඒ කුශී. ඒ විතරක් නෙවෙයි චාරුත්. ඒ දෙන්නා අදුරනවද....? ඒ දෙන්නා කලු ඇදගත්තු පිරිමි කෙනෙක් එක්ක කතාවක.




චාරු වටපිට බලමින් කලබලෙන් හිටියෙ. කුශී දිගටම සිහියක් නැතිව වගේ අර පිරිමි කෙනා එක්ක කතාව. කලු පාට ජැකට් එකක් ඇදලා හිටපු පිරිමි කෙනාව මට බලාගන්න බැරි උනේ අනික් පැත්ත හැරිලා හිටපු නිසා. ටවුන් එකේ ට්‍රැෆික් නිසා සිද්ධිය බලාගන්න මට අමාරු උනේ නෑ.




රිශීට වඩා අගල් තුනක් විතර මිටි කෙට්ටු මනුස්සයෙක්. පෙනුමට නම් ඔහු කොල්ලෙක් වගේ. මම කලබල උනු බව නොපෙනවා මොකුත් නොවුනු ගානට ඉස්සරහ බලාගත්තා.




ටික වෙලාවක් යනකොට අපි හොස්පිටල් එකට ලගා උනා. මම හදිසියෙන්ම දුවගෙන ගියේ ගවීව හොයාගෙන. මම යනකොටත් ගවී හොදටම නිදි. ලග කවුරුත් නෑ. පව්..... තනියම ඉන්න ඇත්තෙ.




මම හෙමින් ලගින් වාඩි වෙලා ටික වෙලාවක් ඒ මූන දිහා බලාගෙන හිටියා. ටික වෙලාවක් ගියාමයි මට තේරුනේ මම දැන් රිශීගෙ වයිෆ්, මොනවා උනත් මම එහෙම හැසිරෙන එක හරි නෑ කියලා. මම මගේ ඇස් බලෙන්ම වෙනත් පැත්තකට හැරෙව්වා.




"ආර්යා....."

ගවී නැගිට්ටෙ යකෙක් දැක්කා වගේ බය වෙලා.




"ඇයි මේ?"

මම ඇහුවෙ කලබලෙන්.




"මම හිතුවා ඔයා එන එකක් නෑ කියලා."

ඔහු කිව්වෙ නැගිටින්න උත්සහ කරමින්.




එතකොටයි මම දැක්කෙ ගවීගෙ බැන්ඩේජ් කරලා තිබුනු අත. අතේ මුලු උඩ කොටසම ප්ලාස්ටර්වලින් වැහිලා. මගේ ඇස් දෙකට කදුලු උනන්න ගත්තෙ බලන් ඉදිද්දිමයි.




"ඩොක්ට කිව්වා දැන් හරි කියලා. අවුලක් නෑ. රිදෙන්නෙ නෑ මට දැන්."

ඔහු එහෙම කිව්වෙ මාව සනසන අදහසින් බව මම දැනගෙන හිටියා.




"මේ මොකද ආර්යා මේ...? ඔයාගෙ කම්මුලට මොකද උනේ?"

ගවී ඇහුවෙ මගේ මූන හරවමින්.




"දන්නැද්ද ඉතින්.... කලබලේට දුවගෙන ගිහින් කණුවක වැදුනා මූන. රිදෙනවා අනේ තාම."

බොරුව නොපෙන්වා ඉන්න මම ගත්තු උත්සහය සාර්ථක වෙමින් ගවී ඒක පිළිගත්තා.




"ඊයෙ මට රිශීව මීට් නොවුනා නම් මම ඕක පිළිගන්නෙ නෑ. එහෙම නොවුනා නම් මට හිතෙන්නෙ ඒ යකා ඔයාට කම්මුල් පාරක් දුන්නා කියලා. දැන් මට හිතෙනවා ඔයා කියන දේ හරි කියලා."

ඔහු කිව්වෙ හිනාවක් එක්ක. හැබැයි මට කියන දේ තේරුනේ නෑ.




"ඒ කියන්නෙ?"




"ආර්යා... රිශී ඔයාට ඇඩික්ට් වෙලා වගේ. මිනිහා ඔයාට මාර ආදරෙයි."

ගවී කියනවත් එක්කම මගේ ඇගම හිරිවැටිලා ගියා. කම්මුල් පාරෙන් පස්සෙ රිශී රූම් එකට ඇවිත් කියපු දේවල් මගේ හිතට ආවා.




ආර්යා මම ඔයාගෙ හස්බන්ඩ්. මම ඔයාට මොකුත් කරන්නෙ නෑ. සොරි. ඒ වෙලාවෙ මට මාව කන්ට්‍රෝල් නැති උනා...... එන්න මගේ ලගට.




"ඔව්... මිනිහා මට කිව්වා ඔයාගෙ දිහාවත් බලන්න එපා, ඔයාව එයාට විතරයි අයිති කියලා. මම ඒකට අකමැති උනු නිසා ඌ මට වෙඩි තිබ්බා."




