Beast

Beast

✍pen friend

episode 12 (Bonas)

episode 11


"ඔයා එයාගෙ කසින් සිස්ටනෙ"

මම ඇහුවෙ පුදුමෙන්.




"ඔව්... ඇයි ඒක වැරදිද?"




"දැන් ඔයා මට මොකක්ද කියන්නෙ?"

මම ඇහුවම චාරුගෙ මූනෙ ඇදුනෙ ලෝකයක් දිනුවා වගේ හිනාවක්.




"මොකුත් ඕනෙ නෑ අනේ. ඔය ඉන්න විදියටම දෙන්නා වෙන් වෙලා ඉන්න. එතකොට මේ මාස තුන ගියාම මට කරදරයක් නැතුව එයාට ලං වෙන්න පුලුවන්."




මම අත් දෙක ඇදගත්තා. චාරුට ඕනෙ මොකක්ද කියන්න මට ඒ වෙනකොටත් තේරුම් ගිහින් තිබුනෙ.



"ඔයා බයයි චාරු"



"මොකටද.....?"

චාරුගෙ මූන අමුතු බයකින් පිරිලා තිබුනා. මම ඊළගට කියන්න යන දේ ගැන නොඉවසිල්ලෙනුයි ඇය හිටියෙ.



"ඔයාගෙ කසින්ව මම අල්ලගනී කියලා."

මම රහසින් කිව්වෙ චාරුගෙ කනට කරලා.



"මම...?"




"ඔව්."



"මම මොකට බය වෙන්නද? දැනටමත් එයා මටයි කැමති."




"එහෙනම් බැදගනින්කො. ඔය ඉන්නෙ හොදට. මම නම් මොකුත් කියන්නෙ නෑ. මටත් ඕනෙ මේ හොල්මන් බංගලාවෙන් චුත වෙලා යන්න."

කිසිම ගානක් නැතුව මම කිව්වම කෙල්ලගෙ ඇස් උඩ ගියා. මගෙත් ඒ වගේ දෙයක් බලාපොරොත්තු නොවෙන්න ඇති.




ඇය මගේ දිහා පුදුමෙන් තත්පර ගානක් බලාගෙන හිටියා. දාඩියත් දාන්න අරගෙන.




"මෝඩ ගෑනි."

චාරුගෙ කනට කරලා කියලා මම වේගෙන් රූම් එකට ඇවිදගෙන ගියා.


📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



"මම දුන්නු වැඩේ කරගෙන ආවද..?"



රිශී ඇහුවම ලන්ත්‍රා ගොලු උනා. ආර්යා කියපු විදියටම රිශීව පෙන්වන්න මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන්න ගියා කියලා රිශීට කියන්න ඔහුට ඕනෙ උනේ නැත්තෙ ආර්යා ඒක තහනම් කල නිසා.




"සොරි සර්... අම..තක උනා..."

ඔහු කිව්වෙ බිම බලාගෙන.




"මොකක්ද..? ආයෙ කියපන්."

රිශී ලන්ත්‍රා දිහාවට ඇවිදගෙන ආවෙ සමච්චල් හිනාවක් එක්ක.




"සො..රි සර්."



"එහෙනම් හවස් වරුවෙ කොහෙද ගියේ?"



"සෑම් සර් කතා කලා."

ලන්ත්‍රා එහෙම කිව්වෙ රිශී, තාත්තා උනු සෑම්ගෙන් ඒ ගැන කවදාවත් අහන්නෙ නැති බව දැනගෙන.




වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ගියා කියලා කිව්වොත් රිශී කලබල වෙන බව ආර්යා කල් ඇතුවම ලන්ත්‍රාට කියා තිබුනා. රිශී ඩ්‍රග්ස්වලට ඇබ්බැහි වීමට හොදම විසදුම මානසික වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න එක කියලා ආර්යා තීරණය කරලයි තිබුනෙ.




"ශික්.....! මම කිව්වනෙ ඒ පිස්ටල් එකේ ඩීටේල්ස් ටික අද හවස් වෙන්න කලින් ඕනෙ කියලා. එහෙම උනොත් අපිට උන්ව අල්ලගන්න පුලුවන් ලේසියෙන්ම. ශික්... "

රිශී කිව්වෙ අත් මිටි මොලවලා මේසයට තට්ටු කරමින්.




"ඒක කොහේ තිබිලද උබට ලැබුනා කිව්වෙ.., ලන්ත්‍රා?"