මම බිම බලාගෙන ගවීගෙ වචන අහගෙන හිටියා. නෑ...... එහෙම වෙන්න දෙන්න බෑ. මටත් දැනෙනවා මම ඒ මිනිහට ආදරේ කරනවා කියලා. නිකමට හරි ඒක එයාට දැනුනොත්.... මට මාවම කන්ට්‍රෝල් කරගන්න බැරිව එයාට ලං උනොත්...... නෑ....... මම එහෙම වෙන්න දෙන්නෙ නෑ.




මම හොස්පිටල් එකෙන් පිට උනේ හිතේ මහා වේදනාවක් ගොඩ ගහගෙන.ගවීගෙ ට්‍රීට්මන්ට්ස්වලට ඕනෙ කරන බිල් කීපයකුත් පේ කරලයි මම එලියට බැස්සෙ.




ඒත් එක්කම ඩ්‍රයිවර් මට කෑගහලා කිව්වෙ රිශී එන්න ලග නිසා යමු කියලා. මගෙත් එක්ක ආපු ගාර්ඩ්ස්ලාත් මට සන් කලේ ඉක්මනට එන්න කියලා. මම හදිසියෙන් වාහනේ පැත්තට ඇවිදගෙන ගියා.




ඒ යන අතරෙ හොස්පිටල් එකට දකුණු පැත්තට වෙන්න තිබුනු කාර් පාක් එකේ මිනිහෙක් මගේ දිහා බලන් ඉන්න බව ඇස් කොනින් මම දැක්කා. ඔව්.... ඒ මට දැකලා හුරු මුහුණක්. උවමනාවෙන් බලන්නවත් වෙලාවක් නොතිබුනු නිසා මම කෙලින්ම වාහනේට දිව්වා.




යන ගමනුත් මම කල්පනා කලේ ඒ කවුද කියලා. ඒ රූපෙ මගේ ඇස්වල හරියට ඇදුනෙ නැත්තෙ මගේ හදිසිය නිසා. නමුත් ඇස් දෙකට ඒ රූපෙ ගොඩක් හුරුයි. මට ආයෙ දුවලා ගිහින් බලන්න තරම් හිතුනත් ඒ බව පිටට නොපෙන්වා මම ඉස්සරහ බලාගෙන ගියේ කල්පනා කරන ගමන්මයි.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



රිශී හොස්පිටල් එකෙන් පිට උනේ ලන්ත්‍රා එක්කමයි. පැය ගානක ට්‍රීට්මන්ට්ස්වලට පස්සෙ එලියට බැස්සම කොල්ලට ආවෙ ලොකු නිදහසක්.



"මොකද සර් දැනෙන්නෙ දැන්?"

ලන්ත්‍රා ඇහුවෙ වාහනේ දොර ඇරලා දෙමින්.




"අමුතු ෆීලින් එකක් දැනෙනවා ලන්ත්‍රා. නිකන්...... සැහැල්ලුයි වගේ."

ඔහු කිව්වෙ ඇදගෙන හිටපු ශර්ට් එකේ කොනකින් අල්ලගෙන. වෙනදාට වඩා රිශී සැහැල්ලුවෙන් බව ලන්ත්‍රාට තේරුනා.




පැය ගානකින් පස්සෙ ඔහු ෆෝන් එක අතට ගත්තෙ ඒ හිනාවත් එක්කමයි. ඒත් ෆෝන් එක ඕන් කල ගමන් දැකපු දෙයින් ඔහු පුදුම නොවුනා කිව්වොත් බොරුවක්.




"ආර්යා......"

ඔහුට කියවුනා.




"සර්ට මැඩම්ව නැතුව ඉන්නම බෑ වගේ...."

ලන්ත්‍රා පැසෙන්ජර් සීට් එකේ ඉදන් පිටිපස්ස බැලුවෙ රිශීට විහිලුවක් කරන්න කියලා හිතාගෙන. ඒත් රිශීගෙ බය උනු මූන දැක්කම ලන්ත්‍රාගෙත් මූන වෙනස් උනා.




"ලන්ත්‍රා කෝල් කරලා අහපන් ගෙදරට ආර්යා කොහෙද ගියේ කියලා."

රිශී කෑගහද්දි ලන්ත්‍රා සොයිසා පැලස් එකට කෝල් කලා.




"මැඩම් එලියට ගිහින් සර්."




"මොන වෙලාවෙද?"

ඔහු ඇහුවෙ ෆෝන් එක දිහා බලාගෙනමයි.




"උදේ.... අපි ඇවිත් ටිකකට පස්සෙ."




"මම ඕකිට අනන්තවත් කියනවා මගෙන් අහන්නෙ නැතුව මොන මගුලෙවත් යන්න එපා කියලා."

ඔහු කෑගැහුවෙ ඔලුව බදාගෙන.




"මොකක්ද සර් අවුල?"




"මේ බලපන්...."

රිශී, ලන්ත්‍රා දිහාවට ෆෝන් එක දික් කලා. ඒ දැකපු ලන්ත්‍රාගෙ ඇස් ලොකු උනේ පුදුමයටමයි.




-see you in the next episode-


හැමදාම බෝනස් දෙන්න බෑ දෙයියෝ....😂 හැමදාම බදාදට බෝනස් දෙන්නම් හරිතේ. කමෙන්ට් කරන හැමෝටම තෑන්ක්ස්. අදත් කමෙන්ට් ඕනේ...


ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend



Report Page