"ඒක ඊට පහුවදා උදේ ලැබුනෙ. සර්ට වෙඩි වැදුනු තැනම තිබ්බෙ. අපේ එකෙක්ගෙ නෙවෙයි කියලා දැනගත්තම මට හිතුනා ඒක උන්ගෙ එකක් කියලා."




"ඕකේ... හෙට අනිවාරෙන් වැඩේ කෙරෙන්න ඕනෙ එච්චරයි."



"ඕකේ සර්. මම හෙට උදේම යන්නම්."



"ලන්ත්‍රා වාහනේ ගන්න කියන්න. ක්ලබ් යනවා මම අද."

රිශී ප්ලෑනින් රූම් එකෙන් පිට උනේ වේගෙන්.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



රෑ දොළහත් පහු වෙනකන් රිශී ගෙදර ආවෙ නැති නිසා මම ලිවින් රූම් එකේ සෝෆා එකකට වෙලා බලාගෙන හිටියා. ලන්ත්‍රාත් ෆෝන් ආන්ස්වර් කරන්නෙ නැති නිසා මම හිටියෙ බයෙන්.



දෙකත් පහුයි..... රිශී තවම නෑ.



එක පාරටම මේන් ඩෝර් එකට තට්ටු වෙන සද්දෙත් එක්ක මම උඩ ගිහින් ඇහැරුනා. සෝෆා එකේම මට නින්ද ගිහින්. රිශී වෙන්න ඕනෙ.....



මම කොන්ඩෙ හදාගන්න ගමන් ගිහින් හෙමීට ඩෝර් එක ඕපන් කලේ සද්දෙ පිට වෙන්නෙ නැති වෙන්න. ඒ වෙනකොටත් හැමෝම නින්දට ගිහින් තිබුනා.




ඩෝර් එක ඉස්සරහ රිශී හිටගෙන හිටියා. ඇති යන්තම් අද හිටගන්නවත් පුලුවන්. මම ඩෝර් එක ඕපන් කලාම ලන්ත්‍රා යන්න ගියා. එයාටත් නිදිමත ඇති.




"මොකද නිදාගත්තෙ නැත්තෙ ගෑනියෙ."

රිශී අහන්නෙ හිතක් පපුවක් නැති ගානට.




මම රිශීගෙ බාහුවකින් අල්ලලා ගේ ඇතුලට අරගෙන ඩෝර් එක හෙමින් වැහුවා.




"ප්ලීස් කෑගහන්න එපා. ඔක්කොම නිදි."

මම කිව්වෙ තොල් උඩින් ඇගිල්ලක් තියලා. රිශී මොකුත් නොකියා මගේ දිහා බලාගෙන හිටියා.




"ඔය බ්ලෙසර් එක ගලවන්නකො"



රිශීගෙ බ්ලෙසර් එක ගලවලා සෝෆා එක උඩින් දාලා මම එක්කන් ගියේ ඩිනර් එක දෙන්න හිතාගෙන.




"බඩගිනි නෑ"




"කමක් නෑ. ලන්ච් එකත් හරියට ගත්තෙ නෑ."

බලෙන්ම රිශීව වාඩි කරවලා මම ඩිනර් එක බෙදන්න ගත්තා.




මම රිශී ඉස්සරහ ඒ විදියට හැසිරුනේ එයාට තුවාල උනු වෙලාවට වගේම ඩ්‍රින්ක්ස් අරගෙන හිටපු වෙලාවට විතරයි. ඩ්‍රින්ක්ස් ගත්තු සමහර වෙලාවලට මට කෑගැහුවත් ගොඩක් වෙලාවට හරිම කීකරුයි. නැත්නම් මගේ රෝමයක්වත් ඇගේ වැදෙනවට ඔහු කැමති උනේ නෑ.




රීශී හෙමින් කන්න ගත්තා. ඔලුව බර වැඩි නිසාම මම ඔලුව ටේබල් එක උඩින් තියාගත්තා. මට එහෙමම නින්ද ගිහින්.



එක පාරටම කහින සද්දයක් එක්ක මට ඇහැරුනා. රිශී කාලා ඉවරයි. ප්ලේට් එක පැත්තකට කරලා මගේ දිහා පාරක් බලලා ඔහු රූම් එකට ගියා.




මෝඩ මැරයා..! ඔයා කන්නෙ නැත්ද කියලවත් අහන්න දන්නෙ නැති ගුණමකු මිනිහා.



සෝෆා එක උඩ තිබුනු බ්ලෙසර් එකත් අරගෙන මම කෙලින්ම ගියේ රිශීගෙ රූම් එකට.



"මම උබට කියලා තියෙනව....."

ඔහුට කියන්න උනේ එච්චරයි. මම මැද්දෙන් පැන්නා.




"මගේ රූම් එකට එන්න එපා කියලා"

මම සම්පූර්ණ කලා.



ඊළගට මම කබඩ් එකේ යට කොටසෙ ලාච්චුවක දාලා තිබුනු රිශීගෙ බෙහෙත් ටික එලියට අරගෙන තෝරලා වතුර වීදුරුවක් එක්ක ඔහුගෙ අත උඩින් තිබ්බා.




"දවසෙම බෙහෙත් ගත්තෙ නෑනෙ. දැන්වත් ගන්න."



මගේ දිහා බලමින් රිශී බෙහෙත් ටික බීලා දැම්මා. හැමදාම මෙහෙම ඉන්නවා නම් අවුලක් නෑ.




"තුවාලෙ හොදයිද දැන්...?"




"ටිකක් තියේ තව"

එහෙම කියමින් රිශී ශර්ට් එක ගලවන්න ගත්තා.




"නිදාගන්න"

මම රූම් එකෙන් පිට වෙලා මගේ රූම් එකට ආවා.




රිශීගෙ ඇඩික්ට් වීමත් එක්ක ගන්න පුලුවන් හොදම විසදුම ඩොක්ට කෙනෙක් බව දන්න නිසාම ලන්ත්‍රාව යවලා ඩොක්ටව කන්ටැක්ට් කරගන්න මට පුලුවන් උනා. ට්‍රීට්මන්ට්ස් ඉක්මන් කරන්න ඩොක්ට ප්‍රොමිස් උන එක ගැන මතක් උනාම මගේ මූනට ආවෙ හිනාවක්.




ඒත් උදේම රිශීව ඩොක්ට ලගට යවන්නෙ කොහොමද කියන එක මට ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. ඒ ගැන හිත හිතම මම නින්දට වැටුනා.



📌📌📌📌📌📌📌📌📌📌📌📌📌



"ගුඩ් මෝනින් සර්."

ලන්ත්‍රා, රිශීගෙ ඩෝර් එකට තට්ටු කරමින් කතා කලා.



ටික වෙලාවකින් ඩෝර් එක ඕපන් උනා. රිශී, ලන්ත්‍රා දිහා බලාගෙන හිටියෙ පුදුමෙන්. කවදාවත් නැතිව කතා කරන්නත් කලින් ලන්ත්‍රා ඩෝර් එක ඉස්සරහ ඉන්න එක රිශීට ප්‍රශ්නයක් වෙලයි තිබුනෙ.



"ගුඩ් මෝනින්. මොකද මේ?"

රිශී ඇහුවෙ කලු අත් දිග ටී ශර්ට් එක දාගන්න ගමන්.



"මේ.... ඩොක්ටව මීට් වෙන්න යන්න කියලා...."




"තුවාලෙ සනීපයි ලන්ත්‍රා. දැන් මොකටද යන්නෙ?"

ඔහු රූම් එක ඇතුලට ගියේ ලන්ත්‍රා කියපු දේ ගානකවත් ගන්නෙ නැතිව.




"ඒකට නෙවෙයි සර්."




"එහෙනම්?"

රිශී ආයෙ හැරුනෙ පුදුමෙන්.



"ඇයි මැඩම් කිව්වෙ නැත්ද?"



"මොකක්ද?"

ඔහු හෙමින් හෙමින් ලන්ත්‍රාට කිට්ටු උනා.



-see you in the next episode-


හරිම අසාධාරණයි ඔයාලා නම්. වීවස්වලින් දහයෙන් පංගුවක්වත් කමෙන්ට් නැතුව ලියන එක බොරු වැඩක්.

හැමදාම බෝනස් ඉල්ලපු, හැමදාම කමෙන්‍ට් කරන අයටයි මේ බෝනස් එකත් දුන්නෙ. කමෙන්ට් නැති උනාම දුක හිතෙනවා අප්පා.



කමෙන්ට් කරන අයට තෑන්ක්ස්...


ආදරෙයි හැමෝටම.❤



මම,

✍pen friend



Report Page